Uva Provincial Media Unit

Uva Provincial  Media Unit Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Uva Provincial Media Unit, Badulla.

06/09/2026
දම්මජෝති පදනමේ සම්බන්ධීකරණය හා හොංකොන් රජයේ GS Charity පදනමේ මූල්‍ය දායකත්වයෙන් ඌව පළාතේ රෝහල් සදහා රුධිර කාන්දු පෙරණ යන...
04/09/2026

දම්මජෝති පදනමේ සම්බන්ධීකරණය හා හොංකොන් රජයේ GS Charity පදනමේ මූල්‍ය දායකත්වයෙන් ඌව පළාතේ රෝහල් සදහා රුධිර කාන්දු පෙරණ යන්ත්‍ර ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත.
ඒ අනුව ඔවුන් විසින් බදුල්ල මහ රෝහලේ නව රුධිර කාන්දු පෙරණ ඒකකයක් ස්ථාපනය කිරීම සදහා අවශ්‍ය පහසුකම් සොයා බැලීම සදහා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
එහිදී රුපියල් මිලියන 42 මුදලක් වැය කර බදුල්ල මහ රෝහලේ රුධිර කාන්දු පෙරණ යන්ත්‍ර 14 කින් යුත් ඒකකයක් ඉදිකිරීම නියමිතය.
මෙම අවස්ථාවට කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය මැදවච්චියේ ධම්මජෝති හිමියන් හා හොංකොන් රජයේ GS Charity පදනමේ නිලධාරි ඇතුළු බදුල්ල මහ රෝහලේ හා ඌව පළාත් සභාවේ නිලධාරින් පිරිසක් එක්විය.

🚌 බස් රථ සේවකයන්ගේ සුබසාධනය වෙනුවෙන් EPF හා ETF දැනුවත් කිරීමේ වැඩසටහන 🚌වර්තමාන රජයේ ප්‍රතිපත්තිවලට අනුකූලව ජනතාවට ගුණාත...
04/09/2026

🚌 බස් රථ සේවකයන්ගේ සුබසාධනය වෙනුවෙන් EPF හා ETF දැනුවත් කිරීමේ වැඩසටහන 🚌

වර්තමාන රජයේ ප්‍රතිපත්තිවලට අනුකූලව ජනතාවට ගුණාත්මක හා තිරසර ප්‍රවාහන සේවාවක් ඇති කිරීම සහ බස් රථ සේවකයන්ගේ සුබසාධනය ඉහළ නැංවීම අරමුණු කරගනිමින්, EPF හා ETF අරමුදල් පිළිබඳ බස් රථ සේවකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (04) දින ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපතිතුමා සහ සාමාන්‍යාධිකාරීතුමාගේ මෙහෙයවීම යටතේ සංවිධානය කළ මෙම වැඩසටහනේදී බස් රථ රියදුරු හා කොන්දොස්තර මහත්වරුන්ගේ EPF හා ETF අයිතිවාසිකම්, ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය සහ අදාළ ප්‍රතිලාභ පිළිබඳව දැනුවත් කිරීම මෙහිදී සිදුවිය.

මෙම වැඩසටහන මගින් බස් රථ සේවකයන්ගේ සේවා අයිතිවාසිකම් හා සමාජ ආරක්ෂණය තහවුරු කරමින්, වඩාත් කාර්යක්ෂම, ආරක්ෂිත හා තිරසර පොදු ප්‍රවාහන සේවාවක් ගොඩනැගීමට දායක වීම අපේක්ෂා කෙරේ.

මේ අවස්ථාවට බදුල්ල දිස්ත්‍රික් සහකාර කම්කරු කොමසාරිස්තුමිය, EPF ආයතනයේ ප්‍රාදේශීය කළමනාකරු ඇතුළු නිලධාරීන්, බස් රථ හිමියන් සහ බස් රථ සේවකයන් සහභාගී විය.

ඌවේ පත්තර විස්තර (2026.09.04)
04/09/2026

ඌවේ පත්තර විස්තර (2026.09.04)

03/09/2026
🎬 ඌව නවෝදය විවෘත කෙටි වීඩියෝ තරගය 🌟 ඔබේ නිර්මාණශීලී හැකියාවන් තුළින් සමාජයට යහපත් පණිවිඩයක් ගෙන යාමට අනගි අවස්ථාවක්! 🎯 ප...
03/09/2026

🎬 ඌව නවෝදය විවෘත කෙටි වීඩියෝ තරගය 🌟
ඔබේ නිර්මාණශීලී හැකියාවන් තුළින් සමාජයට යහපත් පණිවිඩයක් ගෙන යාමට අනගි අවස්ථාවක්!
🎯 ප්‍රධාන තේමාව: “නිරවුල් මනසක් – සුපිරිසිදු ශ්‍රී ලංකාවක්” (Clean Mind and Clean Sri Lanka)
ඔබට පහත උප තේමා ඔස්සේ ඔබේ නිර්මාණ ඉදිරිපත් කළ හැකිය:
• 🧠 නිරවුල් මනස – යහපත් ජීවිතයක ආරම්භය
• 🌱 පිරිසිදු පරිසරය – අපේ වගකීම
• 🤝 පිරිසිදු සමාජයක් – යහපත් මිනිසුන්ගෙන්
• ♻️ අද පුරුද්ද – හෙට පිරිසිදු ශ්‍රී ලංකාවක්
• 🇱🇰 මගේ ගමෙන් පිරිසිදු ශ්‍රී ලංකාවකට
👥 සහභාගිත්වය: ඌව පළාතේ ජීවත් වන වයස අවුරුදු 18 හෝ ඊට වැඩි ඕනෑම පුරවැසියෙකුට (තනි හෝ කණ්ඩායම් වශයෙන්) තරගය සඳහා සහභාගි විය හැකිය. එක් තරගකරුවෙකුට ඉදිරිපත් කළ හැක්කේ එක් නිර්මාණයක් පමණි.
📹 තාක්ෂණික තොරතුරු:
• වීඩියෝවේ කාලය විනාඩි 3-10 අතර විය යුතුය.
• ජංගම දුරකථනයකින් රූගත කළ වීඩියෝ ද පිළිගැනේ.
• සිංහල හෝ දෙමළ වීඩියෝ සඳහා ඉංග්‍රීසි උපසිරැසි ඇතුළත් කළ යුතුය.
🏆 වටිනා මුදල් ත්‍යාග:
• ප්‍රථම ස්ථානය: රු. 25,000
• දෙවන ස්ථානය: රු. 20,000
• තෙවන ස්ථානය: රු. 15,000
• සැනසිලි ත්‍යාග (10ක් සඳහා): රු. 5,000 බැගින්
⏳ අවසන් දිනය: 2026 සැප්තැම්බර් 08
🔗 වැඩි විස්තර සහ ලියාපදිංචි වීම සඳහා පහත දිගුව (Link) වෙත පිවිසෙන්න:
https://up.gov.lk/vdo-comp/

ඌවේ පත්තර විස්තර (2026.09.03)
03/09/2026

ඌවේ පත්තර විස්තර (2026.09.03)

ඌවේ පත්තර විස්තර (2026.09.02)
02/09/2026

ඌවේ පත්තර විස්තර (2026.09.02)

Address

Badulla

Alerts

Be the first to know and let us send you an email when Uva Provincial Media Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Uva Provincial Media Unit:

Shortcuts

Share