රජ දවස Raja Dawasa

  • Home
  • රජ දවස Raja Dawasa

රජ දවස Raja Dawasa raja dawasa

අධික වැස්ස නිසා හැටන් මාර්ගයේ ඇහැල කණුව අසල නාය යාමෙන් පසු මතුවූ අතීතයේ සිරිපා කරුණා කරන්න තිබූ පඩිපෙල.ඓතිහාසික ශ්‍රී පා...
01/12/2025

අධික වැස්ස නිසා හැටන් මාර්ගයේ ඇහැල කණුව අසල නාය යාමෙන් පසු මතුවූ අතීතයේ සිරිපා කරුණා කරන්න තිබූ පඩිපෙල.

ඓතිහාසික ශ්‍රී පාදස්ථාන පූජා භූමියට පැමිණි බෞද්ධ වන්දනා කරුවන් පිළිබඳ ශිලාලේඛන සාධක ව්‍යා. පූ. 3-5 සියවස් තෙක් දිව යයි. එහෙත් ශ්‍රී පාදස්ථානය වන්දනා කළ රජවරුන් පිහිට වූ ශිලාලේඛන බහුතරයක් පොලොන්නරු යුගයේ හෙවත් 12-13 සියවස් අතර කාලයට අයත් ය.

පොලොන්නරු රාජධානි සමය ආරම්භ කළ පළමු විජයබාහු සහ දිවයින පුරා සංචාරය කළ නිශ්ශංකමල්ල රජු මෙසේ තම තමන්ගේ ශ්‍රීපාද කරුණාවන් ශිලාලේඛන ගත කළ රජවරුන් වේ. පළමු විජයබාහු මහ රජු අඹගමුවේ සහ ගිලීමලේ පිහිට වූ ශිලාලේඛන දෙක අනුවත් නිශ්ශංකමල්ල රජු හැටන් පාරේ භගවා ලෙන තුළ තමා ශ්‍රී පාද ලාංඡනය හෙවත් “පදලසදා” වැන්ද අයුරු දක්වන සිතුවමක් ද සහිතව කර වූ ශිලාලේඛනය අනුවත්, පොලොන්නරු යුගය වනවිට පැවති සිරිපා කරුණා වන්දනා ගමන් මාර්ගය පිළිබඳ යම් පැහැදිලි කිරීමක් අප වෙත ලබා දෙයි. එනම් එකල ඉහළට කරුණා කිරීම රත්නපුර පාරෙන් සිදු වූ බවත් පහළට කරුණා කිරීම හැටන් පාරෙන් සිදු වූ බවත් ය. විශේෂයෙන් ම නිශ්ශංකමල්ල රජු භගවා ලෙන තුළ කරවන ලද තම සිතුවමේ එතුමා සඳහන් කරන්නෙ මෙවැන්නක්.

“නිශ්ශංක පරාක්‍රමබාහු චක්‍රවර්තී ස්වාමින් වහන්සේ පදලස දා වැඳ බැස සිටි නියායි.”

එයින් කියැවෙන්නේ නිශ්ශංක මල්ල රජතුමා ශ්‍රී පාදය වැඳ පහළට බැස සිටි බවයි. එවැනි සඳහනක් ඇති සිතුවමක් හැටන් පාරේ තැනක නිර්මාණය කරන්න නම් එතුමා ශ්‍රීපාද ලාංඡනය වන්දනා කොට හැටන් පාරෙන් පහළට කරුණා කිරීම අරඹා තිබිය යුතුයි.

එබැවින්, හැටන් පාර අසළ කඳු බෑවුමේ සුළු නාය යාම් තත්ත්වය හේතුවෙන් මතු වූ පිහිටි සවි කළ පුරාණ යකඩ පියගැට පෙළ අතීතයේදී මෙවන් රජවරුන් පවා පහළට කරුණා කිරීමට භාවිත කළ පුරාණ මාර්ගයේ තැනවූ පියගැට පෙළ විය යුතු ය.

පසුගිය සියවසේදී සිරිපා කරුණා කිරීම දැක්වෙන සුප්‍රසිද්ධ ඡායාරූපය ගෙන ඇත්තේද මේ අසළය. එහෙත් එහි ද දැක්වෙන්නේ අද දක්නට ලැබෙන නූතන පියගැට පෙළේම පැරණි ස්වරූපය මිස දැන් මතුවී ඇති අතිපුරාණ පියගැට පෙළ නොවේ.

එබැවින් මේ මතුවූ යකඩ පියගැට පෙළ යනු ඓතිහාසික යුගයේ භාවිත කළ පියගැට පෙළක් බව පැහැදිලි කරුණකි. දකුණු ආසියාවේ යකඩ භාවිතය පිළිබඳ මුල්ම පුරාවිද්‍යාත්මක සාධක අනාවරණය වන්නේ ද ශ්‍රී ලංකාවෙනි. ඒ සමනල වැව අසලිනි. එබැවින් මෙරට සිරිපා කරුණාව සිදු වූ වසර 2600ක ඉතිහාසය පුරා ශ්‍රී පාද කන්දේ දුශ්කරස්ථාන කරුණා කිරීම පිණිස යකඩ පියගැට සවි කොට තිබීම ඓතිහාසික යුගයේ හෙවත් බ්‍රිතාන්‍ය යුගයට පෙර සිටම සිදු වීමේ ඉහළ සම්භාවිතාවක් පවතී.

Copied

නිධන් හොරුන් වැනසූ, මහවැලි ගඟ මැද පිහිටි ජීවමාන ප්‍රමාණයේ දැවැන්ත ගල් අලියාගේ මූර්තිය _•නිධන් කියන්නෙ අපේ රටේ ජනප්‍රිය ම...
30/05/2025

නිධන් හොරුන් වැනසූ, මහවැලි ගඟ මැද පිහිටි ජීවමාන ප්‍රමාණයේ දැවැන්ත ගල් අලියාගේ මූර්තිය _•

නිධන් කියන්නෙ අපේ රටේ ජනප්‍රිය මාතෘකාවක්. පෙර රජදරුවො තැන්පත් කළ මුතු මැණික් වස්තුව සොයා ගැනීම කෙසේ වෙතත්, මුදලින් මිල කල නොහැකි වටිනා සම්පත් ගණනාවක් හිත්පිත් නැති නිධන් හොරුන් අතින් වැනසී තියෙනව. මේ ඛේදාන්තයකින් අවසන් වූ එවන් අද්විතීය නිර්මාණයක් පිළිබඳ අනාවරණයක්.

තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් ආනකල්ලු ප්‍රදේශයෙදි මහවැලි ගං කොමලිය ගලා යන්නෙ බොහොම නිසොල්මනේ. මේ හුදකලා ඉසව්වෙ ගං ඉවුරේ වූ ගුප්තමය ජීවමාන ප්‍රමාණයේ අලියෙකුගේ ශෛලමය නිර්මාණයක් පිළබඳව එච්. සී. පී. බෙල් මහතා 1917 දී Ceylon Antiquary And Literary Register සඟරාවෙ සඳහන් කරල තියෙනව.

එතුමාට අනුව මහවැලි ගඟේ ආනකල්ලු පිහිටි ගලක ජීවමාන ප්‍රමාණයෙන් කැටයම් කර ඇති අලියා, මේ ආකාරයට ලංකාවේ හමුවන එකම කැටයම විය හැකියි. මෙම කලා නිර්මාණය පිළිබඳව මුල්ම සටහන ලැබෙන්නේ බෙල් මහතාගේ දිනපොතේ 1897 සැප්තැම්බර් 23 දින තබා ඇති සටහනෙන්.

සැප්තැම්බර් 23 ( උදෑසන )

" තොටුපළට සැතපුම් 1½ ක් පමණ දුරින් ගඟ තරණය කළා. ( මහවැලි ගඟ; බටහිර පැත්තෙන් ඔරුවකින්). ලගින්ම ඇති ගම මුස්ලිම් ගම්මානයක් වන කටුවන්විලයි. එය මහවැලිගඟේ එගොඩ පත්තුව ඇති ඉවුරේ දකුණු දෙසට කෙටි දුරකින් පවතී.

ඉන්පසු අප සැතපුම් කාලක් පමණ දුරින් ඇති ගල් අලියා කැටයම ඇති ප්‍රදේශයට දකුණු ඉවුර දිගේ ගඟ ඉහලට ගමන් කළා. මෙම ස්ථානයේ තරමක ප්‍රමාණයේ ගල් හතක් හෝ අටක් එකිනෙකට සමීපව තිබෙනවා.

එක ගලක බෑවුමේ පාදම දිගේ (එය ගිනිකොණ දෙසට ඉහළට නැඟී වර්තමාන ඉහළ ජල මට්ටමට වඩා අඩි 15 ක් පමණ ඉහළින් පිහිටා තිබෙනවා, නමුත් ගොඩබිම පැත්තෙන් අංශක 45 ක කෝණයකින් යුතුය.) ඇලියක් කපා තිබෙනවා. ගල් පර්වතයේ දකුණු කෙළවරේ කුළුණු සඳහා කුඩිම්බි සහිත නොගැඹුරු පියවර නවයක් දෙපස කපා තිබෙනවා.

මෙහි පෙනෙන ආකාරයට යම් ආකාරයක ගොඩනැගිල්ලක් මෙහි තිබී තිබෙනවා. බොහෝ විට මුරගෙයක් හෝ ආරක්ෂක කුටියක් විය හැකියි.

“ගල් අලියා” යනුවෙන් හැඳින්වෙන මූර්තිය කුඩා ගල් පර්වතයක කැටයම් කර ඇති අතර එය ගඟට මඳක් ප්‍රක්ෂේපණය වන අතර අඩි කිහිපයක් උඩින් තිබෙනවා. ක්‍රමයෙන් ඉවුරේ වැලි එකතුවීම නිසා අලියාගේ හිස ප්‍රදේශය දක්වා වැළලී ගොස් තිබුනා. අලියා දකුණු-ගිනිකොණ දෙසට දෙසට මුහුණලා කෙලින්ම පාහේ දිය පහරට මුහුණදී සිටිනවා. අලියා දණනමාගෙන සිටින ස්වරූපයෙන් හා හිස තරමක් දකුණට නැඹුරු වනලෙස (උඩුගම් බලා) නෙලා ඇතිබව මගපෙන්වන්නන් අපට පැවසූවා.

අලියාගේ හිස සමස්තයක් ලෙස විශ්මයජනක ලෙස කැටයම් කර ඇති අතර, එහි සැකිල්ල හා ප්‍රමාණය අතිශය ජීවමානයි . මෙම කාලයේ ගඟ පිටාර ගලා ඇති නිසා ඇස් සහ කන් වලට පහළින් සියල්ලම ජලයෙන් යටවී තිබෙනවා.

ජීවමාන ප්‍රමාණයේ සත්ව මූර්ති ශිල්පයේ අද්විතීය උදාහරණයක් ලෙස දැක්විය හැකි මෙම කැටයමේ කාලය පිළිබඳ නිශ්චිත හෝඩුවාවක් ලබාගැනීම සඳහා යාබද ගල් පර්වතවල කිසිදු සෙල්ලිපියක් සොයාගත නොහැකි උනා.

මෙම ජයාරූපයේ දැක්වෙන්නේ අලියා මත නැගී ප්‍රීතිමත් මුස්ලිම් තරුණයෙකුය. (ඔහු “සවාරිය ප්‍රීති විඳින බව පෙනේ”). ඒ සමග මම මෙහි මිනුම් ගත්තෙමි.

හිස මුදුනේ සිට පිටුපස කොටස දක්වා (අඩි 2 ක බෑවුමකි) : අඩි 6 අඟල් 0
කණ පිටුපස සිට අනෙක් කණ දක්වා, නළල හරහා : අඩි 7 අඟල් 5
කනට ඉහළින් සිට අනෙක් කණට ඉහළින්, හිස් කබල හරහා : අඩි 3 අඟල් 10
කණ පිටුපස සිට ඇසට : අඩි 3 අඟල් 3
කණ : අඩි 2 අඟල් 7
ඇස් වළ : අඟල් 9 x 6

මීට අමතරව ඔහු මෙම අලියා පිලිබඳව 1917 දී Ceylon Antiquary And Literary Register සඟරාවට මෙසේ පවසනවා

එය ඇත්ත වශයෙන්ම මහවැලි ගඟේ වම් ඉවුරෙන් කෙළවර වන පිහිටි ගලෙන් මූර්ති කරන ලද සම්පූර්ණ ප්‍රමාණයේ අලියෙකි. අවට ඇති පරිසරයට පරිපූර්ණ ලෙස අනුවර්තනය වන ලෙස නෙලා ඇති මෙම කැටයම අර්ධ වශයෙන් ජලයෙන් යටවූ අලියාගේ හිස තරමක් උඩුගම් බලා ඇති අතර ගඟ හරහා ඇවිදීමට හෝ පිහිනීමට පෙර නැවත එය දෙස බලන අයරු මවා පායි.

