01/09/2026
“ළමා හඬින් හෙට දිනන ලෝකයක්”
ළමා සමුළුව – 2026
අනුරාධපුර මහා නගර සභා බල ප්රදේශය තුළ ක්රියාත්මක ළමා සමාජවල දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් “ළමා හඬින් හෙට දිනන ලෝකයක්” ළමා සමුළුව – 2026 සාර්ථකව පැවැත්විණි.
දරු දැරියන්ගේ නිර්මාණශීලීත්වය, කලා හැකියාවන් සහ දක්ෂතා ඉදිරිපත් කිරීමට වේදිකාවක් සලසා දෙමින් පැවති මෙම වැඩසටහනේදී නර්තන විශේෂාංග ඇතුළු විවිධ කලා අංග රැසක් දරු දැරියන් විසින් ඉදිරිපත් කරන ලදී.
දරුවන්ගේ හැකියාවන් අගයමින් හා ඔවුන්ගේ අනාගතය ශක්තිමත් කිරීමේ අරමුණින් පැවති මෙම අවස්ථාව සඳහා,
උතුරු මැද පළාත් ගරු ආණ්ඩුකාර වසන්ත ජිනදාස මැතිඳුන්
අනුරාධපුර මහා නගර සභාවේ ගරු නගරාධිපති එන්. කරුණාරත්න මැතිතුමන්
ගරු උප නගරාධිපති එච්. බී. සීතා හේරත් මැතිතුමිය
ගරු නාගරික මන්ත්රී මණ්ඩලයේ සාමාජික මන්ත්රීවරුන් හා මන්ත්රීවරියන්
නාගරික කොමසාරිස් එන්. එච්. ආර්. නිශාන්ත මැතිතුමන්
ඇතුළු නිලධාරීන් පිරිසක්
සහභාගී වූහ.
දරුවන්ගේ හඬට ඉඩ දෙන අද දවස, ඔවුන්ගේ ජයග්රාහී හෙට දවස ගොඩනඟයි. ❤️
#ළමාහඬින්හෙටදිනනලෝකයක්
#ළමාසමුළුව2026