MOH Office Ja-Ela

  • Home
  • MOH Office Ja-Ela

MOH Office Ja-Ela Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from MOH Office Ja-Ela, Government Organization, MOH Office, Kapalakanda Rd, Ja-Ela, .

ජා ඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, ජාඇල ප්‍රාදේශීය සභාව එක්ව ක්‍රියාත්මක කරනු ලබන ආහාර පරිහරණ ආයතන වල සෞඛ්‍යරක්ෂිත බව...
26/03/2026

ජා ඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, ජාඇල ප්‍රාදේශීය සභාව එක්ව ක්‍රියාත්මක කරනු ලබන ආහාර පරිහරණ ආයතන වල සෞඛ්‍යරක්ෂිත බව ඉහල නැංවීමේ වැඩසටහන යටතේ 2026.03.24 දින ජා ඇල,කඳාන ප්‍රදේශයේ දිවා රාත්‍රී ආහාර පරිහරණ ආයතන පරීක්ෂා කිරීම

ජා ඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, ජාඇල ප්‍රාදේශීය සභාව,  එක්ව ක්‍රියාත්මක කරනු ලබන ආහාර වල සෞඛ්‍යරක්ෂිත බව ඉහල නැංවී...
24/12/2025

ජා ඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, ජාඇල ප්‍රාදේශීය සභාව, එක්ව ක්‍රියාත්මක කරනු ලබන ආහාර වල සෞඛ්‍යරක්ෂිත බව ඉහල නැංවීමේ වැඩසටහන යටතේ 2025.12.24 දින කදාන ප්‍රදේශයේ සිදුකරන ලද උත්සව සමයේ වීදි ආහාර පරීක්ෂාව

ජා ඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, ජාඇල ප්‍රාදේශීය සභාව, ජාඇල නගර සභාව එක්ව ක්‍රියාත්මක කරනු ලබන ආහාර පරිහරණ ආයතන වල ...
12/11/2025

ජා ඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, ජාඇල ප්‍රාදේශීය සභාව, ජාඇල නගර සභාව එක්ව ක්‍රියාත්මක කරනු ලබන ආහාර පරිහරණ ආයතන වල සෞඛ්‍යරක්ෂිත බව ඉහල නැංවීමේ වැඩසටහන යටතේ 2025.11.11 දින
ජා ඇල town (කනුවන හන්දිය) ප්‍රදේශයේ දිවා රාත්‍රී ආහාර පරිහරණ ආයතන පරීක්ෂා කිරීම

ජා ඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, ජාඇල ප්‍රාදේශීය සභාව, ජාඇල නගර සභාව එක්ව ක්‍රියාත්මක කරනු ලබන ආහාර වල සෞඛ්‍යරක්ෂිත...
08/10/2025

ජා ඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, ජාඇල ප්‍රාදේශීය සභාව, ජාඇල නගර සභාව එක්ව ක්‍රියාත්මක කරනු ලබන ආහාර වල සෞඛ්‍යරක්ෂිත බව ඉහල නැංවීමේ වැඩසටහන යටතේ 2025.10.01 දින ජා ඇල බටගම ප්‍රදේශයේ සිදුකරන ලද හදිසි වැටලීම

ජා ඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, ජාඇල ප්‍රාදේශීය සභාව, ජාඇල නගර සභාව එක්ව ක්‍රියාත්මක කරනු ලබන ආහාර පරිහරණ ආයතන වල ...
25/09/2025

ජා ඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, ජාඇල ප්‍රාදේශීය සභාව, ජාඇල නගර සභාව එක්ව ක්‍රියාත්මක කරනු ලබන ආහාර පරිහරණ ආයතන වල සෞඛ්‍යරක්ෂිත බව ඉහල නැංවීමේ වැඩසටහන යටතේ 2025.09.25 දින කපුවත්ත ජාඇල "Kanayan" උත්සව ශාලාවේදී පැවැති ආහාර පරිහරණ ආයතන හිමියන් දැනුවත්කිරීමේ වැඩසටහන
මේ සදහා 250 ක පමණ පිරිසක් සහභාගි විය.

🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑ජා ඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, ජාඇල ප්‍රාදේශීය සභාව, ජාඇල නගර සභාව එක්ව ක්‍රියාත්මක කරනු ලබන ආහාර පරිහරණ...
10/09/2025

🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑
ජා ඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, ජාඇල ප්‍රාදේශීය සභාව, ජාඇල නගර සභාව එක්ව ක්‍රියාත්මක කරනු ලබන ආහාර පරිහරණ ආයතන වල සෞඛ්‍යරක්ෂිත බව ඉහල නැංවීමේ වැඩසටහන යටතේ 2025.09.09 දින ජා ඇල මිනුවන්ගොඩ පාර ප්‍රදේශයේ දිවා රාත්‍රී ආහාර පරිහරණ ආයතන පරීක්ෂා කිරීම

10/09/2025
ජාඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් සංවිධානය කෙරුණු මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් සහ ආහාර පරිහරණ ආයතන ඇගයීමේ හා ආහාර ප...
04/08/2024

ජාඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් සංවිධානය කෙරුණු මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් සහ ආහාර පරිහරණ ආයතන ඇගයීමේ හා ආහාර පරිහරණ ආයතන දැනුවත් කිරීමේ වැඩසටහ "සුව ප්‍රණාම 2024" ඒකල Ramrich උත්සව ශාලාවේදී 2024.07.31 දින අති සාර්ථක ලෙස පැවැත්වුණි. මෙහිදී ජාඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයට අයත් ආහාර පරිහරණ ආයතන ශ්‍රේණි ගත කිරීම් වලට අනුව ඉහල ශ්‍රේණි ලබා ගත් (A හා B) ආහාර පරිහරණ ආයතන සඳහා සම්මාන සහ සහතික ප්‍රධානයක්ද සිදු කෙරුණි. මෙමගින් සියලුම ආහාර පරිහරණ ආයතන හිමියන් දිරි ගැන්වීම හා පහල ශ්‍රේණි ලබාගත් ආහාර පරිහරණ ආයතන ඉහල ශ්‍රේණි සඳහා උනන්දු කරවීම අරමුණ විය. මෙම අවස්ථාව සඳහා බස්නාහිර පළාත් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වසන්ත සෝලංගාඅරච්චි මහතා, දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේශ් කුමාර මහතා , ජාඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ලැම්බට් ජේසුනේශන් මහතා ජාඇල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ධනුක ජයකොඩි මහතා ඇතුලු අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්, සහ ආරාධිත මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ද සහභාගි විය. තවද මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් දිරි ගැන්වීම සඳහා ඔවුන්ගේ කුසලතා අනුව සේවය ඇගයීමක්ද මෙහිදී සිදු විය.

2024.07.31 දින පෙ.ව. 8.30ට ඒකළ හිදී පැවැත්වේ.
31/07/2024

2024.07.31 දින පෙ.ව. 8.30ට ඒකළ හිදී පැවැත්වේ.

මේ වෙසක් සමයේ ඔබ ප්‍රදේශයේ පැවැත්වීමට නියමිත දන්සල් සංවිධානය කරන සංවිධායකයින්ගේ අවධානය පිණිසයි........මෙවර සෞඛ්‍ය අමාත්‍...
15/05/2024

