ETF කියන්නෙ මොකක්ද?
එය ඔබේ අයිතිවාසිකමක්, ඒ විතරක් නෙමෙයි ඔබට විශාල ප්‍රතිලාභ ප්‍රමාණයක් මේ හරහා නොමිලේ ලැබෙනවා. එයට අමතරව ඔබ සේවය කරන කාලයේදී ඔබ වෙනුවෙන් ඔබේ වැටුපෙන් අඩු වෙන්නෙ නැති මුදලක් ඔබේ නමින් තැන්පත් කරල පවත්වාගෙන යනවා. ඒ මුදලට ඉහල වාර්ෂික පොලියකුත් ලබල දෙනවා. ඔබ සේවයෙන් ඉවත් උනොත් නැත්නම් සේවය අහිමි උනොත් ඔබට ඒ මුදල පොලියත් එක්කම ලබා ගන්නත් පුළුවන්.
පහත තොරතුරු හොදින් කියවන්න. මේ ගැන දැනුවත් වන්න.
නීතිමය පසුබිම බැලුවොත් ETF කියන්නෙ ලංකාවෙ සේවකයන් වෙනුවෙන් තියෙන නීතියක්. 1980 අංක 46 දරණ පාර්ලිමේන්තු පණතින් සම්මත වෙලා 1981 මාර්තු 01 දින සිට ක්‍රියාත්මක වන සමාජ ආරක්ෂණ අරමුදලක්. විශ්‍රාම වැටුපකට හිමිකම් නොලබන පුද්ගලික, අර්ධරාජ්‍ය, රාජ්‍ය අංශවල සේවකයන් මෙමගින් ආවරණය වෙනවා. මෙම පනත මගින් තමා ලග වැඩකරන සේවකයන් වෙනුවෙන් සේවා යෝජක නීතිමය වගකීමකට ලක්කරල තියෙනවා.