ආර්ථික නිදහස பொருளாதார சுதந்திரம் Economic Freedom

  • Home
  • United Kingdom
  • London
  • ආර්ථික නිදහස பொருளாதார சுதந்திரம் Economic Freedom

ආර්ථික නිදහස பொருளாதார சுதந்திரம் Economic Freedom ආර්ථික නිදහස් අරගලය
பொருளாதாரத்துக்கான சுதந்திர போராட்டம்
Fight for Economic Freedom

01/08/2026

தற்போதைய NPP நிர்வாகத்தில் பொறுப்புகளை வகிப்பவர்கள், ஒரு பதவியின் சலுகைகளும் நன்மைகளும் அது ஆற்றும் பொறுப்பின் பிரதிபலிப்பே என்பதைப் புரிந்துகொள்வது அவசியம். எனவே, தற்போதைய நிர்வாகத்தின் அலட்சியம் மற்றும் திறமையின்மையால் குடிமக்கள் இழக்கும் எதற்கும் அவர்களே பொறுப்பாவார்கள். கடமைகளையும் பொறுப்புகளையும் நிறைவேற்றுவதற்கான வளங்களும் வசதிகளும் இல்லாததால் ஒருவர் திறமையற்றவராக இருந்தாலோ அல்லது திறமையற்றவராக மாறியிருந்தாலோ, பதவி விலகுவதே பொறுப்பான தேர்வாக இருக்கும். இந்த உண்மையை ஒப்புக்கொள்ளாமல் தொடர்ந்து பதவியில் நீடிப்பது, பயனற்ற விளக்கங்களை மட்டுமே உங்களுக்கு விட்டுச்செல்லும், ஆனால் அலட்சியங்களுக்கும் திறமையின்மைகளுக்கும் உங்களையே பொறுப்பாக்கும்.

It is important that those who hold responsibilities in the current NPP administration understand that the perks and benefits of a given job role is a reflection of the responsibility it serves. Hence anything that the citizens will lose due to negligence and incompetency of the current administration will be responsible for the same. It would be the responsible option to resign, if one is incompetent or has become incompetent due to lack of resources and facilities to fulfill the duties and responsibilities. The act of continuation without acknowledging the very fact will leave you with worthless explanations but responsibility for the negligences and incompetencies.

ජා.ජ.බ රජයේ වගකීම් දරණ සියල්ල තේරුම් ගතයුතුයි වගකීම් වලට සාපේක්‍ෂව වරප්‍රසාද සහ දීමනා ලබාදෙනු ලබන්නේ පැවරී ඇති වගකීම් ඉටුකිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමට බවත්, වර්තමාන රජයේ නොසැලකිල්ල සහ නොහැකියාව මත ජනතාවට අහිම වන සියල්ල සඳහා වගකීමෙන් බැඳෙන බැවින් තමන් ට ඉටුකිරීමට නොහැකි වගකීම් හෝ ඉටුකළ හැකි වගකීම් වෙනුවෙන් ලැබිය යුතු සම්පත් සහ පහසුකම් නොලැබීම තුල ඉටු කල නොහැකි තත්වයක් තුල ඉල්ලා අස්වීම වගකීමෙන් කටයුතු කිරීමක් බවත්, එසේ නොකිරීමට කිසිඳු හේතුපාඨයක් පසුවට ඉදිරිපත් කිරීමෙන් ඵලක් නොවන බවත් හොඳින් අවධාරණය කරගත යුතුය.

12/06/2026

දශකයකට අධික කාලයක්, අප විසින් පෙර පරම්පරාවන් වලට බලය සහ තීරණ ගැනීමේ අවස්තාව ලබා දී, ඔවුන්ගේ වැඩකටයුතු වලට බාධා නොකර; අපගේ කාලය, ශ්‍රමය, දැනුම, අදහස් සහ නිර්මාණශීලිත්වය, ඔවුන් වෙනුවෙන් කැප කර, ඔවුන්ගේ වරප්‍රසාද සහ ජීවන අවශ්‍යතා නඩත්තු කරමින්, ඔවුන්ට අප බලාපොරොත්තු වන ලෝකය නිර්මාණය කිරීමට, කාලය ඇතුළු සියල්ල ලබා දුන්නෙමු.

නමුත්, ඔවුන් අප බලාපොරොත්තු වන ලෝකය නිර්මාණය කිරීම වෙනුවට, ඔවුන්ගේ පෞද්ගලික අවශ්‍යතා සහ පෞද්ගලික ලෝකය වෙනුවෙන්, අප ලබා දුන් සියල්ල අවභාවිතා කළේය. ඊට පසු පරම්පාරවල සමහරු ද, තම තමන්ගේ පෞද්ගලික අරමුණු වෙනුවෙන්, සමස්ථ ජනසමාජයට සහ රටට වන හානිය නොතකා, හුදෙක් ලාභ ප්‍රයෝජන සඳහා, එකී පරම්පරාවේ, අන්ධ භක්තික වහළුන් බවට ස්වයංව පත්වෙමින්, කටයුතු කර ඇත.

නැවත හැරී බලන විට, වර්ථමාන ආණ්ඩුවේ මාස 20ක පාලනයේ ක්‍රියාකාරිත්වය ඇතුළුව, අපට ගම්‍ය වන කරුණ නම්; අපගේ දැනුම, අවබෝධය, නිර්මාණශීලිත්වය ඇතුළු, එකී මෙකී නොකී සියළු දේ ලබාදුන්නද; පෙර පරම්පරාවන් විසින්, ඔවුන්ගේ පෞද්ගලික සුඛවිහරණයට අප ලබාදුන් සියල්ල අවභාවිතා කරමින්; රටත්, ජාතියත්, අපගේ මෙන් ම අනාගත පරම්පාරවන් වල අනාගතය කොල්ලකමින් පවතී.

අනුරතන්ත්‍රය එකී කොල්ලකරුවන්ගේ පරම්පරාවේ දිගුවේ අවසන් පුරුක. ඒ පරම්පරාවේ තීරක බලය හිමි වූ තැනැත්තන්ගෙන්, අපට ලබාගත හැකි ජයග්‍රහණ, තවදුරටත් නැත.

ඔවුන් ප්‍රෝඩාවේ සහ මුළාවේ ප්‍රතිමූර්තියන්. මෙය හුදෙක් ප්‍රකාශයක් නොව, ඔවුන්ට වසර 10කට අධික කාලයක් සේවය කරමින්, නිහඬව අධ්‍යනය කරමින්, ලබාගත් අවබෝධයක්.

ඒ නිසා තරුණ/තරුණි පරම්පරාව විසින් වගකීම් ලබාගැනීමට ඉදිරිපත් විය යුතුය. අප පරම්පාරාවේ ද බැටළුවන් සේ රඟපාන, හිවළුන් ඇත. පෙර පරම්පාරාව කර වැරැද්ද, නිවැරදි වන්නේ; අප පරම්පරාවේ හිවළුන් ට, බලය නොදී ගුණගරුක තරුණ/තරුණි නායකයන්ට/නායිකාවන්ට අවස්ථාව ලබා දී, ඔවුන් මත වගකීම් පවරා, ඔවුන් හරහා අප බලාපොරොත්තු වන ලෝකය, අප විසින් ගොඩනැගිය යුතුය. එය අපට කිසිවකු නොදෙනු ඇත, ඒ නිසා අප තනි තනිව වෙනුවට, එක පවුරක් සේ එකමුතු වෙමින්, පෙර පරම්පරා වල ගුණගරුක වැඩිහිටියන් ගේ අවවාද අනුසාසනා සහිතව, ඉදිරියට යා යුතුය.

