18/07/2026
දුටුගැමුණු රජතුමා විසින් ඉදිකරවන ලද රුවන්වැලි මහා සෑය, ශ්‍රී ලාංකීය බෞද්ධ ඉතිහාසයේ සහ වාස්තු විද්‍යාවේ අග්‍රගන්‍යතම මහා නිර්මාණය ලෙස සැලකේ. ලක්දිව එක්සේසත් කළ දුටුගැමුණු රජු (ක්‍රි.පූ. 161 - 137) තමා කළ උදාරතම ආගමික මෙහෙවර ලෙස සලකා මෙම මහා ස්තූපය අනුරාධපුර මහා විහාර භූමියේ ඉදිකිරීම ආරම්භ කළේය.
ඓතිහාසය සහ වැදගත්කම
* මහාවංශය~ මහාවංශයේ පරිච්ඡේද 5ක් පුරා ගාථා 422කින් රුවන්වැලිසෑය ඉදිකිරීම් පිළිබඳව ඉතා දීර්ඝ ලෙස විස්තර කර ඇත.
* විශාලතම ධාතු නිධානය: බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලාගෙන් ලොව විශාලතම එකතුව වන ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා තැන්පත් කර ඇත්තේ මෙම මහා සෑයේ ය.
* පූජනීය ස්ථානය: මෙය ලක්දිව සොළොස්මස්ථාන සහ අටමස්ථාන අතරින් ප්‍රධානතම වන්දනීය ස්තූපයකි.
මහා සෑයේ ඉදිකිරීම් කටයුතු
* භූමිය සැකසීම: විසා නැකතින් වැඩ ආරම්භ කර, පොළොව රියන් හතක් ගැඹුරට හාරා, හුණුගල්, ගඩොල් සහ ඇතුන් ලවා මට්ටම් කර ශක්තිමත් පදනමක් දැමූ බව සඳහන් වේ.
* ස්වර්ණමාලී නාමය:
මෙම භූමියේ තිබූ තෙලඹු ගසක වාසය කළ "ස්වර්ණමාලී" නම් දේවතාවියට දුන් පොරොන්දුවක් අනුව මහා සෑයට "ස්වර්ණමාලී මහා සෑය" යන නම ද ව්‍යවහාර කෙරේ.
* හැඩය:
මහා සෑය මුලින් නිර්මාණය කර ඇත්තේ දිය බුබුළක හැඩය ගන්නා බුබ්බුලාකාර හැඩයෙනි.
රජුගේ අවසාන මොහොත
* වැඩ නිමවීමට පෙර: මහා සෑයේ වැඩ නිමවීමට ප්‍රථම දුටුගැමුණු රජතුමා දැඩි සේ රෝගාතුර විය.
* සද්ධාතිස්ස කුමරුගේ උපක්‍රමය: රජුට මහා සෑයේ සම්පූර්ණ දසුන පෙන්වීම සඳහා ඔහුගේ සොහොයුරු සද්ධාතිස්ස කුමරු සුදු රෙදිවලින් සෑය වසා, කොත සහ ඡත්‍රය ලීයෙන් නිමා කර සෑය නිමවා ඇති බවක් අඟවන ලදී.
* දිව්‍ය ලෝකය බලා යාම: නිමකල මහා සෑය දෙස බලා සිත පහදවා ගත් දුටුගැමුණු රජතුමා මහා සෑය අසලදීම අපවත් වී තුසිත දිව්‍ය ලෝකයේ උපත ලැබූ බව බෞද්ධ විශ්වාසයයි.
වර්තමානයේ අඩි 338ක උසකින් යුක්තව අනුරාධපුර පූජනීය නගරයේ විරාජමානව වැඩසිටින රුවන්වැලි මහා සෑ මළුවේ, දුටුගැමුණු රජතුමාගේ යැයි සැලකෙන ගල් මූර්තියක් ද අදටත් දැකගත හැකිය.
The Ruwanwelisaya Mahaseya, built by King Dutugemunu, is considered the supreme masterpiece of Sri Lankan Buddhist history and architecture. King Dutugemunu (161–137 BC), who unified the island, initiated the construction of this great stupa in the Mahavihara grounds of Anuradhapura, viewing it as his ultimate religious service.
History and SignificanceHero of the Mahavamsa:
The Mahavamsa dedicates 5 chapters and 422 stanzas to describe the construction of Ruwanwelisaya in great detail.
Largest Relic Deposit: A Drona of sacred relics—the world's largest collection of the physical bodily relics of the Buddha—is enshrined inside this stupa.
Sacred Site: It is one of the most prominent places of worship among the Solosmasthana (16 sacred places) and Atamasthana (8 sacred places) of Sri Lanka.
Construction of the Great StupaGround Preparation: Construction began under the Visa asterism. The ground was excavated seven cubits deep, filled with limestone and bricks, and flattened by elephants to create a massive, solid foundation.
The Name 'Swarnamali': The stupa is also known as "Swarnamali Maha Seya" because of a promise made by the King to a goddess named Swarnamali, who resided in a Telambu tree on that site.
Shape: The great stupa was originally designed in a Bubble-shape (Bubbulakara).
The King's Final MomentsBefore Completion: King Dutugemunu fell gravely ill before the construction of the stupa could be completed.
Prince Saddhatissa's Strategy: To show his dying brother the completed view of the stupa, Prince Saddhatissa covered the structure with white cloth and crafted a temporary spire (kotha) and umbrella out of wood.
Departure to the Heavens: Gazing upon the seemingly completed stupa with a peaceful mind, King Dutugemunu passed away nearby and is believed to have been reborn in the Tusita heaven.
Today, standing majestically at a height of 338 feet in the sacred city of Anuradhapura, a stone statue believed to be of King Dutugemunu can still be seen on the stupa courtyard.