Arihath Maligaya & Paththini Maha Seya

Arihath Maligaya & Paththini Maha Seya මතු බුදුබව පතා සසර පාරමී දම් පුරන පත්තිනි මෑණියන් නමින් ලොව ඉදිවන මංගල මහා සෑයයි මේ...

ගෞතම බුදුරජුන්ගේ නිර්මල ශ්‍රී සද්ධර්මය ලොව පතුරුවා හැරීම පිණිස පින්වත් මස්සැන්නේ විජිත ස්වාමීන් වහන්සේ විසින් 2014 වර්ෂයේදී දම්දිය අසපුව පිංබිම ආරම්භ කරන්නට යෙදුනි. එතැන් පටන් මේ දක්වා වසර ගණනාවක් පුරා උන්වහන්සේගේ අවවාද අනුශාසනා සහ මගපෙන්වීම ඔස්සේ දම්දිය අසපුව පිංබිම මගින් ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා ද අති විශාල ධර්ම ප්‍රචාරක සේවාවක් සිදුකරමින් පවතියි.එහි තවත් පියවරක් ලෙසට

මින් වසර හතරකට පෙර ව්‍ය

වහාර වර්ෂ 2017 මැයි මස 05 වැනි දින අපගේ භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා කමල් අභියස පුද දුන් සුවහසක් සැදැහැතියන්ගේ සැදැහැ ධනයෙන් ආරම්භ කෙරුණු අසදෘශ විහාර මන්දිරය සහ මහ සෑය - අරිහත් මාලිගය සහ පත්තිනි මහ සෑය නම් වේ..
පින්වත් ම්ණිමේකලා මහතෙරණියගෙන් ධර්මය අසා තෙරුවන් කෙරෙහි පැහැදිමෙන් ලොව්තුරා බුදුබව පතා පාරමී දම් සපුරන උතුම් පත්‍තිනි යන දෙවගනගේ නමින් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ සහ උතුම් මහරහතන් වහන්සේළාගේ ධාතුන් වහන්සේලා තැන්පත් කොට ගොයුම් ගොත් මුනි සසුනට පූජා කරනු වස්
අතුරුගිරිය දම්දිය අසපුව පිංබිමේ නිර්මාතෘවර පින්වත් මස්සැන්නේ විජිත ස්වාමීන්වහන්සේගේ සංකල්පයක් මත ගොයුම් ගොත් මුණි සසුණට පූජා කිරීමේ අරමුණින් අතුරුගිරිය දම්දිය අසපුව පිංබිම තුල මේ මහා සෑය ගොඩනැගීමේ කටයුතු ආරම්භ විය..
ලෝකවාසී සත්පුරුෂ සාධූන්ගේ පින්බර දායකත්වයෙන් මේ වනවිට අඩි 40 දක්වා උසට මහ සෑයේ කටයුතු නිමකරවා ඇත..
ගොයුම් ගොත් බුදු සසුනට පූජාකිරීම සඳහා අඩි සියයක් උසට ඉදිවන අසිරිමත් පත්‍තිනි මහා සෑය කොළඹ පුරවරයට සහ දක්ශින අධිවේගී මාර්ගයට ඉතා මනරම් ලෙස දිස්වෙන පරිදි අතුරුගිරිය නගර මධ්‍යයේ ඉදිකරනු ලබයි. අඩි විසිපහක් උසැති සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් මෙම මහා සෑයට කේන්ද්‍රව විරාජමාන වන අතර මේ මහා භද්‍ර කල්පයේ පහලවුන සිව්මහා බුදුවරයන් වහන්සේලාගේ ධර්මචක්‍ර මුද්‍රා සහිත අඩි හතක බුදුපිළිම වහන්සේලා හතර නමක් මහා සෑයේ සිව්කොනින් නිර්මාණය කරනු ලබයි.

පුරා වසර 4ක් දෙනෝදහසක් සැදැහැතියන්ගේ බුද්ධාලම්භන ප්‍රීතිය වඩවමින් දම්දිය අසපුව පිංබිමේ ඉදිවෙමින් පවතින මෙම මනරම් අරිහත් මාලිගය සහ පත්තිනි මහ සෑයේ ඉදිරි කටයුතු නිමකරවා ගැනීම පිණිස ශක්ති පමණින් ධනයෙන්, ශ්‍රමයෙන්, නන් අයුරින් උපකාර අප බලපොරොත්තුව වන්නෙමු. Arihath Palace and the Pattini Maha Seya is the world's first Mangala Maha Seya to be built in the name of the Pattini mothers who are living in Sasara Parami purple for enlightenment.

Address

Arihath Maligaya & Paththini Maha Seya, Damdiya Asapuwa, Galpoththa Road
Aturugiriya
10150

Telephone

+94777555247

Alerts

Be the first to know and let us send you an email when Arihath Maligaya & Paththini Maha Seya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Arihath Maligaya & Paththini Maha Seya:

Share