මෑතක දී සිදුවන, බලවත් තනතුරුහිමියන් විසින්, නව අදහස් විමසීම තුලින් ගම්‍ය වන්නේ, ඔවුන් ට නව අදහස් හෝ නිර්මාණශීලිත්වයක් නැති බවත්, තනතුරු වරප්‍රසාද ටික ඕනා බවය.

ඔවුන් නොකිය කියන්නේ, ඔවුන්ට මේ තනතුරු වල වරප්‍රසාද භුක්ති විදීම සඳහා, මෙහි වගකීම් කොටස ඉෂ්ඨ කිරීමට, ඔවුන්ට නව අදහස් හෝ නිර්මාණශීලිත්වයක් නැති බැවින්, දක්‍ෂ පිරිස් තම තමන්ගේ නිවාස වල, අපාදුක් විදිමින්, දක්‍ෂයන්ට උරුම ලෝකය වෙනුවට, දුක කඳුල උරුමකම් ලබමින්, ඔවුන්ට ඔබගේ නව අදහස් සහ නිර්මාණශීලීත්වය ලබා දෙන්න, ඔවුන්ගේ තනතුරු රැකගන්න.

පසුව ඔවුන් මළදාට, ඔවුන්ගේ නීත්‍යානුකූල සහ නීත්‍යානුකූල නොවන, ඔවුන්ගේ විකෘති, පරපෝෂිත ගතිපවතින ජාන හිමි කුමරුන්ට සහ කුමාරියන්ට ඇතුළු, ඔවුන්ට වහල් සේවය කල අය විශ්‍රාම යන පසුබිමක, ඔවුන්ගේ ජාන වලට වහල්කම් කරන අලුත් වහළුන්ට, පහල මට්ටමේ තනතුරු වරප්‍රසාද ටික භුක්ති විදීම සඳහා සහ ඔවුන්ගේ ජාන වලට ඉහල තනතුරු ටික භුක්ති විදීම සඳහා, තවත් වටයකින් දක්‍ෂයන්ව ගෙදර තබා, ඔවුන්ගේ හැකියාවන් කොල්ල කමින් ඉදිරියට යාමය.

මේ චක්‍රය දීර්ඝකාලයක් පවත්වා ගෙන ආ අතර, තව දුරටත් එය පවත්වාගත නොහැකි තත්වයකට පත්ව ඇත. මින් ඉදිරියට ඔය සෙල්ලමට දක්‍ෂයන් සහය නොදෙන්නේ, ඔවුන්ගේ ප්‍රෝඩාවේ සහ මුලාවේ හෙළුව දැන් නිරාවරණය වී ඇති බැවිණි.

ඔය පිළිබඳව කතාකර කාලය නාස්ති කරනවා වෙනුවට, අපගේ පරම්පරාව විසින්, අපගේ පරම්පරාවේ දක්‍ෂයන්ට, තීරක බලය සහ වගකීම් ලබාගැනීමට අවශ්‍ය, ජනතාවරමක් වෙනුවෙන්, කාලය කැපකරමු.

🇱🇰

10/06/2026

මේ රටේ යම් බදු ගෙවන ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් වේ නම් ඉලෙක්ට්‍රොනික තාක්‍ෂණය අනිවාර්‍ය කිරීම තුල අපහසුතාවයට පත් වෙච්ච,

එවැනි පුද්ගලයින් මේ Tharindu Liyanage කියන මනුස්සයට පිං දෙන්න ඕනේ.

දැන් එවැනි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට පෙර පරිදි බදු ආකෘතිය හරහා බදු ගෙවිය හැක.

20/05/2026

අප විසින් රාජ්‍ය නායකත්වයට පැමිණීමට බලාපොරොත්තු වන මූලික අරමුණ ආර්ථික නිදහස වූවත් ඉන් එහාට ගිය දර්ශණයක් සහ චින්තනයක් අප සතුය. එකී දර්ශනය සහ චින්තනය, අප විසින් ඉදිරි ජනාධිපතිවරණය තුල, ප්‍රතිපත්ති ඇතුළත් ක්‍රියා අයිතමයන් සහිත ප්‍රකාශනයක් සැලැස්වීමට කටයුතු කරන්නෙමු.

මෙහි එක් පුළුල් කරුණක් සමාජය හමුවේ නිරාවරණය කිරීමට කැමැත්තෙමු. එනම්:

පුරවැසියා ලෙස පරමාධිපත්‍ය බලය භාවිත කොට ජනතා නියෝජිතයන් මාර්ගයෙන් ආණ්ඩුවක් බිහිකරන්නේ සහ බදු මුදල් හරහා රාජ්‍ය පරිපාලන නිළධාරීන් සමඟ රාජ්‍ය නඩත්තු කරන්නේ, අපට පුරවැසියන් ලෙස තනි තනි ව කල නොහැකි සාමාජීය අවශ්‍යතා ඉටුකරලීමේ වගකීම ආණ්ඩුව සහ රාජ්‍ය මත පැවරීමය. නමුත් පසුගිය දශක ගණනාවක සිට සිඳුව ඇත්තේ, එකී වගකීම් ඉටුකරලීමට ක්‍රියාකිරීම වෙනුවට, නව නීති පනවා, එකී වගකීම් නැවත පුරවැසියා වෙත පැවරීමය. ඉන් නොනැවතී හිටපු දේශපාලන සහ රාජ්‍ය පරිපාලන පරම්පරාවන්, නැවත පුරවැසියාටම පැවරූ වගකීම්, පුරවැසියා ඉටු නොකරන්නේ නම්, පුරවැසියාට දඩුවම් නියම කිරීමට කටයුතු සැලැස්වීම යි. මේ පිළිබඳව, සිනහ වෙන්න ද, හඬන්න ද නැතහොත් කෝපය පිටකරන්න ද යන්න ජනතාව සතුය. අපගේ යෝජනාව නම් ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති ස්වයං නිවැරදි කිරීමේ මාර්ගය තෝරා ගැනීමය.

අප විසින්, පුරවැසියා පවරපු වගකීම්, ඉටු කිරීමට කටයුතු කරන්නෙමු, එකී වගකීම්, නීති මාර්ගයෙන් නැවත පුරවැසියාට පවරා, එය ඉටුනොවන තැන, පුරවැසියාට දඩුවම් කරන නීති, හකුලන්නට කටයුතු කරන්නෙමු.

මෙය අපගේ රාජ්‍ය පාලනයේ මූලික වෙනසක් වනු ඇත!

நாட்டை வழிநடத்துவதற்கான நமது விருப்பத்தின் முதன்மையான முக்கிய நோக்கம் “பொருளாதார சுதந்திரம்” கொண்டு வருவதாகும். ஆயினும், அந்த நோக்கத்திற்கு அப்பாற்பட்ட மிக விரிவான தொலைநோக்குப் பார்வையும் சிந்தனையும் நம்மிடம் உள்ளது. இந்த தொலைநோக்குப் பார்வையையும் சிந்தனையையும் அடுத்த ஜனாதிபதித் ஜனாதிபதி தேர்தலின் போது இலங்கை குடிமக்களுக்கு ஒரு கொள்கை மற்றும் செயல் திட்ட ஆவணமாக முன்வைப்போம்.

