Central Environmental Authority - Uva Provincial Office

Central Environmental Authority - Uva Provincial Office Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Central Environmental Authority - Uva Provincial Office, Government Organization, No 179, Keppetipola Road, Badulla.

The Uva Provincial Office of the Central Environmental Authority is working towards ensuring the quality and protection of the environment of the Uva Province.

පරිසර නියමු හා පරිසර ළමා සමාජ වැඩසටහන් පාසල් පද්ධතිය තුල ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් ඌව පළාතේ බදුල්ල හා මොණරාගල දිස්ත්...
07/04/2026

පරිසර නියමු හා පරිසර ළමා සමාජ වැඩසටහන් පාසල් පද්ධතිය තුල ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් ඌව පළාතේ බදුල්ල හා මොණරාගල දිස්ත්‍රික් වල කලාප හා කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂකවරු සමග සාකච්ඡාවක් 2026-03-31 දින බදුල්ල කැපිටල් සිටි හෝටල් පරිශ්‍රයේ දී පවත්වන ලදී.
ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ වී.වී. මනොහාරි ‌‌ ෆොන්සේකා මිය, මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර අධ්‍යාපන හා දැනුවත් කිරිමේ අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය අජිත් ගුණවර්ධන මයා හා ඌව පළාත් අධ්‍යක්ෂ සී.පී. පලිහපිටිය මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන සදහා කලාප හා කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරු, පරිසර නියමු දිස්ත්‍රික් උපදේශකවරු, කලාප හා කොට්ඨාස ස කොමසාරිස්වරු සහභාගි වූහ.

මෙහිදි ආචාර්ය අජිත් ගුණවර්ධන මයා විසින් පරිසර අධ්‍යාපනය පාසල් පද්ධතිය තුල කිරිමේ අවශ්‍යතාව හා පරිසර හිතකාමි අනාගත පරපුරක් බිහි කිරිමේ වැදගත්කම පැහැදිලි කරන ලදි. 2025 වර්ෂයේ ඌව පළාතේ පරිසර නියමු හා ළමා සමාජ වැඩසටහනේ ප්‍රගතිය මධ්‍යම පරිසර අධිකාරියේ ඌව පළාත් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ කේ.ජි.ඒස්. රුක්ෂාන් මයා විසින් ඉදිරිපත් කරන ලදී.

තවද පරිසර නියමු හා පරිසර ළමා සමාජ වැඩසටහන් පාසල් තුල ක්‍රියාත්මක කිරිමේදී පැන නඟින ගැටලු හා පරිසර අධ්‍යාපන වැඩසටහන් වැඩිදියුණු කිරීම සඳහා අදහස් හා යෝජනා සාකච්ඡා කරන ලදි.

මධ්‍යම පරිසර අධිකාරියේ මොණරාගල දිස්ත්‍රික් ප්‍රධානී සහකාර අධ්‍යක්ෂ එම්.කේ.ජේ.එම්. සදාත් මයා සහ ඌව පළාත් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ඩී.ඒම්.පී.ටී. දිසානායක මයාගේ මඟපෙන්වීම යටතේ සංවිධානය කරන ලද මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා ඌව පළාත් කාර්යාලයේ හා මොණරාගල දිස්ත්‍රික් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ පරිසර නිලධාරීන්,පරිසර නිලධාරීන් හා සංවර්ධන නිලධාරීන් ඇතුළු කාර්යමණ්ඩලයේ දායකත්වය ලබාදෙන ලදි.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ පොලිතින් වැටලීමේ හා දැනුමිවත් කිරීමේ වැඩසටහනමධ්‍යම පරිසර අධිකාරියේ  ඌව පළාත්  කාර්යාලය වි...
20/03/2026

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ පොලිතින් වැටලීමේ හා දැනුමිවත් කිරීමේ වැඩසටහන

මධ්‍යම පරිසර අධිකාරියේ ඌව පළාත් කාර්යාලය විසින් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ නීතියෙන් තහනම් කරන ලද පොලිතින් වැටලීමක් හා දැනුමිවත් කිරීමේ වැඩසටහනක් ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ 2026-03-17 දින පවත්වන ලදි.

