Divisional Secretariat - Soranathota

Directions Website

Divisional Secretariat - Soranathota The Soaranathota Divisional Secretariat was first located in an agrarian center reedipana. It was first opened on 1979.

දීර්ඝකාලීන ඉතිහාසයකට උරුමකම් කියන බදුල්ල දිස්ත්‍රික්කයේ සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සොරණාතොට නමින් ජනප්‍රවාදව ඇති බවට මත කීපයක් පල කර ඇත. ඉන් එකක් වන්නේ වළගම්බා රජු සමයේ දියනෑම සඳහා රජු ගංඟාවට ගොස් දියනෑමෙන් අනතුරුව රන් ආබරණ නැවත පැළඳ ගැනීමට අමතකවී ඇත. නැවත රජතුමා එම ආභරණ සොයා පෙරලා පැමිණ ඇත. එම ආභරණ ගැලවූ තැනම ආරක්ෂිතව තිබූ බවට දැනගැනීමෙන් අනතුරුව සොරුන් නැති තොට ලෙස නම් කරන ලදුව පසු කාලයේදි එය භාවිතයේ පහසුව සඳහා සොරණාතොට ලෙස ප්‍රචලිතවී ඇත.
ශ්‍රී ලංකාවේ ස්වභාව සෞන්දර්යය වර්ණවත් කෙරෙන දෙස් විදෙස් සංචාරකයින්ගේ නෙත් සිත් ඇද ගන්නා මනස්කාන්ත දියඇල්ලක් වන දුංහිඳ ඇල්ල පිහිටා තිබෙන්නේද සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ය. බුදුගේකන්ද ලෙන් විහාරයේ මහනුවර යුගයට අයත් චිත්‍ර සම්ප්‍රදායක් ද දැකිය හැකිය.

බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15 කින් සමන්විත වන අතර සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයද ඉන් එකකි. මෙම කොට්ඨාසයේ මුළු භූමි ප්‍රමාණය වර්ග කිලෝ මීටර් 79ක් වන අතර ග්‍රාම නිලධාරි කොට්ඨාස 25 කින් සමන්විත වේ. 2017 වසරේ කොට්ඨාසයේ මුළු ජනගහනය 28184 කි. එය සිංහල, දෙමළ, මුස්ලිම් යන ජන වර්ග වලින් නියෝජනය වේ.

උතුරින් මීගහකිවුල හා කන්දකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලින්ද නැගෙනහිරින් පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයද දකුණින් බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයද බස්නාහිරින් හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයද මායිම්ව පිහිටි සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උසම ප්‍රදේශය වන්නේ නාරංගලයි. තල්දෙන හා බෝලියද්ද පහත් ප්‍රදේශ වේ. ප්‍රධාන වශයෙන් වී වගාව ,තේවගාව සහ සුළු අපනයන බෝග කොට්ඨාසයේ කෘෂි කාර්මික රටාවට අයත් වේ.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හරහා ගලනා ඔයත් අඹගහ ඔයත් කොට්ඨාසයට අයත් ප්‍රධාන ගංඟාවන් වන අතර ජල උල්පත් විශාල ප්‍රමාණයකට හිමිකම් කියනු ලැබේ.

බදුළු ඔය නිර්මාණය වන දෙස් විදෙස් සංචාරකයින්ගේ සිත් ඇද ගන්නා දුංහිඳ දිය ඇල්ල පිහිටා ඇත්තේද සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ය. එසේම වළගම්බා රජු සමයේ කරවන ලද චිත්‍ර බුදුගේකන්ද ලෙන් විහාරයේ දක්නට ලැබේ. ඌව පළාතේ ප්‍රධාන නගරය වන බදුල්ල ආසන්නයේම පිහිටි කොට්ඨාසය වන්නේද සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යි.