இருப்பினும், அந்தப் பரந்த கருத்தாக்கங்களில் ஒன்றை நாங்கள் பொதுமக்களின் பரிசீலனைக்கு முன்வைக்க விரும்புகிறோம். அது என்னவென்றால்:

குடிமக்களாகிய நாம், தேர்ந்தெடுக்கப்பட்ட பிரதிநிதிகள் மூலம் ஒரு அரசாங்கத்தை நிறுவுவதற்கான நமது இறையாண்மை அதிகாரத்தைப் பயன்படுத்துகிறோம். மேலும், வரிகளைச் செலுத்துவதன் மூலம் அரசையும் நிர்வாகத்தையும் நாம் பராமரிக்கிறோம். குடிமக்களாகிய நாம், தனிப்பட்ட முறையில் நம்மால் நிறைவேற்ற முடியாத சமூகத் தேவைகளைப் பூர்த்தி செய்யும் பொறுப்பை அரசாங்கத்திற்கும் அரசுக்கும் ஒப்படைக்கிறோம். ஆனால், கடந்த சில பத்தாண்டுகளில் என்ன நடந்திருக்கிறது என்றால், அந்தப் பொறுப்புகளை நிறைவேற்றுவதற்குச் செயல்படுவதற்குப் பதிலாக, அரசியல் அதிகாரமும் நிர்வாக அதிகாரிகளும் புதிய சட்டங்களைத் திணித்து, அந்தப் பொறுப்புகளை மீண்டும் குடிமக்களிடமே மாற்றிவிட்டனர். மேலும், தங்களுக்கு மீண்டும் ஒப்படைக்கப்பட்ட பொறுப்புகளை நிறைவேற்றத் தவறினால் குடிமக்களைத் தண்டிப்பதற்காக, முந்தைய தலைமுறை அரசியலும் பொது நிர்வாகமும் சட்டங்களை உருவாக்கியுள்ளன. இதைப் பற்றிச் சிரிப்பதோ, அழுவதோ அல்லது தங்கள் கோபத்தை வெளிப்படுத்துவதோ மக்களின் கையில்தான் உள்ளது. ஜனநாயகத்தில் சுயதிருத்தப் பாதையைத் தேர்ந்தெடுப்பதே எங்களின் முன்மொழிவு.

குடிமக்களால் நம்மிடம் ஒப்படைக்கப்பட்ட பொறுப்புகளை நிறைவேற்ற நாம் பாடுபடுவோம்; சட்டங்கள் மூலம் அந்தப் பொறுப்புகளை மீண்டும் குடிமக்களிடம் மாற்றுவதை நிறுத்துவோம்; மேலும், அத்தகைய பொறுப்புகளை நிறைவேற்றாததற்காக குடிமக்களைத் தண்டிக்கும் சட்டங்களை மக்களே இயற்றி ரத்து செய்யவும் நாம் பாடுபடுவோம்.

இது நமது ஆட்சியில் ஒரு அடிப்படை மாற்றமாக அமையும்!

The foremost important objective of our hope to lead the nation is to bring “Economic Freedom”. Yet, we have a far more broader vision and a thinking beyond that objective. This vision and thinking we shall present to Sri Lankan citizens as a policy and an action plan document during the next presidential election.

However, we wish to expose one of those broader concepts to public consideration. That is:

We as the citizens, we practice our Sovereign rights to elect our representatives to form a government and we pay taxes to maintain public administrators and a state, in order to delegate and transfer the responsibility of, fulfillment of, some of the social requirements, that we as citizens cannot address at an individual level. Instead of fulfilling these requirements, what has taken place for the past few decades by the past political generations and the public administration generations is that, re-transferring that responsibility back to citizens through law, and further escalation that practice by introducing laws to punish the citizens for not fulfilling those social requirements. We wonder whether to laugh, cry or to release rage is something that public needs to decide on. Our proposal is to practice sweetest thing about democracy, which is to apply self correction path.

We shall fulfill the responsibilities that were delegated and transferred to us. We shall abolish laws that re-transfer these responsibilities back to citizens which leads to punishing them for their inaction.

This will be one of the fundamental difference in our governance!

15/05/2026
කැලෑ ජෝන් කී ගැටවරයා, ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා බවට පත් වන්නේ, ශ්‍රී ලාංකීය ජනසමාජය ඉතාම හොඳින් ග්‍රහණය කරගනි...
04/05/2026

කැලෑ ජෝන් කී ගැටවරයා, ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා බවට පත් වන්නේ, ශ්‍රී ලාංකීය ජනසමාජය ඉතාම හොඳින් ග්‍රහණය කරගනිමින්, රටේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් ගොවිජනපද ඇතුළු විශාල වැඩකොටසක් කිරීමට අවස්ථාව ලැබෙන්නේ සහ කැලේ පැන්නා යැයි කිවේ, ග්‍රාමීය වරප්‍රසාද නොමැති ගැමි ජනයා සමඟ කල් ගත කිරීම තුලය. ඩී. එස්. සේනානායක මහතා ලද සුදුසු කම් සහ අත්දැකීම්, ඔහුගේ ජීවිත කතාව විය. වරප්‍රසාදිත සාද වල සන්තර්පණය නොවී, ගැමියා සමඟ සුහදව ජීවත් වීම තුල, ජනසමාජය අධ්‍යනය කර ජනතාවට සේවය කිරීමට ඇති බලවත් ආශාව, ඔහුගේ සුදුසු කම් සහ අත්දැකීම් විය.

බණ්ඩාරනායක මහතා ඝාතනය කල පසු, ඔහුගේ අඹුව අග්‍රාමාත්‍යධූරයට සහ ප්‍රධාන පක්‍ෂයක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකයා වන්නේ, බණ්ඩාරනායක මහතාගේ නිත්‍යානුකූල බිරිඳ වීම පමණක් නිසාය. එතුමිය රටට, යම් යම් යහපත් සේවාවන් කල ද, එතුමිය විසින් රටට කල දීර්ඝකාලීනව පවතින හානී වලට, අදටත් අප රට ආර්ථික වශයෙන්, වන්දි ගෙවමින් පවතී. ඒ දවස් වල ග්‍රාමීය භාෂාවෙන් ඇතැමුන් පැවසුවේ, කුස්සි අම්මාව අග්‍රාමාත්‍යධූරයට පත් කල බවය. ඇයගේ පැලැන්තිය නිසා, සමහර විට, දේශපාලනය, බඩවියත කරගත් ඇතැම් දේශපාලන අතකොලු, ඒ අවස්ථාවේ සුදුසුකම් හෝ අත්දැකීම් ප්‍රශ්න නොකර, රට විනාශ කල දේශපාලන පරම්පාරව, තරුණ පරම්පාරවෙන්, ඔවුන්ගේ අනාගතයට ගැලපෙන නිසි සුදුසුකම් සහ අත්දැකීම් ලද, තරුණ නායකයාගේ, වපසරිය සොයා නොබලා, ප්‍රශ්ණ කිරීම ඉතාමත් පිළිකුල් සහගතය.

