ක තා ව

ක තා ව හරි දේ වෙනුවෙන් ලියමි..
(3)

02/09/2026

ලෝක යුද්ධ ,ස්වභාවික විපත් විවිධ බාධක මැදින් මෑතකාලීන ආණ්ඩුවක් ගියපු ලස්සනම අදූෂිත ගමන්මග...❤️

"ආයුබෝවන්. මගේ නේපාල් රටට ගොඩක් ප්‍රශ්න තිබුනා. මගේ කට්ටියට ෆෝන් එකෙන් කතා කරත් මගදි කනෙක්ෂන් නැති උනා. ඒත් එයාලා ආරක්ෂි...
01/09/2026

"ආයුබෝවන්. මගේ නේපාල් රටට ගොඩක් ප්‍රශ්න තිබුනා. මගේ කට්ටියට ෆෝන් එකෙන් කතා කරත් මගදි කනෙක්ෂන් නැති උනා. ඒත් එයාලා ආරක්ෂිත තැනක ඉන්නවා කිව්වා. අපේ බුදුසාදුට ගොඩක් තෑන්ක් යූ අපේ අයව ආරක්ෂා කරපු එකට. ඒත් මෙහේ අයට කන්න බොන්න ඉන්න තැනක් නැතුව ඉන්නවා. ශ්‍රීලංකා ජනාධිපති සර් ඔයාට ගොඩක් ස්තූතියි ගොඩක් පිං. මම දැක්කා ඊයේ නිව්ස් වලින් අපිට ගොඩක් ඩොනේෂන් කරලා තියනවා. ඔයා හරිම හොද කෙනෙක්. ඔයාලට කවදාවත් වරදින්නෑ. මගේ රටේ අයට ප්‍රශ්න වෙලාවට උදවි කරපු එකට ගොඩක් ස්තූතියි"

-නේපාල තරුණියක් සිංහල භාෂාවෙන් කල විශේෂ ස්තූතියක්, මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදි-

30/08/2026

ceypetco ඉන්ධන මිල අද මධ්‍යම රාතියේ සිට පහළට...❤️
පෙට්‍රල් 92 රුපියල් 15 කින්ද ,පෙට්‍රල් 95 රුපියල් 20 කින්ද මිල පහළට...

සෑහෙන සතුටුයි ආඩම්බරයි මේ මනුස්සයාව ජනපති කරන්න ලැබුන එක ගැන...❤️🥰උපුටා ගැනීමකි..මේ සිදුවීමේ වීඩියෝ එක බලපු අයට මතක ඇති ...
29/08/2026

සෑහෙන සතුටුයි ආඩම්බරයි මේ මනුස්සයාව ජනපති කරන්න ලැබුන එක ගැන...❤️🥰

උපුටා ගැනීමකි..

මේ සිදුවීමේ වීඩියෝ එක බලපු අයට මතක ඇති මේ තාත්තා එතනට එන්නේ ජනාධිපතිතුමාට සහ දියවඩන නිලමේට අත් දෙක එකතු කරලා නමස්කාර කරලා....
ඒක මේ අපේ සාම්ප්‍රදායික ආයුබෝවන් ! කීමක් නෙමෙයි....
ඔළුව පහත් කරලා යටහත් බව පෙන්වා ආචාර කිරීම....
මාලිගාව ආශ්‍රිතව රාජකාරි කරන ශිල්පීන් නිලමෙලාට දක්වන යටහත් බව ගැන දන්න මිනිස්සු දන්නවා....

ඇවිල්ලා ජනාධිපතිතුමා ඉස්සරහා මුල් වචන ටික කියන්නෙත් බිම බලාගෙන කනට ඇහෙන නෑහෙන ගානට යටහත්ව....
ඒ තාත්තා අවුරුදු හැට නවයක් පෙරහැරේ හොරණෑ පිඹපු වැඩිහිටියෙක්....ඒ කියන්නේ 1956 ඉදලා....
සර් ඔලිවර් ගුණතිලක , විලියම් ගොපල්ලව , ජේ ආර් ජයවර්ධන , රණසිංහ ප්‍රේමදාස , ඩී බී විජේතුංග , චන්ද්‍රිකා කුමාරණතුංග , මහින්ද රාජපක්ෂ , මෛත්‍රිපාල සිරිසේන , ගෝඨාභය රාජපක්ෂ , රනිල් වික්‍රමසිංහ කියන අග්‍රාණ්ඩුකාරවරු සහ ජනාධිපතිවරු ඉස්සරහා ඒ මනුස්සයා පෙරහැරේ ගිහින් තියෙනවා....

