Divisional Secretariat Nuwaragam Palatha East

Divisional Secretariat Nuwaragam Palatha East Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Divisional Secretariat Nuwaragam Palatha East, Government Organization, Anuradhapura.

නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ කාන්තාවන් ව්‍යවසායකයින් කිරීමේ අරමුණින් බතික්  වැඩමුළුවක්==============...
03/09/2026

නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ කාන්තාවන් ව්‍යවසායකයින් කිරීමේ අරමුණින් බතික් වැඩමුළුවක්

================

නැගෙනහි නුවරගම් පළාත ප්‍රාදේශිය ලේකම් සම්පත් රෝහණ ධර්මදාස මහතාගේ සංකල්පයකට අනුව සහකාර ප්‍රාදේශිය ලේකම් ශාමලී උදේශිකා සුභසිංහ මහත්මියගේ මඟ පෙන්වීමට අනුව නැගෙනහිර නුවරගම් පළාත ප්‍රා⁣දේශිය ලේකම් කොට්ඨාසයේ කාන්තාවන් ව්‍යවසායකත්වයට නැඹුරු කිරීමේ අරමුණින් තෙදිනක බතික් පුහුණු වැඩසටහනක් පසුගියදා අති සාර්ථක ලෙස නිමා විය.

නැගෙනහිර නුවරගම් පළාත ගෘහණියන් ව්‍යවසායකත්වය නැඹුරු කිරීමෙන් ඔවුන්ගේ ආර්ථිකය සවිමත් කිරීම මෙම වැඩසටහනේ අරමුණ විය .

මෙම තෙදින බතික් පුහුණු වැඩ මුළුව පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේදී පවත්වන ලදී.

බතික් ක්‍රම පිළිබඳ දැනුම මෙන්ම ප්‍රායෝගික පුහුණු ලබා දුන් අතර මේ සඳහා කාන්තා ව්‍යවසායකයින් 50 දෙනෙකු පමණ මේ සඳහා සම්බන්ධ විය.

මෙම වැඩසටහනේ මූල්‍ය දායකත්වය පළාත් කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් සපයන ලදී.
ඒ සඳහා සබන්ධීකරණය නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ග්‍රාම සංවර්ධන නිලධාරී දීපා ප්‍රියන්ති කුමාරි මහත්මිය විසින් සපයන ලද අතර මෙම වැඩසටහන සංවිධානය කරන ලද්දේ නැගෙනහිර නුවරගම් පළාත ව්‍යවසාය සංවර්ධන නිලධාරී සුභාණී උපමාලිකා මහත්මිය විසිණි.

ඩිනුෂා චතුරංගනී විතානගේ
මාධ්‍ය සම්බන්ධීකාරක
නැගෙනහිර නුවරගම් පළාත

නැගෙනහිර නුවරගම් පළාත භාරතීන්ද්‍රීය විහාරස්ංථානයේදී කඩල දන්සලක්=================2026.08.25 වන දින  අනුරාධපුර ශ්‍රි භාරතී...
03/09/2026

නැගෙනහිර නුවරගම් පළාත භාරතීන්ද්‍රීය විහාරස්ංථානයේදී කඩල දන්සලක්
=================

2026.08.25 වන දින අනුරාධපුර ශ්‍රි භාරතීන්ද්‍ර විහාරස්ථානය ඉදිරිපිට දී කඩල දන්සලක් 255 "දිමුතු" වැඩිහිටි සමිතිය හා "පුබුදු" ග්‍රාම සංවර්ධන සමිතිය හා එක්ව සංවිධානය කර ලබා දෙන ලදී.

මෙම වැඩසටහන නැගෙනහිර නුවරගම් පළාත සමාජ සේවා නිලධාරී සුජාතා ගුණසේකර , වැඩිහිටි නිලධාරී කෞෂල්‍යා දීපමාලි, සංවර්ධන නිළධාරි (සමාජ සේවා) නීලෝකා ප්‍රනීතනී යන මහත්මීන්ගේ සහභාගිත්වයෙන් හා සංවිධානයෙන් වර්ණවත් විය.

02/09/2026
02/09/2026

පොලි රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය – 2026 සඳහා අනුරාධපුර දිස්ත්‍රික් වැඩසටහන

📅 2026 සැප්තැම්බර් 17 දින
පෙරවරු 9.30

📍 නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දී පැවැත්වේ

වැඩසටහනට යොමුවන්න

https://chat.whatsapp.com/GmoVBVJLv4h468P95w1C5u?s=sw&p=a&mlu=0

WhatsApp සමූහයට එක්වන්න

=======කොලොම්පුරෙන් අනුරපුරට.======= 2026.08.31දවස නැගෙනහිර  නුවරගම් පලාත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අලුත් ඉරක් පායමින් ...
02/09/2026

=======කොලොම්පුරෙන් අනුරපුරට.=======

2026.08.31දවස නැගෙනහිර නුවරගම් පලාත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අලුත් ඉරක් පායමින් කොළඹ 05 නාරාහෙන්පිට පිහිටි නයින්වෙල්ස් පෞද්ගලික රෝහලේ කළමානාකාරිත්වය එක්ව නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය නියමු ව්‍යාපෘතියක් ආරම්භ කලා.