රටතුල ආරක්‍ෂාව නොමැති විට, තම දරුවන් සමඟ ප්‍රංශයට පැනගිය හිටපු ජනාධිපති චන්ද්‍රිකා මැතිණිය ගේ සුදුසුකම, හිටපු අග්‍රමාත්‍යවරයෙකු සහ වරියකුගේ දිණිය වීම ය. ඇය ප්‍රංශයේ අධ්‍යාපනය ලැබූවද, සෘජුව ජනාධිපතිධූරයකට සුදුසුකම් හෝ අත්දැකීම් නොවීය. නමුත් ඇය දෙවරක් රටේ ජනතාවගේ විශ්වාසය දිනා, ජනපති වී සේවය කලේ ය. ඇය ගේ පැලැන්තිය නිසා සමහර විට, දේශපාලනය, බඩවියත කරගත් ඇතැම් දේශපාලන අතකොලු, ඒ අවස්ථා වේ සුදුසුකම් හෝ අත්දැකීම් ප්‍රශ්න නොකර, රට විනාශ කල දේශපාලන පරම්පාරව, තරුණ පරම්පාරවෙන්, ඔවුන්ගේ අනාගතයට ගැලපෙන, නිසි සුදුසුකම් සහ අත්දැකීම් ලද, තරුණ නායකයාගේ වපසරිය සොයා නොබලා, ප්‍රශ්ණ කිරීම ඉතාමත් පිළිකුල් සහගතය.

විලාසිතා නිර්මාණකරුවෙකු වූ, දේශපාලන කරනම් ගැසූ මංගල සමරවීර මහතා, කැබිනට් මුදල් අමාත්‍යවරයා හෝ ඉතාම තරුණ අවදියේ දී වරාය සහ සන්නිවේදන කැබිනට් අමාත්‍යවරයා වන විට, සුදුසු කම් ඇසුවේ නැත්තේ, ආ ඒ මහානාම ගේ පුත්‍රයා බැවින් විය හැක. ඔහුගේ පැලැන්තිය නිසා සමහර විට, දේශපාලනය, බඩවියත කරගත් ඇතැම් දේශපාලන අතකොලු, ඒ අවස්ථා වේ සුදුසුකම් හෝ අත්දැකීම් ප්‍රශ්න නොකර, රට විනාශ කල දේශපාලන පරම්පාරව, තරුණ පරම්පාරවෙන්, ඔවුන්ගේ අනාගතයට ගැලපෙන නිසි සුදුසුකම් සහ අත්දැකීම් ලද, තරුණ නායකයාගේ වපසරිය සොයා නොබලා, ප්‍රශ්ණ කිරීම ඉතාමත් පිළිකුල් සහගතය.

වංශය කබල් ගෑමට අවශ්‍ය නම්, කබල් ගාන්නට ද හැකි නමුත්, ඔහු ඥාති සංග්‍රහයේ ප්‍රථිපලයක් නොවේ. එවැනි අවශ්‍යතාවයක්, අප පරම්පාරාවට ඇත්තේ ද නැත.

ඔහුගේ සුදුසුකම් සහ අත්දැකීම් අසන බොහොමයක් හිටපු ජනාධිපතිවරයාගේ කරේ නැගී, බලය පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් යොදවා ගැනීමට වෙර දරන කණ්ඩායම් වන අතර, ඇතැම් සමබර ගුණවත් පක්‍ෂ නායකයින්, පක්‍ෂ ලේකම්වරු සහ පුරවැසියන් ද ඇත. ඔවුන් මේ තරුණයා පිළිබඳව නොදැන සිටීම සාධාරණය. එබැවින් කරුණු දැක්වීම අනිවාර්යය.

ආරම්භයක් ලෙස කිව හැක්කේ, 2017තේ එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපන්දින උදෑසන තේ සංග්‍රහය අතරතුර, අග්‍රාමාත්‍යවරයා මෙම තරුණයා ගෙන් ඔහුට අවශ්‍ය මොනවා දැයි අසා සිටින්නේ, ඔහු විසින් පක්‍ෂයට කල මෙහෙවරට, රටට සේවයක් කිරීමට අවස්ථාව සැලැස්වීමටය. බොහෝ දෙනා ලේකම් කම්, සභාපති කම් හෝ ව්‍යාපාර අවස්ථා ඉල්ලන සමාජයක, ඔහු ඉල්ලා සිටියේ, රනිල් වික්‍රමහිංහ මහතාව නිරුත්තර කරන, ඇදහිය නොහැකි දෙයකි. මන්ද යත් මින් පෙර, වෙනකෙකු, මෙවැනි ඉල්ලීමක්, කල නොමැති වීම, විය හැකිය.

ඔහු ඉල්ලා සිටියේ, රට පාලනය කරන හැටි ඉගැනීමට අවශ්‍ය බවත්, ඒ සඳහා internship එකක්, නැතිනම් පුහුණු වීමේ තනතුරක් දෙන ලෙසය. කලකට පසු ඔහුට විදේශ උපදේශක ධූත මණ්ඩලයක කටයුතු කිරීමට අවස්ථාව ලැබුණි. කිසිම බලයක් හෝ වරප්‍රසාදයක් නොමැති, මේ තනතුරට, ඇතැමෙකු උසුළු විසලු කලේ, මස් නැති කට්ටක් ලබා ඇති බවත්, ඔහුට දේශපාලන අනාගතයක් නැති බවත්, කිසිවෙකු ඔහුට සහය නොදිය යුතු බවත් සඳහන් කරමිනි. නමුත් යම් පිරිසක්, මොහු සමඟ අවුරුදු 10කට අධික කාලයක්, බඩබැදගෙන විශ්වාසයෙන් හා කණ්ඩායම් හැගීමෙන් කටයුතු කළේය. ඒ අප කණ්ඩායමය.

වෙනත් දේශපාලන නායකයෙකු ගේ පුත්‍රරත්නයක් හට ද, මේ අවස්ථාව ලැබුණු ද, වරප්‍රසාද, බලයක්, කම්මැලි නමුත් අධික වැඩ සහිත, නමුත් පඩි නැති, මේ අවස්තාව මඟහැර, තම පියා මියපරලොව යාමෙන්, පියා ගේ තනතුරට පසුව ගියේය. නමුත් තරිඳු ලියනගේ, පඩි නැතිවද, උදේ 8ටේ සිට රාත්‍රී 10/11පසුවෙනකම්, ඉතා කැමැත්තෙන් වැඩ කලේ දැනුමට, අත්දැකීම් වලට සහ නිසි පුහුණුවට ඇති ඇල්ම නිසාය.

යමෙක් ඔහුගේ සුදුසුකම් සහ අත්දැකීම් ප්‍රශ්ණ කරන්නේ නම්, ඔහු හෝ ඇය හිටපු ජනාධිපති රනිල් වික්‍රමහිංහ මහතාගේ සුදුසුකම් සහ අත්දැකීම් ප්‍රශ්ණ කරන්නක් වැනිය. මන්ද යත්, යම් විටක දැන, ඇතැම් විටක නොදැන, තරිඳු ලියනගේ නම් තරුණ නායකයාව, පුහුණු කර සුදුසුකම් සහ අත්දැකීම් ලබාදුන්නේ, රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු අනෙකුත් කීර්තිමත්, දක්‍ෂ නායකයින් සහ වැඩිහිටි පරම්පාරාවන්ය.

