Refugee Info Italy - Sinhala

Refugee Info Italy - Sinhala Informazioni di contatto, mappa e indicazioni stradali, modulo di contatto, orari di apertura, servizi, valutazioni, foto, video e annunci di Refugee Info Italy - Sinhala, Servizi sociali, Via cavour, 17, Rome.

ඉතාලියේ සරණාගත නීති පිළිබදව නිවැරදිව ශ්‍රී ලාංකිකයින් දැනුවත් කිරීම සහ ඔවුන්ගේ ගැටළු සදහා විශ්වාසනීය විසදුම් ලබා දීමට අපි උත්සහ කරමු. ඔබට දැන ගැනිමට අවශ්‍ය දේ අපට ලියන්න

👉 2023 ජුනි මාසයේ සිට, ඔබගේ 📃 සරණාගත අයදුම්පත ප්‍රතික්ෂේප කළහොත්, එයට 🔙 නෙරපා හැරීමේ නියෝගයක් ද ඇතුළත් වන බව ඔබ දැන සිටි...
17/02/2025

👉 2023 ජුනි මාසයේ සිට, ඔබගේ 📃 සරණාගත අයදුම්පත ප්‍රතික්ෂේප කළහොත්, එයට 🔙 නෙරපා හැරීමේ නියෝගයක් ද ඇතුළත් වන බව ඔබ දැන සිටියාද?

කෙසේ වෙතත්, නෙරපා හැරීම වළක්වා ගැනීමට ඔබට උපකාරී විය හැකි 💡ප්‍රධාන කරුණු කිහිපයක් තිබේ:

📌 නෙරපා හැරීමේ නියෝගය ලැබුණු මොහොතේ සිට, ඔබේ ප්‍රාදේශීය Giudice di Pace (විනිසුරුවරයා) වෙත අභියාචනා කිරීමට ඔබට අවම දින 7 උපරිම දින 30 ක් ⏰ අතර කාලයක් හිමිවේ. හැකි ඉක්මනින් 👩‍💼 නීතිඥයෙකු සොයා ගෙන අවසාන දිනයට පෙර ඇපැලක් ඉදිරිපත් කිරිමට වග බලා ගන්න.

📌 කොමිසමේ තීරණයට අභියාචනය යොමු කිරිමෙන් පමණක් නෙරපා හැරීම අත්හිටුවන්නේ නැත. ඔබගේ නෙරපා හැරීම නැවැත්වීමට ඔබේ නීතිඥවරයා විනිසුරුවරයාගෙන් අත්හිටුවීමක් ඉල්ලා සිටිය යුතුය.

📌 අභියාචනයක් ඉදිරිපත් කිරීමට පෙර ඔබව නෙරපා හරිනු ලැබුවහොත්, ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලයෙන් ඉල්ලා සිටින නීත්‍යානුකූල ඇටෝර්නි බලයක් හරහා ලංකාවේ සිට අභියාචනා කිරීමට ඔබට දින 40 ක් තිබේ.

දැනුවත්ව සිටින්න සහ ඔබේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා නීති උපදෙස් ලබා ගන්න. 💪
අනිත් අය දැනුවත් වෙන්න ෂෙයා කරන්න👇

©️Refugee Info Italy - Sinhala

#2025 #සරණාගත

ඉතාලිය තුල ඩබ්ලින් ක්‍රියාවලිය වෙන්නෙ කොහොමද?ඔයා ඉතාලියට වෙනත් යුරෝපා රටකින් ඇවිත් සරණාගත ඉල්ලද්දි කුස්තුරා එකෙන් පසුව ම...
17/02/2025

ඉතාලිය තුල ඩබ්ලින් ක්‍රියාවලිය වෙන්නෙ කොහොමද?

ඔයා ඉතාලියට වෙනත් යුරෝපා රටකින් ඇවිත් සරණාගත ඉල්ලද්දි කුස්තුරා එකෙන් පසුව මුලින්ම ඔයාගේ සරණාගත අයදුම්පත යොමු කරන්නේ unita di dublino කියන ආයතනයට. මේ ඒකකය ඉතාලියේ අභ්‍යන්තර කටයුතු පිලිබද අමාත්‍යාංශය යටතේ පවතින "සිවිල් නිදහස සහ ආගමන පිලිබද දෙපාර්තමේන්තුව" යටතේ ක්‍රීයාත්මක වෙනවා.

සරණාගතභාවය පතා ඉදිරිපත් කරන අයදුම ලියාපදිංචි කිරීමෙන් පසුව උපරිම මාස 3 ක් ඇතුලත ඩබ්ලින් ඉල්ලීම ඉදිරිපත් කරන්න ඕනි. ඒ කියන්නේ unita di dublino එක ඔබ යුරෝපයේ මුලින් විසු රටක සරණාගතභාවය අයදුම්කල යුතු බවට තීරණය කලොත් ඔබේ සරණාගත ඉල්ලිම සම්බන්ධයෙන් මාරු කිරිමේ ඉල්ලීමක් අදාල රටට ඉදිරිපත් කරන්න ඕනි මාස තුනක් ඇතුලත.

මුලින් පැමිණි රට කියලා නිර්වචනය වෙන්නෙ ඔබේ ගමන් බලපත්‍රයේ වීසා සදහන් හෝ තාවකාලික විසිමේ බලපත්‍ර ඇති (උදා:රැමේනියාවේ TRC) හෝ සරණාගත අයදුම්කර ඇති හෝ Eurodac පද්ධතියේ ඇගිලි සලකුණු තබා ඇති ඩබ්ලින් නිතියට අයත් රටයි. (රටවල් 28 අතුරින්). මෙතනදි, ඔබ මුලින් විසු යුරෝපා රටේ සරණාගත අයදුම්කර නැති වුවත්, ඒ බව තහවුරු කරගැනීම unita di dublino එකෙ වගකීමක්. ඒ වගේම වෙනත් යුරෝපා රටක ඔබේ සරණාගත අයදුම්පත් තිබේද යන්නත් සොයා බලනවා. එයට සහය වෙන්නෙ Eurodac පද්ධතියේ ඇති තොරතුරුයි.

