Divisional Irrigation Engineer's Office - Hambantota

Divisional Irrigation Engineer's Office - Hambantota Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Divisional Irrigation Engineer's Office - Hambantota, Divisional Irrigation Engineer's Office, Ambalantota.

30/08/2021

මාර්ගගත උරුම දේශන මාලාව - විසි තුන් වැනි පියවර සජීවී වාරිමාර්ග පද්ධති තුලින් මතුකර ගැනීමට වෙර දරන අතීත තාක්ෂණයේ අ....

ඓතිහාසික මහගල්වැවතණමල්විල හා සුරියවැව යන ලේකම් කොට්ඨාශ දෙක තුළ පැතිර ඇති මහගල්වැව ව්‍යාපාරය  හම්බන්තොට වාරිමාර්ග ඉංජිනේර...
23/11/2020

ඓතිහාසික මහගල්වැව

තණමල්විල හා සුරියවැව යන ලේකම් කොට්ඨාශ දෙක තුළ පැතිර ඇති මහගල්වැව ව්‍යාපාරය හම්බන්තොට වාරිමාර්ග ඉංජිනේරු කොට්ඨාශය තුල වන ප්‍රධාන වාරි ව්‍යාපාරයක් වේ. එම ව්‍යාපාරය තුල වගාකරනු ලබන අක්කර 300 ක් පමණ වන කුඹුරු වගාබිම් සඳහා දෙකන්නයේ වී වගාවට අවශ්‍ය ජලය සපයාදෙනු ලබන්නේ මහගල්වැව ජලාශයෙනි. මෙම ජලාශය පෝෂණය කරනු ලබන ජල මූලාශ්‍රය මලල ආර වන අතර ජලාශය අක්කර අඩි 2760 ක ධාරිතාවයෙන් යුක්තවේ. ජලාශයෙහි වැව් බැම්ම මීටර් 1062 ක් පමණ දිගකින් යුක්ත වන අතර පිටවාන් 3 කින් සමන්විත වේ. ජලාශයෙන් වගාබිම් වලට ජලය නිකුත් කිරීමට එක් සොරොව්වක් පමණක් පවතින අතර ප්‍රධාන ඇල මීටර් 4665 ක දිගින් යුක්ත වේ. මලල ආර නිම්නයේ පිහිටි මෙම ජලාශය කෘෂිකාර්මික මය වශයෙන් මෙන්ම ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වශයෙන්ද වැදගත් වන්නා වු ස්ථානයක පිහිටි ජලාශයකි.
මේ ආශ්‍රිත ඓතිහාසික වටපිටාව පිළිබඳව සොයා බැලීමේදී එ‍හි ඉතිහාසය ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා දිවෙයි. වර්තමානයේ ජලාශය පවතින ස්ථානය ආශ්‍රිතව ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට ජනාවාසව පැවත තිබෙන අතර වැව ආසන්නයේම මෙගලිතික සුසානයක සාධක හමුව තිබේ. වැව් බැම්ම හා පිටවාන අසල ඓතිහාසික නටඹුන් රාශියක් දක්නට ලැබෙන අතර මේ දක්වා නිවැරදිව ඒ ආශ්‍රිත තොරතුරු අනාවරණය නොවුණත් එම සාධක ගමයි පන්සලයි වැවයි දාගැබයි යන දේශීය ශිෂ්ටාචාරයේ පදනම කියාපාන සංකල්පය සිහිගන්වයි.
එමෙන්ම ‍පුරාණ රජවරුන්ගේ යුගයේදී වැව පිහිටි ප්‍රදේශය අයත්ව තිබී ඇත්තේ ශ්‍රී ලංකාවේ ධාන්‍යාගාරය ලෙස හැඳින්වුණු රුහුණු රාජධානියට වේ. මෙම රාජධානිය තුල වූ අපූරු වාරිමාර්ග පද්ධතිය නිසා ප්‍රදේශයේ ඉඩම් සමෘද්ධිමත් කුඹුරු බිම් බවට පරිවර්තනය වී තිබේ. ඒ සඳහා රුහුණේ රජ කළ මහානාග යුව රජු ඇතුළු ප්‍රාදේශීය රජවරුන්ගේ සේවය උපකාරී විය.
රුහුණු රාජධානිය තුල රජකළ රජවරු ප්‍රදේශය තුල විශිෂ්ට වාරිමාර්ග පද්ධතියක් නිර්මාණය කිරීමට කටයුතු සිදු කළ අතර ඒ සඳහා වලවේ ගඟ, මැණික් ගඟ, කිරිදි ඔය සහ කුඹුක්කන් ඔය වැනි ගංගාවල ජලය උපරිම ලෙස යොදා ගනු ලැබීය.
මහානාග, කාවන්තිස්ස, දුටුගැමුණු (ක්‍රි.පූ. 161-173), සද්දාතිස්ස (ක්‍රි.පූ. 137-119), වලගම්බා (ක්‍රි.පූ. 103- ක්‍රි.පූ. 89 - 77), ඉලංග (ක්‍රි.ව. 33-43), වසභ (ක්‍රි.ව. 67-111), පලමුවන ගජබාහු, මහා විජයබාහු සහ මහා පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1153-86) යන රජවරු මෙම ප්‍රදේශයේ පිහිටි ගංගා ද්‍රෝණි වල ජලය කෘෂි කර්මාන්තය සඳහා උපරිමයෙන් භාවිතා කිරීම සඳහා අපූරු වාරිමාර්ග පද්ධතිය ඉදිකරනු ලැබුවේ ගංගා හරස්කර ජලාශ, අමුණු සහ වාරි ඇල පද්ධති ඉදිකිරීමේනි. එසේ ඉදිවූ ඓතිහාසික වාරි පද්ධතීන්ගෙන් එකක් ලෙස මහගල්වැව ව්‍යාපාරය වැදගත් වේ.