මෙම තරුණයා ශ්‍රී ලාංකීය අභිමානයකි, මන්ද යත්, ඔහු ලද සියලු සුදුසුකම් සහ අත්දැකීම් වල පතුලේ සිටින්නේ, ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨයන්ය. මොහුව ප්‍රශ්න කරන සියල්ලට, ඒ විශිෂ්ඨයන් ගේ ගුණහරු කම් ප්‍රශ්න කිරීමට ද වනු ඇත. ඔහු මේ විශිෂ්ඨයන් ගේ, හොඳ ඉගෙණ ගෙන, නරක පිලිබඳ අධ්‍යනය කර, එහි ඇති විනාශය තේරුම් ගෙන, ඉතා මැනවින් ස්වයං හික්මීමකට පත්ව ඇති, තරුණ, නමුත් පරිණත නායකයෙකි.

ඔහු ක්‍රමානුකූලව, අවශ්‍යතාවය පදනම් කරගත්, විද්‍යාත්මකව උකහා ගත් ශාස්ත්‍රීය දැනුමක්, ඔහුගේ දේශපාලන ජීවිතයට, අප රටේ අධ්‍යාපනය තුලින් එකතු කරගෙන ඇත. ඔහු මෘදුකාංග ඉංජිනේරුවෙක් ලෙස ඔහුගේ මූලික උපාධිය හැදෑරුවා වුවද, එය ද දෛවය විසින්, වර්තමාන ලෝකයට අවශ්‍ය ඩිජිටල් දැනුමක් සහිත දේශපලාන නායකත්වයක්, බිහි කිරීමට ඉවහල් වී ඇත.

ඔහුගේ ශාස්ත්‍රීය අධ්‍යාපනයට, දේශපාලන අවශ්‍යතාවය මුහු වන්නේ, ඔහු 2014 මැද භාගයේදී ප්‍රථම උපාධියෙන් පසුව, සෘජු පක්‍ෂ දේශපාලනයට පිවිසීමත් සමඟය. ඒ එක්සත් ජාතික පක්‍ෂය හරහාය. නමුත් ඔහුගේ අධ්‍යාපන කටයුතු වලට දේශපාලන අවශ්‍යතාවය පදනම් කරගත්, ක්‍රමානුකූල ඉගනුම් ක්‍රියාවලියක නිරත වන්නේ, 2015 ජනාධිපතිවරණයෙන් ලද ජයග්‍රහණයෙන් පසුවය.

එහිදී සාමකාමී බල හුවමාරුව, මැතිවරණ ජයග්‍රහණයකට එහා ගිය ක්‍රියාවලියක් බව, අත්දැකීම් ලැබුවේය. ඔහු එහි දී, විදේශ සබඳතා, කෙතරම් වැදගත් ද යන්න, ඔහු කනින් කොණින් මෙන් ම, දෑස් දෙකෙන් උකහා ගත්තේය. මේ අනුව, ඔහු ක්‍ෂණිකව ක්‍රියාත්මක වී, විදේශ කටයුතු, විදේශ සබඳතා සහ රාජ්‍යතාන්ත්‍රික කටයුතු සම්බන්දව, ශ්‍රී ලාංකීය පාර්ලිමේන්තුවේ පනතකින් සම්මත කර, රටේ සියලු විදේශ ධූත කණ්ඩයාම් පුහුණු කරන ආයතනය හරහා, පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් අත්පත් කර ගන්නේ, හුදෙක් කොල කෑල්ලක් ගෙදර ගෙනයනවාට එහා ගිය, දැනුම් පද්ධතියක් තම දේශපාලන ජීවිතයට එකතු කර ගනිමිනි.

මෙම අධ්‍යාන කටයුතු අතර තුර, භූ දේශපාලනය පිළිබඳව ඔහු හසල ගැඹුරු දැනුමක් උකහා ගත්තේ, පශ්චාත් උපාධි ඩිප්ලෝමාව නිම කිරීමටත් පෙරය. ඒ අනුව, ඔහු 2016 හෝ 2017දී එවකට අග්‍රාමාත්‍යවරයා සමඟ පවතී සැන්දෑ කෝපි පිලිසඳකර දී, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කළහැකි සුවිශාල විදේශ ආයෝජනයක, භූගෝලීය දේශපාලන වාසිය තුල, අපරට අත්පත් කරගත හැකි, අතිවිශාල ධනස්කන්දය පෙන්වා දී, ජපානය ඉන්දියාව සහ අනෙකුත් රටවල් සමඟ, මේ පිළිබඳව කටයුතු ආරම්භ කිරීමට උනන්දු කරවීය. ඔහු ඉතා තරුණ හුරුබුහුටු ගැටවරයෙක් වුවද, ඔහුගේ දූරදර්ශී නුවණ සහ පරිණත කම වටහා ගත් එවකට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, හදිසියේම ජපානය වෙත පියාසර කර, මූලික වැඩකටයුතු වලට අවශ්‍ය, යෙන් බිලියනයක අරමුදල්, ජපන් රජයෙන් ශ්‍රී ලංකාවට අත්පත් කරගෙන, ඉන් නොනැවතී, මේම සුවිශාල මුදල ලංකාවට ලබාගැනීමට අවශ්‍ය දැනුම සහ අවස්ථාව ලබා දුන්, මෙම ගැටවරයා ඉගැනුම් ලබා සිටි ආයතනයට, එවකට ජපාන තානාපතිවරයා මඟින් දේශනයක් පවත්වා, ජපානයේ මෙම අරමුදල් සම්පාදනය ගැන ලොවට හෙළි කලේ, පිදිය යුත්තාට පිදීම සහ කෘතගුණ සැලකීම ඉතා වැදගත් බව දන්නා බැවිණි.

