24/10/2023
වලස්මුල්ල හරහා පල්ලෙකන්ද නතුවල දක්වා ප්‍රධාන මාර්ගය ප්‍රදේශයේ ජනතාවට ජනජීවිතයට සුවිශාල සේවාවක් කරනු ලබන මාර්ගයකි, දැනට වසර ගණනාවක සිට මාර්ගය අබලන්ව පවතී.. කලින් කලට පැමිනෙන පාලකයින් ඒ සදහා පැලැස්තර විසදුම් ලබා දෙද්දී වර්ථමානය වන විට මාර්ගය සහ පාලම නිසා ජනතාවගේ එදිදෙනා ජන ජීවිතයට දැඩි බාධා එල්ල වී ඇත..
ඇයි මේ පාලම හදන් නැත්තේ 🤷♂️??
ඒ සදහා මා දකිනා ප්‍රධානම හේතුවනම් පාලක පන්තිය තුල පවතින උග්‍ර කුල වාදයයි... වසර 15 කට වැඩි කාලයක් පාලක පන්තිය හෙබවූ රාජපක්ශ වරුන් හා වසර 4 ක් පාලක පන්තිය වෙබවූ වික්‍රමසිංහ - ප්‍රේමදාස වරුන්ට ඇයි මේ පාර විතරක් හදන්න බැරි උනේ.. එය විමතියට කරුණකි...
ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 4 දෙනෙකුගේ කොට්ඨාශතුලින් දිවෙන මේ මාර්ගය සහ පාලම ගැන ඔහුන් ඔවුන්ගේ දේශපාලන නායකත්වයන් සමග අදාල තීන්දු ගත්තද යන්නද අපට ඇත්තේ ප්‍රශ්නාර්තයක් පමණි..
කෙසේ හෝ පැලැස්තර විසදුම් දු කාලය අවසන් ය.. දැන් ස්තීරසාර විසදුමක් අවශ්‍යම කාලය වේ..
බහුතර පාලක දේශපාලනයට කඩේ යන මිනිසුන් සිටින මේ ප්‍රදේශය සංවර්ධනයේ හිරු රැස් නොවැටෙන්නේ ඇයි??????
ඉදිරියේදී මේ මාර්ගය සහ පාලම වෙනුවෙන් ස්තීරසාර පිලියමක් ලැබේ යැයි සිතමි.. එසේ නොවුනහොත් මාර්ගය හා පාලම වෙනුවෙන් හඩක් නගන සියලු තරුණ, ළමා , වැඩිහිටි සියලු ප්‍රජාව සූදානම් උත්ඝෝශණ, අරගල තුලින් හෝ අපේ අයිතිය දිනා ගැනීමට...