24/08/2026
🌱 සමුපකාරයෙන් මල් වගාකරුවන් සවිබලගැන්වීමේ නව පියවරක්
සමුපකාර ව්‍යාපාරය තුළින් සාමාජිකයන්ගේ නිෂ්පාදන හැකියාවන් වර්ධනය කරමින් ඔවුන්ගේ ආර්ථික ශක්තිය ඉහළ නැංවීමේ අරමුණින් ක්‍රියාත්මක වැඩසටහන් මාලාවේ තවත් වැදගත් පියවරක් ලෙස, සීමා සහිත හපුතලේ මල් වගාකරුවන්ගේ සමුපකාර සමිතිය වෙත බෙහෙත් ඉසින යන්ත්‍ර 27ක් අනුග්‍රහයක් ලෙස ලබාදීම සිදු කෙරිණි.
මෙය අලුතින් පිහිටුවන ලද සමුපකාර සමිතියේ සාමාජික මල් වගාකරුවන්ගේ වගා කටයුතු වඩාත් කාර්යක්ෂම කරගැනීමටත්, නිෂ්පාදන හැකියාවන් වර්ධනය කරගැනීමටත් සහාය වන පළමු අදියරේ ක්‍රියාමාර්ගයක් ලෙස ක්‍රියාත්මක විය.
එම අවස්ථාවේදී සීමා රහිත උමංකඳුර සකසුරුවම්කම හා ණය ගනුදෙනු පිළිබඳ සමුපකාර සමිතියේ සාමාජිකයෙකු වෙත තුනපහ අඹරුම් යන්ත්‍රයක් ද ලබාදීම සිදු කෙරිණි. එමගින් සාමාජිකයාගේ නිෂ්පාදන කටයුතු හා ආදායම් උත්පාදන හැකියාව ශක්තිමත් කිරීමට අවශ්‍ය පහසුකමක් සැලසෙනු ඇත.
මෙම උපකරණ ඌව පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස්තුමාගේ අතින් නිල වශයෙන් ලබාදීම සිදු වූ අතර, ප්‍රදේශයේ මහජන නියෝජිතයන්, සමුපකාර ක්ෂේත්‍රයේ නිලධාරීන්, සමුපකාර සමිති නියෝජිතයන් සහ සාමාජිකයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
අලුතින් ගොඩනැගෙන සමුපකාර සමිතිවල සාමාජිකයන්ට අවශ්‍ය නිෂ්පාදන පහසුකම් සලසා දීම තුළින්, ඔවුන්ගේ ව්‍යවසායකත්ව හැකියාවන් වර්ධනය කිරීම, ආදායම් මාර්ග පුළුල් කිරීම සහ ප්‍රාදේශීය ආර්ථික ක්‍රියාකාරකම් ශක්තිමත් කිරීම අපේක්ෂා කෙරේ.
සාමාජිකයා ශක්තිමත් කිරීම තුළින් සමුපකාරය ශක්තිමත් කරමින්,
සමුපකාරය තුළින් ප්‍රාදේශීය ආර්ථිකය සවිබලගැන්වීම අපගේ අරමුණයි. 🤝🌱
ඌව පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව