The Eyez

The Eyez Let's explore the universe

රටක් හැඬූ දිට්වා..🥺🥺රට පුරාම හමා   ගිය “දිට්වා” සුළි කුණාටුව – මෑත ඉතිහාසයේ දරුණුතම  ස්වභාවික  ආපදාව.ශ්‍රී ලංකාව හරහා බි...
01/12/2025

රටක් හැඬූ දිට්වා..🥺🥺

රට පුරාම හමා ගිය “දිට්වා” සුළි කුණාටුව –
මෑත ඉතිහාසයේ දරුණුතම
ස්වභාවික ආපදාව.

ශ්‍රී ලංකාව හරහා බිහිසුණු ලෙස හමා ගිය දිට්වා සුළි කුණාටුව සමස්ත දිවයිනම සෙමෙන්කොට සලන විනාශයකට හේතුවිය. රට වටා හැමූ දැඩි සුළං, දිවයින පුරා ඇද වැටුණු වැසි සහිත අති විශාල වර්ෂාපතනය, මධ්‍යම කඳුකරයේ ඇති වූ දරුණු කඳු නාය යෑම්, ගස් කඩා වැටීම්, රට අභ්‍යන්තරයේ වූ මහා ගංවතුර තත්වයන් නිසා දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජීවිත හා දේපල වලට විශාල ලෙස හානි සිදු විය. මෙම ලිපිය ලියන මොහොතේද මේ ආපදාව තවමත් පහව ගොස් නැත. මන්ද දිවයිනේ පහත් බිම් වලට මහා ජල කඳක් ගලා යමින් මහා ගංවතුර අවදානමට මුහුණ දෙමින් සිටියි.

🌀 දිට්වා – ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයට ලියැවුණු අඳුරු පිටුවක්

දිට්වා සුළි කුණාටුව අපට අමතක කළ නොහැකි පාඩමක් හා දෑස් විවෘත කරවන සිදුවීමක්. ශ්‍රී ලංකාව සෑම වසරක් පාසාම කුමක් හෝ ස්වභාවික විපත් වලට මුහුණ දෙන රටකි. මෑත ඉතිහාසයේ අප මුහුණ දුන් දරුණුම ස්වභාවික ව්‍යවසනය 2004 දෙසැම්බර් 26 දින ඇති වූ සුනාමි තත්වය යි. ඉන් අනතුරුව විටින් විට විවිධ ස්වභාවික විපත් ඇති වූවත්, සමස්ත දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම එකසේ බලපෑ ස්වභාවික ආපදාව මෙය වේ.

දිවයින පුරා විදුලි විරහිත වීම, ගස් කඩා වැටී මාර්ග බිඳ වැටීම, ගංවතුරෙන් දැඩි නිවාස හානී, කෘෂිකර්මාන්තයට සිදු වූ දැඩි හානි, සන්නිවේදන පහසුකම් බිඳ වැටීම, එසේ නොමැතිනම් අපේ දේශයට ගොඩනැගීම් හා ජීවිත රැසක් කැපකරමින් ඇති වූ විශාල බලපෑමක් විය.

🌧️ දිවයින පුරා වැසී ගිය අඳුරු දසුන
දැඩි සුළං, අධික වර්ෂාපතනය, දරාගත නොහැකි ජල ධාරිතාවය මත ඇති වූ ගංවතුර දැඩි බලපෑමක් පසු ගිය දින දෙක පුරා ඇති කරන්නට සමත් විය. එය නිරායාසයෙන්ම අඳුරු මූසල දින කිහිපයක් ලෙස මෙරට ඉතිහාසයේ ලියවී හමාර ය.
*ගංවතුරෙන් වසා ගත් ගම්මාන හා නගර.
*බිමට ගොඩවැටුණු ගස් හා ගොඩනැගිලි.
*මනුෂ්‍ය ජීවිත හා සතුන්ගේ ජීවිත රැසක් බේරාගන්නට නොහැකි වීම.
*වයඹ, සබරගමුව, උතුරු-මැද, මධ්‍යම, ඌව, බස්නාහිර හා දකුණු පළාත්වල දැඩි හානිය.
*ගොවීන්ගේ කැලෑ, වගා බිම්, කෘෂිකාර්මික පද්ධතියට වූ විනාශය අනාගතයේ ආහාර සුරක්ෂ්තතාවයර පවා බලපාන විනාශය.
මෙය සරල ආපදායක් නොව, ජාතියම අභියෝගයට දමා ඇති ඉතා දැඩි දුශ්කර තත්ත්වයකි.

🌊 මෙවර ගංවතුර – පෙර මෙන් නොව අලුත් තත්ත්වයකට ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු විය.

ශ්‍රී ලංකාවේ පහත් ගංගා ද්‍රෝණියන් මේ වසරේ දැකූ ගංවතුර තත්ත්වය, අලුත් තත්ත්වයක් ලෙස මතු විය.
ඉතිහාසයේ දී මේ ප්‍රදේශ ගංවතුරට පත් වූ අවස්ථා තිබුණත්, මෙවර ගංවතුර තුළ ප්‍රකාශ වූ ව්‍යාප්ති, ගැඹුර, වේගය සහ ජීවිත බිලි ගැනීමේ හා ජන ජීවිතය අඩාල කිරීම පෙර වාරවලට වඩා දැඩි බව පැහැදිළිය.

📌 1️⃣ ගංවතුර ව්‍යාප්තිය පෙරට වඩා පුළුල් ප්‍රදේශවලට දැඩිව බලපෑම් එල්ල කර හා කරමින් සිටියි.

පහත් ගංගා ද්‍රෝණියන් වන:
කළු ගඟ,
ගිං ගඟ,
වලවේ ගඟ,
නිල්වලා ගඟ,
විශේෂයෙන්ම;
මහවැලි ගඟ,
කැළණි ගඟ,
මහ ඔය,
දැදුරු ඔය,
මල්වතු ඔය,
හා අත්තනගලු ඔය ආශ්‍රිත ගංඟා ද්‍රෝණියන් හා පහත්බිම් මෙවර ආපදාව නිසා දැඩි ලෙස බලපෑමට ලක් වී ඇත.

එසේම මධ්‍යම කඳුකර ප්‍රදේශ වලින් හට ගත් මහා ජල ප්‍රවාහය ඉතා ඉක්මන් වේගයකින් ප්‍රමාණවත් භාවය දරා ගත නොහැකි ලෙස පහත් ප්‍රදේශවලට ව්‍යාප්ත විය.

