Divisional Secretariat Aranayake

Divisional Secretariat Aranayake ආයුබෝවන්..!
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - අරණායක
Divisional Secretariat - Aranayake best service

https://youtu.be/O6jb5JUX8NQ?si=JvBEGufJFDbazkLi
01/09/2026

https://youtu.be/O6jb5JUX8NQ?si=JvBEGufJFDbazkLi

එසැණින්, වගකීමෙන්, සවිස්තරාත්මකව තොරතුරු දැනගන්න සයිබර් අවකාශයේ ජාත...

28/08/2026
"සංස්පර්ෂණී" කාව්‍යමය රසෝඝය – සිතට සැනසුමක් ගෙන ආ අපූරු කාව්‍යමය හා ගීතවත් සත්කාරය! ✨කාර්යබහුල රාජකාරී දිවි පෙළෙර අතරේ ස...
24/08/2026

"සංස්පර්ෂණී" කාව්‍යමය රසෝඝය – සිතට සැනසුමක් ගෙන ආ අපූරු කාව්‍යමය හා ගීතවත් සත්කාරය! ✨

කාර්යබහුල රාජකාරී දිවි පෙළෙර අතරේ සිතට නිදහසක්, සැහැල්ලුවක් සහ ආතතියෙන් තොර ප්‍රබෝධයක් එක් කරමින්, අරණායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් වෙනුවෙන් සංවිධානය කළ "සංස්පර්ෂණී කාව්‍යමය රසෝඝය" ගී රස වින්දනාත්මක වැඩසටහන පසුගිය අගෝස්තු මස 21 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී සාර්ථකව පැවැත්විණි.

ප්‍රාදේශීය ලේකම්තුමියගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාගේ මඟපෙන්වීම හා උපදෙස් මත, සබරගමුව පළාත් අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික අමාත්‍යාංශයේ මූල්‍යමය අනුග්‍රහය ඇතිව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික අංශය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදි.

මෙම අපූරු කාව්‍යමය රසෝඝය අතිශයින් සාර්ථක කරමින්, ⁣රඹුක්කන හේවාදිවෙල රෝමානු කතෝලික කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති සුමිත් ලසන්ත ප්‍රනාන්දු මහතා විසින් ඉතා අනර්ඝ ඉදිරිපත් කිරීමක් සිදු කරන ලදි.

දිනපතා කාර්යාලීය රාජකාරී හමුවේ ඇතිවන මානසික ආතතිය කළමනාකරණය කර ගැනීමටත්, සේවක මණ්ඩලයේ මානසික සුවතාවය වර්ධනය කර ගැනීමටත්, කවි සහ ගීත රසවින්දනය ඔස්සේ සිතට නැවුම් ශක්තියක් එකතු කර ගැනීමටත් මෙම වැඩසටහන මහත් ප්‍රයෝජනවත් විය.

ජාතික සවිබල ගැන්වීමේ මාසයට සමගාමීව, ජීවන උපාය මාර්ග සංවර්ධනය කිරීම හා ප්‍රජා සවිබල ගැන්වීමේ ජාතික වැඩසටහන යටතේ සමෘද්ධි ද...
19/08/2026

ජාතික සවිබල ගැන්වීමේ මාසයට සමගාමීව, ජීවන උපාය මාර්ග සංවර්ධනය කිරීම හා ප්‍රජා සවිබල ගැන්වීමේ ජාතික වැඩසටහන යටතේ සමෘද්ධි දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන ලද විශේෂ ප්‍රාග්ධන භාණ්ඩ ප්‍රදානෝත්සවය 2026.08.14 දින අරණායක ප්‍රාදේශීය ලේකම් කාර්යායේදී පවත්වන ලදී.
අරණායක ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නන්ද බණ්ඩාර මැතිතුමාගේ සහ අරණායක ප්‍රාදේශීය ලේකම් ෂාමලී පියතිස්ස මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවතී මෙම වැඩසටහන සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා ප්‍රතිලාභීන් රැසක් සහභාගී විය.

අරණායක කොට්ඨාසයේ අස්වැසුම වැඩසටහන යටතේ අන්ත දුප්පත් හා දුප්පත් කාණ්ඩ යටතේ තෝරාගත් ප්‍රතිලාභීන් 100 දෙනෙකු සඳහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.
නියමිත නිර්ණායක පදනම් කරගනිමින් හඳුනාගනු ලැබු ප්‍රතිලාභීන්ට තම ජීවනෝපාය නගාසිටුවීම උදෙසා තෝරාගනු ලැබු ව්‍යපෘති සදහා වු ප්‍රාග්ධන උපකරණ ලබාදීම සහ තවදුරටත් එම ව්‍යපෘති සදහා වු මුල්‍ය සහය සමෘද්ධි බැංකු මගින් ලබාදිමට නියමිතය.