පසුව මෙම සුවිසල් ආර්ථික කොරිඩෝවේ තවත් ව්‍යාපෘතියකට, ඩොලර් බිලියන 2.3කට අධික සෘජු විදේශ ආයෝජනයක් රටට ගෙන ඒමට, නොර්වේ රටේ පවතින සබඳතා උපයෝගී කරගනිමින්, දැවැන්ත වැඩකටයුත්තකට අවශ්‍ය ප්‍රථම කැබිනට් අනුමැතිය ලබා ගන්නේ, දෙවැනි අනුමැතිය ජනාධිපතිවරණ මැතිවරණයට පෙර ලබා ගැනීමට හැකියාව තිබුනද, එය එසේ නොකරන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින්, නව ජනාධිපති පත් වීමෙන් අනතුරව, කටයුතු කිරීමේ අධිඨනයෙනි. ඔහු අනුර ජනාධිපති වන බව කලින් ම දන සිටිය ද, අනුර වැන්නෙකු, රටට හිමිවිය යුතු මෙම දැවැන්ත උපායමාර්ගික වාසිය ලබාගැනීමට, බාධා කරනු ඇතැයි නොසිතුවේ ය. කොපමණ නොහැකි උනත්, රටට හානියක් කිරීමට, දේශපාලනිකව පටු තීරණ නොගනී යන්න පිළිබඳව, ඔහු විශ්වාස කලේ ය. නමුත් අනුර එකී විශ්වාසය කඩ කර, එක්සත් ජාතික පාක්‍ෂිකයෙකු වීම නිසාම, මෙම දැවැන්ත ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට අකුල් හෙලීය. මෑතක දී, ආර්ථිකව නැතිභාන්ගස්ථාන වූ පසු, අනුර ගේ නියෝජිතයෙකු මාර්ගයෙන්, නැවත මෙම දැවැන්ත වැඩකටයුතු ආරම්භ කිරීමට ආරාධනා කලද, ඔහු ගේ මතය වී ඇත්තේ, මාස 18ක් අප ඔබට ඉතාම අවංකව අවස්ථාව දුන්නේ, ඔබගේ නිර්මල බව පෙන්වීමට ය, නමුත් දැන් ආර්ථික අපහසුතා මැද, අප සහය ඉල්ලන්නේ පිරිසිඳු චේතනාවෙන් නොව, අමාරු අවස්ථාවේ බොරුවට සහය ගෙන, පසුව පිහියෙන් ඇනීමේ අරමුණෙන් බව හොඳින් දන්නා නිසාය. ඔහුගේ මතය නම්, අනුර කුමාරගේ රජයට තව දුරටත් ජනතාවගේ හෝ විදේශ ප්‍රජාව ගේ විශ්වාසය නොපවතින බවත්, තවමත් මේ රජයට අවස්ථාව ඇත්තේ, ප්‍රතික්ෂේපිත පිරිස්, විපක්ෂයේ කරනම් ගසන බැව් නිසා සහ, ඔවුන්ගේ ජන වරමට තවත් අවුරුදු කිහිපයක් ඉතිරිව ඇති බැවිනි. නමුත් රටේ අවශ්‍යතාවයට, කොන්දේසි විරහතව, නව රජයක් බිහි කිරීමට ද, ඔහු පසුබට නොවනු ඇත.

මෙවැනි සුවිශාල වැඩකොටසක්, ඉතා තරුණ ගැටවර වයසේ දී කල මෙම තරුණයා ගැන, තවත් මොන සුදුසු කම් ද, අත් දැකීම් ද? නමුත් කතාව ඉතැනින් නිමි නැත. තවත් ඉතා ගැඹුරු දේශපාලන ක්‍රියාවලි වල ඔහු පිනුම් ගැසුවේ, හැදෙන ගහ දෙපැත්තේ දැනේ යන්න, මොනවට පසක් කරමින්ය. මේ සියල්ල ඉතා නිශ්බ්දව කල මෙම තරුණයා ගැන, යම් අවබෝදයක් තිබුණේ, රනිල් වික්‍රමසිංහ මහතාට පමණි. දේශපාලන පක්‍ෂ තුල පවතින ස්වභාවිකව කැපිලි කෙටිලි වලට සහ කේලම් වලට, මෙම තරුණයා ලක් වන විට රනිල් ඔහුව ආරකෂා නොකළේ, රෝස මල් යහනා වලින් නායකත්වයට පැමිණිය නොහැකි නිසා සහ, ඔහුට අවශ්‍ය අත්දැකීම් ලබා දීමට වියහැක. නමුත් මෙම තරුණයාට එරෙහි වුන සැමට, නොදැනුවත්ම රනිල් ගෙන් ලකුණු කැපුණු බව, ඔවුන් නොදැන සිටියේ, මෙම තරුණයා නිහඩව, සැඟව කරන සේවය පිළිබඳව, අනෙකුත් දේශපාලන සඟයන්ට නිරාවරණය නොවී තිබීම හේතුවෙනි. නමුත් ළඟකදී වෙනත් සාකච්ඡාවක් අතරතුර, මෙම තරුණයා කී කතාවක් මා සිහියට පැමිණේ. එනම්, යමෙකු සිය කාර්යභාරය, යුතුකම් සහ වගකීම් කලයුත්තේ, වෙනත් අය තමන් වෙත ඇස් යොමා ඇති අවස්ථාවක දී පමණක් නොව, තමන් අනෙකා දන්නා හඳුනන අවස්ථාවේ දී පමණක් නොව, තමන් කිසිවක් නොදන්නා පුරවැසියන්ට පවා, තමන් විසින් නිහඬව, කිසිඳු ගෞරවයක් හෝ අත්පොළසන්දීමක් නොමැතිව, තම කාර්යභාරය, යුතුකම් සහ වගකීම් හිතට එකඟව, තමන් අනුගමනය කරන, හර පද්ධතීන්ට අනුකූලව, ඉෂ්ඨ කල යුතු බවය. මෙවැනි පුද්ගලයන් අද අප සමාජයේ, ඉහල පුටු වල, රාජ්‍ය අංශයේ මෙන්ම, පෞද්ගලික අංශයේ ද ඉතා අල්පය.

පසුව ඔහු රාජ්‍ය පරිපාලනය සහ කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය මෙන්ම, මහ බැංකුවේ අධ්‍යන ආයතනයක් හරහා රාජ්‍ය ප්‍රසම්පානය පිලිබඳ අධ්‍යනයන් නිම කර ඇති අතර, මේ දින වල මහ බැංකුවට අයත් අධ්‍යන ආයතනයේ, මුදල් ප්‍රතිපත්තිය පිළිබඳව වැඩිදුර අධ්‍යාන කටයුතු කරමින් සිටින්නේ, ඉදිරි ජනාධිපතිවරණයට අවශ්‍ය ජනසමාජයේ සහයෝගය ලබා ගැනීමේ, සංවිධාන කටයුතු ද කරමින්ය.

තවත් කීමට බොහෝ දේ ඇත, නමුත් මේ සුළු කරුණු දැක්වීම කිරීමට සිතුවේ, ඇතැම් පිරිස් ඔහු පිළිබඳව, සවයං අධ්‍යනයක් කිරීමට ඇති කම්මැලි කම නිසා, ඔහුගේ අත්දැකීම් සහ සුදුසුකම් ප්‍රශ්න කරන බැවිණි.

මෙම ලිපිය දීර්ඝ වී පාඨකයින්ට කියවීමට එපා වනු ඇතැයි සිතෙන නිසා, පසුවට, අරගලයට ප්‍රථම, අතරතුර මෙන්ම, සහ පසුව ද, 2018දී සිදුවූ දින 52ක කුමන්ත්‍රණයට පෙර ද, අතරතුර ද, ඔහු විසින් මේ රටට කල නිහඬ සේවය පිළිබඳව, කරුණු ඉදිරිපත් කරන්නම්. ඔහු ගේ මැදිහත් වීමෙන්, අන්තිම ජනාධිපතිවරු 5ස් දෙනාම බිහි කිරීමට මෙන්ම, රටේ අවශ්‍යතාවය වෙනුවෙන් ගෙදර යැවීමට ද, සෘජුව, අනියමෙන් හෝ නියමෙන් මැදිහත් වී ඇත. ඒ කිසිඳු නායකයෙකු සමඟ පවතින, පෞද්ගලික යාළු කමකට හෝ තරහකට නොව, රට නිවැරදි දිශානිතියට ගෙන යාම සඳහාය. වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායකව පවා, රටේ අවශ්‍යතාවයට ඉවත් කිරීමේ විභවය පවතින්නේ ද, මේ තරුණයා වෙතය. නමුත් දැනට ඔහු එවැන්නක් කරනු බවට නොපෙනෙන්නේ, අනුර පරාජය කිරීමට පෙර, වෙනත් වැදගත් කරුණු කිහිපයක් විපක්‍ෂය තුල කිරීමට, ඔහු වෙහෙසන බව නිසා ය. නමුත් මේ බව ඔහු මිස, වෙනකෙකු දන්නා බව අප සිතන්නේ නැත. සමහර විට රනිල් දන්නවා ඇති. අපට වෙන දේ කියන්න බැරිය, වෙන දේ කරන්නේ ඔහු ගේ මැදිහත් වීමෙන් පමණක් බව කිව හැක. වර්තමානය ඉතිහාසය වූ විට, ඔහු ගේ මැදිහත් වීම කුමක් ද යන්න, අපට පසක් වනු ඇත.