ඉස්සර විලියම් ගොපල්ලව අග්‍රාණ්ඩුකාරතුමාට පරණ මිනිස්සු කිව්වේ ගොපල්ලව රජ්ජුරුවෝ කියලා....අපේ කිරිඅම්මා එතුමාගේ නම කිව්වෙත් එහෙමයි...පස්සේ එතුමා ලංකාවේ පලවෙනි ජනාධිපති උනා ...

මේ ඔක්කොම ඉස්සරහා පෙරහැරේ ගියපු ඒ මනුස්සයව ලගට අරන් අතින් අල්ලගෙන කතා විස්තර අහන්න පටන් ගත්තමා බිමට නැමිලා තිබුණු ඔළුව කෙලින් කරලා අනුර අයියගේ මූණ දිහා බැලුවා ....
" අවුරුදු හැට නවයක් මම පෙරහැරේ යනවා පුතේ " කියලා ඒ තාත්තට කියවුණා....

ඒවා ආයාසයෙන් මතක තියාගෙන කියන වචන නෙමෙයි....එක වරම හිතට ඇවිල්ලා කියවෙන දේවල්....
මිනිස්සු ආයාසයෙන් " සර් " කිව්වට රටේ ජනාධිපතිලට " පුතේ " කියන්න උත්සහ කරන්නේ නෑ...

නිදහසෙන් පස්සේ හිටපු රාජ්‍යය නායකයෝ සේරම දැකපු මනුස්සයට ඒ සේරටම වඩා මේ මිනිහා මට සමීපයි කියලා දැනෙනවා කියන්නේ අනුරට ආයේ වෙන කියන්න දෙයක් නෑ....

දැන් විපක්ෂෙ සෙට් එක අහයි ඕකෙන් රටට ඇති වැඩේ මොකක්ද කියලා....
රටට වැඩක් තියෙනවා....ඒක තමා මනුස්සකම ඇති සමාජයක් හදන්න නම් ඉස්සෙල්ලම මිනිස්සුන්ට මිනිස්සුන්ට වගේ සලකන්න ඕන කියන එක...

ඇමරිකාවේ ඒබ්‍රහම් ලින්කන් තමන්ට මිස්ටර් ප්‍රසිඩන්ට් කියලා ආමන්ත්‍රණය කරන්න කියලා රටේ මිනිස්සුන්ට කියනකොට මෙහේ හිටපු ජේ ආර් ජයවර්ධන නිවේදන නිකුත් කලේ ජනාධිපති උතුමාණන් කියලා....

මේ රටට මෙහෙම වෙන්න ඒවත් එක හේතුවක්....

මිනිහෙක් ඉහලට යන්න යන්න පැහුණු වී කරලක් වගේ බිමට නැමෙන්න ඕන කියලා පැරණි සාහිත්‍යයේ සඳහන් වෙනවා...

29/08/2026

මේවට තමා ආණ්ඩු කියන්නෙ...❤️
Respect Anura Kumara Dissanayake Samantha Viddyarathna Harini Amarasuriya ..🤝🙏👍

ලස්සන නිවසක් මදිවට නිවසට බඩු මුට්ටු...❤️2023 නායගිය පූනාගල කබරගල ජනතාවට..ඉඩම්,ගෙවල් හා නිවසට බඩුත් දීලා..මෙන්න මාලිමා ආණ...
28/08/2026

ලස්සන නිවසක් මදිවට නිවසට බඩු මුට්ටු...❤️
2023 නායගිය පූනාගල කබරගල ජනතාවට..ඉඩම්,ගෙවල් හා නිවසට බඩුත් දීලා..
මෙන්න මාලිමා ආණ්ඩුවේ තවත් වැඩක්..