අනෙක් වාරවල ගංවතුරට නොපත් වූ ගම්, වතු, නගර හා කෘෂිකාර්මික දේපළ මෙවර ජලයෙන් වැසුණු බව මෙහි ප්‍රබල බව පැහැදිලි කරවයි.

📌 2️⃣ ගඟවල ජල මට්ටම් අතිවිශාල වේගයෙන් ඉහළ ගියේය.

මෙවරට වෙනස් වූ ප්‍රධාන කරුණක් වූයේ:
ගංඟවල ජල මට්ටම් එක පැය කිහියක් ඇතුළතම කිලෝ මීටර් ගණනාවක් පුරා විහිද යෑමයි.

📌 3️⃣ මීට පෙර නොතිබූ නගරවල නිරන්තර ජලයෙන් වැසී සිටීම.

මෙවර විශේෂත්වය වන්නේ:
නගර මධ්‍යස්ථාන, වෙළදපොල, බස් නැවතුම්පොල, පාසල්, වාහන මාවත් හා මහා මාර්ග පස පැවරුනු ජලයෙන් තාවකාලික නොව, දිගු කාලයක් අතරමග වැසී සිටීමයි. එය ජලයට අමතරව ගංඟා ආශ්‍රිතව රෑදී ආ රොන් මඩ හා මඩ තට්ටු ගොඩබිම් තුළ වැඩි වශයෙන් රැඳී පැවතුණි.

මෙය පෙන්වන දේ:

➡️ ජල කාණූ පද්ධති නිසි ලෙස විධිමත්ව නඩත්තු නොකිරීම.
➡️ ගොඩනැගීම්/ ඉදිකිරීම්ද් වැඩ නිසා ජල මාර්ග අවහිර වීමත්,
➡️ නගර සැලසුම් ක්‍රමානුකූල නොවීම.
මෙවර ගංවතුර තත්ත්වයට මහත් දායක වූ බවයි.

📌 4️⃣ කඳුකරයේ තද වැසි – පහත් ද්‍රෝණියන්ට සෘජු බලපෑම

පහත් ගංගා ද්‍රෝණියන්ට තර්ජනය වන්නේ කඳුකරයේ වැසියි.

මෙවර:

නුවරඑලිය, බදුල්ල, මහනුවර, මාතලේ, රත්නපුර, කෑගල්ල, කුරුණෑගල වැනි දිස්ත්‍රික්කත්, වැනි කඳුකර දිස්ත්‍රික්වල වැසි ප්‍රමාණයන් සම්පූර්ණ වයඹ ද්‍රෝණිය ඔස්සේ පහත පැතිරීගියේ
පෙර වසරකට වඩා වේගවත් හා සීඝ්‍ර ලෙසය. එය පහත් ගංඟා නිම්න හා නගරබද ප්‍රදේශ වලට දැඩිව බලපාන ලදි.

📌 5️⃣ දින 3–5ක් අඛණ්ඩ වැසි නිසා බිමට තව ජලය ගන්න හැකියාව නැති බව. මෙලෙස මහ පොළොවට දරා ගත නොහැකි ලෙස ඇද වැටුණු ජල කඳ නිසා
“සුළු ගංවතුර” → “බොහෝ ගම් විහිදුණ මහා ගංවතුර” බවට මාරු විය.

🔥 🌱 ඉදිරියට – අපට සූදානමක් නෙවෙයි, මාර්ග වෙනස්කමක්වත් අවශ්‍යයි

මෙවැනි අවදානම අනාගතයේ තවත් ඇතිවිය හැකි නිසා:

✔ ගංවතුර මාර්ග නිදහස් කිරීම.
✔ නගර සැලසුම යථාවත් කිරීම.
✔ උසස් තාක්ෂණික ජල නියාමන පද්ධති ඇරඹීම.
✔ ප්‍රාදේශීය විමර්ශන කමිටු ශක්තිමත් කිරීම.
✔ ජනතාවට ගංවතුරින් බැහැරවීමේ ක්‍රමවේද දැනුවත් කිරීම.
අවශ්‍යම පියවරයි.

ඉතින් තවමත් මෙහි උණුසුම පහව ගොස් නැත. රට පුරාම අහිංසක මිනිසුන්ගේ දෝංකාරය තවමත් දසත විහිදේ. පශ්චාත් නාය යාම් තවදුරටත් කඳුකරයේ සිදු වේ. වෙරලබඩ ගංඟා ද්‍රෝණි වල මහා ගංවතුර හා සුළු ගංවතුර තත්වයන් තවමත් ඇත. විශාල ලෙස හානි වූ ගිරිඋල්ල වැනි නගර සුන්බුන් ගොඩකි.

🤝 ජාතිය එක්ව නැගිටිය යුතු මොහොතකි මේ.

මෙවැනි අවස්ථාවක අපට මතක් කරන්නේ – අපගේ ශක්තිය අපගේ එකමුතුවයි.

ජාතික ආරක්ෂක අංශ, රජයේ ආයතන, ආපදා කළමනාකරණ අංශ, ගුවන්තොටුපළ/මහා මාර්ග සේවා, ාආරක්ෂක අංශ හා පොදු ජනතාව එක්ව කටයුතු කිරීමෙන් හදිසි සමුහ කටයුතු දැඩි අංකුරයක් ලබා දෙයි.

🌱 අප නැවත නැගී සිටිමු.
දිට්වා අපට ඔප්පු කළේ—
අපගේ රටට අවශ්‍යයි:
👏සවිබල ගොඩනැගීම
👏වඩා දියුණු ආපදා පාලන ක්‍රමවේද
👏පරිසරය රැක ගැනීමට තවත් අවධානය
👏ආපදාවෙන් පසු නැගිටීම අපගේ අතේ වේ.

❤️ වේදනාවට මතකයක්… නමුත් ආසියාවට ශක්තියක්

දිට්වා අපගේ හදවත කඩා යද්ද,
ශ්‍රී ලංකා ජාතියට එය මාරාන්තික පහරක් වූවත්, අපගේ ශක්තිය බිඳ නොදමන අයුරින් නැගීසිටීමට අපි සුදානම්. පස මිතුරන් වන පාකිස්තානය හා ඉන්දියාව දැනටමත් මෙරට සහයට පැමිණ ඇත. වැටුණු තැනින් නැගී සිටිය යුතුමය.