සටහන - ශ්‍රීමාල් අබේනායක
(තොරතුරු සපයාදීමේ සහාය - මහගල්වැව ව්‍යාපාරයේ ඉංජිනේරු සහකාර, රවිඳු ලක්ශ්‍රී මයා

අතීතයේ එක ලස්සන දවසක...
08/10/2020

අතීතයේ එක ලස්සන දවසක...

11/04/2019

❤️

05/04/2019
29/03/2019

ලාංකේය ශිෂ්ටාචාරයේ පදනම ජලයයි. අහසින් වැටෙන හා ඇලදොළ ගංගා ලෙස ගලා යන ජලය පාලනය කරමින් එය සත්ත්වයාගේ යහපත උදෙසා භා....

13/03/2019
අහස්කුස සිප එනවැසිදිය මුතු අමුණමින්වැව් අමුණු පුරවා..කෙත්බිම් හරහා යනරිදී රේඛා මවමින්නීල කෙත්වතු අස්වද්දා..රන් පැහැය විහ...
18/01/2019

අහස්කුස සිප එන
වැසිදිය මුතු අමුණමින්
වැව් අමුණු පුරවා..
කෙත්බිම් හරහා යන
රිදී රේඛා මවමින්
නීල කෙත්වතු අස්වද්දා..
රන් පැහැය විහිදුවන
කිරිවදින ගොයමේ හසරැලි මවමින්
ගොවි දන දිවි සරි කළ..
වළව නදී මිටියාවත
ලකඹරෙහි දිදුලවමින්
සශ්‍රීකත්වයේ සිහිනය සැබෑකළ..
පතිරූපදේශයේ
නව මානයක් මවමින්
වාරි යදම දැඩි කළ..
හම්බන්තොට ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු
බුද්ධික ලියනගේ මැතිඳුන්ට
සහෘද කාර්ය මණ්ඩලයේ හරසර...

විශ්‍රාම ලබා වාරිමාර්ග දෙපාර්තමේන්තුවට සමුදුන් සහෘදයින් දෙපලට සුවදායක විශ්‍රාම දිවියක් පතමු ..කොට්ඨාශ සහකාර - විජේගුණවර්...
14/09/2018

විශ්‍රාම ලබා වාරිමාර්ග දෙපාර්තමේන්තුවට සමුදුන් සහෘදයින් දෙපලට සුවදායක විශ්‍රාම දිවියක් පතමු ..
කොට්ඨාශ සහකාර - විජේගුණවර්ධන මහතා
ක්‍රියාකරු - එන්.ටී. පේමදාස මහතා

13/05/2018
ලැබුවා වූ සිංහල හා දමිල අළුත් අවුරුද්ද ලක්වාසී හැමදෙනාටම ශ්රී සුබ නව වසරක් වේවා...!!!- ප්රාදේශීය වාරිමාර්ග ඉංජිනේරුතුමා ...
14/04/2018

ලැබුවා වූ සිංහල හා දමිල අළුත් අවුරුද්ද ලක්වාසී හැමදෙනාටම ශ්රී සුබ නව වසරක් වේවා...!!!
- ප්රාදේශීය වාරිමාර්ග ඉංජිනේරුතුමා ඇතුළු කාර්ය මණ්ඩලය -

Address

Divisional Irrigation Engineer's Office
Ambalantota

Telephone

0472223247

Website

Alerts

Be the first to know and let us send you an email when Divisional Irrigation Engineer's Office - Hambantota posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Irrigation Engineer's Office - Hambantota:

Share