Miracles- by Kavi miss

Miracles- by Kavi miss කාන්තාවක ජීවිතයේ ලබන උත්තරීතර පදවිය ?

I have reached 5K followers! Thank you for your continued support. I could not have done it without each of you. 🙏🤗🎉
14/03/2024

I have reached 5K followers! Thank you for your continued support. I could not have done it without each of you. 🙏🤗🎉

Stay and Play!! සහ ලංකාවෙ නයි!! එංගලන්තෙදි ලැබුන ලස්සනම අත්දැකීමක්! දුවගෙ ඉස්කෝලේට ගිහින් එයාගෙ පන්තියේ ඉදන් එයාලා කරන ද...
07/12/2023

Stay and Play!! සහ ලංකාවෙ නයි!!

එංගලන්තෙදි ලැබුන ලස්සනම අත්දැකීමක්!

දුවගෙ ඉස්කෝලේට ගිහින් එයාගෙ පන්තියේ ඉදන් එයාලා කරන දේවල් බලන් ඉන්න,🥰 එයාලා එක්ක සෙල්ලම් කරන්න පැයක් එකහමාරක් දෙමව්පියොන්ට දෙන පොඩි session එක තමයි Stay and play කියන්නෙ. පන්තියෙම ලමයින්ගෙ parents ආවත් හොදට නිදහසේ ඉන්න ඉඩකඩ පන්ති ඇතුලෙ ඕනතරම්. දුවගෙ පන්තියට මම මුලින්ම ගියේ ඊයෙ. ඇත්තටම මට පුදුම හිතුනා. Foundation class එකක පුංචි හිත් වලට කිසිම පීඩනයක් නොදැනෙන්න විවිධාකාර games, ඇති තරම් toys, digital screens, book corners එක්ක, outdoor play areas තව බොහෝ දේවල් බබාලට හිත් ඇදගන්න විදියට හදලා තිබුනා.😇

බබාලට ඇතිවෙන්න පාසල් වලට අවශ්‍ය කරන හැම දේකින්ම පන්ති කාමරේ පිරිලා තිබුනා. අපි පැන්සලක්වත් දෙන්න් ඕන නෑ.( මට මතක් උනා අපි ලංකාවෙදි book list එකට වියදම් කරන තරම්). ආසම හිතුන දෙයක් තමයි එයාලාට තිබුනා තමන්ට ඕන විදියට අයිසින් පේස්ට් එකක් තවරලා තමන් ආස විදියට කුකී එකක් ඩෙකරේට් කරන්න. ඒවට ඕන දේවල් ඔක්කොම දෙනවා. පස්සෙ එයාලට හවසට දෙන Hot chocolate drink එකත් එක්ක එයාලම හදපු කුකීස් කන්න පුලුවන් parents එක්කම.

ඒක හරිම විනෝදජනකම හවසක්!
පොඩි කාලෙ කියවපු හරි පුදුම ඉස්කෝලේ ඇතුලු කතා ගනනාවක් කියවද්දී මැවිච්ච ඉස්කෝල හැබැහින් දකිනවා වගේ දැනුනෙ. 🤗

මන් යද්දී ලස්සන costume එකක් ඇදගෙන මාව suprise කරන්න ඉදපු පැංචි තමයි මේ.

අලුත් ඉස්කෝලෙට දාද්දී මම හිටියෙ හරිම බයෙන්. දුවට cultural shock එකක් දැනෙයිද කියලා.මොන!! ඉස්කෝලෙ ඉවර උනාමත් ගෙදර එන්න ලෑස්ති නෑ..

ඊයෙ ලංකාවෙ නිව්ස් බලද්දී ඉස්කෝල ඇතුලෙ සර්පයො, අවදානම් ගොඩනැගිලි ගැන විස්තර ගොඩක් දැකපු නිසාමයි මට මේ ලියන්න හිතුනෙ. මේ ඉස්කෝලෙ පැයක් ඉදලා ඇවිත් හවස නිව්ස් බලද්දී ඇත්තටම හීල්ලුනා! 😔

මේ රටවල් කියලා අමුතු මැජික් එකක් කරලා නෑ. රටේ අනාගතය දරාගන්නෙ එන පරම්පරාවල් වලට නිසි විදියට මග පෙන්වන එක, පහසුකම් දිය යුතුදේට ඇතිවෙන්න දෙන එක, මිනිස්සු එකම system එකකට වැඩ කරගෙන යන එක තමයි එකම වෙනස.