මෙදින ප්‍රතිලාභීන් 33 දෙනෙකු වෙත අදාළ ප්‍රාග්ධන භාණ්ඩ ප්‍රදානය කිරීම සිදු කෙරුණු අතර ඉතිරි ප්‍රතිලාභීන්ට ද කඩිනමින් නියමිත ප්‍රසම්පාදන කටයුතු ඉටුකිරීමේ පසු ඉල්ලුම් කරන ලද භාණ්ඩ ලබා දිමට නියමිතය.

ප්‍රජා සවිබල ගැන්වීම තුලින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම මූලික අරමුණයි.

🌱🇱🇰 පවිත්‍ර දේශයක් සඳහා වූ ජාතික පුරවැසි මෙහෙවර: "අත්තම" ජාතික වැඩසටහනේ අරණායක ප්‍රධාන සමාරම්භය සාර්ථකව! ✨​"ක්ලීන් ශ්‍රී...
08/08/2026

🌱🇱🇰 පවිත්‍ර දේශයක් සඳහා වූ ජාතික පුරවැසි මෙහෙවර: "අත්තම" ජාතික වැඩසටහනේ අරණායක ප්‍රධාන සමාරම්භය සාර්ථකව! ✨

​"ක්ලීන් ශ්‍රී ලංකා" (Clean Sri Lanka) ජාතික වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වන "අත්තම" ජාතික පවිත්‍රතා දින දීපව්‍යාප්ත වැඩසටහනේ අරණායක කොට්ඨාස ප්‍රධාන සමාරම්භක වැඩසටහන 2026 අගෝස්තු 08 වන දින මහා සංඝරත්නයේ පූජනීය ආශීර්වාද මධ්‍යයේ ඉතා සාර්ථකව පැවැත්විණි.

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නන්ද බණ්ඩාර මැතිතුමා සහ අරණායක සහකාර ප්‍රාදේශීය ලේකම් සනෝජ් නිශ්ශංක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මෙහෙයවීමෙන් මෙම පවිත්‍රතා මෙහෙයුම ආරම්භ කරන ලදී.

​🧹 ක්‍රියාත්මක වූ පවිත්‍රතා වැඩසටහන:
ප්‍රදේශවාසීන්ගේ සහ අරණායක ප්‍රාදේශීය සභාවේ සක්‍රිය දායකත්වයෙන් උස්සාපිටිය 8 කණුව හන්දියේ සිට අඹගහදොළ දක්වා වූ ප්‍රධාන මාර්ගය, දෙපස කාණු පද්ධතිය මෙන්ම මාර්ග දෙපස පරිශ්‍රයන් පිරිසිදු කිරීමට කටයුතු යොදන ලදී.
​මීට සමගාමීව කොට්ඨාසයේ සෙසු ග්‍රාම නිලධාරී වසම් ද ආවරණය වන පරිදි සාර්ථක ප්‍රජා ශ්‍රමදාන වැඩසටහන් රැසක් ඉටු කරන ලදී.

මෙම ජාතික මෙහෙවර සඳහා:
▫️ අරණායක ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමන් ඇතුළු දේශපාලන නියෝජිතයින්
▫️ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකතුමිය
▫️ පරිපාලන ග්‍රාම නිලධාරීතුමන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්
▫️ අරණායක ප්‍රාදේශීය සභා නිලධාරීන්
▫️ ක්ලීන් ශ්‍රී ලංකා ප්‍රාදේශීය සම්බන්ධීකාරකතුමන්
▫️ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ "අත්තම" වැඩසටහනේ කොට්ඨාස සම්බන්ධීකාරකතුමා
▫️ ප්‍රජා පොලිස් නිලධාරීන්
▫️ උස්සාපිටිය වසමේ ප්‍රජා සංවර්ධන සභාවේ ගරු සභාපතිතුමා ඇතුළු කමිටු සාමාජිකයින්
▫️ ප්‍රජා සංවිධාන නායකයින් සහ ප්‍රදේශවාසීන්
අභිමානයෙන් එක්විය.

