Dinindu Saman Hennayake

Dinindu Saman Hennayake Deputy Minister of Youth Affairs
Badulla District Member of Parliament
(1)

ජාතික තරුණ ප්‍රතිපත්තියට ඔබේ අදහස් සහ යෝජනා ලබාදෙන්න ...! කෙටුම්පත් කර ඇති, ජාතික තරුණ ප්‍රතිපත්තිය පිළිබඳව ඔබේ අදහස් සහ...
07/08/2026

ජාතික තරුණ ප්‍රතිපත්තියට ඔබේ අදහස් සහ යෝජනා ලබාදෙන්න ...!

කෙටුම්පත් කර ඇති, ජාතික තරුණ ප්‍රතිපත්තිය පිළිබඳව ඔබේ අදහස් සහ යෝජනා ලබාදීමට හැකිය.

පහත සඳහන් QR කේතය ඔස්සේ කෙටුම්පත බාගත කරගත හැකි අතර, ඒ පිළිබඳව ඔබේ අදහස් සහ යෝජනා අප වෙත යොමු කරන්න.

එසේත් නැත්නම් පහත සඳහන් Link එකෙන් පිවිසෙන්න.

https://drive.google.com/drive/folders/1cth0T8krXm1j0VLkoQ1zINgAOU5D25CR

06/08/2026

ජල සම්පාදනයේ පුනරුදයක් ඇති කරනවා...

06/08/2026

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේ දී

රුමේෂ් තරංග හෙල්ල විසිකිරීමේ තරග ඉසව්වෙන් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු තැනට පැමිණෙයි! සුබ පැතුම් රුමේෂ් !
06/08/2026

රුමේෂ් තරංග හෙල්ල විසිකිරීමේ තරග ඉසව්වෙන් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු තැනට පැමිණෙයි!

සුබ පැතුම් රුමේෂ් !

තරුණ සංවර්ධනය පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික පර්යේෂණ සමුළුව සැප්තැම්බර් මාසයේ දී ....තරුණ සංවර්ධනය පිළිබඳ ශ්‍රී ලංකාවේ...
05/08/2026

තරුණ සංවර්ධනය පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික පර්යේෂණ සමුළුව සැප්තැම්බර් මාසයේ දී ....

තරුණ සංවර්ධනය පිළිබඳ ශ්‍රී ලංකාවේ පළමු ජාතික පර්යේෂණ සමුළුව සැප්තැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිතය. තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයත්, ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයත් එක්ව එය සංවිධානය කරනු ලබයි.
ඒ අනුව එම සමුළුවේ ඉදිරි සංවිධාන කටයුතු පිළිබඳව අද (05දා) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක් සිදු කෙරුණි. එම අවස්ථාවට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අරුණ බණ්ඩාර මහතා, විවෘත විශ්ව විද්‍යාලයේ, මානව ශාස්ත්‍ර සහ සමාජවිද්‍යා අධ්‍යයන අංශයේ පීඨාධිපති ආචාර්ය අතුල සිරි සමරකෝන් මහතා, ආචාර්ය ශාන්ත අබේසිංහ මහතා ඇතුළු තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් පිරිසක් සහභාගී වූහ.

இளைஞர் மேம்பாடு தொடர்பான இலங்கையின் முதல் தேசிய ஆய்வுக் கருத்தரங்கு செப்டெம்பரில்...

இளைஞர் மேம்பாடு தொடர்பாக இலங்கையின் முதல் தேசிய ஆய்வுக் கருத்தரங்கு எதிர்வரும் செப்டெம்பர் மாதத்தில் நடைபெறவுள்ளது. இளைஞர் அலுவல்கள் மற்றும் விளையாட்டுத்துறை அமைச்சும், இலங்கை திறந்த பல்கலைக்கழகமும் இணைந்து இந்நிகழ்வை ஏற்பாடு செய்கின்றன.

அதனை முன்னிட்டு, கருத்தரங்கின் எதிர்கால ஏற்பாட்டு நடவடிக்கைகள் தொடர்பாக இன்று (05) இளைஞர் அலுவல்கள் மற்றும் விளையாட்டுத்துறை அமைச்சருடன் கலந்துரையாடல் ஒன்று நடைபெற்றது.