මේ වෙසක් සමයේ ඔබ ප්‍රදේශයේ පැවැත්වීමට නියමිත දන්සල් සංවිධානය කරන සංවිධායකයින්ගේ අවධානය පිණිසයි........
මෙවර සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් ලබා දී ඇති උපදෙස් අනුව ජා ඇල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් සියලුම ග්‍රාමසේවා වසම් වල පැවැත්වීමට නියමිත දන්සල් අදාළ බලප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා යටතේ ලියාපදිංචි කල යුතුය.ලියාපදිංචි වීමට එක් එක් දන්සල් සංවිධායකකරුවන් විසින්,
1.දන්සල් පවත්වන දිනය
2.දන්සල් මගින් ලබාදීමට නියමිත ආහාර වර්ග/වර්ගය
3.වේලාව
4.කොපමණ ප්‍රමාණයකට දීමට බලපොරොත්තු වෙනවාද
5.පවත්වන ස්ථානය
යනාදී ලෙස මූලික කරුණු ඇතුලත් කර ඉල්ලීම් ලිපියක් තම ප්‍රදේශයට අයත් මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා වෙත භාරදිය යුතුය.
ඉන්පසු එම දන්සල් ලියාපදිංචිය සිදුකර,අදාල ස්ථානය පරීක්ෂා කර බලා ඒ සඳහා ලියාපදිංචි සහතිකයක් ලබාදීම මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා විසින් ලබාදීම සිදුකරනු ලබයි....
මේ සඳහා එම දන්සල් සංවිදායකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් 21/05/2024 දින පෙ.ව.9.00ට ජා ඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයේදී සිදුකරනු ඇත..

මේ කටයුතු සියල්ල සිදුකරනු ලබන්නේ ආහාර මඟින් හා අපිරිසිදු ජලය මඟින් බෝ වන රෝග වැලැක්වීමේ අරමුණ ඇතුව බවත්,
ඔබ ප්‍රදේශයේ සියලුම දන්සල් සංවිදායකයින් මෙම සහතිකය ලබාගත යුතු බවත්,දන්සල් පවත්වන දිනයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා විසින් පරීක්ෂා කිරීමේ කටයුතු සිදුකරන බවත්,එම පරීක්ෂා කිරීම් අතරතුරදී සෞඛ්‍ය ක්‍රමානුකූල නොවන ආහාර,පාන හමුවුවහොත් අදාළ නීතිමය පියවර ගැනීමට සිදුවන බවත් වැඩිදුරටත් දන්වා සිටිමි.

හැකි ඉක්මනින් සියලුම දෙනා දැනුවත් කිරීමට කටයුතු සිදුකරන ලෙස ඉල්ලා සිටිමි.
දූශිත ආහාර සහ පාන වලින් වැලකී සිටීමට අප සියලුම දෙනා එකතු වී කටයුතු කරමු...ආහාර මඟින් බෝවන රෝග මෙම වෙසක් සමයේ හැකි පමණින් අවම කරගමු....

සටහන- සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය - ජාඇල

ඩෙංගු තුරන් කිරීම සඳහා සමාජීය වශයෙන් බලකරනය කිරීමේ හොඳම ඒකකයක් වන 'පාසල' සඳහා ඩෙංගු අභියෝගය ජයගැනීමට පාසල සතු කාර්යභාරයන...
27/06/2023

ඩෙංගු තුරන් කිරීම සඳහා සමාජීය වශයෙන් බලකරනය කිරීමේ හොඳම ඒකකයක් වන 'පාසල' සඳහා ඩෙංගු අභියෝගය ජයගැනීමට පාසල සතු කාර්යභාරයන් දැනුවත් කිරීමේ වැඩසටහන පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්‍යාලය හා කලාප අධ්‍යාපන කාර්‍යාල සමග සම්බන්ධව ජාඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයට අයත් පාසල් සඳහා ඉකුත් සඳුදා (26.06.2023) දින ජාඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්‍යාලය මගින් සාර්ථකව පැවැත්විණ.
Special Thanks for Provincial Director of Health Services, Western Province

Address

MOH Office, Kapalakanda Rd, Ja-Ela

11350

Alerts

Be the first to know and let us send you an email when MOH Office Ja-Ela posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your organization to be the top-listed Government Service?

Share