Environment & forest conservation unit. Mahaweli "C"

Environment & forest conservation unit.  Mahaweli "C" save world

03/06/2025

ජගත් පරිසර දින ප්‍රධාන වැඩසටහන - මහවැලි සී කලාපය...
💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚

23/02/2025

ඉන්දියාවට ආවේණික නව හූනන් විශේෂයක් ශ්‍රී ලාංකීය පර්‍යේෂක තසුන් අමරසිංහ මහතාට ගෞරව පිණිස නම් කරයි.

මට වයස අවුරුදු 40 සම්පූර්ණ වෙන මේ 2025 නව අවුරුද්දෙ උරග සහ උභයජීවී විද්‍යාව වෙනුවෙන් මං පුරා දශක දෙකක කාලයක් තුල ලෝකෙට කරල තියෙන පර්යේෂණ වෙනුවෙන් මට කරන ගරු කිරීමක් විදියට ඉන්දියාවෙ ඉන්න ප්‍රසිද්ධ උරග පර්යේෂකයො කීපදෙනෙක් එකතු වෙලා උතුරු ඉන්දියාවෙන් සොයාගත්තු අළුත් හූනන් විශේෂයකට මගේ නම ලබා දීල තියෙනවා. මගේ වාසගමේ "අමරසිංහ" නමින් Hemidactylus කියන ගනයේ ලස්සන හූනෙකුට තමා Hemidactylus amarasinghei කියල නම ලබාදීල තියෙන්නෙ.

උතුරු ඉන්දියාවෙ බටහිර ගාට්ස් කඳුවැටියේ මුහුදු මට්ටමින් මීටර් 1000 පමණ උසින් උතුරු කෙලවරට වෙන්න පිහිටා තියෙන චල්කේවාඩි කියන උස් සානුවෙන් තමා මේ හූනන් විශේෂය හොයාගෙන තියෙන්නෙ. පරිණාමයෙන් අපේ ගෙවල් වල ඉන්න Hemidactylus brooki කියන ගෙයි හූනන්ට බන්ධුතා දැක්වුවත් මේ විශේෂය ජීවත් වෙන්නෙ නම් මේ කැලෑබද උස් සානුවේ තැනින් තැන තියෙන කළු ගල්තලාවල. මේ ප්‍රදේශය තවත් ප්‍රසිද්ධ වෙන්නෙ මේ සානුවේ පිහිටා තියෙන සුළං බලාගාරය නිසා. මේ පර්යේෂණය සිදුකරපු විද්‍යාඥයින් නම් කියන්නෙ මේ බලාගාරයේ ක්‍රියාකාරකම් නිසා අමරසිංහගේ ගෙයි හූනන්ට තර්ජනයක් තියෙනව කියල. කෙසේ වෙතත් විදුලි බලාගාර රටකට අත්‍යාවශ්‍ය දේවල් ඉතිං.

මේ නව විශේෂය හොයාගන්න මූලිකත්වය අරං තියෙන්නෙ අමිත් සහිඩ් (Amit Sayyed), රාහුල් කොට් (Rahul Khot), සහ ජයදිත්‍ය පූර්කයස්ථ (Jayaditya Purkayastha) කියන උරග විද්‍යාඥයන් තුන්දෙනා. මේ අතුරින් ආචාර්ය අමිත් බටහිර ඉන්දියාවෙ උරගයින් පිළිබඳව පර්යේෂණ රැසක් කරපු පුද්ගලයෙක්. විශේෂයෙන්ම අළුත් හූනන් විශේෂ 15 පමණ ඉන්දියාවෙන් සොයාගෙන තියෙනවා. ඒ වගේම ආචාර්ය ජයදිත්‍ය කියන්නෙ ඊසානදිග ඉන්දියාවේ උරග පර්යේෂණ රැසක් කරපු පුද්ගලයෙක්. ඔහුත් අළුත් හූනන් සහ සර්පයන් විශේෂ 17 පමණ ඉන්දියාවෙන් සොයාගෙන තිබෙනවා.

මම ඉන්දියානු දේශපාලන කලාපයේ හූනන් ගැන පර්යේෂණ කරල නැතත් අපි ලංකාවෙන් සහ ඉන්දුනීසියාවෙන් නව හූනන් විශේෂ 13 ඇතුළුව අළුත් උරග සහ උභයජීවී විශේෂ 35 කට අධික ප්‍රමාණයක් මේ වෙන විට සොයාගෙන තියෙනවා. ඉතිං අපේ අසල්වැසි රටක, මීට කලිං හම්බවෙන්නවත් අවස්ථාවක් නොලැබුණු දක්ෂ පර්යේෂකයො තුන්දෙනෙක් විසින් මාවෙත ලබා දීපු ඒ ගෞරවයට මං ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම හූනන් විශේෂයකට මගේ නම ලබාදීම ගැන මං බෙහෙවින් ආඩම්බර වෙනවා. මොකද හූනන් කියල කියන්නෙ ලංකාවෙ ජාතික වීරයින් ගේ නම් වලින් පවා හැඩවැඩ උන ජීව කාණ්ඩයක්නෙ. අවසාන වශයෙන් අමිත්, රාහුල්, ජයදිත්‍ය ඇතුළු එම පර්යේෂණ කණ්ඩායමට සුභපතන ගමන් කිසිම ලෝබයක් නැතුව ඉන්දියානු ජීව විශේෂයකට මගේ නම ලබාදීම ගැන සියළුම ඉන්දියානු උරග විද්‍යාඥයන්ට මගේ නිහතමානී ගෞරවය මෙයින් පිරිනමනවා.

සටහන: ඒ. ඒ. තසුන් අමරසිංහ
උපුටාගැනීම තසුන් අමරසිංහ මහතාගේ facebook ගිණුමෙන්.

✒ Research team: AMIT SAYYED, RAHUL KHOT, JAYADITYA PURKAYASTHA
🔗 DOI: 10.11646/zootaxa.5583.2.4
📰 Issue: Vol. 5583 No. 2: 3 Feb. 2025
📅 Published: 2025-02-03

♡ ⎙ㅤ ⌲
ˡᶦᵏᵉ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ
#පරිසර_සමාගම

20/02/2025

Address

Resident Project Manager Office, Mahaweli Authority Of Srilanaka, Sys. "c", Dehiattakandiye
Ampara

Telephone

+94717213733

Website

Alerts

Be the first to know and let us send you an email when Environment & forest conservation unit. Mahaweli "C" posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Environment & forest conservation unit. Mahaweli "C":

Share