මේ සටහනට වසර 10 කට පසු එච්. ස්ටෝරි (H. Storey) විසින් 1907දී පලකරන ලද Hunting and Shooting in Ceylon ග්‍රන්ථයේ ඔහු විසින් 1904 දී මෙම අලියා බැලීමට ගිය බව සඳහන් කරනවා.

ඉන්පසුව මෙම ගල් අලියා පිළිබඳ වාර්තා කරන්නේ ඇස්. ඩී. ද ලැනරෝල් “වන නදිය” පොතේ . මෙය 1950 දශකයේදී මහවැලි ගඟ දිගේ නුවර සිට ත්‍රිකුණාමලය දක්වා ඔරු වලින් ගඟ දිගේ ගිය චාරිකා සටහනක්. ඔහු සඳහන් කරන්නේ ජලමට්ටම ඉහල බැවින් ඔහු දුටුවේ හිස හා පිට පමණක් බවයි.

ඉන් අඩසිය වසකට පමණ පසු මහවැලි ගඟ දිගේ යන ජැක්සන් ඇන්තනී මහතාගේ සංචාරයේදී ඔහුට, මහවැලි වැලි තලාවේ වැතිර සිටි ඓතිහාසික හස්ති රාජයා හමු වන්නේ නැහැ. වසර දහස් ගණනක් පුරා ගං තෙර සුරක්ෂිත වුණ මේ සුවිශේෂී නිර්මාණය හිත්පිත් නැති නිධන් හොරුන් පුපුරුවා විනාශ කර දමා තිබුණා.

මූලාශ්‍ර - BELL, H. C. P., 1917, THE “GAL ALIYA” OR “ROCK ELEPHANT” AT KATUPILANA, TAMANKADUWA. Ceylon Antiquary And Literary Register. 1917. Vol. 3.

DE LANEROLLE, S. D., 1996, වන නදිය. Colombo : Suriya.

උපුටා ගැනීමකි .

***************************බුදුරුවයාය පුරාවිද්‍යා ස්ථානය - බකමූන *************************** #බකමූණ හන්දියේ සිට ලග්ගල පල...
21/12/2024

***************************
බුදුරුවයාය පුරාවිද්‍යා ස්ථානය - බකමූන
***************************

#බකමූණ හන්දියේ සිට ලග්ගල පල්ලෙගම මාර්ගයේ කිලෝමීටර් 5 ක් පමණ ගමන් කළ විට මාර්ගයේ වම් පැත්තේ අතුරු මාර්ගයකින් 1 km පමණ ගියවිට මෙම පුරාවිද්‍යා ස්ථානයට ලඟා විය හැකිය.

#මෙම පුරාවිද්‍යා ස්ථානය අසලින් ගලා බසින අඹන් ගඟ මගින් එය සහ වස්ගමුව වනෝද්‍යානය වෙන් කරයි.

#මෙම පුරාවිද්‍යා භූමියේ වැදගත්ම ගොඩනැගිල්ල ලෙස සැලකිය හැක්කේ එහි පිහිටි පර්වතයක, අඹන් ගඟ දෙසට මුහුණ ලන පරිදි නෙලා ඇති, සැතපෙන බුද්ධ ප්‍රතිමාව ය. අතීතයේ ප්‍රතිමා ගෘහයක් මෙම ප්‍රතිමාව සඳහා ඉදි කර ඇති බවට අදාල ප්‍රතිමාවට ඉහලින් වූ පර්වත කොටසේ ඇති සිදුරු සාක්ෂි දරයි.

#එහෙත් ප්‍රතිමා ගෘහයේ බිත්ති, තවමත් සොයාගෙන නොමැත. එමෙන්ම, ප්‍රතිමාව පිහිටා ඇති ශෛලමය ආසනය, අනෙක් සාමාන්‍ය සැතපෙන ප්‍රතිමාවක මෙන් පොළොව මට්ටමට වඩා උසින් නොමැත්තේ කැණීම් කොට පාදා නැති නිසාවෙනි.

# ප්‍රතිමාවේ මුහුණ බෙහෙවින් විනාශ වී තිබේ. කාලයත් සමග සිදුවන විඛාදනය, නිධන් හොරුන් විසින් විනාශ කිරීම හෝ තවමත් වැඩ නිමකර නොමැති වීම ඊට හෙතු ලෙස දැක්විය හැකිය. මෙය වැඩ නිම කර නොමැති කර්මාන්තයක් වීමට බොහේ දුරට ඉඩ තිබේ.

# ප්‍රතිමාවේ පාද තවමත් රළු ලෙස පැවතීම එක් හේතුවකි. සිවුරේ රැළි තවම පෙන්වා නොමැත. එමෙන්ම ප්‍රතිමාවේ පාද වලට ඉදිරියෙන්, පර්වත මුහුණතේ අඩක් වැඩ නිම කර ඇති බෝධි සත්ව ප්‍රතිමා ලෙස සැලකිය හැකි ප්‍රතිමා දෙකක් දැකගත හැකිය. මේවායේ හිස ඇතුළු උඩුකය නෙලීම ආරම්භක අවස්ථාවේ පවතින අතර ඉන්පසු වැඩ අතරමග නතර කර තිබේ.

#අනෙක් ගොඩනැගිල්ල වන ස්තූප සංරක්ෂණක කර තිබේ. සිව් දිශාවෙන් පියගැට පෙළ සකස් කර ඇති එය උස් වේදිකාවක් මත ඉදිකර තිබේ. ස්තූපය, ප්‍රතිමාවට පිටුපසින් ස්ථානගත කර තිබේ. කුඩා ස්තූපයක්, ප්‍රතිමාව සහ ස්තූපය අතර ඉදිකර තිබේ. ස්තූප වේදිකාවේ යූප ස්ථම්භය සහ සිරිපතුල් ගල් දැකගත හැකිය. ස්තූප පාදම, බොරදම් රටාවලින් අලංකරණය කර ඇති අතර එක් පේසාවක් පමණක් පවතී.