ඇල්ල පොලිස් ස්ථානයේ පරිසර පොලිස් ඒකකයේ සහයෝගයද ඇතිව ඇල්ල නගරය, රාවණාඇල්ල හා කුඹල්වෙල යන ස්ථානයන්හී මෙම වැඩසටහන පවත්වන ලදි. එහිදී වෙළඳ ආයතන 45ක් දැනුම්වත් කරන ලදි. නීතියෙන් තහනම් කරන ලද පොලිතීන් හා ප්ලාස්ටික් අයිතම වෙළඳාම සදහා අර්පණය හා ලඟ තබාගැනීම හේතුවෙන් ආයතන 6කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සදහා යොමු කරන ලදි.

මධ්‍යම පරිසර අධිකාරියේ ඌව පළාත් අධ්‍යක්ෂ සී.පී. පලිහපිටිය මියගේ මගපෙන්වීම යටතේ සංවිධානය කරන ලද මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා සහකාර අධ්‍යක්ෂවරු, ජ්‍යෙෂ්ඨ පරිසර නිලධාරීන් හා පරිසර නිලධාරීන් ඇතුළු කාර්යමණ්ඩලයේ දායකත්වය ලබාදෙන ලදි.

03/03/2026

Happy World Wildlife Day! 🦒🌳🐆🌺

United Nations World Wildlife Day is observed annually on 3 March to celebrate the world's diverse wild animals and plants while recognizing their indispensable contributions to our planet and human well-being
The 2026 theme, "Medicinal and Aromatic Plants: Conserving Health, Heritage and Livelihoods," highlights the critical role these botanical resources play in global medicine, cultural traditions, and the economic stability of local communities worldwide.💚 🌿🦓

WWD- Tree Planting ProgramIn Commemoration of the World Wetlands Day 2026, the Uva Provincial Office of the Central Envi...
24/02/2026

WWD- Tree Planting Program

In Commemoration of the World Wetlands Day 2026, the Uva Provincial Office of the Central Environmental Authority, with the Badulla Municipal Council, organized a tree-planting programme on 4th February 2026 at the Badulu Oya riverine area.
As part of the programme, 100 Kumbuk trees were planted along the banks of the Badulu Oya to enhance and protect the wetland ecosystem.

Mr.Nandana Kalumsiri Hapugoda,Mayor, Badulla Municipality with Badulla Municipal Council Staff, Environmental Pioneer students and teachers of B/ Badulla MMV and B/ Viharamahadevi BMV participated in the event. Mrs. C.P. Palihapitiya, Director (Uva) of the Uva Provincial Office of the Central Environmental Authority, Mr. D.M.P.T. Dissanayake (Assistant Director), Senior Environmental Officers, Environmental Officers, and representatives from other government institutions also attended the programme, contributing to its successful implementation. 🌿🌱

Teachers Training Program- Passara Edu ZoneA Training Programme for teacher in-charge of the Environment Pioneer Program...
24/02/2026

Teachers Training Program- Passara Edu Zone

A Training Programme for teacher in-charge of the Environment Pioneer Programme (EPP) and Eco Club Programme from Sinhala and Tamil medium schools in the Passara Education Zone was successfully held on 30th January 2026 at the Passara Teachers’ Training Center.

The programme was organized by Ms. Wathsala Upulmali, Environment Pioneer Zonal Commissioner of the Zonal Education Office – Passara.

Under the guidance of Mrs. C.P. Palihapitiya, Director (Uva) of the Uva Provincial Office of the Central Environmental Authority, the sessions focused on the proper implementation of EPP and Eco Club programmes in schools and included discussions on practical challenges and best practices.

The Sinhala medium sessions were conducted by Mr. K.G.S. Rukshan (Assistant Director), Ms. P.H. Thennakoon (Environmental Officer), Mr. I.O. Hettiarachchi (Environmental Officer) and Ms.D.M. N.K. Dissanayake (Development Officer). The Tamil medium session was conducted by Mr. M.K.J.M. Sadaath, Assistant Director (District Head) of the Monaragala District Office of the Central Environmental Authority.