අපි එකතුවී නැවත ගොඩනඟාගනු ඇත.
ශ්‍රී ලංකා – අපේ අයිති රට… අපි ගොඩගන්නෙත් අපිමයි..

✍️ Dulaj Sachinga The Eyez

🌆 “කොළඹ පුරවර වරුණ” – අහසෙන් දැකගත් කොළඹ නගරය අහසින් බලාගන්නා විට කොළඹ නගරය කියන්නේ අතිශය විචිත්‍රවත්,  විචිත්‍රවත් හා ස...
19/11/2025

🌆 “කොළඹ පුරවර වරුණ” – අහසෙන් දැකගත් කොළඹ නගරය

අහසින් බලාගන්නා විට කොළඹ නගරය කියන්නේ අතිශය විචිත්‍රවත්, විචිත්‍රවත් හා සුවපහසු රූපයක්. නවීන ගොඩනැගිලි, කොන්ක්‍රීට් වනාන්තරය, කොළ පැහැති බේරේ වැව, වෙරළේ කොණකින් දිස්වන නිල් මහ සයුර, මේ සියල්ල එකට මිශ්‍ර වී ඇති දසුනක්.

අද පෙනෙන මෙම නගර රූපය අහසට දිස්වන නවීන ගොඩනැගිලි වලින් පිරුණු එකක් වුවත්, කොළම්තොට කතාව එතරම් නව නැහැ. මෙහි ඉතිහාසය සියවස් ගණනාවකට ආපසු දිව යයි.

● නිදහසත් සමඟ නගරයේ නව ජීවය

1948 නිදහසට පසු කොළඹ ලෝක වාණිජ මධ්‍යස්ථානයක් වන අතර,
හෝටල්, කාර්යාල ගොඩනැගිලි, වෙළඳ මධ්‍යස්ථාන සහ නේවාසික තට්ටු ගොඩනැගිලි සෑදීමෙන් නගරය නව යුගයකට පැමිණ ඇත.
අද පෙනෙන අහසට උසින් නගින ගොඩනැගිලි,
මුහුදු වෙරළේ සීතල සුළඟ,
මේ සියල්ල කොළඹ නගරයේ ඉතිහාසය හා නවීනත්වය එකට බැඳුණු ප්‍රතිඵලයක්.

ඉතින් මේ.........;

✨ “කොළඹ පුරවර වරුණ” – ශ්‍රී ලංකාවේ හදවතේ නවීන රූ, පරණ කතාව හා අනාගත සිහින එක්කර ගත්ත දසුනක්.

📷✍️Dulaj Sachinga The Eyez

කන්තලේ වැව් තාවුල්ලේ 👣👣ඉර බැස යන රැයේ රැඳී යනමඳ සුළඟේ සුවය,තනි මොහොතක නවතින හිතට සීතල සරුවත් රසය.ජීවිතේ කනටු සැනසිල්ලක් ...
13/11/2025

කන්තලේ වැව් තාවුල්ලේ 👣👣

ඉර බැස යන රැයේ රැඳී යන
මඳ සුළඟේ සුවය,

තනි මොහොතක නවතින
හිතට සීතල සරුවත් රසය.

ජීවිතේ කනටු සැනසිල්ලක් සේ,
වැව් තාවුල්ලේ රැඳී පෙනෙන්නේ
සුරංගනාවක් සේ... ❤️🥂

අහසේ රත් රන් පාටැලි අතර,
මට හිමිවූවෙ සන්සුන් මොහොතක්.

සීතල බීමක රසයද,
ඉර බැස යන සුන්දර දසුනට අමනාප නොවෙයි... 🌞✨

ඉර බැස යන්නට පෙර,
නවතින මොහොතක
රසවන්ත සන්සුන් බවක්..

සිසිල් සුව හඬ, සුළඟේ සීතල,
එකම විලාසිතාවක
ජීවිතේ මැද පියවරක්... 🌄🍹

සන්ධ්‍යා කුමුදුවේ රැඳී යන රැය,
ඉරේ උණුසුමට අමතක කරවන
සීතල රසයක් මේ..

තනි මොහොතක සන්සුන් බවට,
ගොම්මන් යාමක මනෝහර මතකයක්... 🌅🥂

📷 ✍️Dulaj Sachinga The Eyez

#සීතල_සරුවත් #සුන්දර_වැව්තාව්ල්ල
#කන්තලේ_වැව #අලංකාරගම්මානය 🌅

12/11/2025

“සිතේ නිහඬ
කුණාටුවෙහි හඩ නාදය,
බොහෝදෙනා
නොදන්නා කතාවක්..
නමුත් ඒ
මතකමයි
අපව ගොඩනඟන්නෙ..
දෝමනස්සය
කියන්නේම
සිතේ නිහඬ රැයක්..
නමුත් එහි
අඳුරුම වේලාවෙන් පසුවත්,
අලුයම එනවා....”

✍️ Dulaj Sachinga The Eyez

https://youtu.be/qGzP6Dk0l60?si=6woace25-QW0NOHo

🌧️ වැසි අවසානයේ උපන් නව දිනයක්... ☀️රාත්‍රියක් පුරා ඇදහැලුනු වැසි නතර වූ විට, ගම්මානේ පුරා මීදුමක් මැවුණු අලංකාර සිතියමක...
11/11/2025

🌧️ වැසි අවසානයේ උපන් නව දිනයක්... ☀️

රාත්‍රියක් පුරා ඇදහැලුනු වැසි නතර වූ විට, ගම්මානේ පුරා මීදුමක් මැවුණු අලංකාර සිතියමක් දිස් වේ. තවමත් තෙත් වූ ගොවි අක්කර මැදින් සුවඳක් විහිදී යයි.
නැවුම් පාංශු වල සුවඳ, තෙත් ගහකොළේ සුවඳ, නව ජීවිතයක් උපන්නාක් මෙන් සිතට දැනේ. 🌿

උදෑසන හිරු එළිය මීදුමේ තරංග මතින් දිවි ගමන අරඹයි. දුරින් පෙනෙන තෙත මාත්තූ වී ඇති තුරු ලතා අතරින් එන සීතල සුළඟ, ගම්මානේ සිසිලස මනසට සන්සුන් බවක් පුරවයි. 💧

මෙය සරල උදෑසනක් නොවේ.
🌞මෙය පරිසරයේ නව ආරම්භයක්ය.
🌞මනසට නව බලාපොරත්තුවක් ය,
🌞පසට නව ජීවයක් ය,
🌞ගම්මානයට නව සතුටක් ය. 🌾

අපේ රටේ ගම්මානවල මෙවැනි උදෑසනක් බලන විට හිතට පෙනෙන්නේ,
පරිසරයත්, මිනිසත්, බිමත් එකම හුස්මකින් ජීවත්වන අලංකාර සම්බන්ධයක් බවයි.
මේ දර්ශනය මනස්පටලය පුරා රැඳෙන්නට තරම් සුන්දරය.