ඔබ ඔහුට කැමති උනත් - අකමැති උනත්, ඔබට ඔහුව නොසලකා හරින්න බෑ!

මේ අනුව, ඔහු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සෙවණේ, විටක සෘජුව පුහුණුව ලැබුවා වූද, විටක අවස්ථා නිර්මාණය කරගනිමින් පුහුණුව ලැබූ වා වූ ද, එක්සත් ජාතික පක්‍ෂය නමැති අති දැවැන්ත වෘක්‍ෂයේ, අතු පතරින් ගොඩනැඟුණු, හිටපු ප්‍රතාපවත් දක්‍ෂ, ගුණගරුක, මැතිඇමතිවරුන්ගෙන් දැනුම සහ අත්දැකීම් උකහා ගනිමින්, විටක ලද අවස්ථාවන් වලින් සුදුසුකම් සහ අත්දැකීම් ද ළඟා කරගනිමින් ද, විටෙක අවස්ථා නිර්මාණය කරගනිමින්, දැනුම සහ අත්දැකීම් උකහා ගනිමින් ද, යම් අවස්ථාවක රට තුල නායකත්ව රික්තකය පැමිණි විටකදී, ජාතික නායකත්වය ලබා දීමේ අරමුණෙන්, අවශ්‍ය දැනුමෙන් සහ අත්දැකීම් වලින් සන්නද්ධ වූයේ, ඔහු තුල පැවති ජාතික වගකීම ඉෂ්ඨ කරලීමට, තමන් ඒ වෙනුවෙන් සූදානම් ව සිටියෝතින් පමණක්, රටට ජාතියට සේවය කළහැකි බව හොඳින් දන්නා බැවින්.

වර්තමානයේ විපක්‍ෂයේ සහ ජාතික නායකත්වයේ පවතින රික්තකය පිරවීමට, ඉදිරියට පැමිණි ඇති ඔහු, මින් පෙර ඉතා සැහැල්ලු විනෝදකාමී, සොඳුරු නමුත් නිහඬ පෞද්ගලික ජීවිතයක් ගත කලේ, බලයට කිසිම කෑදර කමක් නැති නිසා ය. විටක තමන්ව යකඩයක් ලෙස ශක්තිමත් කිරීමට, දෛවෝපගතව පැමිණි සාගල රත්නායකව, පුෂ්පික නම් ලේකම්වරයා හරහා, රටේ අනාගතයට අවශ්‍ය යම් අති විශාල ව්‍යාපෘතියක් කරවා ගැනීමට, ඉන්දියාව බලා පිටත් කරවීමට උනන්දු කරවීමට මෙන්ම, රනිල් වික්‍රමසිංහ ඇතුළු අනෙකුත් ප්‍රවීණ නායකයන් හරහා, රටේ අභිවෘද්ධියට කටයුතු කරවා ගත්තේ ද, අනුර ගේ මාලිමා රජය විසින්, විපක්‍ෂයේ ගුණගරුක දක්‍ෂයන්ගේ සහය ගත යුතු බවට උනන්න්දු කරවන ලද්දේ ද, බලය නැතිව ද, රටට සේවය කරවා ගැනීමේ, නිපුණත්වය ප්‍රදර්ශණය කරමිණි.

නමුත් වර්තමානයේ ජාතික නායකත්වයේ, රික්තකයක් ගොඩනැගී ඇත, එම රික්තකය පිරවීමට, තරිඳු ලියනගේ මහතා ඉදිරිපත් වී ඇත. ඒ වෙනුවෙන්, අප ඔහුට පක්‍ෂ විපක්‍ෂ භේදයකින් තොරව, පාට පක්‍ෂ හෝ තරුණ වැඩිහිටි භේදයකින් තොරව, සහයෝගය දිය යුතුව ඇත.

කුහක සහ විනාශකාරී දේශපාලන පරම්පාරාවෙන්, ඔහුට නිසි ඇගයීමක් ලබා දී, තනතුරු ලබා දී නොමැති බව සත්‍යයකි. නමුත් එකී පරම්පාරාවේ කල්ක්‍රියාව, අප රටට උරුම කල, ශුද්ධ සෘණාත්මක ප්‍රතිඵලය, මෙම තරුණ නායකයාට, සුදුසුකම් හෝ අත්දැකීම් නැතැයි කීමට, හේතුවක් නොම වන බව, අපගේ මතය වේ.

මේ වන විට, නව පරම්පරාවේ උතුර සහ දකුණ තරණය කල තරුණයන් 3කි. ඉන් දෙදෙනකු දේශපාලන ඥාති සංග්‍රහ ප්‍රතිඵලයන්ය. එනම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුත් නාමල් සහ හිටපු අමාත්‍ය රාජිතගේ පුත් චතුරය.

ඊට අමතරව උතුර තරණය කල, එකම, ජාතික තලයේ, බොහෝ විටක තිරය පිටුපස සහ, යම් යම් අවස්ථා වල, තිරය ඉදිරිපස දේශපාලනය කල තරුණයා, තරිඳු ලියනගේ ය. ඔහු උතුරු පළාතේ වන්නි දිස්ත්‍රික්ක පාර්ලිමේන්තුවට තරඟ කරන්නේ, පක්‍ෂයේ බර කරට ගෙන, අලියා වෙනුවෙන් ඉදිරිපත් වූ, එකම ජාතික තලයේ දේශපාලනය කල පුද්ගලයා ලෙසය. ඔහු කල උතුරු තරණය, පක්‍ෂය වෙනුවෙන් වූවද, එය දෛවය විසින් ඔහුව උතුරු ජනතාවට හඳුන්වා දීමට සිදුවූවක් බව අපගේ හැගීමයි. ඔහු වන්නි මැතිවරණය තුල, ඔහුගේ පෞද්ගලික මුදලින්, පක්‍ෂයේ හෝ තම කඳවුරේ දැවන්තයන්ගෙන් කිසිඳු සහයෝගයක් නැතිව, විවිද ජීවිත තර්ජන මැද, නෛතිකව ක්‍රියාත්මක වූ දඩයම් වලට ද මුහුණ දී, පක්‍ෂය උතුරු පළාත තුල මෙන්ම, අලියා ලකුණ සුරක්‍ෂිත කිරීමට, ඉතා අගනා වැඩකොටසක් කලේ, උතුරේ ජනයාගේ හිත් දිනාගනිමිනි.