අදටත් මගේ රට තරම් සම්පතක් අපිට නෑ. දැන්වත් පුංචි කාලෙ ඉදන්ම පීඩනේ දීලා දීලා පොඩි එවුන් ආත්මාර්ථකාමී කරලා දෙමව්පියොත් stress වෙලා කරන විගඩම නැතුව, පුංචි පන්තිවල රට භාරගන්න ඉන්න පුංචි මොල ටිකට විනය, පිලිවෙලකම, පිරිසිදුකම, එකිනෙකාට ගරු කිරීම, ආචාරධර්ම ඔලුවලට කාවද්දන්න!!

අනාගතේ රටේ හොදම ආයෝජනය වෙච්ච පොඩි දරුවන්ගෙ අධ්‍යාපනයට පහසුකම් දෙන්න!! 🙏

මහ මන්දිරේ ඉදන් වගේම කැලෑ වල, පැල්පත්වල හැංගිලා, පරවෙලා යන දක්ශ පැටව් දහස් ගානකට අපේ ලංකාව කවදහරි ගොඩගන්න පුලුවන් වෙයි! හැමදාම මගේ ප්‍රාර්ථනාවත් ඒකමයි!!! 💗

කවී ✍️
7.12.23
එංගලන්තයේ සිට.

08/12/2022

Please follow precautions !!!!

Colamba, Mahanuwara, Ratnapura, Yapanaya, Vavuniyawa disthrikka wala adika waayu dushanayak; lamain menma swasana ha harda roga sahitha wedihitiyan elimahanedi muka awarana paladinna: Parisara amathyansha lekam Dr Anil Jasinghe.- Hirunews.lk

ජීවන අරගලය ලුහු බදින ආදරනීය මිනිස් සංහතියටසුභ නව වසරක් වේවා!! ජයෙන් ජයම වේවා!!
14/04/2022

ජීවන අරගලය ලුහු බදින ආදරනීය මිනිස් සංහතියට
සුභ නව වසරක් වේවා!! ජයෙන් ජයම වේවා!!

31/12/2021

සුභ නව වසරකට ආසිරි වේවා!! 2022

Merry Christmas  to the world with the light of love and good wishes!ආදරයේ ආලෝකයෙනුත්, යහපත් ප්‍රාර්ථනා වල ශක්තියෙනුත් ල...
24/12/2021

Merry Christmas to the world with the light of love and good wishes!
ආදරයේ ආලෝකයෙනුත්, යහපත් ප්‍රාර්ථනා වල ශක්තියෙනුත් ලොවම සුවපත් වන සුභ නත්තලක් වේවා!!
Miracles-by kavi

බබෙක් ලැබෙන්න ඉන්න අම්මලාට වගේම අලුත් බබෙක් ඉන්න අම්මෙක්ට තමයි මගේ අලුත්ම වීඩියෝ එක...https://youtu.be/tOuSuAOIxm8අලුත උ...
06/12/2021

බබෙක් ලැබෙන්න ඉන්න අම්මලාට වගේම අලුත් බබෙක් ඉන්න අම්මෙක්ට තමයි මගේ අලුත්ම වීඩියෝ එක...