🏠️ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අවතැන් වූ සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් 25ක් වෙනුවෙන් නව නිවාස ව්‍යාපෘතියට ම...
07/10/2026

🏠️ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අවතැන් වූ සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් 25ක් වෙනුවෙන් නව නිවාස ව්‍යාපෘතියට මුල්ගල් තැබේ! 🏠
---------------------------------------------------------------------------
පසුගියදා ඇති වූ 'දිට්වා' ආපදාව හේතුවෙන් පූර්ණ හානියට පත්ව අවතැන් වූ වතු ජනතාව වෙනුවෙන් නව නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය අද (2026.10.07) සුබ මොහොතින් ආරම්භ කෙරිණි.

වැවිලි ප්‍රජා වතු යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සොරණාතොට සාර්නියා වත්ත, මහතැන්න ඉඩමේදී මෙම මුල්ගල් තැබීමේ උත්සවය පැවැත්විණි. මෙම නිවාස ව්‍යාපෘතිය අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, එහි පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු මෙලෙස ආරම්භ විය.

ඊට අමතරව දිට්වා ආපදාවෙන් පූර්ණ හානි සිදු වූ පවුල් 3ක්, අර්ධ හානි සිදු වූ පවුල් 17ක් හා ව්‍යාපාර හානි 10 ක් සදහා චෙක්පත් පිරිනැමීම ද මෙහිදී සිදු කරන ලදී.

මෙම අවස්ථාව සඳහා තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා, සොරණාතොට ප්‍රාදේශීය සභාවේ සභාපති අශෝක කීර්ති ජයලත් මහතා ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, බදුල්ල දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම මහතා, සොරණාතොට ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් රැසක් එක්ව සිටියහ.

ස්වර්ණසර මාධ්‍ය ඒකකය

"නව නිවසක් සුරක්ෂිත ජීවිතයක්" ______________________________________දිට්වා ආපදා තත්වය හේතුවෙන් පූර්ණ හානි හා අධි අවධානම්...
06/10/2026

"නව නිවසක් සුරක්ෂිත ජීවිතයක්"
______________________________________

දිට්වා ආපදා තත්වය හේතුවෙන් පූර්ණ හානි හා අධි අවධානම් වූ වතු පවුල් නැවත පදිංචි කිරීමේ වැඩසටහන යටතේ, බදුල්ල දිස්ත්‍රික්කයේ සොරණාතොට ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ කන්දෙගෙදර වසමේ නව නිවාස 25ක් සඳහා මුල්ගල් තැබීමේ සමාරම්භක උත්සවය 2026.10.07 දින කන්දෙගෙදර සාර්නියා වත්ත, මහතැන්න ඉඩමේදී සිදු කිරීමට නියමිතයි.

ඒ සදහා වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් ගරු අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මැතිතුමා, තරුණ කටයුතු ගරු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මැතිතුමා, සොරණාතොට ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති අශෝක කීර්ති ජයලත් මැතිතුමා සහ බදුල්ල දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම මැතිතුමාගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.

විශිෂ්ටත්වය කරා යන ගමනේ ආරම්භය
30/09/2026

විශිෂ්ටත්වය කරා යන ගමනේ ආරම්භය

📢 සොරණාතොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ආපදා පෙරහුරු පුහුණු වැඩසටහන සාර්ථකව අවසන්.සොරණාතොට කොට්ඨාසයේ නායයෑම් දැඩි හා මධ්‍ය...
26/09/2026

📢 සොරණාතොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ආපදා පෙරහුරු පුහුණු වැඩසටහන සාර්ථකව අවසන්.

සොරණාතොට කොට්ඨාසයේ නායයෑම් දැඩි හා මධ්‍ය අවදානම් කලාපවල ජීවත්වන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් සංවිධානය කළ පූර්ව සූදානම් හා පෙරහුරු වැඩසටහන ඊයේ (2026.09.25) දින සාර්ථකව අවසන් කරන ලදී.

