01/12/2025
රටක් හැඬූ දිට්වා..🥺🥺
රට පුරාම හමා ගිය “දිට්වා” සුළි කුණාටුව –
මෑත ඉතිහාසයේ දරුණුතම
ස්වභාවික ආපදාව.
ශ්‍රී ලංකාව හරහා බිහිසුණු ලෙස හමා ගිය දිට්වා සුළි කුණාටුව සමස්ත දිවයිනම සෙමෙන්කොට සලන විනාශයකට හේතුවිය. රට වටා හැමූ දැඩි සුළං, දිවයින පුරා ඇද වැටුණු වැසි සහිත අති විශාල වර්ෂාපතනය, මධ්‍යම කඳුකරයේ ඇති වූ දරුණු කඳු නාය යෑම්, ගස් කඩා වැටීම්, රට අභ්‍යන්තරයේ වූ මහා ගංවතුර තත්වයන් නිසා දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජීවිත හා දේපල වලට විශාල ලෙස හානි සිදු විය. මෙම ලිපිය ලියන මොහොතේද මේ ආපදාව තවමත් පහව ගොස් නැත. මන්ද දිවයිනේ පහත් බිම් වලට මහා ජල කඳක් ගලා යමින් මහා ගංවතුර අවදානමට මුහුණ දෙමින් සිටියි.
🌀 දිට්වා – ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයට ලියැවුණු අඳුරු පිටුවක්
දිට්වා සුළි කුණාටුව අපට අමතක කළ නොහැකි පාඩමක් හා දෑස් විවෘත කරවන සිදුවීමක්. ශ්‍රී ලංකාව සෑම වසරක් පාසාම කුමක් හෝ ස්වභාවික විපත් වලට මුහුණ දෙන රටකි. මෑත ඉතිහාසයේ අප මුහුණ දුන් දරුණුම ස්වභාවික ව්‍යවසනය 2004 දෙසැම්බර් 26 දින ඇති වූ සුනාමි තත්වය යි. ඉන් අනතුරුව විටින් විට විවිධ ස්වභාවික විපත් ඇති වූවත්, සමස්ත දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම එකසේ බලපෑ ස්වභාවික ආපදාව මෙය වේ.
දිවයින පුරා විදුලි විරහිත වීම, ගස් කඩා වැටී මාර්ග බිඳ වැටීම, ගංවතුරෙන් දැඩි නිවාස හානී, කෘෂිකර්මාන්තයට සිදු වූ දැඩි හානි, සන්නිවේදන පහසුකම් බිඳ වැටීම, එසේ නොමැතිනම් අපේ දේශයට ගොඩනැගීම් හා ජීවිත රැසක් කැපකරමින් ඇති වූ විශාල බලපෑමක් විය.
🌧️ දිවයින පුරා වැසී ගිය අඳුරු දසුන
දැඩි සුළං, අධික වර්ෂාපතනය, දරාගත නොහැකි ජල ධාරිතාවය මත ඇති වූ ගංවතුර දැඩි බලපෑමක් පසු ගිය දින දෙක පුරා ඇති කරන්නට සමත් විය. එය නිරායාසයෙන්ම අඳුරු මූසල දින කිහිපයක් ලෙස මෙරට ඉතිහාසයේ ලියවී හමාර ය.
*ගංවතුරෙන් වසා ගත් ගම්මාන හා නගර.
*බිමට ගොඩවැටුණු ගස් හා ගොඩනැගිලි.
*මනුෂ්‍ය ජීවිත හා සතුන්ගේ ජීවිත රැසක් බේරාගන්නට නොහැකි වීම.
*වයඹ, සබරගමුව, උතුරු-මැද, මධ්‍යම, ඌව, බස්නාහිර හා දකුණු පළාත්වල දැඩි හානිය.
*ගොවීන්ගේ කැලෑ, වගා බිම්, කෘෂිකාර්මික පද්ධතියට වූ විනාශය අනාගතයේ ආහාර සුරක්ෂ්තතාවයර පවා බලපාන විනාශය.
මෙය සරල ආපදායක් නොව, ජාතියම අභියෝගයට දමා ඇති ඉතා දැඩි දුශ්කර තත්ත්වයකි.
🌊 මෙවර ගංවතුර – පෙර මෙන් නොව අලුත් තත්ත්වයකට ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු විය.
