18/06/2026
🤝 Strengthening Sri Lanka-Taiwan Trade Relations: CCIUP Delegation Visits TAITRA 🇱🇰 🤝 🇹🇼
The Chamber of Commerce and Industry of Uva Province (CCIUP) recently concluded a highly successful and fruitful business delegation meeting with the Taiwan External Trade Development Council (TAITRA) at their head office in Taipei, Taiwan.
Representing various business sectors from Sri Lanka, our delegation engaged in productive discussions aimed at exploring new market opportunities, fostering economic synergies, and building robust long-term business ties between our two regions.
We are proud to highlight our delegation members who successfully represented the chamber:
- Mr. R. Range Asitha Nalinda – Vice Chairman, CCIUP (Managing Director, Capital City Hotel)
- Mr. M. M. Adhil Rafeik – Assistant Secretary, CCIUP (Managing Director, Rafeique's Electronics)
- Mr. W. A. Anura de Silva – Director, CCIUP (Managing Director, High-tech Fire & Rescue)
- Mr. M. A. M. Faliq Cader – Director, CCIUP (Managing Director, Node Engineering Consortium)
We extend our heartfelt gratitude to:
✨ Our Chairman and the entire Board of Directors of CCIUP for their visionary leadership, guidance, and unwavering support in making this international delegation a reality.
✨ The management and team at TAITRA especially Mr Adam Chang and Mr Jules Shih for their exceptionally warm hospitality and excellent support.
✨ The Federation of Chambers of Commerce and Industry of Sri Lanka (FCCISL) the Secretary General Mr Thilan and the Director Mr Jagath Mullevithana for their invaluable leadership and coordination in seamlessly bridging this connection.
CCIUP looks forward to working very closely with TAITRA and FCCISL in the future to open new horizons for growth, trade, and innovation for our business community.
🤝 ශ්‍රී ලංකා - තායිවාන වෙළඳ සබඳතා ශක්තිමත් කිරීම: ඌව පළාත් වාණිජ හා කර්මාන්ත මණ්ඩල (CCIUP) දූත පිරිස TAITRA හි සංචාරයක 🇱🇰 🤝 🇹🇼
ඌව පළාත් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය (CCIUP) විසින් තායිවානයේ තායිපේ නුවර පිහිටි තායිවාන විදේශ වෙළඳ සංවර්ධන කවුන්සිලයේ (TAITRA) ප්‍රධාන කාර්යාලයේදී පවත්වන ලද ව්‍යාපාරික දූත මණ්ඩල සාකච්ඡාව ඉතා සාර්ථක ලෙස නිමාවට පත් විය.
ශ්‍රී ලංකාවේ විවිධ ව්‍යාපාරික ක්ෂේත්‍ර නියෝජනය කරමින් සහභාගී වූ අපගේ දූත පිරිස, නව වෙළඳපල අවස්ථා ගවේෂණය කිරීම, ආර්ථික සහයෝගීතාව වර්ධනය කිරීම සහ දෙපාර්ශවය අතර ශක්තිමත් දිගුකාලීන ව්‍යාපාරික සබඳතා ගොඩනැගීම අරමුණු කරගනිමින් ඵලදායී සාකච්ඡාවල නිරත වූහ.
අප මණ්ඩලය ඉතා සාර්ථක ලෙස නියෝජනය කළ දූත පිරිසේ සාමාජිකයින් පිළිබඳව අප ආඩම්බර වන්නෙමු:
- අසිත නලින්ද රංගේ මහතා– උප සභාපති, CCIUP (කළමනාකාර අධ්‍යක්ෂ, Capital City Hotel)
- ආදිල් රෆීක් මහතා – උප ලේකම්, CCIUP (කළමනාකාර අධ්‍යක්ෂ, Rafeique's Electronics)
- ඩබ්ලිව්. ඒ. අනුර ද සිල්වා – අධ්‍යක්ෂ, CCIUP (කළමනාකාර අධ්‍යක්ෂ, High-Tech Fire and Rescue)
- ෆාලික් කාදර් මහතා – අධ්‍යක්ෂ, CCIUP (කළමනාකාර අධ්‍යක්ෂ, Node Engineering Consortium)
අපගේ හෘදයාංගම කෘතඥතාව මෙසේ පුදකර සිටිමු:
✨ මෙම ජාත්‍යන්තර දූත මණ්ඩල සංචාරය යථාර්ථයක් බවට පත් කිරීම සඳහා දූරදර්ශී නායකත්වය, මගපෙන්වීම සහ නොසැලෙන සහයෝගය ලබා දුන් CCIUP හි ගරු සභාපතිතුමා ඇතුළු සමස්ත අධ්‍යක්ෂ මණ්ඩලයට,
✨ අප වෙත දක්වන ලද සුවිශේෂී ආගන්තුක සත්කාරය සහ විශිෂ්ට සහයෝගය වෙනුවෙන් TAITRA හි කළමනාකාරීත්වයට සහ කාර්ය මණ්ඩලයේ Mr Adam Chang සහ Mr Jules Shih මහත්වරුන්ටද,
✨ මෙම සම්බන්ධතාවය බාධාවකින් තොරව ගොඩනැගීම සඳහා ඔවුන්ගේ මිල කළ නොහැකි නායකත්වය සහ සම්බන්ධීකරණය වෙනුවෙන් ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ (FCCISL) විධායක ලේකම් තිලාන් මහතාට සහ අධ්‍යක්ෂ ජගත් මුල්ලේවිතාන මහතාට,
අපගේ ව්‍යාපාරික ප්‍රජාව වෙනුවෙන් වෙළඳාම් වර්ධනය, සහ නවෝත්පාදනයේ නව ක්ෂිතිජයන් උදාකර දීම සඳහා ඉදිරියේදී TAITRA සහ FCCISL සමඟ ඉතා සමීපව කටයුතු කිරීමට CCIUP අපේක්ෂා කරයි.