https://youtu.be/tOuSuAOIxm8

අලුත උපන් බබෙක් නාවන විදිය බොහෝ අයට නුහුරු දෙයක්.මේ සදහා බොහෝ අලුත් අම්මලා බයක් තියෙනවා.නමුත් ඔබ දන්නවද? ඔබට දරු ප්‍රසූතියෙන් පස්සේ නෝර්මල් අම්මෙක් උනත් සීසර් අම්මෙක් උනත් තමන්ගෙ බබාගෙ වැඩ තමන්ම කරගන්න හුරු වෙන එකෙන් ඔබේ තුවාල සනීප වීම ඉක්මන් වෙනවා.ඔබට මානසික සුවය ලැබෙනවා වගේම ඔබේ සහ බබාගෙ බැදීම ශක්තිමත් වෙනවා.ඉතින් මේ වීඩියෝව ඔබට නිසිලෙසම කියා දෙනවා අලුත් බබා මාස දෙකක් වගේ යනකම් ලේසියෙන් ඔබටත්, බබාටත් අපහසුවක් නැතුව නාවගන්න විදිය.
අලුත උපන් බබෙක් දිනපතාම නෑවීම හොදයි.මේ සදහා ඔබ බබා අතට ගන්න කලින් ස්තාන දෙකක් සූදානම් කරගෙන ඉන්න.එයින් ඔබේ අනවශ්‍ය කලබලය සහ ආතතිය දුරු කරාවි.බබා කිරි බීලා විනාඩි 30කවත් පරතරයක් තියලා නාවන එක සුදුසුයි.
ඔබ බබා නාවන්න අවශ්‍ය ප්‍රාමාණයට රස්නය ඇති උණු වතුර බේසම් දෙකක් ඇතුලු සේදීමට අවශ්‍ය සබන්/ද්‍රාවන එක තැනක තබා ගන්න.උස් ස්තානයක් නම් ඔබේ කොන්දට පහසුවක් වෙයි.තව, බබාව පිහදලා අන්දවන්න ස්තානයකුත් කලින්ම සූදානම් කරලා තියා ගන්න.
පියවර...
1.මුලින්ම බබාව හිස මුහුණ නිරාවරණය වෙන විදියට ඔතා ගන්න.හරියටම ඔතා ගැනීමෙන් බබාව අල්ලගන්න පහසු වෙනවා වගේම ලිස්සලා යාමෙන් බබාට වෙන අනතුරු නැතිවෙනවා.
2.මෙහෙම සූදානම් කරගත්ත බබාගේ මුහුණ තමයි මුලින්ම පිරිසිදු කරන්නේ.ඒකට අපි තෙමාගත්ත පුලුන් බෝල පාවිච්චි කරනවා.
3.එයිනුත් බබාගෙ ඇස් දෙක වෙන වෙනම අලුත් තෙත පුලුන් බෝල වලින් ඇතුල් පැත්තේ ඉදන් පිට පැත්තට පිහිදාන්න.
4.ඊට පස්සෙ මුහුණ පිරිසිදු කරගන්න.පුංචිම බබා නිසා මේකටත් පුලුන් බෝලම පාවිච්චි කරන්න පුලුවන්.
5.ඊට පස්සෙ හිස වීඩියෝ එකේ ආකාරයට සෝදලා පිරිසිදු කරගන්න.හිසේ සබන් පලවෙනි බේසමටම සෝදලා ඊලග අලුත් බේසමෙනුත් හිස සෝදන්න.
6.ඊට පස්සේ බබා අරන් ඇවිත් හිස ඉක්මනින් හොදින් පිසදන්න.බබා සීතලෙන් ආරක්ශා වීමට.
7.ඉන් පසු බබාගෙ ඇග සෝදන්න.ඇග සේදීමට හිස දෙවෙනියට සේදූ වතුර බේසමම ගන්න.
8.ඇගේ සබන් ගාලා සෝදන්න තුන්වන බේසම පාවිච්චි කරන්න.ඔයාලට පොඩි බේසම් තුනක් තියාගන්න පුලුවන් තනියෙන් නම් කරන්නෙ.
9.ඉන් පස්සේ මෙහෙම පිරිසිදු කරගත්ත බබාව හ්දින් පිසදලා සුදුසු බේබි ක්‍රීම් එකක් ගාලා ඇදුම් අන්දවලා හොදින් ඔතාගන්න.
10.බබාගෙ කොණ්ඩය වීඩියෝ එකෙ පරිදි පීරගන්න.
11.බබාට මවිකිරි ලබාදෙන්න.
හැම දවසකම බබාව සේදීම/නෑවීම එකම වේලාවක කිරීමෙන් බබා ඉබේම කාලසටහනකට හුරු වෙනවා.එය ඔබට ඉතා පහසුවක් වේව්.
කවී මිස්.
මේ ලින්ක් එකෙන් වීඩියෝ එක බලලා චැනල් එකට සබ්ස්ක්‍රයිබ් වෙන්න...ශෙයා කරන්නත් අමතක කරන්න එපා!!

https://youtu.be/tOuSuAOIxm8

කාන්තා ඔබගේ ජීවිතයට දිය හැකි වටිනාම ත්‍යාගයක්!! 💎❤Go to below link to watch full video Don't forget to share this valuab...
15/11/2021

කාන්තා ඔබගේ ජීවිතයට දිය හැකි වටිනාම ත්‍යාගයක්!! 💎❤
Go to below link to watch full video
Don't forget to share this valuable message to your beloved ones..

https://youtu.be/naJyyuEgGDM

ඔබේ මවගේ, සහෝදරියගේ ජීවිතයට දිය හැකි වටිනාම පණිවිඩයක්!!! මෙවර මිරැකල්ස් තුලින්...ඔබට හැකිතාක් මේ පණිවිඩය බෙදා හැරීමෙන් න...
12/11/2021

ඔබේ මවගේ, සහෝදරියගේ ජීවිතයට දිය හැකි වටිනාම පණිවිඩයක්!!! මෙවර මිරැකල්ස් තුලින්...
ඔබට හැකිතාක් මේ පණිවිඩය බෙදා හැරීමෙන් නිරපරාදේ දුක් විදින බොහෝ ජීවිත සුරැකිය හැකියි!!