අතිරේක කියවීමක්. පහත ලින්ක් එකේ ඇති ලිපිය ලියා ඇත්තේ කවුරන්ද යන්න නොදන්නා නමුත්, කරුණු සත්‍ය බව අප විසින් තහවුරු කරගෙන ඇත. අප දන්නා පරිදි, අපගේ විශ්වාසය, මෙය ඔහුගේ විශ්ව විද්‍යාල ජීවිතය හෝ ඉන් පෙර ජීවිතය ගැන දන්නා කෙනෙක්, ලිව ඇති බවය. මෙය ඔහු දෙහ්ස්පාලනයට ඒ මට පෙර, ජාතික දේශපාලනයට කර ඇති දෛවෝපගත සෘජු මැදිහත් වී මක් බව, පැවසිය හැකිය.

https://www.facebook.com/61578832842177/posts/pfbid0zVcrfX7yLvnRJYcLajV5xMQ9qBh3vktSNpMk3ggzEPUSybBKJQDwPfkmArsgVdG8l/

අප විසින් කරනු ලබපු දේශපාලන සාකච්ඡාවක දී ඇතැමකු විසින් අපගෙන් කරුණු විමසුවේ, රු. 100ක සහනාධාරයට විරුද්ධ වීම  ගැනය. මේ ගැ...
02/05/2026

අප විසින් කරනු ලබපු දේශපාලන සාකච්ඡාවක දී ඇතැමකු විසින් අපගෙන් කරුණු විමසුවේ, රු. 100ක සහනාධාරයට විරුද්ධ වීම ගැනය. මේ ගැන පැහැදිලි කිරීමක් අප ඔවුන්ට පෞද්ගලිකව දැනුම් දුන්න ද ඒ ගැන ප්‍රසිද්ධියේ සටහනක් තැබීම යුතු යැයි සලකන බැවින් මේ කරුණු දැක්වීම ඉදිරිපත් කිරීමට කැමැත්තෙමු.

රු. 100ක සහනාධාරය ජනාධිපති අනුර කුමාර හෝ මාළිමා රජය ගෙදරින් ගෙන එන්නේ නැත, එය මහජනතාවගේ පිටිපස පොකට්ටුවෙන් පික්පොකට් ගසා ඉස්සරහ සාක්කුවට සොච්චමක් දැමීමය. ඒ වෙනුවට අප යෝජනා කරන්නේ, රුපියල ශක්තිමත් කර, විනිමය අනුපාතය තුල ඇති රුපියලේ ශක්තිමත්භාවය හරහා, තෙල් මිල පාලනය කරගැනීම ය.

මෙහි ඇති අනෙක් කරුණ නම්, පොදුවේ ලබා දෙන සහනාධාරයේ වැඩි වාසිය යනුයේ වැඩිපුර පරිභෝජනය කරන ආර්ථිකව ශක්තිමත් පිරිස මිස දුප්පත් ජනතාව නොව. මන්ද යත් වැඩි පරිබෝජනයක් කරන ආර්ථිකව ශක්තිමත් පිරිස වැඩි ප්‍රමාණයක සහනාධාර බුක්ක්ති විදීමත්, අවම ආර්ථික ශක්තියක් ඇති දුප්පත් ජනතාව කරන අවම පරිභෝජනය තුල අඩු ප්‍රමාණයක සහනාධාර බුක්ක්ති විදීමත්ය. මෙමඟින් සිදුවන්නේ අවශ්‍ය පිරිසට අමතරව, අනවශ්‍ය පිරිස් වලට පවා සහනාධාර ලබා දීමට, ජනතාවට බදු ගෙවීමට සිදු වීමය.

මෙහි දී අප ගේ අරමුණ සහනාධාර සම්පූර්ණයෙන් ම ඉවත් කිරීම වෙනුවට, ඉලක්කගත අවම ආර්ථික ශක්තියක් ඇති දුප්පත් පිරිස් වෙත, සහනාධාරය සෘජුව ලබාදීමට කටයුතු කිරීමය. මෙමඟින් අපගේ අරමුණ යම් යම් අවස්ථා වල පැනනැගෙන ආර්ථික විචල්‍යන්ට අවම ආර්ථික ශක්තියක් ඇති පිරිස් බලගන්වන්න මිස, ඔවුන් ව සහනාධාර මත යැපෙන වහල්ලු කරලීමට නොව.

අපගේ අරමුණු අතර ඇති එක් ප්‍රධාන අරමුණක් වන්නේ, සමතලා ක්ෂේත්‍ර භූමියක් තුල, සැමට සමව තරඟ වැදිය හැකි, සමබිමක් නිර්මාණය කරලීම හරහා අවම සම්පත් ඇති ජනතාවට අවශ්‍ය රාජ්‍ය මැදිහත් වීම තුල, අධික සම්පත් ප්‍රමාණයක් ඇති පිරිස් සමඟ තරඟ කිරීමට හැකි පරිසරය ගොඩනගා, දෙගොල්ලන්ටම ආර්ථික අවස්ථා සඳහා ප්‍රවේශය විදිමත් කර ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම තුලින් ඔවුන්ට ආර්ථික නිදහස ලබා දීමය.

ජනාධිපති අනුර තෙල් ලීටරයකට රු.100ක් ආණ්ඩුවෙන් දෙනවලු, ආණ්ඩුවෙන් සහනාධාර දෙන, වහල්ලු හදන එක අනුර ගේ ප්‍රතිපත්තිය. අපේ ප්‍...
01/05/2026

ජනාධිපති අනුර තෙල් ලීටරයකට රු.100ක් ආණ්ඩුවෙන් දෙනවලු, ආණ්ඩුවෙන් සහනාධාර දෙන, වහල්ලු හදන එක අනුර ගේ ප්‍රතිපත්තිය. අපේ ප්‍රතිපත්තිය, රුපියල ශක්තිමත් කරලා, පුද්ගල ආර්ථිකය ශක්තිමත් කරලා, ජාතික ආර්ථිකයට සහ පුරවැසි ආර්ථිකයට, ආර්ථික නිදහස ලබාදෙන එක, අපේ ප්‍රතිපත්තිය.

ஜனாதிபதி அனுராவின் கொள்கை, ஒரு லிட்டர் எண்ணெய்க்கு 100 ரூபாய் வழங்குவதும், அரசாங்கத்திடமிருந்து மானியங்கள் அளிப்பதும், அடிமைகளை உருவாக்குவதும் ஆகும். எங்களின் கொள்கை, ரூபாயை வலுப்படுத்துவதும், தனிநபர் பொருளாதாரத்தை வலுப்படுத்துவதும், தேசியப் பொருளாதாரத்திற்கும் குடிமக்கள் பொருளாதாரத்திற்கும் பொருளாதார சுதந்திரம் வழங்குவதும் ஆகும்.

President Anura Kumara claim his administration is providing a Rs. 100 subsidies per oil liter and downgrading citizens as slaves is, his policy. Whereas our policy is to strengthen the rupee and empower the individual economy, to bring Economic Freedom to national economy and to individual’s economy.

Anura Kumara vs Tharindu Liyanage

Address

London
EC1V 9BW

Alerts

Be the first to know and let us send you an email when ආර්ථික නිදහස பொருளாதார சுதந்திரம் Economic Freedom posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share