ඉතාලියේ Unita di dublino එක, ඔබ මුලින් පැමිණි
හෝ වෙනත් යුරෝපා රටක් ඔබේ සරණාගත අයදුම සම්බන්ධයෙන් වගකිව යුතු බව තීරණය කලොත්, අදාල රටට ඔබ⁣ව මාරු කිරිමේ ඉල්ලිමක් නිකුත් කරනවා. එම රටෙන් අදාල ඉල්ලීමට එකඟ වුණොත් මාස 6 ක් තුල ඔබව එම රටට භාරදිම සිදුකරන්න ඕනි. එවැනි අවස්ථාවක නීතිඥයෙකු මගින් ඔයාට ඇපැලක් ඉදිරිපත් කරන්න පුලුවන්. නමුත් එම අභියාචනයට අදාලව අධිකරණයේ අවසන් තීරණය unita di dublino තිරණයට සමාන වුනොත් එම තින්දුවෙන් මාස 6 ක් ඉක්මයාමට පෙර ඔබව අදාල රට⁣ට මාරු කරන්න ඕනි.

එමෙන්ම මාරු කිරිමේ ඉල්ලීමක් අනිත් රටෙන් ප්‍රතික්ෂේප කරොත් ඔබේ සරණාගත අයැදුම ඉතාලියේදි සලකා බලන ලෙස unita di dublino එක කුස්තුරා එකට උපදෙස් දෙනවා.

ඒ වගේම මේකෙ තියෙන අවාසි සහගත අවස්ථාව තමයි,
unita di dublino මගින්, ඔබ කලින් සිටි රටට කරන මාරුකිරිමේ ඉල්ලීමකට නියමිත කාලය තුල ප්‍රතිචාර නොදැක්වුවොත්, එම මාරුකිරිමේ ඉල්ලිම පිලිගත්තා සේ සලකා ඔබගේ මාරුවීම ක්‍රීයාත්මක කරනවා.

තවද, මාරු කිරිමේ නියෝගයකදී ඉතාලි රජය නියමිත කාලසිමාව තුල ඔබ කලින් සිටින රටට මාරු කිරිම නොකලොත් මාරු කිරීම අවලංගු වෙන අතර, ඔබේ සරණාගත ඉල්ලිම ඉතාලිය තුල සලකා බැලිය යුතුයි.

ඉතින් මේ වගේ මාරු කිරිමක් හිමිවුනොත් අපිට පුලුවන් දක්ෂ නීතිඥවරයෙකුගෙ සහය ලබාගෙන එම මාරුකිරිමට එරෙහිව දින 30 ඉක්ම යාමට පෙර අභියාචනයක් දමන්න. ඒ වගේම එහෙම මාරු කිරිමක් ලැබෙන්නෙ ඉතාමත් කලාතුරකින් අවාසනාවන්ත අවස්ථාවක තමයි.

ඩබ්ලින් නීතියට යටත් සරණාගත අයදුම්කරුවන්ට කුස්තුරා ආයතනය මගින් තාවකාලික විසිමේ බලපත්‍රයක් ලබා දෙනවා. ඒ වගේම ඔබ ඉතාලියේ ඩබ්ලින් ක්‍රියා පටිපාටිය යටතේ සරණාගත අයදුම්කරුවෙකු වී තාවකාලික විසිමේ බලපත්‍රයක් සහිතව සිටීනම්, ඔබට දින 60 කට පසු ඉතාලියේ වැඩ කිරීමට, සරණාගත මධ්‍යස්ථානයක රැඳී සිටීමට සහ බැංකු සේවා, සෞඛ්‍ය සේවා, නීති සහාය, භාෂා පන්ති වැනි සේවාවන් ලබා ගන්න පුලුවන්.

©️Refugee Info Italy - Sinhala

#2025 #සරණාගත

1 වන කොටසසරණාගත අයදුම් කරන ඔබ දැනගත යුතු ඩබ්ලින් රෙගුලාසි කියන්නේ මොකද්ද?ඩබ්ලින් (ඉතාලි භාෂාවෙන් ඩුබ්ලින්) රෙගුලාසි (Reg...
17/02/2025

1 වන කොටස

සරණාගත අයදුම් කරන ඔබ දැනගත යුතු ඩබ්ලින් රෙගුලාසි කියන්නේ මොකද්ද?

ඩබ්ලින් (ඉතාලි භාෂාවෙන් ඩුබ්ලින්) රෙගුලාසි (Regulation No 604/2013) කියන්නේ තුන්වන පාර්ශවයේ රටක පුරවැසියෙකු විසින් යුරෝපා සංගමයට අයත් රටකට ඉදිරිපත් කරන සරණාගතභාවය සඳහා වන අයදුම්පතක් විභාග කිරීම සඳහා, සත්‍ය වශයෙන්ම වගකිව යුතු යුරෝපා සංගම් සාමාජික රට තීරණය කරන යුරෝපා සංගමයේ ව්‍යවස්ථාදායක පනතක්.

මේ ගැන සරලව කියනවනම් යුරෝපා රටකින් තවත් යුරෝපා රටකට ගොස් සරණාගත අයදුම් කරන ඕනෑම තුන්වන ලොකයේ පුරවැසියෙකු හෝ අවතැන් වු අයෙකු යුරෝපා සංගමයේ ඩබ්ලින් සම්මුතිය⁣ට යටත් වෙනවා.

ඩබ්ලින් රෙගුලාසියේ ප්‍රධාන අරමුණක් වන්නේ අයදුම්කරුවෙකු යුරෝපා සාමාජික රටවල් කිහිපයක සරණාගත අයදුම්පත් ඉදිරිපත් කිරීම වැළැක්වීමයි. තවත් අරමුණක් වන්නේ සාමාජික රාජ්‍යයෙන් සාමාජික රාජ්‍යයට වරින් වර සංක්‍රමණය වන සරණාගතයින් සංඛ්‍යාව අඩු කිරීමයි.

1990 දි මුලින්ම ඩබ්ලින් සම්මුතිය පිහිටවා ඇති අතර එය ඩබ්ලින් 1 ලෙස හදුන්වනවා. 2003 දී මේ රෙගුලාසි යාවත්කාලීන වෙනවා, එය ඩබ්ලින් II ලෙසත්, මේවන විට ක්‍රීයාත්මක ඩබ්ලින් III නමින් හැදින්වෙන සම්මුතිය 2013 දිත් පිහිටුවා තිබෙනවා.