උදෑසන වැසිත් සමඟ උපන් මේ දිනය,
අපේ ජීවිතයටත් නව ආරම්භයක් වේවා... ✨

🌤️ මෙය සරල උදෑසනක් නොවේ… මෙය ජීවිතයේ නව ආරම්භයක්ය. 🌿

#අලංකාරගම්මානය #සිසිලස


✍️📷Dulaj Sachinga The Eyez

📜 ශ්‍රී දළදා මාලිගාව, ශ්‍රී ලාංකේය ආගමික හදවත..The Religious Heart of S R I  L A N K Aපසුගිය දින පැවති දියවඩන නිළමේ වරයා...
08/11/2025

📜 ශ්‍රී දළදා මාලිගාව,
ශ්‍රී ලාංකේය ආගමික හදවත..
The Religious Heart of S R I L A N K A

පසුගිය දින පැවති දියවඩන නිළමේ වරයා පත් කර ගැනීමේ චන්ද විමසීමේදී, හිටපු හා වැඩ බලන දියවඩන නිළමේ වරයා ලෙස කටයුතු කළ නිලංග ප්‍රදීප් දෑල මහතා නැවත වරක් ඉදිරි වසර 10 වෙනුවෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාවෙහි අභිනව දියවඩන නිළමේ වරයා ලෙස වැඩි චන්දයෙන් පත් විය. ඒ මෙරට ඉතිහාසයේ තෙවරක් චන්දයෙන් පත් වූ දියවඩන නිළමේ වරයා ලෙස ය.

මේ සටහන ඒ පිළිබඳවයි.

✅මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ වරයා — ඉතිහාසය හා වත්මන් පත් කිරීම.✅

ශ්‍රී ලංකාවේ අභිමානයෙන් හා ආගමික බහුමූලත්වයෙන් මුළු ගැන්වුණු ප්‍රධානම ස්ථානයක් ලෙස මහනුවර ශ්‍රී දළදා මාලිගාව (Temple of the Sacred Tooth) යනු බෞද්ධයන්ට පමණක් නොව, සම්පූර්ණ රටටම විශාල සංස්කෘතික හා ආගමික වටිනාකමක් ඇති ස්ථානයකි. මෙය ලෝක උරුමයක් (UNESCO World Heritage Site) ලෙසත් සලකුණු කර ඇත.

🕍 ශ්‍රී දළදා මාලිගාවේ ඉතිහාසය

බුදු රජාණන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම වූයේ ක්‍රි.ව. 4 වන ශතවර්ෂයේදී කීර්තී ශ්‍රී මේඝ වර්ණ රජ හෙවත් කිත්සිරිමෙන්වන් රජුගේ රාජ්‍ය සමයේ ය. පසුව එය මෙරට පාලනය කළ රජවරුන්ගේ ආරක්ෂාව යටතේ රටේ පාලනයේ සංකේතයක් බවට පත්විය. එනම් රාජ්‍යත්වයේ මූලික සංකේතය ශ්‍රී දළදා වහන්සේ බවට පත්විය.

කාලයත් සමඟ දළදා ධාතුන් වහන්සේ ප්‍රාදේශීයව ගමන් කළත්, මෙරට අවසන් රාජ්‍ය අග නගරය වූ කන්ද උඩරට වන මහනුවර නගරය තුළ දළදා වහන්සේගේ නිරන්තර වැඩවසන ස්ථානයක් බවට පත්විය. එය බ්‍රිතාන්‍ය ආණ්ඩු සමයේදී ද, එලෙසම පැවතුණි. එලෙස අද දක්වාම මහනුවර නගර කේන්ද්‍රයේ අභිමනායන් හා බල පරාසයෙන් යුතුව තේජමානව වැජඹෙමින් වැඩ වසනු ලබයි.

අදටත් දළදා මාලිගාව ශ්‍රී ලංකා බෞද්ධ සමාජයේ මනෝභාවයට හා ජාතික අභිමානයට මූලික අනන්‍යතාවයක් මෙන්ම සාතිශය බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වේ..

මන්ද, දළදා වහන්සේ වැඩ වසන පිවිසුමට පිවිසෙන විට ගතට මෙන්ම සිතට ද දැනන සැනසුම් මෙතැකැයි විස්තර කළ නොහැක.

👑 දියවඩන නිළමේ තනතුරේ උත්පත්ති සහ වැදගත්කම

දියවඩන නිළමේ තනතුර යනු ශ්‍රී දළදා මාලිගාවේ පාරම්පරික කළමනාකරණයේ උසස්ම තනතුරයි.
මහනුවර රාජකාලයේදී, රජතුමා විසින් මාලිගාව පාලනයට සහ දළදා පූජා ආරක්ෂාවට පත් කළ අය දියවඩන නිළමේ ලෙස හැඳින් විය.

මෙම තනතුර පාලක පවුලකින් පාරම්පරාවෙන් පැවත එන නමුත් බ්‍රිතාන්‍ය ආණ්ඩු සමයේ සිට එය චන්දයෙන් තෝරාගැනෙන අභිමානවත් පදවියක් බවට පත්විය. එය වර්තමානයේ ද විශ්වාසය පදනම් ව චන්ද ක්‍රමයක් යටතේ තෝරා ගැනීමකට නතු වෙයි.

දියවඩන නිළමේ වරයා දළදා මාලිගාවේ පූජා, පරම්පරා, අභිනවකම්, අධිකාරී පරිපාලන හා එම මාලිගාවේ දෛනික කටයුතු පාලනය කරයි.

ඇතැම් විට, ශ්‍රී දළදා මාලිගාවේ සියළු ආගමික උත්සව මෙන්ම විශේෂයෙන්ම ඇසල පෙරහර මංගල්‍යය ඔහුගේ අධීක්ෂණ යටතේ සංවිධානය කෙරේ.