කොට්ඨාශයේ රැකියා විරහිත, උසස්පෙළ ඕනෑම විෂය ධාරවකින් සමතුන්ට මේ සදහා සම්බන්ධ වෙන්න හැකියාව උදාවෙලා තිබුනා. නයින්වෙලස් රෝහලේ හෙද විදුහලට අමතරව තවත් වෘත්තින් 12 කට පමන පුරප්පාඩු පවතින හෙයින් ඒ සදහා සම්මුඛ පරික්ෂණ සිදුකිරිම පමනක් නොව අනාගතයේදි වෘත්තීය පුහුනු ආයතන වලින් බැහැර වන තරුණ තරුණියන් ට ද මේ සදහා දැනුවත් කිරිමේ වැඩසටහන් මාලාවක් ද පැවැත්වුවා. ඒ අනුව අනුරාධපුර තාක්ෂන විද්‍යාලය, වෘත්තීය පුහුනු අධිකාරිය, ජාතික තරුණ සේවා සභාවේ දිස්ත්‍රින්කාර්‍යාලය, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුනු කිරිමේ අධිකාරිය, යොවුන් සේනාංක මද්‍යස්ථානය යන ආදි වෘත්තීය පුහුනු ආයතන මේ සදහා තෝරාගෙන තිබුනා
කොට්ඨාශයේ තරුණ තරුණියන්ගෙ විරැකියාව සදහා සාර්ථක විසදුමක් ලෙස ආරම්භ කල මෙමෙ නියමු ව්‍යාපෘතියේ දෙවැනි වැඩසටහන මෙම මස අවසානයේ සිදුකිරිමට නියමිතය.
මේ සදහා ප්‍රාදේශීය ලේකම්තුමා , සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියගෙන් ලැබුනු උපදෙස් සහ සහයෝගය මත සම්බන්ධිකරනය හා සම්පත්දායකත්වය කාර්‍යාලයේ වෘත්තීය මාර්ගෝපදේශන ඒකකයේ එච්. එම්. දිප්ති සිරිවර්ධන මහත්මිය විසින්‍ සිදු කරන ලදි.

පොලි රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය – 2026 සඳහා අනුරාධපුර දිස්ත්‍රික්  වැඩසටහන📅 2026 සැප්තැම්බර් 17 දිනපෙරවරු 9.30📍 නැගෙනහි...
27/08/2026

පොලි රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය – 2026 සඳහා අනුරාධපුර දිස්ත්‍රික් වැඩසටහන

📅 2026 සැප්තැම්බර් 17 දින
පෙරවරු 9.30

📍 නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දී පැවැත්වේ

වැඩසටහනට යොමුවන්න

https://chat.whatsapp.com/GmoVBVJLv4h468P95w1C5u?s=sw&p=a&mlu=0

WhatsApp සමූහයට එක්වන්න

නාච්චාදූව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ අවශ්‍යතා සහිත වූවන්ට ආරාධිත  දේශනයක්=================නාච්චාදූව ප්‍රාදේශිය ලේකම් කොට...
20/08/2026

නාච්චාදූව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ අවශ්‍යතා සහිත වූවන්ට ආරාධිත දේශනයක්

=================

නාච්චාදූව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ විශේෂ අවශ්‍යතා සහිත වු පුද්ගලයන් , තරුණ තරුණියන් සහ ඔවුනගේ පවුල් වල අයට "සිහින" නමින් වැඩසටහනක් නාච්චාදූව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයී ය ශ්‍රවණාගාරයේදී 2026.08.20දා පැවැත්විණී.

මෙම වැඩසටහන නාච්චාදූව සමාජ සේවා නිලධාරී මාලනී මාග්‍රට් මහත්මියගේ මෙහෙයවීමෙන් පැවැත්වූවකි.

මෙම වැඩසටහන සඳහා
සම්පත්දායකත්වය සපයනු ලැබුවේ නැගෙනහිර නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් කාර්‍යලයේ වෘත්තීය මාර්ගෝපදේශන අංශයේ එච්. එම්. දිප්ති සිරිවර්ධන මහත්මිය විසිනි.

විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින්ගේ මානසික සුවතාවය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.