මේ වෙද්දි යුරෝපා සංගමයේ රටවල් 28 තුල මේ ඩබ්ලින් රෙගුලාසිය ක්‍රියාත්මක වෙනවා. ඒ රටවල් තුල ඩබ්ලින් කටයුතු සදහා විශේෂිත නිලධාරීන්ගෙන් සැදුම්ලත් කාර්යාලයක් හෝ ඒකකයක් තියෙනවා. මෙම ඒකකයන් යුරෝපා සංගමය තුල ක්‍රියාත්මක වන Eurodac (European Dactyloscopy) හෙවත් යුරෝපා වැසියන්ගේ ඇගිලි සලකුණු දත්ත ගබඩාව සමග සම්බන්ධ වෙමින් කටයුතු කරනවා. ඔවුන් විශේෂයෙන් ඔබේ සරණාගත ඉල්ලීම පරීක්ෂා කොට එයට අදාල කුමන රටද යන්න තීරණය කරනවා.

©️Refugee Info Italy - Sinhala

#2025 #සරණාගත

ඔබේ සරණාගත ස්ථිර soggiorno එකේ හෝ තාවකාලික රැදි සිටිමේ බලපත්‍රයේ වැරැද්දක් තියෙනවද? ඒක නිවැරදි කරන්නේ මෙහෙමයි! 🙌ඔබේ රැදි...
17/02/2025

ඔබේ සරණාගත ස්ථිර soggiorno එකේ හෝ තාවකාලික රැදි සිටිමේ බලපත්‍රයේ වැරැද්දක් තියෙනවද? ඒක නිවැරදි කරන්නේ මෙහෙමයි! 🙌

ඔබේ රැදි සිටිමේ බලපත්‍රය ප්‍රවේශමෙන් පරීක්ෂා කරන්න! ඔබේ නම, උපන් දිනය හෝ වෙනත් විස්තර වැරදි නම්, හැකි ඉක්මනින් ඒවා නිවැරදි කළ යුතුයි. ගුවනින් ගමන් කිරිමේදි ✈️ හෝ වෙනත් ලියකියවිලි ලබා ගැනීමේදී මෙම අඩුපාඩු බොහෝ ගැටළු ඇති කළ හැකිය.


📌 ඔබගේ සරණාගත ඉල්ලීම සම්බන්ධයෙන් කොමිසමේ තීරණයක් බලාපොරොත්තුවෙන් සිටින්නේ නම්:

ඔබේ සම්මුඛ පරීක්ෂණය අතරතුර කොමිසමට පැවසීමෙන් අක්ෂර වින්‍යාස දෝෂ, වැරදි උපන්දිනය හෝ ඔබේ නමේ කොටස් නැතිවීම වැනි වැරදි ✅ නිවැරදි කළ හැකිය, ඔබේ තාවකාලික බලපත්‍රයේ ඇති වැරදි නිවැරදි කිරීමට ඉල්ලා සිටීමට මෙය හොඳම කාලයයි.

ඔබට තාවකාලික රැදිසිටිමේ බලපත්‍රයක් (කහ කොලය/ සුදුකොලය) තිබේනම්, එය නැවත අලුත් කරන විට හෝ කොමිසමට ඉදිරිපත් වු විට ඔබේ විස්තර වල ඇති වැරදි නිවැරදි කරගැනිමට පුලුවන්.

👉 ඔබ ⚖️ සෘණාත්මක තීරණයකට අභියාචනයක් ඉදිරිපත් කරන්නේ නම්, ඔබේ ලේඛනවල වැරදි නිවැරදි කරගත යුතු බව ඔබේ නීතිඥවරයා සමඟ කතා කරන්න.

📌 ඔබ දැනටමත් ස්ථිර සරණාගත තත්ත්වය දරන්නේ නම් හෝ අනුබද්ධ ආරක්ෂාවක් තිබේ නම්, ඔබට විදේශ ගමන් බලපත්‍රයක් නොමැති නම් හෝ ඔබේ තානාපති කාර්යාලය ඔබට සේවා සපයන්නෙ නැති වෙන්න පුලුවන්. එබැවින්, මෙවැනි අවස්ථාවක ඔබට 👩‍⚖️ නීති විශේෂඥයෙකුගෙන් උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය වේ.

©️Refugee Info Italy - Sinhala

#2025 #සරණාගත

Codice Fiscale යනු කුමක්ද ?බදු කේතය හෙවත් ඉතාලියේ ජීවත් වෙන පුද්ගලයන්ට ඔවුනගේ අනන්‍යතාවය ආරෝපණය කිරීම සඳහා ලබා දුන් අක්ෂ...
16/02/2025

Codice Fiscale යනු කුමක්ද ?

බදු කේතය හෙවත් ඉතාලියේ ජීවත් වෙන පුද්ගලයන්ට ඔවුනගේ අනන්‍යතාවය ආරෝපණය කිරීම සඳහා ලබා දුන් අක්ෂර 16 කින් යුත් අක්ෂරාංක කේතයට Codice fiscale යයි කියති.

එය ඉතාලි භූමිය තුළ පුද්ගලයන් හඳුනා ගන්නා අක්ෂරාංක අනුපිළිවෙලකි. 1971 ඔක්තෝම්බර් මාසයේදී ඉතාලි පාර්ලිමේන්තුව බදු ප්‍රතිසංස්කරණයකින් පසුව බදු සංග්‍රහයේ අංගයක් ලෙස අක්ෂර 16 කින් යුත් අක්ෂරාංක කේතයක් (එනම් අකුරු සහ අංක වලින්) නිර්මාණය කළේය. මෙම ක්‍රමය ජනගහනය අතර බෙදා හැරීමට වසර 5ක් ගත වූ නමුත් පසුව එය පුද්ගලයන් හඳුනාගැනීමේ අත්‍යවශ්‍ය අංකයක් බවට පත්ව ඇත. සියලුම ඉතාලි පුරවැසියන්ට උපතේ සිට බදු කේතයක් හිමිවේ.

බදු කේතය ඉල්ලා සිටිය හැක්කේ කාටද සහ කෙසේද?