පොදු ස්ථානවල දරුවන්ට කිරි දෙන්න තැනක් නැතිව අපහසුතාවට පත්වුණු මව්වරුන්ට නුවරඑළියෙන් ලැබුණු වටිනා තිළිණය මෙන්න! 🌸👶♥️♥️කුඩ...
26/08/2026

පොදු ස්ථානවල දරුවන්ට කිරි දෙන්න තැනක් නැතිව අපහසුතාවට පත්වුණු මව්වරුන්ට නුවරඑළියෙන් ලැබුණු වටිනා තිළිණය මෙන්න! 🌸👶♥️♥️

කුඩා බිළිඳුන් තුරුලු කරගෙන දුරබැහැර සිට නුවරඑළිය නගරයට පැමිණෙන මව්වරුන් මුහුණ දෙන ප්‍රධානතම ගැටලුවක් වූයේ දරුවාට මව්කිරි ලබාදීමට සහ සනීපාරක්ෂක කටයුතු සිදු කිරීමට සුදුසු, ආරක්ෂිත පෞද්ගලික ඉඩකඩක් නොමැතිකමයි. මෙම අපහසුතාවයට ස්ථිර විසඳුමක් ලබාදෙමින්, මව්වරුන්ගේ සුවපහසුව සහ දරුවන්ගේ පිරිසිදු සනීපාරක්ෂාව තහවුරු කෙරෙන විශේෂ ළදරු කිරිදීමේ කාමරයක් (Breastfeeding & Infant Care Room) නුවරඑළිය ප්‍රධාන බස් නැවතුම්පොළ පරිශ්‍රයේදී පසුගිය 24 වෙනිදා නිල වශයෙන් ජනතා අයිතියට පත් කෙරිණි. ♥️♥️

නුවරඑළිය නගරාධිපති උපාලි වනිගසේකර සහෝදරයාගේ සෘජු මඟපෙන්වීම සහ සංකල්පයකට අනුව ඉදිකෙරුණු මෙම සත්කාරක පරිශ්‍රය විවෘත කිරීමේ අවස්ථාවට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය මධුර සෙනෙවිරත්න ඇතුළු නුවරඑළිය මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් සහ රාජ්‍ය නිලධාරීන් සහභාගී වූහ.

මෙවැනි ආරක්ෂිත හා පහසුකම් සහිත පෞද්ගලික ඉඩකඩක් බස් නැවතුම්පොළක් වැනි කාර්යබහුල පරිශ්‍රයක ස්ථාපිත කිරීම, සීතල නුවරඑළියට පැමිණෙන ලක්වාසී සියලු මව්වරුන්ට සහ බිළිඳුන්ට ලැබුණු සුවිශේෂී සහනයකි.

දරුවෙකුගේ කුසගින්න සහ මවකගේ ආත්මගෞරවය නිසි ලෙස වටහාගෙන සිදුකළ මෙවන් මානුෂීය පියවර සැබවින්ම හදවතට දැනෙන උදාර කාර්යයකි. ❤️🧡

සෑම ප්‍රධාන නගරයකම හා පොදු ප්‍රවාහන මධ්‍යස්ථානයකම මෙවැනි පහසුකම් බිහිවීම අපේ දරු පරපුරේ සෞඛ්‍ය සම්පන්න අනාගතයට අතිශය වැදගත් ආයෝජනයකි..❤️🧡

24/08/2026

අනුර බොසා ජන හමු ගණනාවක් රට වටේ තියන්න යන්නෙ.. අද ඔය දගලන සමහරුන්ට ඇපත් නෑ එතකොට..❤️😌

21/08/2026

අවජාතකයින් කිහිප දෙනෙක් හැරුණු කොට රටක්ම නන්දා මාලිනියට ආදරෙයි...
ඇය මිල කළ නොහැකි මැණිකක්❤️

ඇයට කොතරම් නම් විශ්වාසද අනුර...❤️🥺
21/08/2026

ඇයට කොතරම් නම් විශ්වාසද අනුර...
❤️🥺

Address

Avissawella
10700

Alerts

Be the first to know and let us send you an email when ක තා ව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category