20/06/2024
මා යෞවන සමාජ ජීවිතයේ වැඩි කලක් ගත කරන්නේ දිස්ත්‍රික් සම්මේලන සභාපති වශයෙනි.
2021 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා වසර 4 කට ආසන්න කාලයක් යෞවන සමාජ කෑගල්ල දිස්ත්‍රික් සම්මේලනයේ නායකත්වය,සභාපතීත්වය හෙබවීමට තෙවරක්ම මා නිතරගයෙන්ම තෝරාපත් කරගත් සහ මේ වන තෙක් මා සමග රැදී සිටි කෑගලු දිස්ත්‍රික් තාරුණ්‍යයට ප්‍රථමයෙන්ම ස්තූතිවන්ත වෙමි.
මා යෞවන සමාජ ක්ෂේත්‍රයට පිවිස වැඩි කලක් නොමැති නිසා එදා සිට අද දක්වාම මා හට ඉගෙන ගැනීමට බොහෝ දේ තිබුණි.
ආදි යෞවනයන් ,හිටපු සභාපතිවරුන්, දිස්ත්‍රික් සම්මේලනයේ නිලධාරින් , අරණායක ඇතුලු කොට්ඨාස 11 ම තරුණ සේවා නිලධාරින් , දිස්ත්‍රික් තරුණ සේවා නිලධාරි , සහකාර අධ්‍යක්ෂකතුමිය වැනි තරුණ සේවා සභාවේ නිලධාරින් ඇතුලු මෙතෙක් කල් මා හා සම්බන්ද වුන අනෙකුත් සමාජ සේවා ආයතන, මිතුරන් ආදි සියලුම දෙනා මට මාව ගොඩ නගා ගැනීමට එකල පටන්ම සවියක් විය.
ඉතින් තරිඳු ධනංජය කියන තරුණයා තරුණ නායකයෙක් විදිහට සමාජ ගතවන්නට ඔබ දැක් වූ සහයෝගය කිසිදා අමතක නොවෙමි.
තවද එදා පටන් අද දක්වාම මා පසුපස සිටින මගේ යෞවන සමාජය ඇපලාවවත්ත තිසර යෞවන සමාජයත් අරණායක යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩලයත්,කෑගල්ල යෞවන සමාජ දිස්ත්‍රික් මණ්ඩලයත් විශේෂයෙන් මතක් කල යුතුය.
කෙටි කලකින් පැමින වැඩිම කලක් දිස්ත්‍රික් තාරුණ්‍යය නියෝජනය කර ඒ කැපකිරීම වෙනුවෙන් තවත් දුර යන්නට සමස්ත ශ්‍රී ලංකාවේම තාරුණ්‍ය නියෝජනය කිරීමට අවස්ථාවක් ලෙස ජාතික මන්ඩල නියෝජිතයෙක් ලෙස 2024-2026 කාලය සදහා මා තෝරාපත් කරගත් ආදරණීය කෑගලු දිස්ත්‍රික් තාරුණ්‍යයට ගෞරවාන්විත ස්තූතිය පුද කරමි.
ඉදිරියටත් සියල්ලන්ම එක්ව රටේ සංවර්ධනයට අවශ්‍ය තාරුණ්‍ය සවිබලගන්වමින් ජයග්‍රාහී ගමනක් කරා පියනගමු.
ස්තූතියි! ❤️
මම තරිදු ධනංජය ,
කෑගල්ල දිස්ත්‍රික් ජාතික මණ්ඩල නියෝජිත,
යෞවන සමාජ දිස්ත්‍රික් මණ්ඩල හිටපු සභාපති ,
යෞවන සමාජ දිස්ත්‍රික් මණ්ඩල සංස්කෘතික ලේකම්,
අරණායක යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩල භාණ්ඩාගාරික .