සියලුම ඉතාලි පුරවැසියන්ගේ උපත ලියාපදිංචි වන විට බදු කේතයකට හිමිකම් කියනු ලැබේ. අනෙකුත් සියලුම පුරවැසියන් සඳහා, EU සහ EU නොවන පුරවැසියන් සඳහා, නිසි අධිකාරියට නිශ්චිත ඉල්ලීමක් ඉදිරිපත් කිරීම අවශ්‍ය වේ.

විදේශිකයෙකුට නම් Codice Fiscale ලබා ගැනීමට වලංගු විදේශ ගමන් බලපත්‍රයක්, අදාළ වීසා බලපත්‍රයක් (අවශ්‍ය විට) හෝ ඉතාලි බලධාරීන් විසින් පිළිගත් වෙනත් ලියවිල්ලක්. (Permesso di soggiorno හෝ තාවකාලිකව රැදි සිටීමට ලබා දුන් රැඳී සිටිමේ බලපත්‍රයක්, *සරණාගත අයදුම් කිරිමේදි ලබා දෙන*) ඉදිරිපත් කල යුතුවේ.

ඕනෑම පුරවැසියෙකුට නමක්, වාසගමක්, උපන් ස්ථානයක් සහ උපන්දිනයක් සමග මොනයම් හෝ ලිංගිකත්වයක් හිමිවේ. (පිරිමියෙකු හෝ කාන්තාවක්). මෙය ජීව දත්තයන් ලෙස හඳුන්වනු ලබයි.

නමෙන් අකුරු 3 කුත්, වාසගමෙන් අකුරු 3 කුත්, උපන්දිනය, උපන් ස්ථානය, ස්ත්‍රී පුරුෂ භාවයටත් අනුකූලව ඉංග්‍රීසි අකුරු 9 ක් සහ අංක 7 ක එකතුවකින් Codice Fiscale යන බදු කේතය නිර්මාණය වී ඇත.

බදු අධිකාරීන්ට දත්ත වාර්තා කිරීම සහ පරීක්ෂා කිරීම සඳහා බදු ලේඛනාගාරය විසින් එම බදු කේතය භාවිතා කරයි. ඇත්ත වශයෙන්ම, එක් එක් බදු කේතයට අදාළ තොරතුරු සහ ඒ අනුව එක් එක් බදු ගෙවන්නාට අදාළ තොරතුරු සටහන් කර ඇති දත්ත සමුදායක් ඇත.

සරණාගත අයදුම් කල අය හෝ නිත්‍යානුකූලව ඉතාලියට පැමිණි අයට Codice Fiscale නොම්මරය ලබා ගත හැකි අතර නිත්‍යානුකූල නොවන අයුරින් රැදි සිටින අයට එම බදු අංකය ලබා ගත නොහැක. අනවසරයෙන් රැදි සිටින අපේ ලාංකික බොහෝ පිරිස් කිසිදු හේතුවක් හෝ පදනමක් නැතිව Codice Fiscale අංකය ලබා ගැනීමට උත්සහා කරනවා. සමහර Caf ආයතන online මගින් ලියා පදිංචි නොවුන codice fiscale නොම්මරය මුදලට ලබා දෙන බවත් ආරංචි තිබෙනවා.

ස්ථිරව ලබා දෙන Codice fiscale නොම්මරය අවලංගු වීමක් නොමැත. ඉතාලියේ පදිංචිව සිටින තාක් එය වලංගුව පවතී. නම, උපන්දිනය, වැනි දේවල් වෙනස් කලහොත් තමන්ගේ නගරසභාව මගින් හෝ Agenzia delle entrate කාර්යාලයක් මගින් හෝ codice fiscale නොම්මරය මාරු කර ගත යුතුවේ.

තමන්ට අවශ්‍ය නම් තමන්ගේ codice fiscale අංකය බලා ගන්න පුළුවන් ⁣පහත link එක භාවිතයෙන්.

https://codicefiscale.it

අජිත් හෙට්ටිආරච්චි.
"©2024 Ajith Hettiarachchi All Rights Reserved

Resident යනු....Resident කියන්නේ යම් පුද්ගලයෙක් ඉතාලියේ සාමාන්‍යයෙන් ජීවත් වන ස්ථානය සහ ඔහුගේ ප්‍රධාන නිවසේ ලිපිනය ඇති ස...
16/02/2025

Resident යනු....

Resident කියන්නේ යම් පුද්ගලයෙක් ඉතාලියේ සාමාන්‍යයෙන් ජීවත් වන ස්ථානය සහ ඔහුගේ ප්‍රධාන නිවසේ ලිපිනය ඇති ස්ථානයයි. ඒ සදහා රෙසිඩන්ට් (ස්ථිර පදිංචිය) ලබා ගැනීම සිදු කල යුතුයි. ඒ සදහා වෙනම ක්‍රමවේදයක් අනුගමනය කල යුතු අතර ඒ වෙනුවෙන් තමන් පදිංචි වන පලාතේ නගරසභාවේ (Comune) ලියාපදිංචිය සිදු කල යුතු වෙනවා.

රෙසිඩන්ට් අයදුම් කිරීමෙන් අනතුරුව රෙසිඩන්ට් අයදුම් කරු එහි පදිංචිද කියලා නගරසභා නිලධාරීන් පරික්ෂා කිරිම කරනු ලබනවා. තවද ඒ නිවස පදිංචියට සුදුසුද යන්නත් පරික්ෂා කරනවා. එහි ප්‍රතිඵලයට අනුව කොපමන දෙනෙකුට එහි රෙසිඩන්ට් තබා ගැනීම හෝ ලබා ගැනීම කල හැකිද යන්න තීරණය කරනවා.

