Ayagama Pradeshiya Sabhawa

Ayagama Pradeshiya Sabhawa "මිත්‍රශීලී සේවාවක් තුලින් විශිෂ්ට පළාත් පාලනයක්"

14/04/2026
පල්ලෙකඩ බෝධීන් වහන්සේගේ අත්තක් කඩා වැටීම හේතුවෙන් අවහිරව තිබූ අයගම ඈගල්ඔය මාර්ගය මේවන විට (ප.ව. 6.30) අයගම පොළිසිය සහ ප්...
06/04/2026

පල්ලෙකඩ බෝධීන් වහන්සේගේ අත්තක් කඩා වැටීම හේතුවෙන් අවහිරව තිබූ අයගම ඈගල්ඔය මාර්ගය මේවන විට (ප.ව. 6.30) අයගම පොළිසිය සහ ප්‍රදේශයේ ජනතාවගේ සහයෝගයෙන් රථ වාහන ගමනාගමනයට සුදුසු පරිදි සකස් කර ඇතිබව දන්වා සිටිමි.

සහය දුන් සැමට තුති 💐💐

🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫පල්ලෙකඩ බෝධීන් වහන්සේගේ අත්තක් කඩා වැටීම හේතුවෙන් අයගම ඈගල්ඔය මාර්ගයේ ගමනාගමන කටයුතු අවහිර වී ඇත. විකල්ප ම...
06/04/2026

🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫

පල්ලෙකඩ බෝධීන් වහන්සේගේ අත්තක් කඩා වැටීම හේතුවෙන් අයගම ඈගල්ඔය මාර්ගයේ ගමනාගමන කටයුතු අවහිර වී ඇත. විකල්ප මාර්ග භාවිතා කරන ලෙස දැනුවත් කරමි.

📷📷

උපුටා ගැනීම 👉👉 Sandun Suranga Jayalath මහතාගේ මුහුණු පොතිනි.

📢 අයගම ප්‍රාදේශීය සභාවේ ජල පාරිභෝගිකයන් වෙත කෙරෙන විශේෂ නිවේදනයයි!පවතින අධික උෂ්ණත්වය සහ වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන්...
29/03/2026

📢 අයගම ප්‍රාදේශීය සභාවේ ජල පාරිභෝගිකයන් වෙත කෙරෙන විශේෂ නිවේදනයයි!

පවතින අධික උෂ්ණත්වය සහ වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් අයගම ප්‍රාදේශීය සභාව මගින් නඩත්තු කරනු ලබන ජල ව්‍යාපෘතිවල ජල මූලාශ්‍රවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතී.
එබැවින්, පවතින ජල ධාරිතාව සැමට ප්‍රමාණවත් ලෙස බෙදා හැරීම සහතික කිරීම සඳහා:

✅ අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් ජලය භාවිත කරන්න.

✅ වාහන සේදීම සහ ගෙවතු වගාවන් සඳහා ජලය භාවිත කිරීම සීමා කරන්න.

✅ ජලය අපතේ යන අවස්ථා අවම කරගනිමින් අරපිරිමැස්මෙන් කටයුතු කරන්න.

ඔබේ සහයෝගය අනාගතයේ ඇති විය හැකි දැඩි ජල හිඟයක් මඟහරවා ගැනීමට මහත් ශක්තියක් වනු ඇත.
ස්තූතියි!

- අයගම ප්‍රාදේශීය සභාව -

Aruna Upul Piyasena
Champika Kumara Senevirathna

🌿 සුරකිමු අයගම - දිනවමු පරිසරය! 🌿අයගම ප්‍රාදේශීය සභාව සහ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කාර්යාලය ඒකාබද්ධව සංවිධා...
10/03/2026

🌿 සුරකිමු අයගම - දිනවමු පරිසරය! 🌿

අයගම ප්‍රාදේශීය සභාව සහ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කාර්යාලය ඒකාබද්ධව සංවිධානය කරන නොදිරන කසළ එකතු කිරීමේ විශේෂ ව්‍යාපෘතිය දැන් සාර්ථකව ක්‍රියාත්මකයි!

ඔබ ඉවතලන ප්ලාස්ටික්, වීදුරු සහ අනෙකුත් නොදිරන අපද්‍රව්‍ය විධිමත් ලෙස කළමනාකරණය කිරීමෙන් අපට ලැබෙන වාසි රැසකි:

🚫 ඩෙංගු මර්දනයට සෘජු දායකත්වයක්

පරිසරයට මුදාහරින හිස් බෝතල්, ටින් සහ ප්ලාස්ටික් බඳුන්වල ජලය රැඳීම වැළැක්වීම හරහා ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට අපට හැකි වී තිබේ. මෙය ඔබගේත්, ඔබගේ දරුවන්ගේත් සෞඛ්‍යය සුරක්ෂිත කරන පියවරකි.

💰 අපතේ යන කුණු - සභාවට ආදායමක්

මෙලෙස එකතු කරන කසළ ප්‍රතිචක්‍රීකරණය සඳහා යොමු කිරීම මගින් ප්‍රාදේශීය සභාව අතිරේක ආදායමක් උපයනු ලබයි. එම මුදල නැවතත් ඔබ ජීවත් වන ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සහ පොදු පහසුකම් නැංවීම සඳහාම යොදවනු ලැබේ.