මෙම "අත්තම" ජාතික පවිත්‍රතා වැඩසටහන සෑම මාසයකම අවසන් සෙනසුරාදා දින අඛණ්ඩව කොට්ඨාසය පුරා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ස්වේච්ඡා ප්‍රජා සහභාගිත්වය පෙරදැරි කරගනිමින් "දැකුම්කලු දිවයිනක් - සොම්නසින් පිරි ජනතාවක්" බිහි කිරීමේ උතුම් අරමුණින්, රාජ්‍ය, පෞද්ගලික සහ මහජන හවුල්කාරිත්වය සක්‍රියව භාවිත කරමින් මෙම වැඩසටහන ඉදිරියටත් ක්‍රියාත්මක වේ.

අපේ ගමත්, අපේ රටත් පිරිසිදු හා සුන්දර කිරීමේ මෙම ස්වේච්ඡා මෙහෙවරට නායකත්වය දෙමින්, ශ්‍රමය හා සහයෝගය පළ කරමින් දායක වූ සියලු දෙනා වෙත අපගේ හදපිරි ස්තූතිය හා ප්‍රණාමය පුද කරමු! 💚✨

ප්‍රජා සවිබල ගැන්වීමේ වැඩසටහන යටතේ මනෝ සමාජීය දැනුවත් කිරීමේ වැඩසටහන - 2026 2026 වර්ෂයේ ප්‍රජා සවිබල ගැන්වීමේ වැඩසටහන යට...
07/08/2026

ප්‍රජා සවිබල ගැන්වීමේ වැඩසටහන යටතේ මනෝ සමාජීය දැනුවත් කිරීමේ වැඩසටහන - 2026

2026 වර්ෂයේ ප්‍රජා සවිබල ගැන්වීමේ වැඩසටහන යටතේ සවිබල ගැන්වීම සඳහා තෝරා ගන්නා ලද පවුල් වෙනුවෙන් සකස් කරන ලද 'පවුල් සංවර්ධන සැලැස්මට' අනුව, පවුල් තුළ පවතින සමාජීය ගැටලු අවම කිරීමේ අරමුණින් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන් දෙකක් පසුගිය 2026.08.04 සහ 2026.08.05 යන දිනවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය රැස්වීම් ශාලාවේදී ඉතා සාර්ථකව පවත්වනු ලැබීය.

මෙම වැඩසටහන තුළින් ප්‍රතිලාභීන් වෙත පහත සඳහන් වැදගත් කරුණු පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා දෙන ලදී:

✨ පුද්ගල ශක්තීන් හඳුනා ගැනීම
🔄 යැපුම් මානසිකත්වයෙන් මුදවා ගැනීම
🧠 පවුල් උපදේශනය සහ මනෝ සමාජීය මඟපෙන්වීම
🎯 ආකල්ප සංවර්ධනය හරහා ජීවිතයේ අභියෝග ජය ගැනීම
💰 ප්‍රතිලාභීන් සඳහා ක්‍රියාත්මක වන 2% ණය ක්‍රියාවලිය සහ ස්වයං රැකියා සඳහා අවශ්‍ය භාණ්ඩ ලබා දීම
🛠️ ප්‍රදේශයේ තරුණ තරුණියන් හා දරුවන් වෘත්තීය පුහුණු සඳහා යොමු කිරීමේ වැදගත්කම
🛡️ විෂ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ පිරිස් එම විනාශකාරී ඇබ්බැහියෙන් මුදවා ගෙන පුනරුත්ථාපනය කිරීම

ප්‍රාදේශීය ලේකම්තුමියගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාගේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ලබා දෙන ලද්දේ,

මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සංවර්ධන නිලධාරී සුසන්ත බණ්ඩාර මහතා
අන්තරායකර ඖෂධ ජාතික පාලක මණ්ඩලයේ දිස්ත්‍රික් කළමනාකරු තොටවත්ත පියතුමා
එස්. ඒ. අයි. සුරවීර මිය (සමාජ සංවර්ධන නිලධාරී)

මෙම වැඩසටහන සංවිධානය සමෘද්ධි සමාජ සංවර්ධන නිලධාරී ඇතුළු සමෘද්ධි අංශය විසින් සිදු කරන ලදී.