#ස්තූපය දකුණු දිශාවෙන් කිසියම් ගොඩනැගිල්ලක පාදම දැකගත හැකි අතර අසලින් වූ අලි වැටට ඔබ්බෙන් වනාන්තරය ඇතුලේ ගල් කණු කිහිපයක් දැකගත හැකිය. මෙම විහාරය තවත් පැතිරී පවතින බවට එය නිදසුනකි. පැරණි විහාරය වටා ඇති ප්‍රාකාර බැම්මේ කොටස් ප්‍රතිමාවට නැගෙනහිරින් සහ උතුරින් දැකගත හැකිය.

#මෙහි ප්‍රතිමාවේ ලක්ෂණ යොදා ගනිමින් මෙම පුරාවිද්‍යා ස්ථානයේ කාලය පිළිබඳව අදහසක් ලබා ගත හැකිය. එහි ලක්ෂණ ගල් විහාරය සහ තන්තිරිමලයට සමාන වේ.

#එහෙත් පරණවිතානට අනුව මෙය පොළොන්නරු යුගයට නොව අනුරාධපුර යුගයේ අග භාගය වන ක්‍රි.ව. 9 - 10 සියවස් වලට අයත් වේ. කෙසේ වුවද ශ්‍රී ලංකාවේ ඇති සම්බුද්ධ පරිණිර්වානය නිරූපණය කරන බුද්ධ ප්‍රතිමාවන් තුන අතරින් මෙය වඩාත් කුඩා සහ විනාශ වී ඇති ප්‍රතිමාව ලෙස සැලකිය හැකිය.

#මතු පරපුර වෙනුවෙන් මෙය රැකගැනීම අපසතු වගකීමකි.

*************************
Archaeological Site of Buduruwaya - Bakamuna
*************************

# When traveling from Bakamuna junction to Laggala - Pallegama road, about 5 km, one can reach the archaeological site by traveling 1 km on the left side of the road.

# The Amban Ganga that flows near this archaeological site separates it and Wasgamuwa National Park.

# The most important building of this archaeological site is the sleeping Buddha statue on a rock, facing the Amban River. The holes in the rock section above the statue testify that a statue was built in the past.

# But the walls of the statue have not yet been found. Also, the stone seat, where the statue is located, is no taller than any other ordinary sleeping statue and not taller than the earth.

# The statue's face is very damaged. This may be due to corrosion over time, destruction by treasure hunters, or not yet completed. This is most likely an unfinished industry.

# One of the reasons the statue's feet are still rough. The robe of the robe is not shown yet. In front of the statue's feet, there are two statues of Bodhisattvas, half of which are on the rock face. The hose, including the head, is in the starting position and has been suspended.

# The other building, the Stupa, has been preserved. It has a four staircase and is built on a raised platform. The stupa is placed behind the statue. A small stupa, a statue and a stupa have been erected. The stupa is visible on the stupa and the stone pillars. The stupa base is decorated with false patterns and there is only one side.

# The base of a building to the south of the stupa can be seen and several stone pillars can be seen in the forest beyond the elephant fence nearby. This is an example of how this temple is spreading. Parts of the wall and walls around the old temple can be seen to the east and to the north.

# You can get an idea of ​​the time period of this archeological site using the statue's features. Its features are similar to those of the Kal Vihara and Tantirimale.

# But according to Paranavitana this was not the period of Polonnaruwa but the period of the last Anuradhapura period. Belongs to the 9th - 10th centuries. However, it is one of the smallest and most extinct statues of the three Buddha statues depicting the Buddha's transformation in Sri Lanka.

# It is our responsibility to protect this for future generations.

වර්ෂ 1954 දී, LIFE සඟරාව සඳහා විදෙස් ඡායාරූප ශිල්පියෙකු වන එස්. හොවාඩ් මහතාගේ කැමරා ඇසට හසුවුණ අතීත ලක්වැසියාගේ සිරිපා ව...
21/12/2024

වර්ෂ 1954 දී, LIFE සඟරාව සඳහා විදෙස් ඡායාරූප ශිල්පියෙකු වන එස්. හොවාඩ් මහතාගේ කැමරා ඇසට හසුවුණ අතීත ලක්වැසියාගේ සිරිපා වන්දනාව...

𝘋𝘶𝘳𝘪𝘯𝘨 𝘵𝘩𝘦 𝘱𝘪𝘭𝘨𝘳𝘪𝘮𝘢𝘨𝘦 to 𝘼𝙙𝙖𝙢'𝙨 𝙋𝙚𝙖𝙠 𝘪𝘯 𝘵𝘩𝘦 𝘺𝘦𝘢𝘳 1954, 𝘢 𝘧𝘰𝘳𝘦𝘪𝘨𝘯 𝘱𝘩𝘰𝘵𝘰𝘨𝘳𝘢𝘱𝘩𝘦𝘳 𝘯𝘢𝘮𝘦𝘥 𝘚. 𝘏𝘰𝘸𝘢𝘳𝘥 𝘤𝘢𝘱𝘵𝘶𝘳𝘦𝘥 𝘰𝘶𝘳 𝘢𝘯𝘤𝘪𝘦𝘯𝘵 𝘚𝘳𝘪 𝘓𝘢𝘯𝘬𝘢𝘯𝘴 𝘰𝘯 𝘩𝘪𝘴 𝘤𝘢𝘮𝘦𝘳𝘢 𝘧𝘰𝘳 𝘓𝘐𝘍𝘌 𝘮𝘢𝘨𝘢𝘻𝘪𝘯e.

07/11/2024

දඹුල්ල රජමහා විහාරය වහින වෙලාවට ලස්සන 🙏

ඇත්තක්
02/11/2024

ඇත්තක්

15/10/2024

රජකාලෙ ශරීර සුවතා මද්‍යස්තාන ( Gym ) දැකල තිබුනද 😵💪

24/09/2024
¥ අතීත වාරි තාක්ෂණයේ උත්‍රපලය - යතුරු පොකුණු€ නෙළුම් පොකුණ, කුට්ටම් පොකුණ, ඇත් පොකුණ ගැන අහල තියෙන දැකලා තියෙන ගොඩක් තොර...
15/09/2024

¥ අතීත වාරි තාක්ෂණයේ උත්‍රපලය - යතුරු පොකුණු

€ නෙළුම් පොකුණ, කුට්ටම් පොකුණ, ඇත් පොකුණ ගැන අහල තියෙන දැකලා තියෙන ගොඩක් තොරතුරු දන්න අය උනත් යතුරු පොකුණු ගැන නම් දන්නේ නැතුව ඇති.