இந்நிகழ்வில் இளைஞர் அலுவல்கள் பிரதி அமைச்சர் தினிந்து சமன் ஹென்னாயக்க, இலங்கை திறந்த பல்கலைக்கழகத்தின் கலாநிதி அதுல சிறி சமரகோன், கலாநிதி சாந்த அபேசிங்க உள்ளிட்ட இளைஞர் அலுவல்கள் மற்றும் விளையாட்டுத்துறை அமைச்சின் அதிகாரிகள் மற்றும் இலங்கை திறந்த பல்கலைக்கழகத்தின் கல்வியாளர்கள் குழுவொன்றும் கலந்துகொண்டனர்.

සිනමාකරණය පිළිබඳ හැදෑරීමට කැමති තරුණ ඔබ වෙනුවෙන්,CINEWAVE 2026 ‍ජාතික සිනමා උළෙල ට සමගාමීව පැවැත්වෙන 'පළාත් සිනමාකරණ වැඩ...
05/08/2026

සිනමාකරණය පිළිබඳ හැදෑරීමට කැමති තරුණ ඔබ වෙනුවෙන්,
CINEWAVE 2026 ‍ජාතික සිනමා උළෙල ට සමගාමීව පැවැත්වෙන 'පළාත් සිනමාකරණ වැඩමුළුව' සඳහා දැන් අයදුම් කළ හැකිවේ.

ජාතික තරුණ සේවා සභාව සහ නිස්කො වීඩියෝ අංශය සංවිධානය කරන මෙම වැඩමුළු මාලාව නොමිලේ දෙදිනක් නේවාසිකව පැවැත්වේ. වයස අවුරුදු 40 දක්වා වයස් කාණ්ඩයට අයත් තරුණ තරුණියන් ට මෙම අයදුම්පත් යොමුකළ හැකිය.

පහත සබැඳියෙන් දැන්ම අයදුම් කරන්න..
cine wave form link - https://nysc.lk/cinewave2026/

අයදුම්පත් භාරගන්නා අවසන් දිනය: අගෝස්තු 15

සිනමාව පිළිබඳ හැදෑරීමට කැමති තරුණ තරුණියනි, මේ ඔබේ අවස්ථාවයි!!!

திரைப்படத் துறையை கற்க விரும்பும் இளைஞர், யுவதிகளுக்காக,

CINEWAVE 2026 தேசிய திரைப்பட விழாவை முன்னிட்டு நடைபெறும் "மாகாண திரைப்படப் பயிற்சிப் பட்டறைக்கு" இப்போது விண்ணப்பிக்கலாம்.

தேசிய இளைஞர் சேவைகள் மன்றமும் NISCO காணொளிப் பிரிவும் இணைந்து நடத்தும் இந்தப் பயிற்சித் தொடர், இரண்டு நாள் இலவச தங்கியிருந்து நடைபெறும் பயிற்சியாகும்.

40 வயது வரை உள்ள இளைஞர், யுவதிகள் இந்தப் பயிற்சிக்கு விண்ணப்பிக்கலாம்.

கீழே உள்ள இணைப்பின் மூலம் இப்போதே விண்ணப்பியுங்கள்:

விண்ணப்ப இணைப்பு: https://nysc.lk/cinewave2026/

விண்ணப்பங்களை ஏற்கும் இறுதி நாள்: ஆகஸ்ட் 15

திரைப்படத் துறையை கற்க விரும்பும் இளைஞர், யுவதிகளே, இது உங்கள் சிறந்த வாய்ப்பு!

04/08/2026

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පත පිළිබඳ බස්නාහිර පළාත් සාකච්ඡාවේ දී

2026.08.04

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පත පිළිබඳ දෙවන මහජන සාකච්ඡාව අද බස්නාහිර පළාතේ දී ....ජාතික තරුණ ප්‍රතිපත්තිය, තරුණ කටයුතු ...
04/08/2026

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පත පිළිබඳ දෙවන මහජන සාකච්ඡාව අද බස්නාහිර පළාතේ දී ....

ජාතික තරුණ ප්‍රතිපත්තිය, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය විසින් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) සහයෝගයෙන් කෙටුම්පත් කර ඇත.

ජාතික තරුණ ප්‍රතිපත්තිය සඳහා මහජන අදහස් සහ යෝජනා ලබාගැනීම සිදු කෙරුණි. ඒ අනුව සකස් කරන ලද කෙටුම්පත පිළිබඳව පළාත් මට්ටමේ සාකච්ඡා ආරම්භ කර තිබේ.

එහි දෙවන සාකච්ඡාව ලෙස බස්නාහිර පළාත් සාකච්ඡාව අද (04දා) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශාලාවේ දී පැවැත් විය.