Approximately 60 teachers representing EPP and Eco Clubs from both Sinhala and Tamil medium schools in the Passara Education Zone participated in this informative and interactive programme, contributing to its overall success. 🌱📖

ලෝක තෙත්බිම් සැමරුම් බදුල්ල දිස්ත්‍රික් වැඩසටහන - 2026තෙත්බිම් හා සාම්ප්‍රදායික දැනුම සබැඳුණු සංස්කෘතික උරුමය සමරමු යන්න...
11/02/2026

ලෝක තෙත්බිම් සැමරුම් බදුල්ල දිස්ත්‍රික් වැඩසටහන - 2026

තෙත්බිම් හා සාම්ප්‍රදායික දැනුම සබැඳුණු සංස්කෘතික උරුමය සමරමු යන්න තේමා කරගනිමින් මධ්‍යම පරිසර අධිකාරියේ ඌව පළාත් කාර්යාලය විසින් 2026 ලෝක තෙත්බිම් සැමරුම් බදුල්ල දිස්ත්‍රික් වැඩසටහන මහියංගන, දඹාන ආදීවාසී ගම්මානයේ දී බ/ඔරුබැඳිවැව මහා විද්‍යාලයේ හා බ/ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යලයේ පරිසර නියමු , හරිත හා ස්වර්ණ පදක්කම්ලාභී පරිසර නියමුවන් 60 දෙනෙකු සහ පරිසර නියමු කාර්යභාර ගුරුභවතුන්ගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා ආදීවාසී නායකතුමාගේ ප්‍රධානත්වයෙන් 2026-02-02 දින පවත්වන ලදි.

මෙහිදී ශ්‍රී ලංකා ආදීවාසී නායක , විශ්වකීර්ති වනස්පති ඌරුවරිගේ වන්නිල ඇත්තන් විසින් "තෙත්බිම් හා බැදි සාම්ප්‍රදායික දැනුම හා සංස්කෘතික උරුමය" පිළිබඳ දේශනයක් පවත්වන ලදි. මධ්‍යම පරිසර අධිකාරියේ ඌව පළාත් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ කේ.ජී.එස්. රුක්ෂාන් මයා විසින් තෙත්බිම් දින තේමාව හා තෙත්බිම් සංරක්ෂණය පිළිබඳව සිසුන් දැනුවත්කිරීම සිදු කරන ලදි. ආදීවාසී ගම්මානයේ තෙත්බිම් ආශ්‍රිතව රුක් රෝපණ වැඩසටහක් හා සිසුන් සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් සම්පාදිත තෙත්බිම් අසිරිය පොත බෙදාදීමද මෙම වැඩසටහනේදී සිදු කරන ලදි.

මෙම අවස්ථාව සඳහා මහියංගන ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමිය, මහියංගන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ හා විෂය අධ්‍යක්ෂ, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නියෝජනය කරමින් දඹාන ග්‍රාම නිලධාරි හා සංස්කෘතික නිලධාරි මධ්‍යම පරිසර අධිකාරියේ මොණරාගල දිස්ත්‍රික් ප්‍රධානී සහකාර අධ්‍යක්ෂ එම්. කේ.ජේ.එම් සදාත් මයා, ජ්‍යෙෂ්ඨ පරිසර නිලධාරීන්,පරිසර නිලධාරීන්ද ආරාධිතයින් ලෙස සහභාගී විය.

මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර අධ්‍යාපන හා දැනුවත් කිරීමේ ඒකකය හා ස්වභාවික සම්පත් කළමනාකරණ ඒකකයේ අනුග්‍රහයෙන්, ඌව පළාත් අධ්‍යක්ෂ සී.පී. පලිහපිටිය මියගේ මඟපෙන්වීම යටතේ සංවිධානය කරන ලද මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා සහකාර අධ්‍යක්ෂවරු, රසඥ, ජ්‍යෙෂ්ඨ පරිසර නිලධාරීන්,පරිසර නිලධාරීන් හා සංවර්ධන නිලධාරීන් ඇතුළු කාර්යමණ්ඩලයේ දායකත්වය ලබාදෙන ලදි.

