Ministry of local Government - North Central Province

Ministry of local Government -  North Central  Province join with us for better service

🌿 නව රාජකාරි දිවියට සුභාශිංසන… 🌿මෙම අමාත්‍යාංශයේ සහකාර ලේකම් (පාලන) තනතුරෙහි සිය රාජකාරි ඉතා කැපවීමෙන් හා වගකීමෙන් යුතුව...
10/08/2026

🌿 නව රාජකාරි දිවියට සුභාශිංසන… 🌿

මෙම අමාත්‍යාංශයේ සහකාර ලේකම් (පාලන) තනතුරෙහි සිය රාජකාරි ඉතා කැපවීමෙන් හා වගකීමෙන් යුතුව ඉටු කළ M.G.S.D. රත්නායක මහත්මිය, අද දින අනුරාධපුර මහ නගර සභාවේ නියෝජ්‍ය නාගරික කොමසාරිස් තනතුරෙහි රාජකාරි සිදුකිරීම සඳහා ස්ථාන මාරුවීම් ලැබීය.

අමාත්‍යාංශය වෙනුවෙන් ඇය විසින් ඉටු කළ සේවය, කැපවීම සහ සහයෝගය අපි කෘතඥපූර්වකව සිහිපත් කරමු. 💐

නව වගකීම් සහිත තනතුරේදී ද ඇයගේ දැනුම, පළපුරුද්ද හා කාර්යක්ෂමතාවයෙන් විශිෂ්ට සේවයක් ඉටු කිරීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරමින්, නව රාජකාරි දිවියට හෘදයාංගම සුභාශිංසන එක් කරමු! 🌸

ඔබගේ නව රාජකාරි දිවිය සාර්ථකත්වයෙන්, ගෞරවයෙන් හා ජයග්‍රහණයෙන් පිරේවා! 🌷

🙏 අපගේ හෘදයාංගම සුභාශිංසන! 🙏

🌿 පරිසරය රකිමු – හෙට දින සුරකිමු 🌿පළාත් පාලන අමාත්‍යාංශයේ පරිසර විෂය යටතේ, 2026.07.14 දින අනුරාධපුර පූජා නගරය ආශ්‍රිතව ව...
14/07/2026

🌿 පරිසරය රකිමු – හෙට දින සුරකිමු 🌿

පළාත් පාලන අමාත්‍යාංශයේ පරිසර විෂය යටතේ, 2026.07.14 දින අනුරාධපුර පූජා නගරය ආශ්‍රිතව විශේෂ පිරිසිදු කිරීමේ වැඩසටහනක් සාර්ථකව පැවැත්විණි.

මෙම වැඩසටහනට අමාත්‍යාංශ ලේකම්තුමාගේ නායකත්වයෙන් අමාත්‍යාංශයේ නිලධාරී මණ්ඩලය සක්‍රීයව සහභාගී වූ අතර, පූජනීය පරිසරය පිරිසිදුව හා අලංකාරව පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳ ජනතාවට ආදර්ශයක් ලබාදීමට ද මෙම වැඩසටහන මගින් හැකි විය.

පිරිසිදු පරිසරයක් ගොඩනැගීම අප සැමගේ වගකීමයි.

🌱 පරිසරය රකිමු... අනාගත පරපුර සුරකිමු!

🦟 ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක්ඩෙංගු රෝගය වැළැක්වීම හා පාලනය කිරීමේ අරමුණින් 202...
26/06/2026

🦟 ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක්

ඩෙංගු රෝගය වැළැක්වීම හා පාලනය කිරීමේ අරමුණින් 2026 ජූනි 24 සිට 26 දක්වා ඩෙංගු මර්දන දිනයන් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවේ, ඒ සමඟ එක්ව පළාත් පාලන අමාත්‍යාංශය විසින් 2026 ජූනි 26 දින උතුරු මැද පළාත් සභා පරිශ්‍රයේ පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් සාර්ථකව පවත්වන ලදී.

මෙම වැඩසටහන අමාත්‍යාංශ ලේකම් එස්. ගුණපාලන් මහතාගේ උපදෙස් හා අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ අතර, අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ සක්‍රීය සහභාගීත්වයෙන් පරිශ්‍රය පුරා ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන පිරිසිදු කිරීම හා විනාශ කිරීම සිදු කරන ලදී.
#ඩෙංගුමර්දනය2026 #පළාත්පාලනඅමාත්‍යාංශය #උතුරුමැදපළාත්සභාව

📸

පොසොන් පොහෝ දිනයේ ආධ්‍යාත්මික වටිනාකම් සිහිපත් කරමින්, පළාත් පාලන අමාත්‍යාංශය මගින් මාසිකව සංවිධානය කරනු ලබන ධර්ම දේශනා ...
19/06/2026

