13/06/2026
ආණ්ඩුව පාස්කු ප්‍රහාරයේ විමර්ශන දැන් දේශපාලන කැම්පේන් එකක් බවට පත් කරගෙන.
තවදුරටත් එය සැබෑ සාධාරණත්වය ඉටු කිරීමට හෝ සැබැ වැරදිකරුවෙක් සොයා යන විමර්ශනයක් නොවෙයි.
දැන් තනි පුද්ගලයෙකුගේ පුද්ගලික සතුරන් කොටු කිරීමේ මෙහෙයුමක්.
හෙට අනිද්දාට ශානි අබේසේකරගේ පාසල් කාලයේ දී, ඔහුගේ පෑනක් පැන්සලක් හොරකම් කරපු පුද්ගලයෙක් පවා මේ විමර්ශනයේ චූදිතයෙක් විය හැකියි.
ඒ තරම් මේ විමර්ශනය විහිළුකාරීයි. එය තනි පුද්ගලයෙකුගේ අභිලාශ ඉටු කිරීමක් බවට පත් වෙලා.
නමුත් ආණ්ඩුවට එයින් (දැනට) දේශපාලන වාසියක් අත් වන නිසා ආණ්ඩුව ශානි අබේසේකරට උපරිම නිදහස ලබා දී තිබෙන බව පෙනෙනවා.
ආණ්ඩුව (දැනට) මේ විමර්ශනය ඉතාම දැඩි ග්‍රහණයකින් හසුරවනවා පෙනෙනවා.
එහිදි ඉතාම නරක විදියට, ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම සහ මානව හිමිකම් කඩ කරමින් ප්‍රතිමතධාරීන් මර්ධනය කිරීමට ආණ්ඩුව කටයුතු කරනවා.
එක් පැත්තකින් ශානි අබේසේකර ඔහුට හිතවත් යූටියුබ්කරුවන් දෙදෙනෙකුට මුදල් දී, ඔහුගේ ව්‍යාජ සහ ගොතන ලද කතාව ප්‍රවර්ධනය කරනවා.
අනෙක් පැත්තට එය සාකච්ඡා කරන සහ වැරදි පෙන්වන මිනිසුන් මර්ධනය කිරීමට උත්සාහ කරනවා.
නමුත් පාස්කු විමර්ශනයේ විහිළු සහගත තැන්, ශානි අබේසේකරගේ ක්‍රියාකලාපය විවේචනය කිරීමට කිසිසේත්ම දෙවරක් සිතිය යුතු නැහැ.
'බිය' යනු මර්ධනකාරීන්, පීඩකයන් සිය අභිලාශ ඉටු කිරීමට ප්‍රවර්ධනය කරනා මනෝවිද්‍යාත්මක උගුලක්.
ආණ්ඩුව එම උපක්‍රමය භාවිතා කරන බව අද රංජන් ජයලාල් වැනි ත්‍රාඩයන් එළිපිටම ප්‍රකාශ කරනවා.
නමුත් මානව ශිෂ්ඨාචාරය පුරාවටම පීඩකයන්ට එරෙහිව මිනිසුන් නැගී සිටියා.
බියට පත් කළ නොහැකි මිනිසුන් පීඩකයන්ට එරෙහි වුණා. 'බිය' පැතිරවීම මිනිසුන්ට එරෙහිව සාර්ථක සහ දිගු කලක් පවතින උපක්‍රමයක් නොවෙයි.
පාස්කු විමර්ශන සාකච්ඡා කිරීමට සහ විවේචනය කිරීමට මෝඩ තරිඳුලාට හිමි වරප්‍රසාදය සෙස්සන්ට ද හිමියි.
එමෙන්ම එය කිසිසේත්ම අධිකරණයට අපහාස කිරීමේ ඝනයට වැටෙන්නේ නැහැ. සාකච්ඡාවට ලක්වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අමන ක්‍රියාපටිපාටි මිසෙක අධිකරණය නොවෙයි.
වඩා වැදගත්ම කාරණය එතැන දී ආණ්ඩුව බරපතල දේශපාලන වරදක් කළ හැකියි. ඒ දේශපාලන වරද නිසා සියල්ල කනපිට ගැසිය හැකියි.
ඉතිහාසය පුරාම ආණ්ඩු 'කම්ෆර්ටබල්' සහ 'ග්‍රහණය' උපරිම තැන් වලදී බරපතල වැරදි කර තිබෙනවා. එක වැරැද්දකින් සියල්ල වෙනස් වී තිබෙනවා.
මේ මාලිමා ආණ්ඩුවේ ඒ මොහොත වීමට විශාල ඉඩක් තිබෙනවා.
එම නිසා කිසිසේත්ම මර්ධනය ඉදිරියේ බිය විය යුතු නැහැ. මෙය 'ඕල් ඉන්' සටනක්.