"බදුලු ඔයට හුස්මක්" (Breath for Badulu Oya)දිට්වා සුළි කුණාටුව හේතුවෙන් බදුලුඔය දෙපස එක්රැස්ව තිබූ  පොලිතීන්, ප්ලාස්ටික්...
05/01/2026

"බදුලු ඔයට හුස්මක්" (Breath for Badulu Oya)

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් බදුලුඔය දෙපස එක්රැස්ව තිබූ පොලිතීන්, ප්ලාස්ටික් හා නොදිරන අපද්‍රව්‍ය පරිසර හිතකාමි ලෙස කළමනාකරණය කිරීමේ අරමුණින් මධ්‍යම පරිසර අධිකාරියේ ඌව පළාත් කාර්යාලය, බදුල්ල මහ නගර සභාව හා ශ්‍රී ලංකා රතුකුරුස සමාජය ඒකාබද්ධව සංවිධානය කරන ලද බදුලුඔය ආශ්‍රිතව "බදුලු ඔයට හුස්මක්" (Breath for Badulu Oya) ශ්‍රමදාන වැඩසටහන 2026-01-04 වන දින ක්‍රියාත්මක කරන ලදි.

එම ශ්‍රමදාන වැඩසටහන සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව, බදුල්ල එලදළුව පාබල බලසේනා පුහුණු මධ්‍යස්ථානයේ ශ්‍රී ලංකා යුද හමුදා බට පිරිස් , දියතලාව ශ්‍රී ලංකා ගුවන් හමුදා පුහුණු පාසලේ බට පිරිස් හා ශ්‍රී ලංකා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ Geo Pulse සංගමයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්, මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්, බදුල්ල මහ නගර සභාවේ නිලධාරීන් හා ශ්‍රී ලංකා රතුකුරුස ස්වෙච්ඡා ශ්‍රම බලකායේ 150 ක පමණ පිරිසකගේ දායකත්වයෙන් බදුලු ඔය ආශ්‍රිතව ව්‍යාප්තවී ඇති අපද්‍රව්‍ය ඉවත් කරමින් ඉවුරු සංරක්ෂණය කිරීමට "බදුලු ඔයට හුස්මක්" මෙම වැඩසටහන සාර්ථක නිමාව නිමා කරන ලදි.

මෙහිදී එක්රැස් වූ පොලිතීන්, ප්ලාස්ටික් හා නොදිරන අපද්‍රව්‍ය ටොන් දෙකක පමණ ප්‍රමාණයක් ප්‍රතිචක්‍රීකරණ කටයුතු සඳහා යොමු කරන ලදි.

02/01/2026
2026 නව වසරේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම- මධ්‍යම පරිසර අධිකාරිය, ඌව පළාත් කාර්යාලය
01/01/2026

2026 නව වසරේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම- මධ්‍යම පරිසර අධිකාරිය, ඌව පළාත් කාර්යාලය

31/12/2025

තෙත්බිම් සිතුවම් - 2026 👩‍🎨🎨
චිත්‍ර තරගයේ චිත්‍ර භාර ගැනීමේ අවසන් දිනය 2026 ජනවාරි 10 වන දින දක්වා දීර්ඝ කර ඇත.