පොසොන් පොහෝ දිනයේ ආධ්‍යාත්මික වටිනාකම් සිහිපත් කරමින්, පළාත් පාලන අමාත්‍යාංශය මගින් මාසිකව සංවිධානය කරනු ලබන ධර්ම දේශනා වැඩසටහන අද දින අමාත්‍යාංශ පරිශ්‍රයේදී ගෞරවණීය ස්වාමීන් වහන්සේ නමකගේ වැඩමවීමෙන් පැවැත්විණි. 🙏🙏🙏

මෙහිදී පවත්වන ලද අනුශාසනාව මඟින් බුදු දහමේ උතුම් හරයන්, සදාචාරාත්මක වටිනාකම් හා යහපත් රාජකාරි සංස්කෘතියක් ගොඩනැගීම සඳහා අවශ්‍ය ආධ්‍යාත්මික මඟපෙන්වීම් නිලධාරී මණ්ඩලයට ලබා දෙන ලදී.

මෙවැනි ධර්මානුකූල වැඩසටහන් තුළින් මනස පිරිසිදු කර ගනිමින්, කරුණාව, දයාව හා වගකීමෙන් යුතු සමාජ සේවාවක් ඉටු කිරීමට අවශ්‍ය අභිප්‍රේරණය වර්ධනය කර ගැනීමට අවස්ථාව උදා වේ.

මෙම පුණ්‍යමය අවස්ථාව සඳහා වැඩම කළ ගරු ස්වාමීන් වහන්සේට ගෞරවපූර්වක ස්තුතිය පුද කරමින්, සැමට පින්බර පොසොන් පොහෝ දිනයක් වේවායි ප්‍රාර්ථනා කරමු.🙏🙏🙏

එසේම, මෙම අවස්ථාවට පළාත් සංවර්ධන නිර්මාණ හා යන්තෝපකරණ එජන්සියේ සභාපතිතුමා ද පාලන දෙපාර්තමේන්තු නිලධාරීන් ද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඇතුළුව අමාත්‍යාංශයේ නිලධාරීන් ද සැදැහැ සිතින් සහභාගී විය.
📸 By Piyumal

2026 වර්ෂයේ ජුනි මස 05 දිනට යෙදුණු ලෝක පරිසර දිනය වෙනුවෙන් උතුරු මැද පළාත් පරිසර අමාත්‍යාංශය ලෙස අප අමාත්‍යාංශය විසින් උ...
06/06/2026

2026 වර්ෂයේ ජුනි මස 05 දිනට යෙදුණු ලෝක පරිසර දිනය වෙනුවෙන් උතුරු මැද පළාත් පරිසර අමාත්‍යාංශය ලෙස අප අමාත්‍යාංශය විසින් උතුරු මැද පළාත් සභා ගොඩනැගිළි සංකීර්ණ පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2026.06.05 දින පවත්වන ලදී.
මෙම වැඩසටහන සඳහා උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම්තුමා ප්‍රමුඛ පළාත් සභා ගොඩනැගිල්ලේ ආයතනයන්හි සියලුම නිලධාරීන් සහභාගී විය. මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සදහා දායකත්වය දැක්වූ සියලු දෙනා හට ස්තුතිය පුද කරමි.

2026 ජාතික ළුලදායිතා තරඟාවලිය සදහා  මෙම වසරේ මෙම අමාත්‍යාංශය ද සූදානම් වන අතර ඒ වෙනුවෙන් ළුලදායිතා ජයගාහී හා සම්මානලාභී ...
29/05/2026

2026 ජාතික ළුලදායිතා තරඟාවලිය සදහා මෙම වසරේ මෙම අමාත්‍යාංශය ද සූදානම් වන අතර ඒ වෙනුවෙන් ළුලදායිතා ජයගාහී හා සම්මානලාභී රාජ්‍ය ආයතනයක් වන මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නිරීක්ෂණය හා අත්දැකීම් හුවමාරු කරගැනීම සදහා ක්ෂේත්‍ර පරික්ෂාවක් 2026.05.27 දින සිදුකරනු ලැබීය. මේ සදහා අප අමාත්‍යාංශයේ නිලධාරීන් හා උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් කාර්යාල නිලධාරීන් ද සහභාගී විය.
එහි දී අප හට මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නිරික්ෂණය කිරීමටත්, එම ආයතනය ළුලදායිතාව වෙනුවෙන් සිදුකර ඇති දෑ සම්බන්ධව ඉතා වැදගත් දේශනයක් මුලතිව් දිස්ත්‍රික් ලේකම් වන A. Umamakeswaran මහතා විසින් ලබාදෙන ලදී.
මෙම අවස්ථාව සදහා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් වන S. Gunapalan මහතා, උතුරු මැද පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) Chandralatha මහත්මිය ඇතුළුව ආයතන දෙකෙහි නිලධාරීන් සහභාගී විය.