ඉතාලි හැදුනුම් පත සාදා ගැනීම, ඉතාලි පුරවැසිභාවය ලබා ගැනීමට, විවාහය ලියාපදිංචි කිරිමට, තම පවුලේ සාමාජිකයන් එකම පවුල් ඒකකයකට ඇතුල් කිරීම, වෛද්‍ය වරයකුගේ සේවය ලබා ගැනීම සහ වෛද්‍ය පහසුකම් ලබා ගැනීමට, බැංකු සමග ගනුදෙනු කිරීමට, ඉතාලි රියදුරු බලපත්‍රය ලබා ගැනීමට, රාජ්‍ය ආයතන සමග ගනුදෙනු කිරීම වැනි දෑ කිරීමට ස්ථිර නවාතැනක් තිබීම හෙවත් රෙසිඩන්ට් තිබීම අනිවාර්ය වේ. නිත්‍යානුකූලව ඉතාලියට පැමිණ හෝ ඉතාලිය තුලදී නිත්‍යානුකූල වී වසරක් ඇතුලත රෙසිඩන්ට් දැමීම හෙවත් ස්ථිර පදිංචිය ලියාපදිංචි කිරීම කල යුතුවේ.

එහෙත් අපේ බොහෝ අය ඒ දෙය නිසි කලට නොකරති. තවද ඉතාලියේ වාසය කිරීමට අවශ්‍ය ලියකියවිලි හෙවත් Permesso di Soggiorno යාවත්කාලීන කිරීමටද රෙසිඩන්ට් අත්‍යවශ්‍ය වේ.

Resident දාන්න මුලිකවම ඔයාට තියෙන්න ඕනා ඉතාලිය ඇතුලේ රැදි සිටීමට කවර හෝ නීත්‍යානුකූල අවසරයක්.
ඊට අමතරව ස්ථිර පදිංචිය තිබෙන නිවසක්.
මේ නිවස අයත් ප්‍රදේශයෙ කොමුනෙන් (නගර සභාව) තමයි රෙසිඩන්ස් ඉල්ලුම් කරන්න ඕනා. ඒකට අදාල ⁣අයදුම්පත කොමුනෙන් ඉල්ලගන්න පුලුවන්. නැත්නම් ඒ අදාල කොමුනෙ වෙබ් සයිට් එකෙත් තියෙනවා.

ඒක නිවැරදිව පුරවගන්න අවශ්‍ය වෙනවා. ඔයාගෙ නමින් නිවසක් කුලියට අරගෙන තිබෙනවනම් agenzia entrata එකේ ලියාපදිංචි නිවසේ කොන්ත්‍රාත් එක රැගෙන යන්න ඕනා. වෙනත් අයෙකු කුලියට අරන් තියෙන නිවසක ඔබ රෙසිඩන්ස් දානවනම් අදාල කොන්ත්‍රාත් එක වගේම ඒ කොන්ත්‍රාත් එක හිමි පුද්ගලයාගේ රැදිසිටිමේ බලපත්‍රය සහ හැදුනුම්පත අවශය වෙනවා. මීට අමතරව නිවසේ අයිතිකරුගෙන් (කුලිහිමිකරු නොවේ) ඔබ එම නිවසේ සිටිමට විරුද්ධත්වයක් නැහැ කියලා දෙන ප්‍රකාශයක් ඔහුගේ හැදුනුම්පත/ රැදිසිටිමේ බලපත්‍රය එක්ක ඉදිරිපත් කරන්න ඕනා. ඒකට වෙනම ෆෝම් එකක් තියෙනවා. මේ ටික පිලිවෙලට හදාගෙන කොමුනෙට ගිහින් anagrafica office එකට බාරදෙන්න ඕනි. මේ ෆෝම් පුරවගන්න caf එකක සහය ලබාගන්න පුලුවන්.

©️Refugee Info Italy - Sinhala

Ospiti යනු....Ospiti දෙනවා කියන්නේ හිතවතෙකුට, ඥාතියෙකුට තමන්ගේ නිවසේ නවාතැන් ලබාදීම. ඔවුන් සමග කිසිදු ගිවිසුමක් ගත නොවී ...
16/02/2025

Ospiti යනු....

Ospiti දෙනවා කියන්නේ හිතවතෙකුට, ඥාතියෙකුට තමන්ගේ නිවසේ නවාතැන් ලබාදීම. ඔවුන් සමග කිසිදු ගිවිසුමක් ගත නොවී ඔවුනට නවාතැන් ලබා දීම.

අප අපෙන්ම අසන ප්‍රශ්නයක් නම් අපට කොපමණ කාලයක් මිතුරෙකුට හෝ ඥාතියෙකුට නවාතැන් දීම කළ හැකිද?

අපට මිතුරන්ට හෝ ඥාතියෙකුට අසීමිත කාල සීමාවකට හෝ අසීමිත වාර ගණනක් සඳහා. කෙටියෙන් කිවහොත්, අපට අවශ්‍ය තාක් කල්, කාල සීමාවකින් තොරව අමුත්තන්ට අපගේ නිවසේ නවාතැන් ලබා දිය හැකිය.

ඔවුනට වෙන ස්ථානයක හෝ වෙනයම් නගරයක රෙසිඩන්ට් තිබුනත් තවත් ස්ථානයක තාවකාලික කිසිදු ගිවිසුමක් නොමැතිව නවාතැන් ගැනීම වැනි දෙයක්. හිතවතෙකුගේ නිවහනක වගේ තැනක... ඒ වාගේම ඉතාලි නීතියට අනුව විදේශිකයෙකු තාවකාලිකව හෝ පැය 48 කට වඩා නවාතැන් ගන්නවා නම්, ඒ අදාල පලාතේ පොලිසිය⁣ට හෝ නගරසභාවට ඒ බැව් දැන්වීමට අවශ්‍ය වේ. ඒ සදහා dichiarazione di ospitalità o Cessione di fabbricato වගේ ෆෝම් එකක් පුරවා හෝ අදාල පොලිසියට නිවසේ මූලිකයා විසින් දැනුවත් කල යුතු වෙනවා. එසේ දැනුවත් නොකර යම් සිද්ධියක් සිදු වුවහොත් හෝ පමාවී දැන් වුවහොත් ඉතාලි නීතියට අනුව යූරෝ 150 සිට යූරෝ 1500 ක් දක්වා දඩයකට යටත් වීමට ගෙදර මූලිකයාට සිදුවේ. Ospiti සදහා දෙපාර්ශවය අතර කිසිදු ගිවිසුමක් අත්සන් කිරීමට අවශ්‍ය වන්නේද නැත. Ospiti යනු තමන්ගේ යහලුවෙකුට නොමිලේ නවාතැන් දෙනවා වගේ දෙයක්වේ.