🗳️ දියවඩන නිළමේ තෝරා ගැනීමේ ක්‍රමය

දියවඩන නිළමේ තනතුර හිස් වීමෙන් පසු, මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සංවිධානයට අදාළ නායක මහනාහිමිවරුන්ගේ හා මහා නායක මණ්ඩලයේ අධීක්ෂණය යටතේ චන්ද විමසීමක් පැවැත්වේ.

මෙහිදී මාලිගාව හා සම්බන්ධ දේවාල, පන්සල්, අධ්‍යාත්මික හා පරිපාලන නියෝජිතයන්ගේ මතය මත නව දියවඩන නිළමේ වරයා පත් කෙරේ.
මෙය අතිශය ගෞරවනීය හා සාම්ප්‍රදායික ක්‍රියාවලියක් වන අතර, පත්කිරීමේදී ශ්‍රී ලංකා ජනතාවගේ අවධානය විශාල වශයෙන් ලැබේ.

මෙය මල්වතු හා අස්ගිරි උභය මහා විහාර මහා නායක හාමුදුරුවන් වහන්සේලාගේ මූලීකත්වයෙන් සිදු කරනු ලබන අතර මෙම පත් කිරීම නිළධාරී තත්වයකට නොව ජාතික ආගමික උරුමයක් රැක බලා ගැනීමේ ජාතික ආගමික උතුම් තනතුරක් ලෙස ක්‍රියාත්මක වේ.

🧑‍💼 වත්මන් දියවඩන නිළමේ — නිලංග ප්‍රදීප් දෑල මහතා

2025 නවතම පත්කිරීමේදී හිටපු දියවඩන නිළමේ නිලංග ප්‍රදීප් දෑල මහතා පැවති චන්ද විමසීමෙන් චන්ද 267 කින් චන්ද 195ක විශිෂ්ඨ ජයක් ලබා ඉදිරි වසර 10 සඳහා යළිදැක්වීමෙන් මෙම ගෞරවනීය තනතුරට පත් විය.

ඔහු පළමු වරට 2005 දී දියවඩන නිළමේ ලෙස පත් වුණි, එවිට සිට මාලිගාවේ සංවිධානය, පූජා ක්‍රම, පූජා නිර්මාණ, අසල පෙරහර සංවිධානය හා සංස්කෘතික උත්සවයන්හි යහපත් සංවර්ධනයක් සිදු කළ බව සටහන් වේ.

නව පත්කිරීම ඔහුගේ පාලන කාලයේදී දළදා මාලිගාව තුළ ඇති වූ සංස්කෘතික හා පරිපාලන සංවර්ධනය පිළිබඳ විශ්වාසය හා ගෞරවය තවත් තහවුරු කරයි.

🌺 දියවඩන නිළමේ තනතුරේ ජාතික හා ආගමික වැදගත්කම

දියවඩන නිළමේ වරයා බෞද්ධ ධර්මයේ සම්පූර්ණ අභිමානය රැක ගැනීමේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරයි.
අදටත් ඔහු බෞද්ධ ආගමික උත්සව, රාජකීය පූජා, දළදා පෙරහර, සහ මහා සංඝරත්නය සමඟ සම්බන්ධය සුරක්ෂිත කිරීමේ මූලික චරිතයකි.

එමඟින් දළදා මාලිගාව සුරක්ෂිතව තබා ගැනීමත්, අනාගත පරපුරට බෞද්ධ උරුමය බෙදා දීමත් ඔහුගේ යුතුකමක් වේ.

🕊️ සාරාංශය...

මහනුවර ශ්‍රී දළදා මාලිගාව යනු ශ්‍රී ලංකාවේ ආගමික හදවතයි.
දියවඩන නිළමේ වරයාගේ පත්කිරීම එම හදවතේ නව හුස්මක් බවට පත්වේ.
නිලංග ප්‍රදීප් දෑල මහතාගේ නව පාලන කාලයත් සමඟ දළදා මාලිගාව බෞද්ධ ආගමික උරුමය රැක ගැනීමේ අභිමානය තවත් උසස් වනු ඇත.

📌 #මහනුවර #දියවඩනනිළමේ #නවපත්කිරීම

✍️ Dulaj Sachinga
The Eyez

🟩 බැංකු ණය – මිනිසාගේ ජීවිතයට ඇති මැදිහත් බලපෑම 🏦අද යුගයේ මිනිසාගේ ජීවිතය සහ ආර්ථික පද්ධතිය අතර ඇති ගැඹුරු සම්බන්ධය පිළි...
05/11/2025

🟩 බැංකු ණය – මිනිසාගේ ජීවිතයට ඇති මැදිහත් බලපෑම 🏦

අද යුගයේ මිනිසාගේ ජීවිතය සහ ආර්ථික පද්ධතිය අතර ඇති ගැඹුරු සම්බන්ධය පිළිබඳව සාකච්ඡා කිරීමට යාමක් වූ විට, “බැංකු ණය” යන පදය අවම වශයෙන් එක්වරක්වත් අප සෑම කෙනෙකුට පොදුවේ බලපා ඇති අත්දැකීමකි. එය කෙනෙකුට අලුත් ආරම්භයක් දෙන අතර, වෙනත් අයකුට පීඩාවක් වශයෙන් ද පෙනේ.

ඉතින් “බැංකු ණය” යන වචනයෙන් තොර ආර්ථික පද්ධතියක් අදහස් කිරීමට වුවද අපහසුය. ව්‍යාපාරයක ආරම්භයක සිට නිවසක් ගොඩනැගීම දක්වා, අධ්‍යාපනික ඉසව්වක් පවා අද ණය පහසුකම් මත පදනම්ව ක්‍රියාත්මක වේ. නමුත් එම ණය යනු සරල මුදල් ගණුදෙනුවක් පමණක් නොව, මිනිසාගේ ආර්ථික හැසිරීම්, පිරිවැය පාලනය, මෙන්ම ජීවන රටාවට බලපාන ගැඹුරු ක්‍රියාවලියකි.

ඉතින් බැංකු ණය හා බැංකු ණය මිනිසාගෙ ජීවිතයට ඇති මැදහත් බලපෑම පිළිබඳව සරල කතිකාවතක් මෙම සටහන මගින් ගොඩනැගීමට උත්සහ කරමි.

💰 බැංකු ණය යනු කුමක්ද?