මෙම පෙරහුරු වැඩසටහන සඳහා ග්‍රාම නිලධාරී වසම් 12 ක් ආවරණය කරමින් කදවුරු 11ක් ස්ථාපනය කල අතර, ඉදිරියේදී ඇතිවිය හැකි අධික වැසි හා නායයෑම් අවදානම් තත්ත්වයකදී ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීම, මෙහෙයුම් මැදිරිය මගින් කටයුතු සම්බන්ධීකරණය කිරීම සහ රාජ්‍ය යාන්ත්‍රණය ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීම පිළිබඳ පෙරහුරුවක් සිදු කරන ලදී.

මෙම වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීමට සහය වූ සියලුම රාජ්‍ය ආයතන, නිලධාරීන්, ආරක්ෂක හා සහන සේවා අංශ, ග්‍රාම නිලධාරීන්, ක්ෂේත්‍ර නිලධාරීන්, ප්‍රජා සවිබල ගැන්වීමේ නිලදාරීන්, ස්වේච්ඡා සේවකයින් සහ සහභාගී වූ සියලුම ජනතාව වෙත සොරණාතො ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ස්තුතිය පිරිනමමු. 🙏

මෙම වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කර ගැනීම සඳහා ඔබ සැම ලබාදුන් සහයෝගය, කැපවීම සහ වගකීම් සහගත දායකත්වය අපි ඉතා අගය කරමු. සියලු දෙනාගේ සහයෝගය සහ එකමුතුව මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට මහත් ශක්තියක් විය. ඒ වෙනුවෙන් ඔබ සැමට අපගේ හෘදයාංගම ස්තුතිය පිරිනමමු. 🙏

සොරණාතොට  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ක්‍රියාකාරී කලායතනයක් වන ශ්‍රී මේඝ වර්ණ  කලායතනය සඳහා වාද්‍ය භාණ්ඩ ප්‍රධානයක් අද (2...
24/09/2026

සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ක්‍රියාකාරී කලායතනයක් වන ශ්‍රී මේඝ වර්ණ කලායතනය සඳහා වාද්‍ය භාණ්ඩ ප්‍රධානයක් අද (2026.09.24) දින සොරණාතොට ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් කාර්යාලයේදී සිදු කරන ලදි.

මෙය සංවිධානය සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික නිලධාරීතුමිය විසින් සිදු කරන ලදී.

සොරණාතොට කොට්ඨාශයේ ග්‍රාම සංවර්ධන සමිතිවල නිලධාරීන් ස්වෙච්ඡාවෙන් සිදු කළ සේවය ඇගයීම, ඔවුන්ට සමරු තිළිණ ප්‍රධානය කිරීම හා...
24/09/2026

සොරණාතොට කොට්ඨාශයේ ග්‍රාම සංවර්ධන සමිතිවල නිලධාරීන් ස්වෙච්ඡාවෙන් සිදු කළ සේවය ඇගයීම, ඔවුන්ට සමරු තිළිණ ප්‍රධානය කිරීම හා සමිති සජීවීකරණ වැඩසටහන යටතේ ඉහළ ලකුණු ලබා ගත් සමිති ඇගයීම 2026.09.23 දින සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී සිදු කරන ලදි.

මේ සදහා සොරණාතොට ප්‍රාදේශීය ලේකම්තුමිය, ග්‍රාම සංවර්ධන අධ්‍යක්ෂක තුමිය, ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තු
පරිපාලන නිළධාරිතුමිය, ග්‍රාම සංවර්ධන නිලදාරීතුමන්, බදුල්ල ප්‍රාදේශිය සංවර්ධන බැංකුවේ නියෝජිතවරයෙකු, දිස්ත්‍රික් ග්‍රාම සංවර්ධන නිලධාරී තුමිය ඇතුළු මාණ්ඩලික නිලදාරීන් පිරිසක් සහභාගී විය.

සංවිධානය සොරණාතොට ග්‍රාම සංවර්ධන නිලධාරී තුමන් විසින් සිදු කරන ලදී.