එම සාකච්ඡාවට, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අරුණ බණ්ඩාර මහතා, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශ්‍රී ලංකාවේ සහය නියෝජිත වෛද්‍ය දයානාත් රණතුංග මහතා, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ , තරුණ කටයුතු අතිරේක ලේකම් සුමිත් ශාන්ත මහතා, ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ ආචාර්‍ය ශාන්ත අබේසිංහ මහතා, ජාතික තරුණ සේවා සභාවේ බස්නාහිර පළාත් අධ්‍යක්ෂ ඩී.ඒ කුමුදුනි මහත්මිය සහ දිස්ත්‍රික් අධ්‍යක්ෂවරුන්, ජාතික යොවුන් සේනාංකයේ බස්නාහිර පළාත් අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් , Youth Club තරුණ නායක නායිකාවන් සහභාගී වූහ.

தேசிய இளைஞர் கொள்கை வரைவு தொடர்பான இரண்டாவது பொதுக் கலந்துரையாடல் இன்று மேற்கு மாகாணத்தில் நடைபெற்றது

இளைஞர் அலுவல்கள் மற்றும் விளையாட்டுத்துறை அமைச்சு, ஐக்கிய நாடுகள் மக்கள் நிதியம் (UNFPA) வழங்கிய ஒத்துழைப்புடன் தேசிய இளைஞர் கொள்கை வரைவினை தயாரித்துள்ளது.

தேசிய இளைஞர் கொள்கைக்கான பொதுமக்களின் கருத்துகள் மற்றும் பரிந்துரைகள் பெறப்பட்டதையடுத்து, அவற்றின் அடிப்படையில் தயாரிக்கப்பட்ட வரைவு குறித்து மாகாண மட்டக் கலந்துரையாடல்கள் தற்போது நடத்தப்பட்டு வருகின்றன.

அதன் இரண்டாவது அமர்வாக மேற்கு மாகாணத்திற்கான கலந்துரையாடல் இன்று (04) இளைஞர் அலுவல்கள் மற்றும் விளையாட்டுத்துறை அமைச்சின் டங்கன் வைட் மண்டபத்தில் நடைபெற்றது.

இந்தக் கலந்துரையாடலில் இளைஞர் அலுவல்கள் மற்றும் விளையாட்டுத்துறை அமைச்சின் செயலாளர் திரு. அருண பண்டார, இலங்கைக்கான ஐக்கிய நாடுகள் மக்கள் நிதியத்தின் (UNFPA) பிரதிநிதி டாக்டர் தயாநாத் ரணதுங்க, இளைஞர் அலுவல்கள் தொடர்பான மேலதிக செயலாளர் திரு. சுமித் சாந்த, இலங்கை திறந்த பல்கலைக்கழகத்தின் பேராசிரியர் டாக்டர் சாந்த அபேசிங்க, தேசிய இளைஞர் சேவைகள் மன்றத்தின் மேற்கு மாகாண பணிப்பாளர் திருமதி டி.ஏ. குமுதுனி, மாவட்ட பணிப்பாளர்கள், தேசிய இளைஞர் படையணியின் மேற்கு மாகாண பணிப்பாளர் மற்றும் அதிகாரிகள், பிரதேச சபை உறுப்பினர்கள், இளைஞர் கழகங்களின் இளைஞர் தலைவர்கள் மற்றும் தலைவிகள் உள்ளிட்டோர் கலந்து கொண்டனர்.

මීගහකිවුල අග්ගලාඋල්පත ප්‍රදේශයේ (2)දින පැවති NPP කොට්ඨාස සභාව ප්‍රතිසංවිධානය කිරීමේ වැඩසටහන ජනතා සහභාගීත්වයෙන් ඉතා සාර්ථ...
04/08/2026

මීගහකිවුල අග්ගලාඋල්පත ප්‍රදේශයේ (2)දින පැවති NPP කොට්ඨාස සභාව ප්‍රතිසංවිධානය කිරීමේ වැඩසටහන ජනතා සහභාගීත්වයෙන් ඉතා සාර්ථකව නිමාවට පත් විය..

මෙම අවස්ථාව සඳහා මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ සභාපති ටී. එම්. කුමාරතිස්ස සහෝදරයා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රී චරිත් පුබුදු මදුශංක සහෝදරයා ද සහභාගී වී අදහස් දැක්වූහ.

ජනතා ශක්තිය තවදුරටත් සංවිධානය කරමින්, ශක්තිමත් වෙනසක් වෙනුවෙන් අපගේ ගමන අඛණ්ඩව ඉදිරියට ගෙන යමු.