දැය නංවන සපිරි ගමක් – ආදර්ශ ප්‍රජා ඵලදායිතා ගම්මාන වැඩසටහන ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය හා ජනාධිපති ලේකම් කාර්යාලය විසි...
07/08/2026

දැය නංවන සපිරි ගමක් – ආදර්ශ ප්‍රජා ඵලදායිතා ගම්මාන වැඩසටහන

ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය හා ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක කරන "ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහනට සමගාමීව, "දැය නංවන සපිරි ගමක් – ආදර්ශ ප්‍රජා ඵලදායිතා ගම්මාන" වැඩසටහන යටතේ තෙල්ලෙක අඹගොල්ල ජනපදය කේන්ද්‍ර කරගනිමින් සංවිධානය කරන ලද සිවිල් නීතිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2026 අගෝස්තු 06 වන දින තෙල්ලෙක ශෛල දර්ශනාරාම විහාරස්ථානයේදී සාර්ථකව පැවැත්විණි.

දැනුමෙන් පිරි ආදර්ශමත් ගම්මානයක් බිහිකිරීමේ අරමුණින් පුරවැසියන්ගේ නීතිමය දැනුම වර්ධනය කිරීම සහ ඔවුන් මුහුණපාන ගැටලු සඳහා විසඳුම් ලබා දීම වෙනුවෙන් මෙම වැඩසටහන තුළින් සුවිශේෂී මෙහෙවරක් ඉටු විය.

👥 සම්පත් දායකත්වය:

නීතීඥ සුධර්මා ගුණපාල මහත්මිය (පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂ, නීති ආධාර කොමිෂන් සභාව)
නීතීඥ ලක්මාල් විජේසිංහ මහතා

🤝 සම්බන්ධීකරණය සහ සහභාගීත්වය:
ජාතික ඒකාබද්ධතා නිලධාරී, ඵලදායිතා නිලධාරීන් හා තෙල්ලෙක වසමේ සියලුම රාජ්‍ය නිලධාරීන්

🚨 🚨 අනතුරු ඇඟවීමේ මට්ටම 1- විමසිලිමත් වන්න (කහ) ------------------------------- *
07/08/2026

🚨 🚨 අනතුරු ඇඟවීමේ මට්ටම 1- විමසිලිමත් වන්න (කහ) ------------------------------- *

UPDATE 6

🚨 🚨 නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් නිකුත් කර ඇත.

වලංගුභාවය: 2026.08.07 දින පෙ.ව. 9.00 සිට 2026.08.08 දින පෙ.ව.9.00 දක්වා

🚨 🚨 අනතුරු ඇඟවීමේ මට්ටම 2- අවදානයෙන් සිටින්න (ඇම්බර්)
------------------------------- *

මහනුවර දිස්ත්‍රික්කය:
* පස්බාගේ කෝරලේ

නුවරඑළිය දිස්ත්‍රික්කය:
* ⁠නුවරඑළිය
* ⁠කොත්මලේ නැගෙනහිර
* ⁠කොත්මලේ බටහිර
* ⁠අඹගමුව
* ⁠නෝර්වුඩ්⁠
* ⁠තලවකැලේ

🚨 🚨 අනතුරු ඇඟවීමේ මට්ටම 1- විමසිලිමත් වන්න (කහ) ------------------------------- *

මහනුවර දිස්ත්‍රික්කය:
* ⁠උඩපලාත
* ⁠දොලුව
* ⁠මැදදුම්බර
* ⁠දෙල්තොට
* ⁠පන්විල
* ⁠ගඟ ඉහළ කෝරලේ
* ⁠උඩුදුම්බර

කෑගල්ල දිස්ත්‍රික්කය:
* ⁠අරණායක
* ⁠දැරණියගල
* ⁠බුලත්කොහුපිටිය
* ⁠දෙහිඕවිට
* ⁠යටියන්තොට

රත්නපුර දිස්ත්‍රික්කය:
* ⁠ඕපනායක
* ⁠ඉඹුල්පේ
* ⁠රත්නපුර

ජාතික පවිත්‍රතා දින වැඩසටහන! 🌿🇱🇰"එකමුතුව එක්වෙමු - පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනගමු!"அத்தம - தேசிய தூய்மை தின நிகழ்ச்சி"ஒற...
07/08/2026

ජාතික පවිත්‍රතා දින වැඩසටහන! 🌿🇱🇰
"එකමුතුව එක්වෙමු - පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනගමු!"

அத்தம - தேசிய தூய்மை தின நிகழ்ச்சி
"ஒற்றுமையாக ஒன்றிணைவோம் - கிளீன் ஸ்ரீலங்காவை கட்டியெழுப்புவோம்" 🇱🇰

Address

Dippitiya
Aranayaka
71540

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94352258107

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat Aranayake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Secretariat Aranayake:

Shortcuts

Share