01/10/2026
අරණායක ජන හදවත් දිනූ අසමසම මෙහෙවරකට උපහාර ප්රණාමය! 💐✨
2024.01.11 දින සිට 2026.09.30 දක්වා කාල සීමාව තුළ අරණායක ප්රාදේශීය ලේකම් කාර්යාලයට මෙන්ම සමස්ත ප්රදේශයටම ඔබතුමියගෙන් සිදු වූ සේවය අසමසමයි.
ප්රදේශයට බලපෑ දරුණු දිත්වා ආපදා අභියෝගයන් හමුවේ පෙරමුණ ගනිමින් ජනතාව වෙනුවෙන් පෙනී සිටි ආකාරයත්, රාජ්ය සේවයේ විශිෂ්ටත්වය පෙන්නුම් කරමින් අරණායක ප්රාදේශීය ලේකම් කාර්යාලය ජාතික මට්ටමේ "ඵලදායිතා තරග ජයග්රහණයන්" කරා මෙහෙයවීමට ලබාදුන් ඍජු නායකත්වයත් අරණායක අපට සදා මතකයේ රැඳෙනු ඇත. 🏆🏛️
ස්ථාන මාරුවීම් ලබා කෑගල්ල ප්රාදේශීය ලේකම් ලෙස නව තනතුරේ වගකීම් භාරගන්නා ගරු ප්රාදේශීය ලේකම් ෂාමලී පියතිස්ස මැතිණියට උපහාර දැක්වීම සහ සුබපැතුම් පිරිනැමීම වෙනුවෙන් පැවැත්වුණු විශේෂ උත්සවයේ අමතක නොවන අවස්ථා කිහිපයක්... 📸🌸
ඔබතුමියගේ ඉදිරි සේවා කාලය මෙන්ම අනාගතය සර්වප්රකාරයෙන්ම සාර්ථක වේවා, නිදුක් නිරෝගී සුවය ලැබේවායි අරණායක ප්රාදේශීය ලේකම් කාර්යාලයීය කාර්ය මණ්ඩලය සහ සමස්ත ප්රදේශවාසීන් වෙනුවෙන් හදවතින්ම සුබ පතන්නෙමු! ❤🙏