€ යතුරු පොකුණු අපිට දැකගන්න පුළුවන් ස්ථාන දෙකක් තියෙනවා අනුරාධපුරයේ. එකක් රුවන්වැලි සෑය ගාව, අනෙක අභය විහාර සංකීර්ණයේ.

€ ඉහත සඳහන් කළ බොහෝ ජනප්‍රිය අනුරාධපුරේ පිහිටන කුට්ටම් පොකුණ, ඇත් පොකුණ වගේ ජල මූලාශ්‍ර වලට ජලය ලැබෙන්නේ වැවක් හරහා භූගතව පැමිණෙන උමං මාර්ගයකින් වුණත් මේ යතුරු පොකුණු වලට ජලය ලැබෙන්නේ එතුලම පිහිටන උල්පත්වලින්. 

€ අද වෙද්දි අවුරුදු දහස් ගණන් ගෙවිල ගිහින් තිබුනත් මේ යතුරු පොකුණු වල ජලය බිඳක්වත් උපරිම නියං කාලයකදී උනත් අඩු වෙන්නේ නැහැ.

€ අනිත් කාරණය තමයි කුට්ටම් පොකුණ, ඇත් පොකුණ වගේ නිර්මාණ බිහිවෙන්නේ ස්වාමීන් වහන්සේලාගේ ස්නාන පහසුව සඳහා උනත් යතුරු පොකුණ වගේ උල්පත් ආශ්‍රිත පොකුණ නිර්මාණය කරලා තියෙන්නේ පානීය ජල අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා පමණයි.

€ මේ යතුරු පොකුණු නිර්මාණයේදී ස්වාමීන් වහන්සේලාගේ ආරක්ෂාව පිළිබඳ මෙන්ම ජලය අඩු කාලයකදී උනත් ඉතා පහසුවෙන් ජලය ලබා ගැනීමට හැකිවන පරිදි නිමවා තිබෙනවා.

€ පොකුණ තුළට ඍජුව නොව පිටතින් පහසුවෙන් බැසීමට හැකිවන පරිදි නිමවා තිබෙන ගල්පඩි අද ද ඉතා සුරක්ෂිත අයුරින් ආරක්ෂා වී තිබෙනවා.

€ එමෙන්ම පොකුණේ ඉහළ සිට පහළට යන බිත්තියේ ගලින් ගලට පැන්නුම් සිදුකරමින් කෙදිනකවත් පොකුණු බිත්තිය කඩා නොවැටෙන ලෙස නිර්මාණය කර තිබීම අතිවිශිෂ්ටයි.

උපුටා ගැනීමකි.

*** Leverage of Past Irrigation Technology - Key Ponds ***

€ Even those who know a lot of information about Nelum Pokuna, Kuttam Pond, Elephant Pond, may not know about Key Pond.

€ There are two places where we can see key ponds in Anuradhapura. One is near Ruwanweli Saya, the other is in Abhaya Vihara complex.

€ The above-mentioned water can be accessed from the tunnel that comes underground through a lake that provides water to water sources such as Kuttam Pond and Elephant Pond located in Anuradhapura.

€Thousands of years have passed by now, but the water in these key ponds does not decrease even in extreme droughts.

€ The other thing is that designs like Kuttam Pond and Elephant Pond are created for bathing convenience of the lords but only to meet drinking water needs by creating them around springs like Key Pond.

€ In the design of these key ponds, the protection of the lords is done so that water can be obtained very easily even in low season.

€ The stone steps are made so that they can be easily descended from the outside rather than inside the pond and are very well protected even today.

€ The wall of the pond from the top to the bottom has to be designed in such a way that the pond wall does not collapse even if the stone is thrown from stone to stone.

මීට පැය කිහිපයකට පෙර රුවන්වැලි මහා සෑයේ හුණු පිරියම් කිරීම නිමා වන විට සලපතළ මළුව දෝවනය වෙන්න ඇඳහැලුනු ඵෙශ්චර්‍යමත් මහ ව...
02/05/2023

මීට පැය කිහිපයකට පෙර රුවන්වැලි මහා සෑයේ හුණු පිරියම් කිරීම නිමා වන විට සලපතළ මළුව දෝවනය වෙන්න ඇඳහැලුනු ඵෙශ්චර්‍යමත් මහ වැස්ස... මේක ආශිර්වාදයක්මයි 🙏

උපුටා ගැනීමකි

ඉංග්‍රීසින් මහනුවර රාජකීය වස්තුව කොල්ල කෑ සැටි***********************************************දිනය හරියටම මින් වසර 200 කට...
01/05/2023

ඉංග්‍රීසින් මහනුවර රාජකීය වස්තුව කොල්ල කෑ සැටි
***********************************************
දිනය හරියටම මින් වසර 200 කට පෙර 1820 ජුනි 13 දාය. එදින මිල කළ නොහැකි අගයකින් යුත් රනින් නිම කළ මැණික් ඇල්ලූ ස්වර්ණාභරණ තොගයක් එංගලන්තයේ ලන්ඩන් නුවර කොවන්ට් ගාඩ්න්හි රජ වීදියේ අංක 38 දරණ ස්ථානයේ ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණන ලදී. ඒවා හඳුන්වන ලද්දේ "රජතුමා විසින් තමා අත්අඩංගුවට ගත්තවුන්ට ලබා දෙන ලද" වස්තුව ලෙසය. මෙහිදී රජතුමා යනු මෙරට අන්තිම රජ වූ මහනුවර සෙංකඩගල රාජධානියේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුය.

