13/09/2025
අප පාසලේ පානීය ජල ප්‍රශ්නය විසදීමට ආරම්භ කල කටයුත්තේ වැඩ මේ වන විට අවසාන වෙමින් පවතින්නේ. මෙහි වැඩ ආරම්භකර දැනට මාස 1 1/2 පමන ගත උනත් ඇත්ත වශයෙන්ම පාසලට ගොස් මෙය සිදු කිරීමට ගතවී ඇත්තේ දින 6ක් වැනි කාලයක් පමනයි. සති අන්තයේ පමනක් අපිට යන්න පුලුවන් වෙන නිසා සිදු කරන වෙනස්කම් වලින් පාසලේ එදිනෙදා කටයුතු වලට බාදා නොවෙන විදිහට මේක කරගෙන යන එක තමයි ලොකුම අබියෝගය උනේ. මුලින්ම අවසන් කරලා දෙන්න ඕන පැති තෝරගෙන ඒවා නිවැරදීව කරගෙන යන්න පුලුවන් උනා.
අනාගතයේ ජල නළ වෙනස් කිරීම් කිරිමට පහසු වෙන විදිහට සහ නව ජල සැපයුම් ලබාගන්න පුලුවන් වෙන විදිහට නිවැරදිව සැලසුම් කර, මුලු පාසලම ආවරනය වෙන විදිහට බට එලීම සිද්ද කලා.
මුලු වැඩේටම යන සියලුම ජල නල අපගේ ආදිශිශ්‍යාවක් ලබාදුන් අතර මුදල් උපකාර ආදි ශිශ්‍ය ශිශ්‍යාවන් ලබාදී තිබුනා.
(දායකත්වය දැක්වූ අයගැන සම්පූර්න විස්තරයක් සහ වැඩසටහනේන් පාසලට ලැබුන දේ ගැන සම්පූර්න් විස්තරයක් අවසානයේ ලබාදෙන්නම්)
මෙම වැඩ සටහන අවසන් කිරීම සදහා රු 30000ක පමන මුදලක් අපට අවශ්‍ය වෙලා තියනවා. මේ සදහා දායකත්වය දක්වන්න පුලුවන් අය ඉන්නව නම් අපව සම්බන්ද කරගන්න.
පැතුම් ජයනාත් 077 1528701