Wetland Arts 2026
The submission deadline for the All-Island Art Competition has been extended up to 10th January 2026

ආපදා තත්ත්වය සමඟ එක්රැස් වූ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන - බදුල්ල දිස්ත්‍රික්කයදිට්වා සුළි කුණාටුව සමඟ ඇතිව...
30/12/2025

ආපදා තත්ත්වය සමඟ එක්රැස් වූ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන - බදුල්ල දිස්ත්‍රික්කය

දිට්වා සුළි කුණාටුව සමඟ ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ආපදාවට ලක් වූ බදුල්ල, වැලිමඩ හා මහියංගනය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කේන්ද්‍ර කරගනිමින් මධ්‍යම පරිසර අධිකාරියේ ඌව පළාත් කාර්යාලය විසින් පළාත් පාලන ආයතනවල සහයෝගීත්වයෙන් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහනක් 2025 දෙසැම්බර් මස 18, 19, 20 සහ 21 යන දිනවලදී ක්‍රියාත්මක කරන ලදි.

මෙහිදී එක් රැස් කරන ලද ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය, බදුල්ල නගරාධිපතිතුමා සහ නාගරික කොමසාරිස්තුමියගේ ප්‍රධානත්වයෙන්, 2025-12-29 වන දින මධ්‍යම පරිසර අධිකාරියේ ඌව පළාත් කාර්යාලයේ දී ප්‍රතිචක්‍රීකරණ කටයුතු සඳහා Cleantech ආයතනය වෙත භාරදෙන ලදී.

ආපදා තත්ත්වය සමඟ එක්රැස් වූ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන - බදුල්ල දිස්ත්‍රික්කයදිට්වා සුළි කුණාටුව සමඟ ඇතිව...
24/12/2025

ආපදා තත්ත්වය සමඟ එක්රැස් වූ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන - බදුල්ල දිස්ත්‍රික්කය

දිට්වා සුළි කුණාටුව සමඟ ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ආපදාවට ලක් වූ බදුල්ල, වැලිමඩ හා මහියංගනය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කේන්ද්‍ර කරගනිමින් මධ්‍යම පරිසර අධිකාරියේ ඌව පළාත් කාර්යාලය විසින් පළාත් පාලන ආයතනවල සහයෝගීත්වයෙන් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහනක් 2025 දෙසැම්බර් මස 18, 19, 20 සහ 21 යන දිනවලදී ක්‍රියාත්මක කරන ලදි. මෙහිදී ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍යවල බලපෑම් සම්බන්ධයෙන් එම ප්‍රදේශවල ජනතාව දැනුවත් කිරී‌මේ හා අපද්‍රව්‍ය රැස් කිරීමේ කටයුතු සිදු කරන ලදි.

බදුල්ල දිස්ත්‍රික්කය තුළ විශේෂයෙන්ම බදුලු ඔය, උමා ඔය හා මහවැලි ගඟ ඔය පිටාර ගැලීම හේතුවෙන් හානියට ලක්වූ ප්‍රදේශයන්හි පරිසරයට බැහැර වූ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය රැස් කර මෙම අධිකාරියේ ලියාපදිංචි ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ ආයතන මඟින් ප්‍රතිචක්‍රීකරණයට යොමු කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලද අතර මෙහිදී රාජ්‍ය ආයතන, ව්‍යාපාරික ස්ථාන, නිවෙස් ආදිය මඟින් ආපදා තත්වය හේතුවෙන් බැහැර කරන ලද ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ටොන් දෙකක පමණ ප්‍රමාණයක් ප්‍රතිචක්‍රීකරණ කටයුතු සඳහා යොමු කරන ලදි.

මධ්‍යම පරිසර අධිකාරියේ ඌව පළාත් අධ්‍යක්ෂ සී.පී. පලිහපිටිය මියගේ අධීක්ෂණය හා මඟපෙන්වීම යටතේ සහකාර අධ්‍යක්ෂවරු, රසඥ , ජ්‍යෙෂ්ඨ පරිසර නිළධාරීන්, පරිසර නිළධාරීන් හා සංවර්ධන නිළධාරීන් සියලු ඇතුළු කාර්ය මණ්ඩලයේ සහයෝගීත්වයෙන් වැඩසටහන සාර්ථකව පවත්වන ලදි.

Address

No 179, Keppetipola Road
Badulla
90000

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94552222305

Alerts

Be the first to know and let us send you an email when Central Environmental Authority - Uva Provincial Office posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Central Environmental Authority - Uva Provincial Office:

Share