12/03/2022
අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් පාලන නියෝජිතයින් හා පක්ෂ අනුබද්ධ සංවිධාන නිළධාරීන් අතර සාකච්ජාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන කාර්යාලයේදී මෙම සාකච්ජාව පැවැත්වුණ අතර, මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආසන සංවිධාකවරුන්ද සහභාගී වූහ.
පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් එහිදී සාකච්ජා කෙරිණි.
ආසන සංවිධායකවරුන්, පළාත් පාලන නියෝජිතවරුන්, අපේක්ෂකවරුන්ද අදහස් දක්වමින් පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළට සහය දක්වන බවත්, පක්ෂය ශක්තිමත් කිරීම වෙනුවෙන් කැප වන බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය මේ වන විට තහවුරු වී ඇති බවද පැවසීය.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැදවච්චිය ආසන සංවිධායක හිටපු අමාත්‍යය තිස්ස කරල්ලියද්ද, මිහින්තලය ආසන සංවිධාක හිටපු පළාත් සභා අමාත්‍යය සරත් ඉලංගසිංහ, අනුරාධපුර දිස්ත්‍රික් සංවිධායක ආර්.එම්.බී ඥාණතිලක, අනුරාධපුර බටහිර ආසන සංවිධායක හිටපු ප්‍රාදේශීය සභා සභාපති නලීන් දිසානායක, අනුරාධපුර නැගෙනහිර ආසන සංවිධායක හිටපු නියෝජ්‍යය නගරාධිපති ප්‍රේමසිරි හෙට්ටිආරච්චි, අනුරාධපුර නැගෙනහිර ආසන සම සංවිධායක හිටපු ප්‍රාදේශීය සභා සභාපති ඩී.පී බන්දුලසේන, කැකිරාව ආසන සංවිධායක නීතීඥ රවීන්ද්‍ර දිසානායක යන මහත්වරුන් තිරප්පනය ප්‍රාදේශීය සභා සභාපති රොෂාන් ඉලංගසිංහ මහතා ඇතුළු පළාත් පාලන නියෝජිතයින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොට්ඨාශ අපේකෂකයින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ භික්ෂූ සංවිධානය, ගුරු සංවිධානය, ගොවි සංවිධානය, තරුණ සංවිධානය ඇතුළු අනුබද්ධ සංවිධාන වල නිළධාරීන් සහභාගී වූහ.