තමන්ගේ නිවසෙහි කාමර කුලිය⁣ට දෙන සමහර අය ospiti සහතිකය ලබා දීම ප්‍රතික්ෂේප කරනවා. නමුත් අනිවාර්යයෙන් තමන්ගේ නිවසේ තාවකාලිකව හෝ පදිංචි ලබා දෙන අය වෙනුවෙන් කල යුතු දෙයක් ඒක. ඒ සදහා කිසියම් ගාස්තුවක් හෝ කිසියම් මුදලක් රජයට හෝ වෙනයම් ආයතනයකට ගෙවන්නට සිදු වන්නේත් නැහැ.

තවද Ospiti ලිපිය මගින් යම් වාර ගනනක් තමන්ගේ ලියකියවිලි යාවත්කාලීන කර ගත හැකි වුවත් පසුව රෙසිඩන්ට් ලබා ගැනීමක් කල යුතුවේ. තමන්ගේ ලියකියවිලි සදහා අයදුම් කිරීම හෝ යාවත්කාලීන කරනවාට වඩා විශේෂිත වෙනත් දෙයක් ospiti සහතිකයෙන් කල නොහැකි බවයි මට හැගීම.

Ospiti ලබා ගැනීම වෙනුවෙන් ලබා දි යුතු cessione di fabbricato ෆෝර්මය ලබා ගැනීමට..

https://www.poliziadistato.it/statics/25/modulo_cessione_di_fabbricato.pdf

අජිත් හෙට්ටිආරච්චි.
"©2023 Ajith Hettiarachchi All Rights Reserved

සරණාගත කොමිසම හමුවේ පෙනී සිටි ලාංකිකයෙකුගේ අත්දැකීමක් !!"මම මේ මාසෙ 21 (2025 ජනවාරි) වෙනිදා කමිශන් පෙනී හිටියා. මට ලැබුන...
16/02/2025

සරණාගත කොමිසම හමුවේ පෙනී සිටි ලාංකිකයෙකුගේ අත්දැකීමක් !!

"මම මේ මාසෙ 21 (2025 ජනවාරි) වෙනිදා කමිශන් පෙනී හිටියා. මට ලැබුන අත්දැකීම අනිත් අයත් එක්ක බෙදාගන්න කැමතී.

මං තනියම කොමිසමට ගියේ. මන් හිතන විදිහට ලෝයර් කෙනෙක් අල්ලගෙන ගියා කියල කිසිම පලක් වෙන්නේ නෑ. අපරාදේ සල්ලි. අදාල රටේ අයට අදාලා ට්‍රාන්ස්ලේටර් ලා ඉන්නව. ඒ අයත් අපි එන බව කලින් දැනුම්වත් වෙලා ඉන්නේ. මං මුලින් ර්‍රෙෆූජි ඉල්ලපු පලාතේ නෙමේ දැන් ඉන්නේ. ඒ ගැන මන් මුලින් රෙෆූජි ඉල්ලපු කුස්තුරා එක දැනුවත් කරලයි තිබ්බේ. හැබයි මගේ කහකොලේ ස්කදූතෝ වෙලා නිසා ඒක දැන් ඉන්න පලාතෙන් අලුත් කරගන්නකන් පරන ඇඩ්‍රස් එකටලු කමිශන් වාර්තාව එන්නේ. මට කමිශන් ඩේට් එකත් ප්‍රෙපෙත්තූරා ආයතනයෙන් කෝල් කරලයි කිව්වේ. හොඳ වෙලාවට ලංකාවෙ මිස් කෙනෙක් කතා කරේ. පරන ඇඩ්‍රස් එකට ලියුමක් ගියාද නැත්දවත් දන්නේ නෑ.

මාව ඉන්ටවිව් කරේ ගෑනු කෙනෙක්. මගේ ට්‍රාන්ස්ලේටත් ගෑනු කෙනෙක්. මුලින්ම එයා මගෙන් ඇහුවෙ ගෑනු දේන්නෙක් ඉස්සරහා මගේ කතාව කියන්න මට ප්‍රශ්නයක් තියනවද කියලා. මට එහෙම ප්‍රශ්නයක් නැති නිසා මම නෑ කිව්වා. මුලින් මගේ පවුද්ගලික විස්තර ටිකක් ඇහුවා මන් ලංකාවෙ මොනවද කරේ පවුලේ විස්තර වගේ ඒවා.

පස්සේ මගේ කතාව කියන්න කිව්වා. කතාව ගොඩක් ලොකු එකක් නිසා කොටසින් කොටස තමයි මං කිව්වේ. නැත්නම් ට්‍රාන්ස්ලේටර් ටත් අමතක වෙනවා මන් මොනවද කිව්වෙ කියල. (එහෙම කරන එක හොඳ පොයින්ට් එකක් කියල මට ඒ වෙලේ හිතුනා) මගේ කතාව ඇත්ත එකක් නිසා මට එකම ප්‍රශ්නේට දහ පාරක් වුනත් එකම උත්තරේ දෙන්න පුලුවන් වුනා. මං කියපු කතාව සම්පූර්නෙන්ම ටය්ප් කරා. ඒකෙ ප්‍රශ්න අහපු තැන උත්තර දුන්නු තැන් ඔක්කොම සටහන් වෙලා තියනවා. අජිත් සර් (අජිත් හෙට්ටිආරච්චි) කිව්ව වගේ අපේ අංග චලන අපිට හොරෙන් එයාලා බලන් ඉන්නවා.

මාව ඉන්ටවිව් කරපු කෙනා කිව්වෙ එයා තමයි මන් වෙනුවෙන් කම්ශන් එකේදි ත්‍රිපුදගල වගේ ක්මිටුවකදි මන් ගැන පැහැදිලි කරන්නේ කියලා. මට ආයෙ කමිශන් පෙනි හිටින්න දෙයක් නෑ කිව්වා. මගේ ප්‍රශ්නෙට අදාල සාක්ශි තියනවද කියල ඇහුවා. මන් ලග තිබුනු දේවල් ඒ වෙලාවෙ දුන්නා. වීඩියෝ සාක්ශි ෆොටෝ සාක්ශි වගේ දේවල් එයාලගෙ ඉමේල් එකට සෙන්ඩ් කරන්න කිව්වා. එයාල මට නොකියපු දෙයක් තිබුනා.

