බළන්ගොඩ නගර සභාව Urban Council Balangoda

බළන්ගොඩ නගර සභාව Urban Council Balangoda ආයුබෝවන්.. එක් වන්න අප සමග.. බළන්ගොඩ නගර සභාව

සබරගමුව පලාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි පැරණිතම නගර සභාව මෙය වේ. වර්ෂ 1939 දී සර් හෙන්ඩ්රි බ්‍රවුනි ආණ්ඩුකාරවරයා විසින් පිහිට වු මෙම නගර සභාවේ මුල්ම සභාපතිවරයා වුයේ ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වු සිරිමාවෝ ඩයස් බණ්ඩාරණායක මැතිණියගේ පියාණන් වු බාන්ස් රත්වත්ත දිසාවේ මැතිතුමාය. එදා දවස සෙනටරි බෝඩ් නමින් ආරම්භ වු මෙම නගර සභාව අද වන විට නගරාධිපතිවරුන් 11 දෙනෙකු පාලනය කර ඇති අතර වර්ෂ 9 ක් විශේෂ කොම

සාරිස්වරයෙකු විසින් පාලනය කර ඇත. වර්තමානය වන විට ගරු සභාපති ලෙස කටයුතු කරන්නේ නිමල් ගාමිණී වීරසිංහ මැතිතුමා විසින් වන අතර අද වන විට නිත්‍ය පදිංචි ජනගහනය 23,220 වන අතර වර්ග කිලෝමීටර් 16.2 ක විශාලත්වයකින් යුතු දෛනිකව නගරය ප්‍රයෝජනයට ගන්නා 40,000 පමණ ජනතාවකගේ මුලික පහසුකම් සපයන ආයතනයකි. අද වන විට ස්ථීර අනුමත කාර්යය මණ්ඩලය 95 වන අතර ආදේශක 37 ක කාර්යය මණ්ඩලයකින් සමන්විත වේ.

බළන්ගොඩ නගර සභාවේ බළන්ගොඩ සතිපොළ භූමිය පවිත්‍ර කිරීමේ වැඩ සටහන 2026.08.19 දින සිදු කරන ලදි. මේ සඳහා ගරු සභාපති පේෂල නිකල...
19/08/2026

බළන්ගොඩ නගර සභාවේ බළන්ගොඩ සතිපොළ භූමිය පවිත්‍ර කිරීමේ වැඩ සටහන 2026.08.19 දින සිදු කරන ලදි. මේ සඳහා ගරු සභාපති පේෂල නිකලන්ද මැතිතුමා, ගරු උපසභාපති නදීශාන් වික්‍රමආරච්චි මැතිතුමා,ගරු නාගරික මන්ත්‍රී මාලික බණ්ඩාර මැතිතුමා, ගරු නාගරික මන්ත්‍රී උත්පල ජයනක මැතිතුමා, ගරු නාගරික මන්ත්‍රී වසන්ත ගුණරත්න මැතිතුමා බළන්ගොඩ නගර සභාවේ ලේකම් දුමින්ද සී. වික්‍රමසිංහ මහතා ඇතුළු නගර සභාවේ නිලධාරි මහත්ම මහත්මීන් එක් වූහ.

නැණ පහන පදනම හා එක්ව බළන්ගොඩ නගර සභාව විසින් සංවිධානය කරන ලද හිසකෙස් දන්දීමේ පුණ්‍යකර්මය 2026-08-08 දින බළන්ගොඩ නගර සභාව...
10/08/2026

නැණ පහන පදනම හා එක්ව බළන්ගොඩ නගර සභාව විසින් සංවිධානය කරන ලද හිසකෙස් දන්දීමේ පුණ්‍යකර්මය 2026-08-08 දින බළන්ගොඩ නගර සභාවේ දී ඉතා සාර්ථකව පවත්වන ලදි.

06/08/2026
බළන්ගොඩ නගර සභාවට නව ලේකම්වරයෙකු පත් වෙයි.2026-07-21 දින බළන්ගොඩ නගර සභාවේ නව ලේකම් ලෙස දුමින්ද වික්‍රමසිංහ මහතා වැඩ භාර...
21/07/2026

බළන්ගොඩ නගර සභාවට නව ලේකම්වරයෙකු පත් වෙයි.