දැන්වීමයි
23/09/2026

දැන්වීමයි

⚠️⚠️⚠️🌨⛈🌪 දිවයිනේ නිරිතදිග ප්‍රදේශවලට පවතින සහ ඉදිරි දින වලදී අපේක්ෂිත වර්ෂාමය තත්ත්වය හමුවේ කඳුකර ආශ්‍රිත ප්‍රදේශවල (වි...
23/09/2026

⚠️⚠️⚠️🌨⛈🌪 දිවයිනේ නිරිතදිග ප්‍රදේශවලට පවතින සහ ඉදිරි දින වලදී අපේක්ෂිත වර්ෂාමය තත්ත්වය හමුවේ කඳුකර ආශ්‍රිත ප්‍රදේශවල (විශේෂයෙන් නායයාම් අවධානම් සහිත ප්‍රදේශවල) ජීවත් වන ජනතාව නායයෑම් පූර්ව අනතුරු ලක්ෂණ සම්බන්ධයෙන් විමසිලිමත්වන්න.

⚠️⚠️⚠️ තද වැසි සමග සිදුවිය හැකි නායයෑම් හා කණ්ඩි කඩා වැටීම් වලින් ජීවිත බේරා ගනිමු...

☎️ හදිසි ඇමතුම් - 117
(ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය)

සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව පවත්වන ප්‍රාදේශීය සාහිත්‍යය උළෙල, සොරණාතොට ප්...
23/09/2026

සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව පවත්වන ප්‍රාදේශීය සාහිත්‍යය උළෙල, සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී 2026.09.22 දින පවත්වනු ලැබීය.

මෙහිදී හිටිවන කවි කලාව ජනගත කිරීමේ අරමුණින් *"හිටිවන කවිමඩුව"* රස වින්දනාත්මක වැඩසටහනක් ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබීය.

මේ සඳහා ප්‍රාදේශීය ලේකම්තුමිය, කවියන්, සංස්කෘතික නිලධාරීන්, පාසල් ගුරුවරුන්, ශිෂ්‍යාවන් මෙන්ම කලාකරුවන්ද, සංස්කෘතික මධ්‍යස්ථානයේ දුවා දරුවන් හා කාර්යාලයේ නිලධාරීන් සහභාගි විය.

මෙහි සංවිධාන කටයුතු කාර්යාලයේ සංස්කෘතික නිලධාරිනිය විසින් සිදු කරන ලදී.

සොරණාතොට කොට්ටාසයේ නාය යෑම් අධි අවදානම් හා මධ්‍ය අවදානම් පවුල් බහුලව සිටින ‍ග්‍රාම නිලධාරී වසම් 16 ක් මූලික කරගනිමින් පැ...
22/09/2026

සොරණාතොට කොට්ටාසයේ නාය යෑම් අධි අවදානම් හා මධ්‍ය අවදානම් පවුල් බහුලව සිටින ‍ග්‍රාම නිලධාරී වසම් 16 ක් මූලික කරගනිමින් පැවැත්වීමට නියමිත ආපදා පෙරහුරු වැඩසටහනට සමගාමීව එහි පලමු අදියර ලෙස රාජ්‍ය නිලධාරීන් සදහා වු පුහුණු වැඩසටහනක් 2026.09.18 දින සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විය.

ප්‍රාදේශීය ආපදා කළමනාකරණ යාන්ත්‍රණය තුල සක්‍රීය ලෙස දායක වන රාජ්‍ය ආයතන නිලධාරීන් මේ සදහා සහභාගි විය.. ප්‍රාදේශීය ලේකම් තුමියගේ උපදෙස් පරිදි ආපදා සහන සේවා අංශය හා දිස්ත්‍රික් ආපදා කලමනාකරන ඒකකය එක්ව වැඩසටහන සිදු කරන ලදි.

මේ සදහා සොරණාතොට ප්‍රාදේශීය ලේකම්තුමිය, සොරණාතොට ප්‍රාදේශිය සභාවේ ගරු ලේකම්තුමන්, දිස්ත්‍රික් ආපදා කලමණාකරන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂතුමන් හා ශ්‍රී ලංකා රතුකුරුස සංගමයේ නිලදාරීන් මේ සදහා සහභාගී විය.

Address

Rideepana, Mahiyangana Road
Badulla
90000

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat - Soranathota posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share