NPP Munich - Germany

NPP Munich - Germany ජාතික ජන බලවේගය
தேசிய மக்கள் சக்தி
National People’s Power

03/03/2026
“He Proves to be a leader who doesn’t just govern from above, but walk alongside the people he serves”
12/02/2026

“He Proves to be a leader who doesn’t just govern from above, but walk alongside the people he serves”

උතුර දකුණ යා කරන මේ හීනේ අපට ජීවිතේ තියෙනකල් දකින්න පුළුවන් වෙයි කියලා හිතපු එකක් නම් නෙවේ… අතිශය අමාරු කාල වලදී පවා, ජා...
17/01/2026

උතුර දකුණ යා කරන මේ හීනේ අපට ජීවිතේ තියෙනකල් දකින්න පුළුවන් වෙයි කියලා හිතපු එකක් නම් නෙවේ…

අතිශය අමාරු කාල වලදී පවා, ජාතීවාදි දේශපාලනයක් වෙනුවෙන් හෝ දේශපාලන වාසි උදෙසා ගෝත්‍රික දේශපාලන තෝරා නොගත්ත එකට ලැබෙන ආදරය මේ…

අනුර කියන තනි මනුස්සයාට නැගෙන ප්‍රීතිගෝෂාවකට වඩා සදාචාරසම්පන්න උසස් දේශපාලන සංස්කෘතියකට ගහන විසිල් මේ…

මේ දේශපෙලන ව්‍යාපාරය ගොඩ නගපු, ඒ වෙනුවෙන් දිවි දුන්න, අල්ලන් හිටපු, හීන දැකපු සෑම ධෛර්වන්ත ශ්‍රි ලාංකිකයෙකුටම මේ අත්පුඩි උපහාරයක්ම වේවා ! 🙏🏾

ඕබ සැමට සුභ තෙයියපොන්ගල් දිනයක් වේවාඋතුරු පළාත් තෛපොංගල් සැමරුම අද(15) ජනපති ප්‍රධානත්වයෙන් යාපනයේදී
15/01/2026

ඕබ සැමට සුභ තෙයියපොන්ගල් දිනයක් වේවා
උතුරු පළාත් තෛපොංගල් සැමරුම අද(15) ජනපති ප්‍රධානත්වයෙන් යාපනයේදී

ජාතික ජනබලවේගය- මියුනිච් කමිටුව විසින් යොජනා කරගත් පරිදි සමාජිකයන් විසින් සිය සේවා ස්ථාන දැනුවත් කරමින් අරමුදල් එකතු කිර...
14/01/2026

ජාතික ජනබලවේගය- මියුනිච් කමිටුව විසින් යොජනා කරගත් පරිදි සමාජිකයන් විසින් සිය සේවා ස්ථාන දැනුවත් කරමින් අරමුදල් එකතු කිරීමේ වැඩසටහන් මාලාව යටතේ වික්‍රම සහෝදරයා විසින් කරන ලද ඉල්ලීමකට අනුව සිය සේවා ආයතනය හා සහෝදර කාර්යමණ්ඩලය විසින් තවත් €2000 (Euro) මුදලක් අද දිනයේ “Rebuild Sri Lanka” අරමුදල වෙත බැර කරන ලදී.

Wow! Wir sagen von Herzen DANKE! 💙
Ein riesiges Dankeschön geht an das gesamte Team der Wilhelm & Willhalm Event Technology Group. Dank der großartigen Unterstützung des Managements und aller Mitarbeiter*innen konnten stolze 2.000 Euro für den "Rebuild Sri Lanka Fund"
gesammelt werden.

Das ist eine unglaubliche Hilfe. Danke, dass ihr diesen wichtigen Zweck unterstützt! Ihr seid spitze!

ආපදා සහන ක්‍රියාවලියේ තෙවන අදියර ලෙස ජාතික ජනබලවෙගයේ ම්යුනිච් කමිටුව විසින් සංවිධානය කරන ලද ආපදාව පිළිබද ප්‍රජා දැනුවත් ...
21/12/2025

ආපදා සහන ක්‍රියාවලියේ තෙවන අදියර ලෙස ජාතික ජනබලවෙගයේ ම්යුනිච් කමිටුව විසින් සංවිධානය කරන ලද ආපදාව පිළිබද ප්‍රජා දැනුවත් කිරීම හා අරමුදල් රැස් කිරීමේ වැඩසටහන ඉතා සාර්ථකව අවසන් කරන ලදි.

මෙහි ප්‍රධාන අරමුණු ලෙස;

01. දේශගුණික විපර්යාස වලට සමගාමීම දිත්වා සුලි කුණාටුව මගින් ශ්‍රි ලංකාවේ ඇති කරන ලද ආපදා තත්වය පිලිබද ප්‍රජාව දැනුවත් කිරීම.

02. ආපදා සහන ක්‍රියාවලිය සවිමත් කිරීම වෙනුවෙන් “Rebuild Sri Lanka” අරමුදලට ආධාර රැස් කිරීම හා අත් පත්‍රිකා බෙදා හැරීම.

03. දිගු කාලීන වශයෙන්; මෙම අසීරු අවස්ථාවේ ශ්‍රි ලංකාවේ ආර්ථිකය සහ ජන ජීවිත සුරක්ෂිත කිරීමෙහිලා, ශ්‍රි ලංකාවේ සංචාරය කරන ලෙස ජර්මානු හා වෙනත් විදේශික ජනයා උනන්දු කරවීම හා සංචාරක ප්‍රවර්ධනය.