ඒ ගැන මන් දැනගත්තේ මට ඉන්ටර්විව් එකේ පිටපත දීලා මං ඒක බලපු වෙලාවෙ ඒකෙ තියනවා මං කරපු කතාවේ වීඩියෝ එකකුත් එයාලා ගාව තියනවා කියලා. ඒත් මං දැක්කෙ නෑ කැමරාවක් තියනවද කියලවත් හොදට මතක තියාගන්න cctv එකකින් හරි අපේ කතාව අපේ අංග චලන හැම එකක්ම එයාලා බලනවා. බොරුවක් කියද්දි පොඩි කාලේ කටපාඩම් කරනවා වගේ හොඳට මතක තියාගෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න. තව එකක් කිසිම බයක් තියාගන්න එපා. එයාලා අපෙන් බලෙන් ප්‍රශ්න අහන්නේ නෑ. බය කරල ප්‍රශ්න අහන්නෙත් නැ. තමන්ට නිදහසේ පැය හතරක් පහක් හරි අරගෙන එයාලා ප්‍රකාශ සටහන් කරගන්නවා.

මගේ ප්‍රතිපලේ මන් ලියාපදිංචි වුන ඇඩ්‍රස් එකට තමා එනවා කිව්වෙ.මොකද මගේ අලුත් එඩ්‍රස් එකට තාම අලුත් කොලේ ඇතුල් වෙලා නැති නිසා. අනිවාර්‍යෙන් ඒ එඩ්‍රස් එකේ තියන පෝස්ට් බොක්ස් එකේ අදාල කෙනාගෙ නම සඳහන් කරල තියන්න.නැත්නම් රිටර්න් වෙනවා කිව්වා. එයාලා කිව්ව මට මාස එකහමාරකින් කිසිම තොරතුරක් ලැබුනෙ නැතිනම් ප්‍රෙපෙත්තූරා එකට ඇවිත් බලන්න කියලා. මේ කතාවෙන් ප්‍රයෝජනයක් ලැබුනනම් සතුටුයි. මේ වගේ තව ඕනතරම් කමිශන් ගිය අය ඉන්නවා.හැබයි මන් දකින්නේ නෑ ඒ අය තමන් දන්න දේ නොදන්න අයට කියල දෙනවා.

ඒ අපේ ජාතියේ හැටි.එහෙම කුහක නොවී තමන් දන්න දේ තමන් අත්දැකපු දේ හැමෝ එක්කම ශෙයා කරගන්න. මමත් මේ ගෘප් එක හදද්දිම (Telegram Group for SriLankan Refugees) ජොයින් වුන කෙනෙක් විදිහට වට්සප් ගෲප් එකේ ඉද්දි ලබාගත්ත දැනුමට වඩා ගොඩක් දැනුමක් ලබාගත්තා.අජිත් සර් ටත් අනිත් සියලුම ඇඩ්මින්ලටත් ග්‍රාසියේ 🙏

රුමේෂ් පෙරේරා
©️Refugee Info Italy - Sinhala

කහ කොලය හෙවත් Permesso Di Soggiorno per Richiesto Asilo (Stranieri)සරණාගත අයදුම්පත කුස්තුරා ආයතනයට භාරදීමෙන් අනතුරුව අයද...
16/02/2025

කහ කොලය හෙවත් Permesso Di Soggiorno per Richiesto Asilo (Stranieri)

සරණාගත අයදුම්පත කුස්තුරා ආයතනයට භාරදීමෙන් අනතුරුව අයදුම්කරුගේ ඇගිලි සලකුණු ලබා ගැනීම සිදු කරනවා. ඉන්පසුව ඔබේ සරණාගත අයදුම්පත කොමිසමක් හමුවට කැදවා විභාග කරන තෙක් ඉතාලිය තුල තාවකාලිකව රැදී සිටිම සදහා කුස්තුරා ආයතනය මගින් තාවකාලික රැදී සිටිමේ බලපත්‍රයක් නිකුත් කරනවා. මේ බලපත්‍රයේ පිටුපස Permesso di soggoirno per Stranieri කියලා සදහන් කරලා තියෙන කහ පාටින් යුතු මුදිත ලියවිල්ලක්.

සාමාන්‍යයෙන් මාස 3 සිට වසරක් දක්වා වලංගු කාලයක් සහිතව ලබා දීම සිදුකරනවා.

එම කාලසීමාව තීරණය කරනු ලබන්නේ එම කුස්තුරා ආයතනයේ අනුමත කරන බලය හිමි නිලධාරියා විසිනුයි. විශේෂයෙන්ම ඩුබ්ලින් නීතිය යටතේ අයදුම පරීක්ෂාවට ලක් වන විට මෙය මාස 3 කට පමණයි ලබා දෙන්නේ.

කල් ඉකුත් වන විට නැවත අලුත් කිරීමට පුලුවන්. සරණාගත කොමිසමට කැදවන තෙක් මෙම තාවකාලික බලපත්‍රය අළුත්
කරමින් ඉතාලිය තුල රැදි සිටිමට පුලුවන්.

මෙම බලපත්‍රය හිමි සරණාගත අයදුම්කරුවෙකුට නීත්‍යානුකුල රැකියා ගිවිසුමක් යටතේ රැකියාව කරන්න අවසර තියෙනවා.

ඒ වගේම Tessera Sanitaria කාඩ්පත සකස් කර ගැනීමටත් පොදු සෞඛ්‍ය සේවාවන් ලබා ගැනීමටත්, බැංකු පහසුකම් ලබා ගැනීමටත් හිමිකම තියෙනවා.

©️Refugee Info Italy - Sinhala

රෙෆියුජි ඉල්ලුම් කරන්නෙ කොහොමද?සරණාගත අයදුම්කිරිමට අවශ්‍ය ඕනෑම අයෙකු තම සරණාගත අයදුම්පත ඉදිරිපත් කල යුත්තේ තමන් වෙසෙන ⁣ප...
16/02/2025

රෙෆියුජි ඉල්ලුම් කරන්නෙ කොහොමද?