බැංකු ණය යනු මිනිසෙකු හෝ ආයතනයක් බැංකුවකින් මුදල් රැස් කර ගෙන පසුව කාලයකින් පොලියක් සහිතව ආපසු ගෙවීම සඳහා කරන ගනුදෙනුවකි. මෙය ව්‍යාපාරයක් ආරම්භ කිරීමට, නිවසක් සෑදීමට, රථයක් මිලදී ගැනීමට හෝ අධ්‍යාපනික අවශ්‍යතාවක් සඳහා මෙන්ම පුද්ගලික ආර්ථික අවශ්‍යතා ඉටුකර ගැනීමට අපේක්ෂාවෙන් වුවද ලබාගන්නා ආර්ථික පහසුකමක් ලෙස හැඳින්විය හැක.
ඒ තුළ පොලී අනුපාතය, ගෙවීම් කාල සීමාව, ආපසු ගෙවීම් වගකීම්, හා ඇපයන් යන කරුණු විශේෂ තීරණාත්මක වේ.

සාමාන්‍යයෙන් ශ්‍රීලංකාව වැනි මැදි ආදයම් ලබන රටක බැංකු පද්ධතිය තුළ නිතරම ලබා දෙන සුලභ බැංකු ණය වර්ග කිහිපයක් ඇත:

1️⃣ පෞද්ගලික ණය – පුද්ගලික අවශ්‍යතා සඳහා (නිවසක්, රථයක්, විවාහයක්, අධ්‍යාපනය ආදියට)
2️⃣ ව්‍යාපාරික ණය – ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝ විධිමත් කිරීම සඳහා
3️⃣ නිවාස ණය – නිවාස සෑදීම, පුළුල් කිරීම සඳහා
4️⃣ ලිසිං සහ Hire Purchase – වාහන හා උපකරණ සඳහා
5️⃣ කෘෂිකාර්මික සහ කුඩා හා මධ්‍යම ව්‍යාපාර ණය – කෘෂිකර්ම හා ස්වයංපෝෂිත ව්‍යාපාර සඳහා

ඉහත ණය ක්‍රමවේද Loan schemes බැංකු පද්ධතිය තුළ නිරන්තරයෙන් ක්‍රියාත්මක කරන අතර,

මීට අමතරව පවතින රජයන් විසින් ගෙන එන ප්‍රතිපත්තීන් මත ක්‍රියාත්මක කරන විවිධ ණය ක්‍රමවේදයන්ද බැංකු පද්ධතිය විසින් කලින් කලට ක්‍රියාත්මක කෙරේ.

👩‍💼 බැංකු ණය මිනිසාට බලපාන ආකාරය:

බැංකු ණය මිනිසාට ධනාත්මක හා ඍණාත්මක දෙවර්ගයක බලපෑම් ඇති කරයි. එනම්;

🔹 ධනාත්මක බලපෑම්:

-✅අරමුණු ඉටු කිරීමට අවශ්‍ය මුදල් ලබා දීම. මුදල් හිඟය නිසා සිදු නොවූ යම් අරමුණක් ඉටු කිරීමට ණය උපකාරී වේ.

-✅ව්‍යාපාරික වර්ධනයට පසුබල සැපයීම හා ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම. නව ආයෝජන, උපකරණ, හා සේවකයන් සඳහා මුදල් සපයයි.

-✅ආර්ථික ස්වයංපෝෂිතභාවය වැඩි කිරීම

-✅නව අවස්ථා හා ආයෝජන ඇති කිරීම

-✅ජීවිත තත්ත්වය උසස් කිරීම – නිවසක්, රථයක් හෝ අධ්‍යාපනයක් ලබාගැනීමෙන් ජීවිතය උසස් වේ.

-✅ආර්ථික පද්ධතිය ශක්තිමත් කිරීම – ණය ලබා ගැනීම මගින් ආර්ථික ව්‍යාපාරික ගැටලුවලට නව ගැටළු විසඳුම් ලැබේ.

🔸 ඍණාත්මක බලපෑම්:

-❎අධික පොලී අනුපාතය නිසා ගෙවීම් බරපතල වීම හා ගෙවීමේ අපහසුතා ගොඩ නැගීම

-❎ගෙවීම් අසමත් වීමෙන් ජීවන ගැටලු මතුවීම. ජීවන වියදම් වැඩිවීම හෝ ආදායම් අඩුවීම නිසා ණය ගෙවීමට අපහසු වේ.

-❎මානසික පීඩනය හා ආතතිය. ණය බර නිසා අයෙකුගේ මානසික සුවභාවයට හා සමාජ සම්බන්ධතාට හානි වේ.

-❎විශ්වාසය හා රහසිගත භාවය අහිමි වීම

-❎නිදහස අහිමි වීම – ණය බර නිසා තීරණ ගැනීමේ ස්වයංක්‍රීයතාවය අඩුවෙයි.

💭 එබැවින් බැංකු ණය කෙරෙහි මිනිසුන් තුළ පවතින මිනිසුන්ගේ ප්‍රතිචාර හා වටහා ගැනීම වැදගත් වේ.

බැංකු ණය ගැන මිනිසුන් අතර විවිධ අදහස් පවතියි.
කෙනෙකුට එය අලුත් ආරම්භයක් ලෙස පෙනෙන විට, තවත් කෙනෙකුට එය උගුලක් ලෙස ද පෙනේ.

🔸 සමහරුන්ට ණය යනු නව අවස්ථාවක් — ජීවිතයේ අලුත් පියවරක් ගන්නට උදව් වන අත්දැකීමක් ලෙස ධානාත්මකව උකහා ගනු ලබයි.
නමුත්,
🔸 තවත් සමහරුන්ට එය භාරයක් — ගෙවිය නොහැකි බරක් බවට පත් වූ අභියෝගයක් ලෙසද දකියි.

සමහරුන් විශ්වාස කරන්නේ “බැංකු ණය නැතිනම් ව්‍යාපාරයක් දියුණු කළ නොහැකි” යන අදහසයි.

තවත් කෙනෙකුට අනුව “බැංකු ණය මිනිසාගේ නිදහස අත්හැර දෙන එකක්” ය යන්න වැනි සිතුවිලිය.

කෙසේ වෙතත් ණය යනු අපේ ආදායම හා වගකීම් අනුව සැලසුම් කළ යුතු වගකීමකි.