මෙරට සමස්ත තාරුණ්‍යය වෙනුවෙන් සකස් කෙරෙන ජාතික තරුණ ප්‍රතිපත්තියට ඔබේ අදහස් සහ යෝජනා වැදගත් .....මෙරට සමස්ත තරුණ ප්‍රජාව...
04/08/2026

මෙරට සමස්ත තාරුණ්‍යය වෙනුවෙන් සකස් කෙරෙන ජාතික තරුණ ප්‍රතිපත්තියට ඔබේ අදහස් සහ යෝජනා වැදගත් .....

මෙරට සමස්ත තරුණ ප්‍රජාව ඉලක්ක කර ගනිමින් නිර්මාණය කෙරෙන තරුණ ප්‍රතිපත්තිය වෙනුවෙන් ජනතා අදහස් හා යෝජනා ලබා ගැනීම සිදු කළා. ඒ අනුව මේ වන විට එහි කෙටුම්පත සකස් කරලා තියෙනවා.

නමුත් අපි කල්පනා කළා, මේ කෙටුම්පත පිළිබඳවත් ඔබ සමඟ සාකච්ඡා කරන්න. එලෙස සාකච්ඡා කිරීමෙන් පසු අවසන් කෙටුම්පත සකස් කර, එය පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමයි සැලසුම.

2026 - 2035 කාල රාමුව වෙනුවෙන් සකස් කර ඇති මෙම ප්‍රතිපත්තිය, තරුණයන්ගේ සමස්ත සංවර්ධනය ඉලක්ක කරගත් නව රාමුවක් ලෙස සකස් කරලා තියෙනවා.

තරුණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී මූලධර්ම 5ක්, ප්‍රතිපත්ති ඉලක්කයක්, ප්‍රතිපත්ති ප්‍රකාශන 8ක්, උපායමාර්ගික දිශානතීන් 12ක්, තිරසර සංවර්ධන ඉලක්ක (SDGs) හා සම්බන්ධ පුළුල් උපායමාර්ග 44ක් සහ ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් (Action Plan) ඇතුළත්.

ඒ අනුව සකස් කර ඇති කෙටුම්පත පිළිබඳව තවදුරටත් ජනතා අදහස් හා යෝජනා ලබා ගැනීමට අදහස් කළේ, ඉදිරි අනාගතය වෙනුවෙන් නිර්මාණය කෙරෙන තාරුණ්‍යය උදෙසා සකස් කෙරෙන ජාතික තරුණ ප්‍රතිපත්තිය වඩාත් විධිමත් සහ ජනතා අනුමැතිය සහිත ප්‍රතිපත්තියක් බවට පත්කිරීමේ අරමුණින්.

මින් පෙර ජාතික තරුණ ප්‍රතිපත්තියක් පැවතිය ද, එය විධිමත් ලෙස බලාත්මක කර, ක්‍රියාකාරී සැලැස්මක් අනුව ක්‍රියාත්මක වී නොමැති බව අප හඳුනාගත්තා. මෙම තරුණ ප්‍රතිපත්තිය සකස් කරනුයේ නාමිකව නොව වඩාත් විධිමත් ලෙස ක්‍රියාත්මක කිරීමේ අරමුණ සහිතවයි.

පළාත් 9 තුළ ජනතාව සමඟ සාකච්ඡා කිරීමට සැලසුම් කරලා තියෙන්නෙ. ඒ අනුව එහි පළමු සාකච්ඡාව ඊයේ දකුණු පළාතේ පැවැත්වුණා. මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවට විශාල පිරිසක් එක්ව සිටියා.

බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්ලෙයාස් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් මහතා සහ අජන්ත ගම්මැද්ද යන මහත්වරුන් ද සහභාගී වූහ. එමෙන්ම තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ , තරුණ කටයුතු අතිරේක ලේකම් සුමිත් ශාන්ත මහතා, මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න මහතා, මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් කාංචනා තල්පාවිල මහත්මිය, ජාතික තරුණ සේවා සභාවේ දකුණු පළාත් අධ්‍යක්ෂ සරත් කොඩිකාර මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගී වුණා.

நாட்டின் முழுமையான இளைஞர் சமூகத்திற்காக உருவாக்கப்படும் தேசிய இளைஞர் கொள்கைக்கான உங்கள் கருத்துகளும் பரிந்துரைகளும் மிகவும் முக்கியமானவை…

நாட்டின் முழுமையான இளைஞர் சமூகத்தை இலக்காகக் கொண்டு உருவாக்கப்பட்டு வரும் தேசிய இளைஞர் கொள்கைக்காக பொதுமக்களின் கருத்துகளும் பரிந்துரைகளும் பெறப்பட்டன. அதன்படி, தற்போது அதன் வரைவு தயாரிக்கப்பட்டுள்ளது.