එහෙත් ඒවා රජතුමා විසින් ලබා දුන්නා නොව ඉංග්‍රීසින් විසින් පැහැරගන්නා ලද, ඔහු සතුව තිබු සම්පූර්ණ රාජ භාණ්ඩ වලින් කොටසකි. ඊට රජුගේ ඔටුන්න, සිහසුන, රජුගේ දෙපා තබන පාපුටුව සහ වසර 22ක් තිස්සේ මහනුවර රජවරුන් විසින් භාවිත කළ අසිපතද ඇතුළත් විය. සිහසුන වසර 1693 සිට භාවිත කළ අතර එම ඔටුන්න භාවිත කරන ලද්දේ 1737 සිටය. ඔටුන්න වටා නිල් සහ රෝස පාට කොන් අටක් තිබු අතර ඒ මත රනින් කළ රාජකීය 'පුෂ්පයක්' පළඳවා එහි දියමන්ති, රතුකැට, මරකත, පද්මරාග යනාදී වටිනා ගල් සහ මුතු ඔබ්බවා තිබිණි
සම්ප්‍රදායික සිංහල මෝස්‌තර ඇතුළත් කර නිර්මාණය කරන ලදුව විල්ලුද මෙට්ට සහිත සිහසුන සහ පාපුටුව පහතරට ඕලන්ද ආණ්ඩුකාර වැන්රී විසින් උඩරට දෙවන විමලධර්මසූරිය රජතුමාට තෑගි කරන ලද්දක් විය. ඒ මහනුවර රාජධානිය සහ ඕලන්ද පාලනය අතර සාමය සහ සුහදත්වය පැවති කාලයේදීය. ලීයෙන් තැනු රාමුවකින් යුත් සිහසුන මතුපිටින් සැරසුණේ වටිනා ගල් 243ක් ඔබ්බවන තුනී රත්රන් තහඩුවකිනි. අඩි පහක් දිග, අඩි දෙකයි අගල් දෙකක් පමණ පළල එම සිහසුනේ කැපී පෙනෙන ලක්ෂණය වුයේ සිංහ රූ සහිත ඇඳි දෙකය. එම සිංහ ජෝඩුවේ දෑස් වලට දම්පාට මැණික් ගල් යොදා තිබුණි. පැහැර ගන්නා ලද වස්තු අතර විවිධ වර්ගයේ රනින් කළ වළලු, කරේ පළඳින චේන්, පදක්කම්, කිනිස්සක් සහ සටන් වලදී පළඳින ලෝහමය සැට්ටයක්ද විය. ඒවා සියල්ල විශිෂ්ට ලෙසින් කැටයම් කර නොයෙකුත් වටිනා ගල් වර්ග අල්ලා තිබිණි.

වෙන්දේසියේ විකිණීමට නියමිතව තිබු වස්තුන් 93ක් ඊට අදාළ ලියවිල්ලට ඇතුළත් විය. ඔටුන්න ඇතුළු ඒ සියල්ල කැබලි වලට කඩා අවුන්සය (ග්‍රෑම් 28ක් පමණ) බැගින් විකිණීමට නියමිත විය. එහෙත් වාසනාවකට ඔටුන්නට එය සිදුවුයේ නැත.

ශ්‍රී වික්‍රම රජු අත්අඩංගුවට ගැනීමෙන් පසු මහනුවර බ්‍රිතාන්‍ය මුලස්ථානය විසින් සකස් කරන ලද නිල ප්‍රකාශනයකට අනුව බ්‍රිතාන්‍යයන්ගේ පැත්තට පළා ගොස් සිටි ඇහැලේපොල අධිකාරම 1815 මාර්තු 13 දා බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් හමු විය. එහිදී ඇහැලේපොල අධිකාරම කළ සඥාවකින් පසු ඔහුගේ සේවකයන් ඉහත සඳහන් කළ වස්තු වලින් කොටසක් පිරවූ මලු තුනක් ගෙනැවිත් ආණ්ඩුකාරයාට බාර දී ඇත. නමුත් රජුගේ ඔටුන්න සහ රාජ්‍ය සංකේතයක් වූ අසිපත එහි තිබී නැත. ඒවා ඉංග්‍රීසින්ට විශේෂයන්ම අවශ්‍ය විය. ඊට හේතු වුයේ උඩරට නායකයකු වූ වෙල්ලස්සේ මිල්ලෑව දිසාව පැවසු කරුණකි. එනම් ඔටුන්න සහ අසිපත ඉංග්‍රීසින් සතු නොවන තාක් පාලන බලය ඔවුන් සතු බව ජනතාව විශ්වාස නොකරන බවයි.

මෙහිදී බරපතළ සැකයට පාත්‍ර වුයේ ඇහැලේපොල අධිකාරමය. බ්‍රිතාන්‍යයන් විසින් 1816 නොවැම්බර් 5 වනදා නිකුත් කරන ලද නිකුත් කරන ලද ලියවිල්ලකට අනුව ඇහැලේපොලට කරන ලද දැඩි බලපෑම නිසා අවසානයේදී ඌව සහ කොත්මලේ අතර කැලයක සඟවන ලද ඔටුන්න, මැණික් සහ දියමන්ති ඔබ්බවන ලද රන් මිට සහිත අසිපත සහ රජුගේ තවත් වටිනා වස්තු ඔවුන්ට ලබාගත හැකිවිය.

ඉන් දෙවසරක කාලයක් තුළදී ඇහැලේපොල කෙරෙහි බ්‍රිතාන්‍යයන් තුළ වූ විශ්වාසය බිඳ වැටීම නිසා ඔව්හු ඇහැලේපොල සතුව තිබු රජුගේ බිසවට අයත් ස්වර්ණාභරණ තොගයක් තම බාරයට ගත්හ. ඉන් තවත් 11ස් වසරකට පසු රජ මාළිගයේ ඉතා විශ්වාසවන්ත සේවකයකුව සිටි වෙලගෙදර සිත්තම්බි අප්පුහාමි විසින් 1829 පෙබරවාරි 4 දා එවකට සිටි බ්‍රිතාන්‍ය ආදායම් කොමසාරිස්වරයා ඉදිරියේ දිවුරුම් ප්‍රකාශයක් ලබා දෙන ලදී. ඊට අනුව ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ පුද්ගලික ආයිත්තම් සහ ස්වර්ණාභරණ රජුගේ යහන් ගබඩාවට නුදුරු කුටියක තිබී ඇත. (සිත්තම්බිවරු පාරම්පරිකව රජමාලිගයේ සේවයට කැපවූ පිරිසක් වුහ)

ආක්‍රමණික බ්‍රිතාන්‍ය හමුදා සීතාවක සීමාව පසු කර මහනුවර දෙසට ගමන් කරන බව රජමාලිගයට සැලවූ වහාම සිත්තම්බි අප්පුහාමි, පහලවෙල දේව නිලමේ, තලගුණේ වන්නකු නිලමේ සහ අයියගලු උන්නාන්සේ එකතුව ඒ සියලු වටිනා වස්තු පෙට්ටි දෙකක දමා මුද්‍රා තැබුහ. රජු මැද මහනුවරට පළා ගියේ වස්තු සහ වටිනා ඇඳුම් පිරවූ පෙට්ටි හතරක් රැගෙනය. එහෙත් බ්‍රිතාන්‍යයන් විසින් තෙල්දෙනියෙදී රජු අල්ලා ගන්නා විට ඔහු සතුව තිබුණේ අසිපත සහ රන් කාසි පිරවූ පෙට්ටියක් පමණය. වස්තු පිරවූ අනෙක් පෙට්ටි සුරක්ෂිතව සඟවා තැබීම සඳහා රජුට හිතවත් විවිධ පුද්ගලයන්ට බාර දෙන ලදී. ඔටුන්න බාර දෙන ලද්දේ පොත්දුල්ගොඩ ගම් ප්‍රධානින්ටය. ‍