👏නමුත් සැබෑව මෙසේය — ණය යනු මිනිසාගේ හොඳ පාලනයක් සහිතව භාවිතා කළ විට, වටිනා උපකරණයකි.
එය විනාශයක් බවට පත් වන්නේ, අප මූල්‍ය තත්ත්වය, හැකියාව පිළිබඳව පාලනයකින් තොරව ක්‍රියාත්මක කිරීම නිසා වේ.👏

එමෙන්ම, අද සමයේ බොහෝ දෙනා ණය ගැනීම තීරණය කරන්නේ වෙනත් අයගේ පුරුදු අනුව නොව, මනෝවිද්‍යාත්මක හා සමාජීය බලපෑම් අනුවය. උදාහරණයක් ලෙස, අයෙකු රථයක් ගන්නා විට තවත් අයත් ණය ගෙන එසේ කිරීම යම් සමාජ පීඩනයක් නිසාය.

නමුත් එලෙස ගන්නා වාලේ ණය ගැනීමට යාමෙන් සිදුවන්නේ තමාත්, තමන්ගේ ආර්ථික තත්වයත් යම් රාමුවකට කොටු වීමෙන් පෙර සඳහන් කළ ගැටළු කාරී තත්වයන් නිර්මාණය වීමයි.

නමුත් නිසි රාමුවකට, සැලසුමකට, ක්‍රමවේදයකට අනුව බැංකු ණය ගැනීම මගින්, කිසිඳු මූල්‍ය අස්ථායීතාවයකින් තොරව සිය ගෙවීමේ හැකියාව අනුව ණය කළමනාකරණය කර ගැනීමට හැකියාව උදා වේ.

📊 ආර්ථිකය හා බැංකු ණය අතර සම්බන්ධය:

බැංකු ණය පද්ධතියක් සමාජයේ ආර්ථික වර්ධනයට ඉතා වැදගත් ය.
🔹 ණය මඟින් කුඩා හා මධ්‍යම ව්‍යාපාර (SMEs) දියුණු වේ.
🔹 රැකියා අවස්ථා වැඩි වේ.
🔹 නිෂ්පාදන හා සේවා මට්ටම ඉහළ යයි.
🔹 ජාතික ආදායම වැඩිවීමෙන් රටේ සංවර්ධනය වේ.

නමුත් ණය කළමනාකරණය නිසි ලෙස සිදු නොවූ විට ආර්ථික අර්බුද, මූල්‍ය අස්ථාවරත්වය, හා අධික පොලී ප්‍රතිපත්ති ආශ්‍රිත ගැටළු ඇති වේ.

🧠 නිවැරදි ණය කළමනාකරණය සඳහා සරල අදහස් කිහිපයක් පහත සැකවින් දක්වා ඇත.

1️⃣ ණය ගැනීමට පෙර සිය ආදායම සහ ගෙවීම් හැකියාව නිවැරදිව ගණනය කිරීම.
2️⃣ ණය ගන්නා අරමුණ අර්ථවත්ද යන්න විමසීම.
3️⃣ අධික පොලී අනුපාත සහිත ණය වලින් වැළකීම.
4️⃣ සෑම මාසයකම ගෙවීම් නිසි විටම සිදු කිරීම.
5️⃣ අතිරේක ආදායමක් ලැබුණු විට ණය ඉක්මනින් අවසන් කිරීමට උත්සාහ කිරීම.

🧭 බැංකු ණය යනු ජීවිතයේ අසාර්ථක බවක නොව, නිවැරදිව කළ විට සාර්ථකත්වය කරා යන පියවරක් වේ.
එබැවින් ණය ගැනීමට පෙර හොඳින් සැලසුම් කිරීම, ආදායමට ගැලපෙන ගෙවීම් සැලැස්මක් තබාගැනීම, සහ සිය අරමුණට අගයක් දෙන ආකාරයෙන් එය භාවිතා කිරීම. සිය ආර්ථික ස්ථායීතාවයට බෙහෙවින් ඉවහල් වේ.

📌 සරලව කියනවානම්:

“බැංකු ණය ඔබේ අරමුණ සපුරා ගැනීමට පියවරක් වෙන්න පුළුවන් — නමුත් එය ඔබේ නිදහස අත්හැර දෙන සිර ගෙදරක් විය නොහැක. තීරණය ඔබේ අතේය.”

✍️ Dulaj Sachinga
The Eyez

🌐 Social Media එක – අපේ සතුට සපයනවද? නැත්නම් අවලංගු කරනවද?අපේ ජීවිතය ගලා යන්නක් වගේම, දැන් අපේ “online life” එකත් වෙනම ල...
02/11/2025

🌐 Social Media එක – අපේ සතුට සපයනවද? නැත්නම් අවලංගු කරනවද?

අපේ ජීවිතය ගලා යන්නක් වගේම, දැන් අපේ “online life” එකත් වෙනම ලෝකයක් වෙලා තියෙනවා. දවසක් social media එකෙන් ඉවත යන්න කියන එක, ගිලන් කාමරයකට පාවිච්චි නොවී ඉන්න එකටත් වඩා අමාරු වෙලා තියෙනවා. 😅

අපි ඉස්සර සතුට සොයන්නේ මිතුරන් අතරේ, පවුලේ, හෝ තමන්ට ආස ආකාරයෙන් කාලය ගෙවීමෙන්. දැන් ඒ හැම දෙයක්ම filter එකක්, caption එකක්, like එකක්, comment එකක් යටතේ මෙන් දිස් වේ. ❤️

හරිම විනෝදයි — කෙනෙක් post එකකට ලයික් දෙන්න අමතක වූ විට අපිට කෝපයත්, හිස් බවක්ත් දැනෙනව.
ඒත් අසල්වැසියාගේ status එකේ හිනානොවී බලන එක අපේ දවස විනාශ කරනවා.

ඔයාව බලන්න හැමෝම “happy” වෙලා පෙනෙනවා — නමුත් ඇත්තටම ඔයාලා අය අතර බොහෝ දෙනෙක් ඇතුළට අමනාපය, තනිවීම, හා අවලංගු බව අත්විඳිනවා. Social media එක අපිට සතුටේ දර්ශනයක් පමණක් පෙන්වන mirror එකක් වෙලා.