එම අරමුනු අරඹයා සංවිධානය කර තිබූ මෙම ප්‍රවර්ධන වැඩසටහන 21.12.2025 දින ජර්මනියේ මියුනිච් නගරයේදී ඉතා සාර්ථකව සිදු කරනු ලැබූ අතර අද දින තිබූ අධික ශීතලද නොසලකා, මෙම අවස්ථාවට සහභාගී වූ Munich, Regensburg හා Nürnberg නගරවල වෙසෙන ශ්‍රි ලාංකික ප්‍රජාවටද, මේ සදහා විවිධාකාරයෙන් අපහට සහය දැක්වූ ජර්මානු ජාතික හා වෙනත් විදේශිය සංචාරකයන්ටද NPP- Munich වෙනුවෙන් අපගේ ස්තුතිය පුද කර සිටිමු.

Erfolgreiche Durchführung der Spenden- und Sensibilisierungsaktion für Sri Lanka in München
Das NPP-Komitee München freut sich bekannt zu geben, dass die dritte Phase unserer Katastrophenhilfe – eine öffentliche Informations- und Spendensammelaktion – erfolgreich abgeschlossen wurde.
Trotz der extremen Kälte am 22.12.2025 kamen zahlreiche Menschen in der Münchner Innenstadt zusammen, um Solidarität mit den Opfern des Wirbelsturms "Fengal" in Sri Lanka zu zeigen.
Unsere Kernziele dieser Kampagne waren:

Sensibilisierung: Aufklärung über die verheerenden Auswirkungen des Wirbelsturms in Sri Lanka im Kontext des globalen Klimawandels.

Direkte Hilfe: Sammeln von Spenden für den „Rebuild Sri Lanka“ Fonds und Verteilung von Informationsmaterial zur Unterstützung der Betroffenen.

Nachhaltige Förderung: Motivierung von deutschen und internationalen Bürgern, Sri Lanka als Reiseziel zu wählen, um die wirtschaftliche Erholung und den Tourismus des Landes langfristig zu stärken.
Ein besonderer Dank

Ein herzlicher Dank gilt der srilankischen Gemeinschaft aus München, Regensburg und Nürnberg, die trotz der widrigen Wetterbedingungen vor Ort war, sowie den vielen deutschen Passanten und internationalen Touristen für ihre großzügige Unterstützung.

Ganz besonders möchten wir uns beim Kreisverwaltungsreferat (KVR) der Landeshauptstadt München und der Münchner Polizei bedanken. Dank ihrer professionellen Kooperation, der reibungslosen Genehmigungsverfahren und der Gewährleistung der Sicherheit vor Ort konnte diese Veranstaltung so erfolgreich durchgeführt werden.
Unser Versprechen
Als Auslandssrilanker versichern wir unseren Landsleuten in der Heimat: Wir werden euch niemals im Stich lassen. Gemeinsam bauen wir unsere Heimat wieder auf und führen sie in eine sichere Zukunft.

විදෙස්ගත ශ්‍රි ලාංකිකයන් ලෙස අප කිසිදා ඔබව අත් නොහරින බවට මෙයින් අප ඔබට සහතික වන්නෙමු- අපගේ මාතෘ භූමිය යලි ගොඩ නංවමු- නිරන්තරයෙන් ඔසවා තබන්නෙමු.

~NPP-Munich🧭~


21/12/2025

Join us!
Together We Rebuild Sri Lanka
Organised by NPP- Munich, Germany

Phase 3/ තෙවන අදියරAs we move into the 3rd phase of disaster relief for Cyclone Ditwah, the Sri Lankan community in Muni...
16/12/2025

Phase 3/ තෙවන අදියර

As we move into the 3rd phase of disaster relief for Cyclone Ditwah, the Sri Lankan community in Munich (NPP Munich) invites you to a special gathering. Let's stand together for those who have lost everything.

Organised by NPP action Committee- Munich.

Phase 02දෙවන අදියර ජාතික ජනබලවේගය- මියුනිච් කමිටුව විසින් ආපදා සහන වැඩසටහනේ දෙවන අදියර ද අද දින සාර්ථකව අවසන් කරන ලදී. එ...
14/12/2025

Phase 02
දෙවන අදියර

ජාතික ජනබලවේගය- මියුනිච් කමිටුව විසින් ආපදා සහන වැඩසටහනේ දෙවන අදියර ද අද දින සාර්ථකව අවසන් කරන ලදී. එහිදී පළමු අදියර යටතේ ආපදා සහන අරමුදට බැර කරන ලද රු. 3,200,000 මුදලට අමතරව දෙවන අදියර යටතේ තවත් ද්‍රව්‍යමය ආධාර තොගයක් අද දින ශ්‍රි ලංකාවට එවන ලදි.

මේ සදහා දායකත්වය දැක්වූ Munich, Regensburg සහ Nürnberg නගර වල වෙසෙන සියළු ශ්‍රි ලාංකිකයන්ටත් විශේෂයෙන්ම එම ආධාර ද්‍රව්‍ය කිසිදු මුදලක් අය නොකරමින් ශ්‍රි ලංකාවට යැවීමට දැක්වූ දායකත්වය වෙනුවෙන් සනත් කුලරත්න මහතා ප්‍රමුඛ Ceylon Logistics ආයතනයටත්, එම ද්‍රව්‍ය ප්‍රවාහනය සදහා දායකත්වය දැක්වු අසංක සහෝදරයාටත් අපගේ හෘද්‍යාංගම ස්තූතිය.

NPP- Munich 🫶🏾

Adresse

Sendlinger Tor Platz
Munich
80336

Webseite

Benachrichtigungen

Lassen Sie sich von uns eine E-Mail senden und seien Sie der erste der Neuigkeiten und Aktionen von NPP Munich - Germany erfährt. Ihre E-Mail-Adresse wird nicht für andere Zwecke verwendet und Sie können sich jederzeit abmelden.

Teilen