රජු සුද්දන්ට හසුවීමෙන් දින හයකට පමණ පසු ඇහැලේපොල අධිකාරම සිත්තම්බි අප්පුහාමි ගේ සහාය ඇතිව රජුගේ වස්තුව සිය නිවසේ සැඟවීය. අප්පුහාමි පැවසු අන්දමට එදින රාත්‍රී ඔහුව එම නිවසට කැඳවූ ඇහැලේපොල වස්තුව පිරවූ පෙට්ටි විවෘත කර එහි වූ දෑ පිරික්සුවේය. ඉන්පසු ඔහු කළේ රජ ඇඳුමින් සැරසී රන් හිස්වැස්ම ද ලා ගැනීමයි. එසේ කිරීමේ නුසුදුසු කම සිත්තම්බි අප්පුහාමි ඇහැලේපොලට පෙන්වා දුන් විට ඔහු අප්පුහාමිට පවසා ඇත්තේ ටික දිනකින් බ්‍රිතාන්‍යයන් තමාව රජකමට පත්කරනු ඇති බවයි. එහෙත් එය එසේ සිදු වුයේ නැත. උඩරට නායක්කර් රජපෙළපතේ අන්තිම පාලකයා වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට ද්‍රෝහි වීමටඉංග්‍රීසින් ඇහැලේපොලව දිරි ගැන්වූ නමුත් ඔහුට රජකම දීමට ඔවුන්ගේ කිසිදු අදහසක් නොවීය. (ශ්‍රී වික්‍රම රාජසිංහ රජු බ්‍රිතාන්‍යයන් විසින් ඔහුගේ මව, බිසෝවරුන් සතර දෙනා, පවුලේ සෙස්සන් සහ නෑදෑයින් සමඟ දකුණු ඉන්දියාවේ වෙල්ලෝරයට පිටුවහල් කරන ලදුව එහිදී 1832 ජනවාරි 30 වනදා උදර රෝගයකින් මියගියේය).

බ්‍රිතාන්‍යයන් විසින් පැහැර ගන්නා ලද ඉතාමත්ම වටිනා රාජකීය වස්තුව වුයේ මහනුවර රජුගේ සිහසුනයි. ඔවුන් විසින් එය 1815 දී නැවක පටවා එංගලන්තයට ගෙනගියාට පසු ඒ ගැන කිසිදු ආරංචියක් නොවීය. ඔවුන් කළේ එය මහනුවරින් පැහැරගන්නා ලද අනෙකුත් වස්තු සමඟ එරට වින්ඩ්සර් මාලිගයේ භාණ්ඩාගාර කාමරයේ තැන්පත් කිරීමයි. ඉන්දියාවේ මයිසුර් ප්‍රාන්තයේ පාලකයා වූ ටිප්පු සුල්තාන් ගෙන් පැහැරගන්නා ලද වටිනා වස්තුන්ද තැන්පත් කර තිබුණේ එම කාමරයේය. ඉන්පසු ලංකාවේ ජනයාට සිහසුන ගැන කිසිවක් දැනගන්නට නොලැබුණි.

පසුව වාර්තාවී ඇති අන්දමට එය එංගලන්තයේ තිබු කාලයේ එරට රජතුමා වින්ඩ්සර් හි ශාන්ත ජෝජ් පල්ලියේ 'ගාට' නමැති ගරු නාමය (Order of the Garter) ආගමික නායකයන්, උසස් හමුදා නිලධාරීන් සහ වෙනත් ප්‍රභූන්ට පුදකිරීමේදී හිඳගෙන ඇත්තේ එම සිහසුනේය. එනිසා එය හඳුන්වන ලද්දේ 'ගාට සිහසුන' ලෙසිනි. එංගලන්ත රජු අපේ සිහසුන දෙවරක්ම පාවිච්චි කර ඇත. ඒ නෝවේ රටේ එවකට සිටි රජුට සහ පෘතුගාලයේ රජුටත් ගාට නාමය පුද කිරීම සඳහාය. එයින් පැහැදිලි වන්නේ යුරෝපීය රජුන්ද කුමන හේතුවක් නිසා හෝ අපේ සිහසුන ඉදිරියේ දණ ගැසූ බවයි.

සිහසුන ගැන මෙරට ජනයාට දැනගන්නට ලැබුණේ 1913 පැවැත්වුණු චිත්‍ර ප්‍රදර්ශනයක් නිසාය. ඒ එය විවෘත කිරීමට පැමිණි එවකට මෙරට වැඩබලන ආණ්ඩුකාරයාව සිටි ශ්‍රීමත් එඩ්වඩ් ස්ටබ්ස් කල කතාවකිනි. වාසනාවකට මෙන් එතුමාගේ කාලයේදීම එනම් 1934 සැප්තැම්බර් මාසයේ එවකට එංගලන්තයේ රජ කළ පස්වැනි ජෝජ් රජුගේ පුත් ග්ලොස්ට ආදිපාදවරයා විසින් සිහසුන ඇතුළු තවත් මහනුවර රාජකීය භාණ්ඩ කිහිපයක් ලංකාවට ගෙනැවිත් බාර දෙන ලදී. එය සිදුවුයේ මෙරට ජනනායකයන් විසින් කරන ලද බලවත් ඉල්ලීම් වල ප්‍රතිඵලයක් ලෙසින්ය. එහෙත් මෙරටින් සුද්දන් පැහැර ගෙන ගිය 90 කට වැඩි මිලකල නොහැකි, ඉතාමත් වටිනා මහනුවර රාජකීය භාණ්ඩ යළි කිසිදා අපට නොලැබිණි.