The most valuable message you can give to the life of your mother or sister !!! This time through Miracles ...
You can save many suffering lives by spreading this message as much as you can !!

Subscribe us and share the video with your friends !!

Watch video full

Life is always a challenge.From the begining of your life until the end you have to struggle with numerous changes of life. Here I will support you to get ri...

10/11/2021

පියයුරු පිලිකා පරදවමු...
කාන්තා ඔබ ලෝකය ලස්සන කරන්න, වගේම මනුශ්‍ය සංහතියේ පැවැත්ම තහවුරු කරන්න කරන්නා වූ සේවය අතිමහත්‍ වේ. ඔබ බොහෝ රාජකාරී, ගෙදර දොරේ වැඩපල, දරුවන්ගේ අනාගතය, සැමියා සමග පවුල ඉදිරියට ගෙන යන අතරේ ඔබටම වෙන් වුනු වේලාවක්, වැඩිය නොවෙයි, මාසයේ එක විනාඩි පහක් ඔබ වෙනුවෙන් වෙන් කිරීම අත්‍යවශ්‍ය බව ඔබ දැන සිටියාද?
ලෝකයේ කාන්තා මරණ වලට හේතූන් අතරින් දෙවැනියට සිටින්නේ පිලිකා වේ. පිලිකා අතරිනුත් සුලභම පිලිකාවක් තමයි පියයුරු පිලිකාව.ලංකාවේ වාර්තා වෙන කාන්තා පිලිකා රෝගීන් සීයක් ගත්තොත් එයින් 27ක්ම පියයුරු පිලිකා රෝගීන්. හැබැයි මතක තියා ගන්න පියයුරු පිලිකාවක් කල් තියා හදුනා ගැනීමෙන් එය සම්පූර්ණයෙන් සුව කල හැකි සම්භාවිතාවය ඉතාම ඉහලයි. ලෝකයේ හදුනාගත් පියයුරු පිලිකා රෝගීන්ගෙන් සියයට හතලිහක්ම තමන් විසින්ම හදුනා ගත්පියයුරේ අසාමන්‍යතාවයක් නිසා ප්‍රතිකාර ක්‍රම වලට යොමු වන අය.
ඉතින් ඉතිරි සියයට 60?????
ඔබට ඔබේ ජීවිතය ආදරණීයයන් වෙනුවෙන් රැකගන්න, පියයුරු පිලිකා පැරදවීමේ අවිය තියෙන්නේ ඔබේ අතේ මැද ඇගිලි තුනේ කිව්වොත් නිවැරදියි.මේ ඇගිලි තුන භාවිතයෙන් කිසිම වියදමක් නැතුව, විනාඩි 5ක කාලයකින් ඔබට කල හැකි දේ තමයි ස්වයං පියයුරු පරීක්ශාව.
අවුරුදු 20ට වැඩි කාන්තා ඔබ සියලු දෙනා මෙය සිදු කිරීම අත්‍යවශ්‍ය වෙනවා.

ඔබට පියයුරු පිලිකාවක් ඇතිවිය හැකි අවධානම් සාධක මොනවාද??
මීලග ලිපියෙන්...
කවී මිස්...

අතීතයේ සිටම පැවත එන අලුත උපන් බබා එතීමේ ක්‍රියාවලිය, දැනගෙන කරමු..
03/11/2021

අතීතයේ සිටම පැවත එන අලුත උපන් බබා එතීමේ ක්‍රියාවලිය, දැනගෙන කරමු..

The art of baby wrapping has been around since time immemorial. Even today, parents are looking for new ways to put their baby to sleep comfortably. If a new...

Address

Baddegama South
80200

Telephone

+94778227398

Website

Alerts

Be the first to know and let us send you an email when Miracles- by Kavi miss posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category