எனினும், இந்த வரைவு தொடர்பாகவும் உங்களுடன் கலந்துரையாட வேண்டும் என்று நாங்கள் எண்ணினோம். இவ்வாறு கலந்துரையாடல்களின் பின்னர் இறுதி வரைவு தயாரிக்கப்பட்டு, அது பாராளுமன்றத்தின் அங்கீகாரத்திற்காக சமர்ப்பிக்கப்பட உள்ளது.

2026–2035 காலப்பகுதியை அடிப்படையாகக் கொண்டு தயாரிக்கப்பட்டுள்ள இந்த தேசிய இளைஞர் கொள்கை, இளைஞர்களின் முழுமையான முன்னேற்றத்தை இலக்காகக் கொண்ட புதிய கொள்கைச் சட்டகமாக வடிவமைக்கப்பட்டுள்ளது.

இந்தக் கொள்கையை நடைமுறைப்படுத்துவதற்காக 5 அடிப்படைக் கொள்கைகள், ஒரு கொள்கை நோக்கம், 8 கொள்கை அறிக்கைகள், 12 மூலோபாய திசைகள், நிலையான அபிவிருத்தி இலக்குகள் (SDGs) உடன் தொடர்புடைய 44 விரிவான மூலோபாயங்கள் மற்றும் அவற்றை நடைமுறைப்படுத்துவதற்கான செயல் திட்டம் (Action Plan) ஆகியவை இதில் உள்ளடக்கப்பட்டுள்ளன.

எனவே, தயாரிக்கப்பட்டுள்ள இந்த வரைவு தொடர்பாக மேலும் பொதுமக்களின் கருத்துகளையும் பரிந்துரைகளையும் பெற்றுக்கொள்ள தீர்மானிக்கப்பட்டுள்ளது. எதிர்கால இளைஞர் தலைமுறைக்காக உருவாக்கப்படும் இந்த தேசிய இளைஞர் கொள்கை, மக்களின் பரந்த ஒப்புதலுடனும் முறையான வடிவமைப்புடனும் அமைய வேண்டும் என்பதே இதன் நோக்கமாகும்.

முன்னதாக தேசிய இளைஞர் கொள்கை ஒன்று இருந்தபோதிலும், அது முறையாக அமுல்படுத்தப்படவில்லை என்பதையும், செயல் திட்டத்தின் அடிப்படையில் நடைமுறைப்படுத்தப்படவில்லை என்பதையும் நாங்கள் அடையாளம் கண்டுள்ளோம். எனவே, இந்த புதிய தேசிய இளைஞர் கொள்கை பெயரளவில் மட்டுமல்லாமல், திட்டமிட்டும் முறையாகவும் நடைமுறைப்படுத்தப்படும் நோக்கத்துடன் உருவாக்கப்படுகிறது.

இதற்காக நாட்டின் ஒன்பது மாகாணங்களிலும் பொதுமக்களுடன் கலந்துரையாடல்கள் நடத்த திட்டமிடப்பட்டுள்ளது. அதன்படி, முதல் கலந்துரையாடல் நேற்று தென் மாகாணத்தில் நடைபெற்றது. மாத்தறை மாவட்ட செயலகத்தில் நடைபெற்ற இந்தக் கலந்துரையாடலில் பெருமளவிலான மக்கள் கலந்து கொண்டனர்.

இந்நிகழ்வில் எரிசக்தி பிரதி அமைச்சர் அர்கம் இல்லியாஸ், பாராளுமன்ற உறுப்பினர் லால் பிரேமநாத் மற்றும் அஜந்த கம்மத்த ஆகியோரும் கலந்து கொண்டனர்.

மேலும், இளைஞர் அலுவல்கள் மற்றும் விளையாட்டுத்துறை அமைச்சின் இளைஞர் அலுவல்கள் மேலதிக செயலாளர் சுமித் சாந்த, மாத்தறை மாவட்டச் செயலாளர் சந்தன திலகரத்ன, மாத்தறை மேலதிக மாவட்டச் செயலாளர் காஞ்சனா தல்பாவில, தேசிய இளைஞர் சேவை மன்றத்தின் தென் மாகாண பணிப்பாளர் சரத் கொடிகார உள்ளிட்ட பலரும் இந்நிகழ்வில் பங்கேற்றனர்.

Address

Badulla

Alerts

Be the first to know and let us send you an email when Dinindu Saman Hennayake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share