ශ්‍රී ලංකාවේ පහත් ගංගා ද්‍රෝණියන් මේ වසරේ දැකූ ගංවතුර තත්ත්වය, අලුත් තත්ත්වයක් ලෙස මතු විය.
ඉතිහාසයේ දී මේ ප්‍රදේශ ගංවතුරට පත් වූ අවස්ථා තිබුණත්, මෙවර ගංවතුර තුළ ප්‍රකාශ වූ ව්‍යාප්ති, ගැඹුර, වේගය සහ ජීවිත බිලි ගැනීමේ හා ජන ජීවිතය අඩාල කිරීම පෙර වාරවලට වඩා දැඩි බව පැහැදිළිය.
📌 1️⃣ ගංවතුර ව්‍යාප්තිය පෙරට වඩා පුළුල් ප්‍රදේශවලට දැඩිව බලපෑම් එල්ල කර හා කරමින් සිටියි.
පහත් ගංගා ද්‍රෝණියන් වන:
කළු ගඟ,
ගිං ගඟ,
වලවේ ගඟ,
නිල්වලා ගඟ,
විශේෂයෙන්ම;
මහවැලි ගඟ,
කැළණි ගඟ,
මහ ඔය,
දැදුරු ඔය,
මල්වතු ඔය,
හා අත්තනගලු ඔය ආශ්‍රිත ගංඟා ද්‍රෝණියන් හා පහත්බිම් මෙවර ආපදාව නිසා දැඩි ලෙස බලපෑමට ලක් වී ඇත.
එසේම මධ්‍යම කඳුකර ප්‍රදේශ වලින් හට ගත් මහා ජල ප්‍රවාහය ඉතා ඉක්මන් වේගයකින් ප්‍රමාණවත් භාවය දරා ගත නොහැකි ලෙස පහත් ප්‍රදේශවලට ව්‍යාප්ත විය.
අනෙක් වාරවල ගංවතුරට නොපත් වූ ගම්, වතු, නගර හා කෘෂිකාර්මික දේපළ මෙවර ජලයෙන් වැසුණු බව මෙහි ප්‍රබල බව පැහැදිලි කරවයි.
📌 2️⃣ ගඟවල ජල මට්ටම් අතිවිශාල වේගයෙන් ඉහළ ගියේය.
මෙවරට වෙනස් වූ ප්‍රධාන කරුණක් වූයේ:
ගංඟවල ජල මට්ටම් එක පැය කිහියක් ඇතුළතම කිලෝ මීටර් ගණනාවක් පුරා විහිද යෑමයි.
📌 3️⃣ මීට පෙර නොතිබූ නගරවල නිරන්තර ජලයෙන් වැසී සිටීම.
මෙවර විශේෂත්වය වන්නේ:
නගර මධ්‍යස්ථාන, වෙළදපොල, බස් නැවතුම්පොල, පාසල්, වාහන මාවත් හා මහා මාර්ග පස පැවරුනු ජලයෙන් තාවකාලික නොව, දිගු කාලයක් අතරමග වැසී සිටීමයි. එය ජලයට අමතරව ගංඟා ආශ්‍රිතව රෑදී ආ රොන් මඩ හා මඩ තට්ටු ගොඩබිම් තුළ වැඩි වශයෙන් රැඳී පැවතුණි.
මෙය පෙන්වන දේ:
➡️ ජල කාණූ පද්ධති නිසි ලෙස විධිමත්ව නඩත්තු නොකිරීම.
➡️ ගොඩනැගීම්/ ඉදිකිරීම්ද් වැඩ නිසා ජල මාර්ග අවහිර වීමත්,
➡️ නගර සැලසුම් ක්‍රමානුකූල නොවීම.
මෙවර ගංවතුර තත්ත්වයට මහත් දායක වූ බවයි.
📌 4️⃣ කඳුකරයේ තද වැසි – පහත් ද්‍රෝණියන්ට සෘජු බලපෑම
පහත් ගංගා ද්‍රෝණියන්ට තර්ජනය වන්නේ කඳුකරයේ වැසියි.