නමුත් මේ මහා විහිළු සහගත සහ අමන ක්‍රියාව පසුපස මහා ඛේදාන්තයක් තිබෙනවා.
එනම් පැහැදිලිවම ඉස්ලාම් අන්තවාදය විසින් එල්ල කළ පාස්කු ප්‍රහාරයෙන්, එහි සැබෑ වැරදිකරුවන් සේදීම.
දැනටමත් මේ ප්‍රහාරයට හේතු වූ අන්තවාදය සහ එය වටා ගොඩනැගුණු අන්තවාදීන් නිදොස් කොට නිදහස් වෙලා.
ත්‍රස්තවාදීන්ට එයට වඩා සතුටක් තියෙනවාද ?
එමෙන්ම ඉතාම අහිංසක, කිසිඳු දිනෙක ආගම වෙනුවෙන් ලේ නොසෙල්වූ සිංහල බෞද්ධයා මත පාස්කු ප්‍රහාරය පැටවීම.
ඔවුන් විසින් අවසානයේ කොටු කිරීමට උත්සාහ කරනා ගෝඨාභය රාජපක්ෂ යනු සිංහල බෞද්ධයාගේ සංකේතයක් මිසෙක තනි පුද්ගලයෙක් නොවෙයි.
එය ඉතාම අමන, තක්කඩි, ලොව වෙනත් කිසිඳු රටක සිදුනොවන වැඩක්.
ඊශ්‍රායලය වැනි රටක් ගොඩනැගුනේ ඉතිහාසයේ මුල සිටම දේශපාලන භේද නොතකා සිය සතුරා නිවැරදිව කියවා ගත් නිසා.
ඊශ්‍රායල විපක්ෂය කිසිදිනෙක ත්‍රස්ත ප්‍රහාරයක් තමන්ගේ ජනතාව පිට ගසා නැහැ.
විපක්ෂයක් බලයට පැමිණ මොසාඩ් ප්‍රධානියාට සහ හිටපු නායකයන්ට වද බන්ධන ලබා දී නැහැ.
ඒ යුදෙව්වන්.
පාස්කු ප්‍රහාරය පිළිබඳ ඇමෙරිකාවේ FBI ආයතනය පුළුල් විමර්ශනයක් කළා.
ඒ සඳහා විශාල FBI කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණියා.
C.I.A බුද්ධි අංශය සහ R.A.W බුද්ධි අංශ එක්ව විමර්ශන කළා.
එහිදී ඔවුන් මෙය ඉස්ලාම් අන්තවාදයේ ප්‍රහාරයක් බව පැහැදිලිව සොයාගත්තා.
ඒ බව එරට රජයට වාර්තා කළා.
ඇමෙරිකානුවන් මියගිය ප්‍රහාරයක, වෙනත් මහ මොලකරුවෙකු නිදහස් කිරීමට FBI ආයතනයට අවශ්‍යතාවයක් නැහැ.
නමුත් අද F.B.I ආයතනයේ වලං සේදීමට හෝ නුසුදුසු පුද්ගලයෙක්, පාස්කු ප්‍රහාරය වටා වෙනත් ප්‍රබන්ධ කතාවක් ගොඩනැගීමට උත්සාහ කරනවා.
කෙසේවෙතත් තවදුරටත් පාස්කු ප්‍රහාරය සිංහල බෞද්ධයාගේ පිට පැටවීමේ මේ කුමන්ත්‍රණය පිළිබඳව සිංහල බෞද්ධයා අවබෝධ කරගත යුතුයි.
මහ නායක හිමිවරුන් එයට එරෙහිව පෙරට ආ යුතුයි. සිංහල බෞද්ධයා සුපුරුදු වලිගය කපා දමා, සිදුවීම් වෙනුවට සම්පූර්ණ චිත්‍රයම අවබෝධ කර ගැනීමට උත්සාහ කළ යුතුයි.
එමෙන්ම මේ ප්‍රබන්ධයෙන් සැබැවින්ම අගෞරව කෙරෙන්නේ පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය, තුවාල ලැබූ සහ සිය ආදරණීයයන් අහිමි වූ මිනිසුන්ට.
ඒ මිනිසුන්ට අවශ්‍ය යුක්තිය නම් 'සත්‍යය'. එමෙන්ම යළිත් මෙවැන්නක් සිදුවීමට ඉඩ නොදීම.
නමුත් අද ඒ මිනිසුන් ද දැවැන්ත බොරුවක තනි කර, සැබෑ ප්‍රහාරකයන් සෝදා තිබෙනවා.
පාස්කු වින්දිතයන්ට එය තරම් තවත් අපහාසයක් නැහැ.
උ.ගැ.