🤝 MOH කාර්යාලයේ පූර්ණ සහයෝගය

සෞඛ්‍ය අංශවල සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන බැවින්, විධිමත් සහ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයකට අනුව මෙම කසළ එකතු කිරීම සිදු කෙරේ.

අපගේ ඉල්ලීම:👎👎

ඔබේ නිවසේ හෝ ව්‍යාපාරික ස්ථානයේ ඇති ප්ලාස්ටික්, පොලිතින්, වීදුරු සහ ලෝහමය අපද්‍රව්‍ය පරිසරයට මුදා නොහැර, සභාව මගින් නියමිත දිනට ලබාදෙන වාහනයට ලබා දීමට කාරුණික වන්න.

පිරිසිදු අයගමක් - නීරෝගී හෙටක්! 🇱🇰



Aruna Upul Piyasena
Champika Kumara Senevirathna

21/02/2026

සැලකිලිමත් වන්න - මිලිමීටර් 100ක වැසි ඇති වේ. |

TopFans

මාධ්‍ය ඒකකය,
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,
රත්නපුර.

© 2026 RPDS Media All Rights Reserved

අයගම 🚫🚫🚫 අනතුරු ඇගවීමේ දෙවෙනි මට්ටමඅවදානයෙන් සිටින්න 👎👎👎
21/02/2026

අයගම 🚫🚫🚫 අනතුරු ඇගවීමේ දෙවෙනි මට්ටම

අවදානයෙන් සිටින්න 👎👎👎

2nd UPDATE

🚨 🚨 නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් නිකුත් කර ඇත.

වලංගුභාවය: 2026.02.21 දින ප.ව. 7.00 සිට 2026.02.22 දින ප.ව. 7.00 දක්වා

🚨 🚨 අනතුරු ඇඟවීමේ මට්ටම 3 - ඉවත්වන්න (රතු) ------------------------------- *

මහනුවර දිස්ත්‍රික්කය:
- යටිනුවර

🚨 🚨 අනතුරු ඇඟවීමේ මට්ටම 2- අවදානයෙන් සිටින්න (ඇම්බර්)
------------------------------- *

බදුල්ල දිස්ත්‍රික්කය:
- හල්දුම්මුල්ල

මහනුවර දිස්ත්‍රික්කය:
- දොළුව
- ⁠ගඟ ඉහල කෝරලේ

කෑගල්ල දිස්ත්‍රික්කය:
- අරණායක
- ⁠යටියන්තොට
- ⁠මාවනැල්ල

මාතලේ දිස්ත්‍රික්කය:
- උකුවෙල

නුවර එළිය දිස්ත්‍රික්කය:
- ⁠නිල්දණ්ඩාහින්න
- ⁠වලපනේ

රත්නපුර දිස්ත්‍රික්කය:
- ⁠රත්නපුර
- ⁠අයගම
- ⁠කිරිඇල්ල

🚨 🚨 අනතුරු ඇඟවීමේ මට්ටම 1- විමසිලිමත් වන්න (කහ) ------------------------------- *

බදුල්ල දිස්ත්‍රික්කය:
- මීගහකිවුල
- ⁠කන්දෙකැටිය
- ⁠හපුතලේ
- ⁠පස්සර

ගාල්ල දිස්ත්‍රික්කය:
- නියාගම

හම්බන්තොට දිස්ත්‍රික්කය:
- වලස්මුල්ල

මහනුවර දිස්ත්‍රික්කය:
- උඩුදුම්බර
- ⁠පාතදුම්බර
- ⁠උඩුනුවර

කෑගල්ල දිස්ත්‍රික්කය:
- ⁠කෑගල්ල
- ⁠දෙහිඕවිට
- ⁠දැරණියගල

මාතලේ දිස්ත්‍රික්කය:
- ⁠රත්තොට

මොණරාගල දිස්ත්‍රික්කය:
- බඩල්කූඹුර

නුවඑඑළිය දිස්ත්‍රික්කය:
- කොත්මලේ බටහිර
- ⁠කොත්මලේ නැගෙනහිර
- ⁠අඹගමුව
- ⁠මතුරට
- ⁠හඟුරන්කෙත

රත්නපුර දිස්ත්‍රික්කය:
- කුරුවිට
- ⁠කලවාන
- ⁠ඇහැලියගොඩ
- ⁠කොලොන්න

21/02/2026
2026. 02. 20 දින ලංකාදීප පුවත්පත ස්තුතිය 💐💐 - මාධ්‍යවේදී උපේන්ද්‍ර පියංකර මහතාට
20/02/2026

2026. 02. 20 දින ලංකාදීප පුවත්පත

ස්තුතිය 💐💐 - මාධ්‍යවේදී උපේන්ද්‍ර පියංකර මහතාට

Address

Ayagama
70024

Opening Hours

Monday 09:00 - 16:00
Tuesday 09:00 - 16:00
Wednesday 09:00 - 16:00
Thursday 09:00 - 16:00
Friday 09:00 - 16:00

Telephone

+94452250075

Alerts

Be the first to know and let us send you an email when Ayagama Pradeshiya Sabhawa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Ayagama Pradeshiya Sabhawa:

Share