මෙවර:
නුවරඑලිය, බදුල්ල, මහනුවර, මාතලේ, රත්නපුර, කෑගල්ල, කුරුණෑගල වැනි දිස්ත්‍රික්කත්, වැනි කඳුකර දිස්ත්‍රික්වල වැසි ප්‍රමාණයන් සම්පූර්ණ වයඹ ද්‍රෝණිය ඔස්සේ පහත පැතිරීගියේ
පෙර වසරකට වඩා වේගවත් හා සීඝ්‍ර ලෙසය. එය පහත් ගංඟා නිම්න හා නගරබද ප්‍රදේශ වලට දැඩිව බලපාන ලදි.
📌 5️⃣ දින 3–5ක් අඛණ්ඩ වැසි නිසා බිමට තව ජලය ගන්න හැකියාව නැති බව. මෙලෙස මහ පොළොවට දරා ගත නොහැකි ලෙස ඇද වැටුණු ජල කඳ නිසා
“සුළු ගංවතුර” → “බොහෝ ගම් විහිදුණ මහා ගංවතුර” බවට මාරු විය.
🔥 🌱 ඉදිරියට – අපට සූදානමක් නෙවෙයි, මාර්ග වෙනස්කමක්වත් අවශ්‍යයි
මෙවැනි අවදානම අනාගතයේ තවත් ඇතිවිය හැකි නිසා:
✔ ගංවතුර මාර්ග නිදහස් කිරීම.
✔ නගර සැලසුම යථාවත් කිරීම.
✔ උසස් තාක්ෂණික ජල නියාමන පද්ධති ඇරඹීම.
✔ ප්‍රාදේශීය විමර්ශන කමිටු ශක්තිමත් කිරීම.
✔ ජනතාවට ගංවතුරින් බැහැරවීමේ ක්‍රමවේද දැනුවත් කිරීම.
අවශ්‍යම පියවරයි.
ඉතින් තවමත් මෙහි උණුසුම පහව ගොස් නැත. රට පුරාම අහිංසක මිනිසුන්ගේ දෝංකාරය තවමත් දසත විහිදේ. පශ්චාත් නාය යාම් තවදුරටත් කඳුකරයේ සිදු වේ. වෙරලබඩ ගංඟා ද්‍රෝණි වල මහා ගංවතුර හා සුළු ගංවතුර තත්වයන් තවමත් ඇත. විශාල ලෙස හානි වූ ගිරිඋල්ල වැනි නගර සුන්බුන් ගොඩකි.
🤝 ජාතිය එක්ව නැගිටිය යුතු මොහොතකි මේ.
මෙවැනි අවස්ථාවක අපට මතක් කරන්නේ – අපගේ ශක්තිය අපගේ එකමුතුවයි.
ජාතික ආරක්ෂක අංශ, රජයේ ආයතන, ආපදා කළමනාකරණ අංශ, ගුවන්තොටුපළ/මහා මාර්ග සේවා, ාආරක්ෂක අංශ හා පොදු ජනතාව එක්ව කටයුතු කිරීමෙන් හදිසි සමුහ කටයුතු දැඩි අංකුරයක් ලබා දෙයි.
🌱 අප නැවත නැගී සිටිමු.
දිට්වා අපට ඔප්පු කළේ—
අපගේ රටට අවශ්‍යයි:
👏සවිබල ගොඩනැගීම
👏වඩා දියුණු ආපදා පාලන ක්‍රමවේද
👏පරිසරය රැක ගැනීමට තවත් අවධානය
👏ආපදාවෙන් පසු නැගිටීම අපගේ අතේ වේ.
❤️ වේදනාවට මතකයක්… නමුත් ආසියාවට ශක්තියක්
දිට්වා අපගේ හදවත කඩා යද්ද,
ශ්‍රී ලංකා ජාතියට එය මාරාන්තික පහරක් වූවත්, අපගේ ශක්තිය බිඳ නොදමන අයුරින් නැගීසිටීමට අපි සුදානම්. පස මිතුරන් වන පාකිස්තානය හා ඉන්දියාව දැනටමත් මෙරට සහයට පැමිණ ඇත. වැටුණු තැනින් නැගී සිටිය යුතුමය.
අපි එකතුවී නැවත ගොඩනඟාගනු ඇත.
ශ්‍රී ලංකා – අපේ අයිති රට… අපි ගොඩගන්නෙත් අපිමයි..
✍️ Dulaj Sachinga The Eyez