මෙම අමාත්‍යාංශයේ වනිතා කටයුතු විෂය යටතේ 2026 වසරේ කාන්තා සජිවීකරණය හා බලගැන්වීම සදහා ධාරිතා සංවර්ධන වැඩසටහන් පැවැත්වීමේ ...
20/05/2026

මෙම අමාත්‍යාංශයේ වනිතා කටයුතු විෂය යටතේ 2026 වසරේ කාන්තා සජිවීකරණය හා බලගැන්වීම සදහා ධාරිතා සංවර්ධන වැඩසටහන් පැවැත්වීමේ ව්‍යාපෘතියෙහි ප්‍රතිපාදන දායකත්වය මත නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල කාන්තාවන් සදහා තෙදින බතික් පුහුණු වැඩසටහනක් 2026.05.19 දින නොච්චියාගම, මානෙල්වැව, ජනසෙත තරුණ සුභසාධක සමිති ශාලාවේ දී ආරම්භ කෙරිණි.

මෙම අවස්ථාව සදහා නොච්චියාගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමන්, පළාත් පාලන හා වනිතා කටයුතු අමාත්‍යාංශයේ ලේකම්තුමා, නොච්චියාගම ප්‍රාදේශීය ලේකම්තුමිය, ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීන් ප්‍රධාන ආරාධිතයින් ලෙස සහභාගී විය.

මෙම වැඩසටහන සංවිධානය කිරීම හා සම්බන්ධීකරණය කිරීම නොච්චියාගම ග්‍රාම සංවර්ධන නිලධාරී, මානෙල්වැව ග්‍රාම නිලධාරී, හා සංවර්ධන නිලධාරී තුමිය ඇතුළු නිලධාරීන් විසින් සිදු කළේය.

මෙම අමාත්‍යාංශයේ 2026 නිවාස ආධාර වැඩසටහන යටතේ සුදුසුකම්ලත්, මිහින්තලේ, කබරගොයාව, පදිංචි අයි.අජින්තා කුමාරි මහත්මියගේ නිව...
05/05/2026

මෙම අමාත්‍යාංශයේ 2026 නිවාස ආධාර වැඩසටහන යටතේ සුදුසුකම්ලත්, මිහින්තලේ, කබරගොයාව, පදිංචි අයි.අජින්තා කුමාරි මහත්මියගේ නිවසට මුල්ගල තැබීම 2026.05.04 දින සුබ මොහොතින් සිදුවිය.

මෙම උත්සව අවස්ථාවට මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමන්, උපසභාපතිතුමන්, කොට්ඨාසය භාර මන්ත්‍රීතුමන්,ග්‍රාම සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් තුමන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ තුමන්, ග්‍රාම සංවර්ධන අධ්‍යක්ෂ තුමන්, සහකාර ප්‍රාදේශීය ලේකම් තුමන්, පරිපාලන ග්‍රාම නිලධාරීතුමන්, ග්‍රාම සංවර්ධන නිලධාරී තුමිය ,අමාත්‍යාංශයේ මිහින්තලේ භාර සංවර්ධන නිලධාරි තුමිය, වසමේ ග්‍රාම නිලධාරි තුමිය සංවර්ධන නිලධාරි තුමිය, වසමේ ප්‍රජා ශක්ති කමිටුවේ සභාපති ඇතුළු ගම්වාසීන්ගේ සහභාගීත්වයෙන් සිදුවිය.

2025 දිරිය කාන්තා වැඩසටහන යටතේ කාන්තාවන් ස්වයං රැකියාගත කිරීම සඳහා 50% ප්‍රතිලාභී දායකත්වය මත ස්වයං රැකියා උපකරණ ලබාදීමේ...
31/03/2026

2025 දිරිය කාන්තා වැඩසටහන යටතේ කාන්තාවන් ස්වයං රැකියාගත කිරීම සඳහා 50% ප්‍රතිලාභී දායකත්වය මත ස්වයං රැකියා උපකරණ ලබාදීමේ ව්‍යාපෘතිය මඟින් උතුරු මැද පළාතේ සැලෝන් උපකරණ ඉල්ලුම්කරුවන් අතරින් සුදුසුකම්ලත් ප්‍රතිලාභීන් වෙත එම උපකරණ අද දින අමාත්‍යාංශයේ දී ලබාදෙන ලදී.

Address

Anuradhapura

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:30
Friday 08:30 - 16:15

Telephone

+94252222538

Alerts

Be the first to know and let us send you an email when Ministry of local Government - North Central Province posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Ministry of local Government - North Central Province:

Shortcuts

Share