21/07/2026
🌾 මෙවර යල කන්නයේ වී මිලදී ගැනීම් අද සිට ඇරඹෙයි! ගොවි ජනතාවගේ අස්වැන්නට රජයෙන් සහතික මිලක්! 🌾🇱🇰
ගොවි ජනතාවගේ අඩුවක් නැති අස්වැන්නට නිසි වටිනාකමක් දෙමින්, අතරමැදියන්ගේ සූරාකෑමට තිත තබා වී අලෙවි මණ්ඩලය (PMB) හරහා මෙවර යල කන්නයේ වී මිලදී ගැනීමේ ජාතික වැඩපිළිවෙළ අද (13) සිට ආරම්භ කෙරේ.
උතුරු, නැගෙනහිර සහ අම්පාර ප්‍රදේශවලින් ආරම්භ කරමින් දිවයින පුරා මධ්‍යස්ථාන 143ක් හරහා මෙම වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය විධිමත්ව සිදු කිරීමට සියලු කටයුතු යොදා ඇත.
💰 වී අලෙවි මණ්ඩලයේ සහතික මිල ගණන් (1kg සඳහා):
🌾 නාඩු: රු. 120/-
🌾 සම්බා: රු. 130/-
🌾 කීරි සම්බා: රු. 140/-
📊 ව්‍යාපෘතියේ ප්‍රධාන කරුණු:
ප්‍රතිපාදන වෙන්කිරීම: වී මිලදී ගැනීම වෙනුවෙන් වී අලෙවි මණ්ඩලය වෙත රජය මඟින් රුපියල් මිලියන 6,000ක සෘජු ප්‍රතිපාදන මුදල් ලබාදී ඇත.
අතිරේක ණය පහසුකම්: අවශ්‍යතාවය අනුව භාවිත කිරීමට ඕවර්ඩ්‍රාෆ්ට් ණය යටතේ තවත් රුපියල් මිලියන 10,000ක් වෙන් කර තිබේ.
සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්: කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට ද වී තොග රැස්කර ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඇත.
පූර්ණ අධීක්ෂණය: මෙම සම්පූර්ණ ක්‍රියාවලිය ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සෘජු අධීක්ෂණය යටතේ සිදු වේ.
🌾 කලා වැව අපේ ස්ථාවරය:
කෘෂිකාර්මික ජීව රුධිරය බඳු අප කලා වැව ගොවි ජනතාවගේ මහන්සියට හා කැපවීමට සාධාරණ මිලක් ලබාදීමත්, අස්වැන්න නෙළන කාලයට ගොවියා අසරණ කරන මාෆියාවන් පරාජය කිරීමත් වත්මන් රජයේ ප්‍රමුඛතම වගකීමයි. දේශීය කෘෂිකර්මාන්තය සුරකිමින් ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අපි සැමවිටම කැපවී සිටිමු! 🤝
🔴ජාතික ජන බලවේගය - කලා වැව 🔴