මේ සිද්ධීන් වලට සම්බන්ධ ඇහැලේපොල අධිකාරම ගැන තවදුරටත් සඳහන් කළ යුතුව ඇත. ඉංග්‍රීසින් සහ ඔහු අතර අන්‍යෝන්‍ය විශ්වාසය බිඳ වැටීම නිසා 1818 මාර්තු දෙවනදා අත්අඩංගුවට ගන්නා ලද ඇහැලේපොල 1825 තෙක් සිරකරුවකු ලෙස කොළඹ රඳවා තබන ලදී. 1817-1818 ඌවේ බ්‍රිතාන්‍ය-විරෝධී සන්නද්ධ අරගලයට ඔහුගේ කිසිදු සම්බන්ධයක් නොවූ නමුත් ඉංග්‍රීසින් එම අරගලය දරුණු ලෙස මැඩලීමෙන් පසු ඔහු සහ එම කැරැල්ලට සහභාගී වූ යේ යැයි චෝදනා ලැබූ පිළිමතලාවේ සහ මත්තෙමගොඩ ආදී උඩරට නායකයෝ (හිස් ගැසුම් කෑ කැප්පෙට්ටිපොළ සහ මඩුගල්ලේ හැර) මුරිසි දිවයිනට නැව් මගින් පිටුවහල් කරන ලදහ. එහිදී ඇහැලේපොල හැර අනෙකුත් නායකයන්ට සලකන ලද්දේ සාමාන්‍ය සිරකරුවන් ලෙසය. එහෙත් ඇහැලේපොලට රජ කුමරෙකුට මෙන් සලකන ලද අතර පදිංචියට මනරම් පරිසරයක පිහිටි දෙමහල් මන්දිරයක් සහ සේවකයන්ද ලැබිණි. ඔහුට ඒ අවට සිත්සේ සැරිසැරීමටද නිදහස හිමි විය. ඉංග්‍රීසින් එහිදී ඔහුට සැලකුවේ ගරුත්වයෙනි.

ඇහැලේපොල පාචනය වැළඳීමෙන් දින හයකට පසු වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටියදී 1829 අප්‍රේල් 4 දා මියගියේය. ඔහුගේ සිරුර මුරිසි දිවයිනේ ශාන්ත අන්ද්‍රේ වනයේ දී ආදාහනය කරන ලද අතර අද එතැන ඔහු සිහිවීම පිණිස තනා ඇති සිහිවටනයක් දක්නට ඇත.

ඇහැලේපොල අපේ ඉතිහාසයේ හංවඩු ගැසී ඇත්තේ ද්‍රෝහියෙකු ලෙසය. ඔහු ද්‍රෝහියෙකු වුයේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුටද නැතිනම් රටටද? රාජ ද්‍රෝහී වීම සහ දේශ ද්‍රෝහී වීම එකක්ද? එය විවාදයට තුඩු දී ඇති කරුණකි. සීතාවක රාජසිංහයන් විසින් කොනප්පු බණ්ඩාගේ පියා මරා දැමීම නිසා පෘතුගීසින්ට එකතුවූ ඔහුට පසුකලෙක පෘතුගීසින් කන්ද උඩරටින් පන්නා දමා පළවැනි විමලධර්මසුරිය නමින් රජවීමට හැකි විය. එහෙත් ඇහැලේපොලට එවන් අවස්ථාවක් නොලැබිණි.

බ්‍රිතාන්‍ය පාලන යුගයේ මෙරට සිටි ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයකු වූ ඉංග්‍රීසි ජාතික ආචිබෝල් කැම්බල් ලෝරි ‘ලංකාවේ මධ්‍යම පළාත් ගැසට්’ පත්‍රයේ (A Gazetteer of the Central Province of Ceylon) මෙසේ පවසයි:

(උපුටා ගැනීම)

“ඇහැලේපොල ගේ අරමුණ වුයේ ඉංග්‍රීසි හමුදාවේ පිහිටෙන් මහනුවර රජු බවට පත්වීම යයි බොහෝ දෙනෙකු සිතති. ඔහු බ්‍රවුන්රිග් ජනරාල්වරයාට උඩරට ආක්‍රමණය කිරීමට පෙලඹවුයේ මේ නිසා යැයිද කියති. මෙහි ඇත්ත නැත්ත මම නොදනිමි. එහෙත් එය සැබෑවක් නම් ඇහැලේපොල සමඟ ගනුදෙනු කළ ඉංග්‍රීසින්ට වඩා ඔහු දක්ෂ රාජ්‍ය තාන්ත්‍රික පාලකයකු විය හැකිව තිබූ බව මගේ විශ්වාසයයි. ඇහැලේපොල එංගලන්තයේ සහායයෙන් රජකමට පත්කර ඔහුගේ ආරක්ෂාවටත් ඔහු පාලනය කිරීමටත් ඉංග්‍රීසි සේනාංකයක් රැඳවුයේ නම් වසර 1818 කැරැල්ලක් මතුවී එය අතිශය ක්‍රෑර ලෙස මර්දනය කිරීමට ඉංග්‍රීසින්ට සිදුවන්නේ නැත. ඔහු වැනි ශූර ස්වදේශික පාලකයෙකු යටතේ රටට සෞභාග්‍යමත් කාලයක් උදාවිය හැකිව තිබුණි.

වසර 1817-1818 අතර කාලයේ උඩරට ඉංග්‍රීසි පාලනයේ කතාව ඉතාමත් ලජ්ජාසහගතය. වසර 1819 වනවිට එහි ප්‍රභූ පවුල් වල නායකයන්ගෙන් කිසිවකු ඉතිරි වුයේ නැති තරම්ය. සියගණන් ජනයා එක්කෝ අසිපතට හෝ තුවක්කු වලට හෝ ගොදුරු වී මියගිය අතර සෙස්සෝ කොලරාව, වසුරිය යනාදී රෝගවලින්ද සගින්නෙන්ද මාරුමුවට පත්වුහ....ඇහැලේපොල රජ කළා නම් අද අපට පසුතැවීමට සිදු වී ඇති ඒ සිද්ධීන් සිදු නොවනු ඇත...."


(උපුටා ගැනීම නිමි)

මූලාශ්‍රය:



THE REVOLT IN THE TEMPLE

Times of Ceylon (June 10 and Nov. 4, 1962)

ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය

අන්තර්ජාලයේ ලංකා ඉතිහාස විස්තර

රසවාහිනී 1964 මාර්තු කලාපය

සිළුමිණ 1965 ජුලි 11

සිළුමිණ පුවත්පතේ ජානක පෙරේරා මහතා පලකල ලිපිය ඇසුරෙන් උපුටා ගැනීමකි

නෙතු කවුළු ✍️ ❤️

Address


Website

Alerts

Be the first to know and let us send you an email when රජ දවස Raja Dawasa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your organization to be the top-listed Government Service?

Share