අවසානයේ අමතක වෙන එකක් තියෙනවා — සතුට filters වලට හෝ followers ගණනට නොබඳිනවා.
එය පවතින්නේ අපේ සිතේ සාමය තුළ, අපේ මනුෂ්‍යත්වය තුළ, සහ සත්‍ය සම්බන්ධතා තුළ පමණයි. 💫

ඒ නිසා social media එක භාවිතා කරන්න, නමුත් එය ඔබේ සිත පාලනය කරන්න දෙන්න එපා.
ඔබේ සතුට screen එකෙන් එන්නෙ නෙමෙයි — ඔබේ අභ්‍යන්තර ලෝකයෙන්. 🌿

✍️ Dulaj Sachinga
The Eyez

🩵

💎 ශ්‍රී ලංකා මහ බැංකුවේ 75 වසරක ගමන සනිටුහන් කළ නව;රුපියල් 2,000/- නෝට්ටුව 🇱🇰💰ශ්‍රී ලංකා මහ බැංකුව (Central Bank of Sri ...
02/11/2025

💎 ශ්‍රී ලංකා මහ බැංකුවේ 75 වසරක ගමන සනිටුහන් කළ නව;
රුපියල් 2,000/- නෝට්ටුව 🇱🇰💰

ශ්‍රී ලංකා මහ බැංකුව (Central Bank of Sri Lanka) විසින් 2025 වසරේදී තම 75 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් නවතම විශේෂිත නෝට්ටුවක් නිකුත් කරන ලදී.

මෙය රුපියල් දෙදහසක් (Rs. 2000/-) මුදල් අගයකින් යුත් නව මුදල් නෝට්ටුවක් වන අතර, මෙය ශ්‍රී ලංකා මුදල් ඉතිහාසයේදී විශේෂ සිදුවීමක් ලෙස සැලකේ.

🏦 නෝට්ටුව නිකුත් කිරීමේ අරමුණ

ශ්‍රී ලංකා මහ බැංකුව 1950 මාර්තු 28 දින ස්ථාපිත විය. ඊට අදාළව, එම 75 වසරක ගමනට “Stability for Prosperity” යන තේමාව යටතේ මෙම නෝට්ටුව නිකුත් කර ඇත.
මෙය නව තාක්ෂණික මට්ටමේ සත්‍යතාව සහ ආරක්ෂාව තහවුරු කරන විශේෂ මුද්‍රණ විලාසිතාවකින් නිපදවා ඇත.

🌸 නෝට්ටුවේ හැඩතලය හා වර්ණය

අගය: රු. 2,000/-

ප්‍රධාන වර්ණය: ලා දම්-නිල් වර්ණ මිශ්‍රණයකින් යුතුය. (Lavender Blue & Light Purple tone)

ප්‍රමාණය: රු.1000/- නෝට්ටුවට වඩා තරමක් විශාල වේ.

නිකුත් කළ දිනය: 2025 මාර්තු 28 (75th Anniversary)

🔰 ඉදිරි පස (Front side)

නෝට්ටුවේ ඉදිරි පස මත දැක්වෙන්නේ,

ශ්‍රී ලංකා මහ බැංකුවේ ගොඩනැගිල්ල

නෙළුම් කුළුණ (Lotus Tower) සහ කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානය (World Trade Center) ආදී නගර දැක්මක් වේ.

“75 YEARS – Stability for Prosperity” යන ලාංඡනය

අලුත් ඉර බිම/හිරු පෙනුමක් සහිත හරිත ආරක්ෂක තීරු (Security Thread)

ත්‍රිමාණ ආරක්ෂක ලාංඡන (Holographic stripe) සහ පෙනෙන/පෙනෙන නොවන watermark විශේෂ හැඳුනුම් වලින් යුක්තය.

🌺 පසු පස (Back side)

නෝට්ටුවේ පසු පස අතිශය අලංකාර වන්නේ:

ශ්‍රී ලංකාවේ සිතියම රූපකයක් ලෙස පිළිබඳව,

එම සිතියම මත නිල් මානෙල් මලක් (Blue Water Lily) දැක්වීමෙන් ශ්‍රී ලංකා ජාතික පුෂ්පයට ගෞරව දැක්වීමක් ලෙසය.

ඉහළ කොටසේ “Central Bank of Sri Lanka – 75 Years” යන සටහන් වලින් යුතුය.

ආරක්ෂක රේඛා සහ පෙනෙන අංක සටහන් වලින් ද යුතුය.

🔒 ආරක්ෂක ලක්ෂණ (Security Features)

මෙම නෝට්ටුවට අයත් නවීන ආරක්ෂක පද්ධති කිහිපයක් යුතුය:

1. Dynamic security thread – හැරවූ විට පාට වෙනස් වන හරිත තීරුවක්

2. Watermark – ශ්‍රී ලංකා මහ බැංකුවේ ලාංඡනය සහ 2000 අංකය

3. Micro lettering – නුහුඹු ලෙස මැකු අක්ෂර

4. See-through Register – දෙපසින් බැලූ විට නිවැරදිව සම්පූර්ණ වන රටාවක්

5. Raised print – අතට හැඟෙන ලෙස මුද්‍රණය කළ අක්ෂර

6. Latent image – විශේෂ දර්පණයකින් බැලූ විට පෙනෙන රූප/අංක

7. Serial number in black – අංක මාලාව ඉහළ පැහැදිලිව පෙනන සටහන් තීරුව

🌿 නෝට්ටුවේ ගැඹුරු අර්ථය

මෙම නෝට්ටුව ශ්‍රී ලංකා මහ බැංකුවේ 75 වසරක ස්ථාවරතාවය, ආර්ථික විශ්වාසය සහ ජාතික ගෞරවය නිරූපණය කරයි.
නිල් මානෙල් මල — පිරිසිදුභාවය හා නව ජීවිතය නිරූපණය කරන අතර,
ගොඩනැගිල්ල — සංවර්ධනය හා ආර්ථික ශක්තිය නිරූපණය කරයි.

💬 අවසාන සාරංශය

මෙම රුපියල් 2,000/- නෝට්ටුව කෙරෙහි ජනතාවගේ අවධානය විශාල වශයෙන් යොමු වී ඇත.
එය ශ්‍රී ලංකා මුදල් ඉතිහාසයේ නව පරිච්ඡේදයක් පටන් ගැනීමට හේතු වීමත් සමඟ,
අපේ රටේ ආර්ථික ස්ථාවරතාවය සහ සංවර්ධනය සඳහා ප්‍රබල සංකේතයක් ලෙසද සැලකේ. 🇱🇰💫

✍️සැකසුම Dulaj Sachinga
📷 The Eyez

මූලාශ්‍ර - අන්තර්ජාලය

🪙

Address

Udugama
Wadumunnegedara

Telephone

+94703496222

Website

Alerts

Be the first to know and let us send you an email when The Eyez posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share