ඩිනුෂා චතුරංගනී විතානගේ
මාධ්‍ය සම්බන්ධීකාරක
නැගෙනහිර නුවරගම් පළාත

නැගෙනහිර නුවරගම් පළාත මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන  ගුරුවරුන් සඳහා විශේෂ පුහුණු එක් දින වැඩසටහන==============නැගෙනහිර ...
19/08/2026

නැගෙනහිර නුවරගම් පළාත මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන ගුරුවරුන් සඳහා විශේෂ පුහුණු එක් දින වැඩසටහන
==============

නැගෙනහිර නුවරගම් පළාත මුල් ළමාවිය සංවර්ංධන මධ්‍යස්ථාන ගුරුවරුන්ගේ කායික,මානසික හා ආධ්‍යාත්මික සංවර්ධනය සඳහා විශේෂ වූ යෝග වැඩසටහනක් පසුගිය දා නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශිය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

අනුරාධපුර සහස්‍රා යෝගාශ්‍රමයේ යෝගාචාර්ය සහන් ප්‍රදීප් මහතා විසින් යෝග වැඩසටහන සිදු කළේය.

මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ මෙන්ම යහපත් පෞරුෂයකින් හෙබි දරුවෙක් නිර්මාණය කිරීමට පෙර පාසල් ගුරුවරියගේ දායකත්වය සහ වගකීම පිළිබඳ අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍ය නිළධාරිණී හේමා වීරකෝන් මිය විසින් පෙර පාසල් ගුරුවරියන් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහනක්ද එදින පවත්වනු ලැබීය.

නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශිය ලේකම් සම්පත් රෝහණ ධර්මදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩමුළුව සඳහා සහකාර ප්‍රාදේශිය ලේකම් ශ්‍යාමලි උදේශිකා සුභසිංහ මහත්මිය, පරිපාලන ග්‍රාම නිලධාරී වයි.ජී. සෙනවිරත්න මහතා ඇතුළු කාර්යාලයීය නිලධාරීන් හා මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන ගුරුවරියන් ඇතුළු විශාල සංඛ්‍යාවක් සහභාගී විය.

මෙම වැඩමුළුව නැගෙනහිර නුවරගම් පළාත මුල් ළමාවිය සංවර්ංධන නිලධාරී හර්ෂණි දේශානි මහත්මිය විසින් සංවිධානය කරන ලදී.

ඩිනුෂා චතුරංගනී විතානගේ
මාධ්‍ය සම්බන්ධීකාරක
නැගෙනහිර නුවරගම් පළාත

නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රාදේශීය සාහිත්‍ය උත්සවය  - 2026ට සමගාමීව දෙමළ මාධ්‍ය ප්‍රාසාංගික කතන...
11/08/2026

නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රාදේශීය සාහිත්‍ය උත්සවය - 2026ට සමගාමීව දෙමළ මාධ්‍ය ප්‍රාසාංගික කතන්දර, ජන ගායනා හා පද්‍ය ගායනා තරග පැවැත්වෙයි.
*----------------------*
දෙමළ භාෂා හා දෙමළ ජන සාහිත්‍යය කුසලතා වර්ධනය කිරීමත්, සිසුන්ගේ නිර්මාණශීලී හැකියාවන් සහ කලාත්මක දක්ෂතා ඉස්මතු කිරීමත් අරමුණු කර ගනිමින් නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දෙමළ මාධ්‍ය ප්‍රාසාංගික කතන්දර, ජන ගායනා හා පද්‍ය ගායනා තරග 2026.08.10 දින අනුරාධපුර සහිරා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පෙ.ව.10.00 සිට ප.ව.1.00 දක්වා පැවැත්වීය.
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තු ප්‍රතිපාදන මත නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් සම්පත් රෝහණ ධර්මදාස මහතාගේ මග පෙන්වීම මත මෙම වැඩසටහන නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සංස්කෘතික සංවර්ධන නිලධාරි ඒ. ජී. ඩී. දිල්රුක්ෂි ගුණරත්න මිය විසින් සංවිධානය කර තිබිණි.
අ/ සහිරා විද්‍යාලයීය ගුරුවරුන් කිහිප දෙනෙකු හා පාසල් දරුවන් 50කට ආසන්න පිරිසක් මෙම තරග ඉසව් අවස්ථා සඳහා සක්‍රීයව එක්ව සිටි අතර, දෙමළ මාධ්‍ය ප්‍රායෝගික තරඟ විනිශ්චය කටයුතු ජාතික ඒකාබද්ධතා සහකාර ඒ.එල්.එම් රශ්මි,දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරි ඒ.කේ.සිරිවර්ධන, ඉස්ලාම් ආගමික කටයුතු සංවර්ධන නිලධාරි එම්.එස්.එම්. සිෆාන් යන දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය නිලධාරී මහත්වරුන්ගේ සහයෝගය මත සාර්ථකව සිදුකරන ලදී.

Address

Anuradhapura
50000

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94252222662

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat Nuwaragam Palatha East posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Secretariat Nuwaragam Palatha East:

Shortcuts

Share