සරණාගත අයදුම්කිරිමට අවශ්‍ය ඕනෑම අයෙකු තම සරණාගත අයදුම්පත ඉදිරිපත් කල යුත්තේ තමන් වෙසෙන ⁣පදේශයේ කුස්තුරා එකට පමණයි. වෙනත් කිසිදු රජයේ ආයතනයකින් සරණාගතභාවයට අදාලව ස්ථිර/තාවකාලික රැදිසිටිමේ බලපත්‍ර නිකුත් කරන්නෙ නැහැ. ඔබේ අයදුම්පත ඔබට තනිව කුස්තුරා ආයතනයට ඉදිරිපත් කල හැකියි. එසේ නොමැතිනම් නීතිඥ සහය ලබා ගැනිමටත් හැකියි. එසේම NAGA වැනි ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන ඔබේ අයදුම්පත් කුස්තුරා ආයතනයට ඉදිරිපත් කිරිමට සහය දෙනවා.

රෙෆියුජි අයදුම් කිරිමට අවශ්‍ය මොනවද?

- ඔබගේ වලංගු ගමන් බලපත්‍රය
- වලංගු ගමන් බලපත්‍රය නොමැතිනම්, ඒ බව ඉතාලි පොලිසියට පැමිණිලි කර ලබාගන්නා පැමිණිලි පිටපත සහ ගමන් බලපත්‍රයේ පිටපත
- තාවකාලික පදිංචි සහතිකය හෙවත් Ospiti එක
- පාස්පොර්ට් ප්‍රමාණයේ වර්ණ ඡායාරූප 4
- €16 මුද්දරයක්
- තමන් කැමති භාෂාවකින් සරණාගත අයදුම් කිරිමට අදාල හේතුව සදහන් කරමින් ලියන ලද අභියාචනය.

රෙෆියුජි අයදුම් කිරිමට මුදල් ගෙවිය යුතුද?

සරණාගත අයදුම්කිරිමට වැය වන්නේ €16 මුද්දරයක් පමණයි. ඔබ නීතිඥ සහය ලබා ගන්නවනම් නීතිඥ ගාස්තු ඔබට දැරිමට සිදුවනවා.

©️Ajith Hettiarachchi

📍ඔබ සරණාගත අයදුම්කරුවෙකු නම් පහත කරුණු ගැන අවබෝධයකින් සිටිය යුතුය. සරණාගත කොමිසම වෙත අයදුම්කරු කැදවනු ලැබුවහොත් භෞතිකව ක...
16/02/2025

📍ඔබ සරණාගත අයදුම්කරුවෙකු නම් පහත කරුණු ගැන අවබෝධයකින් සිටිය යුතුය.

සරණාගත කොමිසම වෙත අයදුම්කරු කැදවනු ලැබුවහොත් භෞතිකව කොමිසම ඉදිරියේ පෙනිසිටිමට සරණාගත අයදුම්කරු බැදි සිටි.

තවද වයස‍, අනන්‍යතාවය සහ පුරවැසිභාවය වැනි කරුණු තහවුරු කරගැනීම සදහා නිසි බලධාරින් සමග සුහදව සම්බන්ධීකරනය වෙමින් කටයුතු කිරිමටත්‍, ඊට අදාලව ඔහු සන්තකයේ ඇති සාක්ෂි ඉදිරිපත් කිරිමටත්‍ අයදුම්කරු කටයුතු කල යුතුය.

එමෙන්ම සංක්‍රමණය වු හෝ රැදි සිටි රටවල් පිලිබදව කරුණු අනාවරණය කරගැනිම සදහා අවශ්‍ය සාක්ෂි/ලේඛණ/ද්‍රව්‍ය ඉදිරිපත් කිරිමටත්‍, ඔහු සතු ඉලෙක්ට්‍රෝනික‍, ඩිජිටල් හෝ මාධ්‍ය මෙවලම් පරික්ෂා කිරිම සදහා අවශ්‍ය අවස්ථාවක ඒවා ලබා දිමටත් සරණාගතයා බැදි සිටි.

2015 අගෝස්තු 18 දිනැති අංක 142 දරන ව්‍යවස්ථාදායක නියෝගයේ 5 වන වගන්තියේ 2 වන ඡේදයේ සඳහන් සරණාගත මධ්‍යස්ථාන (Refugee camp) රැදිසිටිම අයදුම්කරු පිළි නොගන්නා විට හෝ රඳවා නොගන්නා විට (Detention) අයදුම්කරු විසින් ලබා දී ඇති අවසාන වාසස්ථානයට (ospiti ලිපිනය හෝ Resident) ජාත්‍යන්තර ආරක්ෂාව පිළිගැනීම සඳහා වූ ක්‍රියා පටිපාටියේ ලේඛන සහ විධිවිධාන පිළිබඳ දැනුම්දීම් සිදු කරනු ලැබේ.

එබැවින් නිවැරදි ලිපිනයන් ලබා දීම සහ ලිපිනයන් වෙනස්වන විට නිසිපරිදි Questura දැනුවත් කිරීම සරණාගත අයදුම්කරුගේ වගකීමකි.

නීතියේ විධිවිධා වලට අනුකූලව තැපැල් සේවය හරහා භෞමික කොමිසම විසින් කැදවීම දැනුම් දෙනු ලැබේ.

⁣සරණාගත කොමිසම (භෞමික කොමිසම) මගින් දැනුම් දෙන ලිපිය අයදුම්කරුට ලබා දීමට නොහැකි බව කොමිසමට දැනුම්දෙන අවස්ථාවන්හිදි, සරණාගත අයදුම පදනම් වී ඇති පොලිස් මූලස්ථානයේදී (Questura) එම ලිපියේ පිටපතක් අයදුම්කරුට ලබා ගත හැකිය.

භෞමික කොමිසම විසින් සහතික කළ විද්‍යුත් තැපෑල (pec) හරහා පොලිස් මූලස්ථානයට ලේඛනය සම්ප්‍රේෂණය කිරීමෙන් දින විස්සකට පසු, අයදුම්කරුට දැනුම්දීම සිදු කර ඇති බව සලකනු ලැබේ.

©️Refugee Info Italy - Sinhala

Indirizzo

Via Cavour, 17
Rome
00100

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Refugee Info Italy - Sinhala pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Condividi