2026-07-21 දින බළන්ගොඩ නගර සභාවේ නව ලේකම් ලෙස දුමින්ද වික්‍රමසිංහ මහතා වැඩ භාරගන්නා ලදී. මෙම අවස්ථාව සදහා සබරගමුව පළාත් පාලන කොමසාරිස්තුමා, බළන්ගොඩ නගර සභාවේ ගරු සභාපතිතුමා, උප සභාපතිතුමා, මෙතෙක් ලේකම් ලෙස කටයුතු කල එස්. එච්. අමිතා කරුණාරත්න මිය, නගර සභා මන්ත්‍රීවරුන් හා ඇඹිලිපිටිය නගර සභාවේ ලේකම් කපිල ජගත් ගුණතිලක මයා ඇතුඵ පිරිසක් සහභාගි විය.

බළන්ගොඩ නගර සභාව පළාතේ හොඳම නගර සභාවට හිමි රන් සම්මානය ඇතුළුව පහත සම්මාන වලින් පිදුම් ලබන ලදී. 1. සුපිරිසිදු  නගරය - පළම...
16/07/2026

බළන්ගොඩ නගර සභාව පළාතේ හොඳම නගර සභාවට හිමි රන් සම්මානය ඇතුළුව පහත සම්මාන වලින් පිදුම් ලබන ලදී.
1. සුපිරිසිදු නගරය - පළමු ස්ථානය
2. හොඳම ගණ අපද්‍රව්‍ය කලමනාකරන වැඩසටහන - පලමු ස්ථානය.
3. හොඳම සතිපොල- දෙවන ස්ථානය
4. හොඳම නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලාව- දෙවන ස්ථානය
5. හොඳම මහජන පුස්තකාලය- තෙවන ස්ථානය
6. හොඳම ලේඛනගරය- තෙවන ස්ථානය
7. හොඳම සේවා සම්පාදනයට අදාළ තොරතුරු තාක්ෂණ හා මෙවලම් භාවිත වැඩසටහන
8. හොඳම පෙර පාසල - තෙවන ස්ථානය

"බළන්ගොඩ ඓතිහාසික උරුමය" සාඩම්බර ජනගත කිරීමේ මහෝත්සවයබළන්ගොඩ නගර සභා මහජන පුස්තකාලයීය පාඨක සමාජයේ සුවිශේෂී ප්‍රකාශනයක් ව...
06/07/2026

"බළන්ගොඩ ඓතිහාසික උරුමය" සාඩම්බර ජනගත කිරීමේ මහෝත්සවය

බළන්ගොඩ නගර සභා මහජන පුස්තකාලයීය පාඨක සමාජයේ සුවිශේෂී ප්‍රකාශනයක් වන "බළන්ගොඩ ඓතිහාසික උරුමය" ග්‍රන්ථය, 2026 ජූනි මස 30 වන දින බළන්ගොඩ ගෝල්ඩන් සන්සිටි උත්සව ශාලාවේදී අභිමානවත් අයුරින් ජනගත කෙරුණි.
මෙම සුවිශේෂී සංස්කෘතික මහෝත්සවය ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක, අග්ගමහා පණ්ඩිත, දර්ශනපති අති පූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහා නාහිමියන් ඇතුළු මහා සංඝරත්නයේ රාජකීය ප්‍රධානත්වයෙන් හා ආශිර්වාදයෙන් උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
උත්සවයේ විශේෂ ආරාධිත දේශනය මහාචාර්ය කමල් වලේබොඩ මහතා විසින් පවත්වන ලද අතර, බළන්ගොඩ අතීත උරුමය පිළිබඳව එහිදී ඉතා හරවත් අදහස් රැසක් සමාජගත විය.
මෙම අවස්ථාවට රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත පුෂ්පකුමාර මහතා , සබරගමුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මනෝජ් ආරියරත්න මහතා , බලංගොඩ නගර සභාවේ සභාපති පේෂල නිකලන්ද මහතා , බළන්ගොඩ නගර සහාවේ උප සභාපති නදීෂාන් වික්‍රමආරචිචි මහතා ඇතුළු බලංගොඩ නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලය සහ කාර්ය මණ්ඩලය , වැඩබලන මහේස්තාත් නීතිඥ දේශබන්දු සුරිය පටබැදි මහතා ,බළන්ගොඩ ප්‍රාදේශීය ලේකම් ලක්ෂිකා මිගෙල්ආරචිචි මහත්මිය, කල්තොට ප්‍රාදේශීය ලේකම් ටී.ඩී.නිහාල් මහතා , සේනක සෙන් සමූහ ව්‍යාපාරයේ අධිපති සේනක ගුරුසිංහ මහතා, බළන්ගොඩ බොස්කෝමිබ තේ කර්මාන්ත ශාලාවේ කළමනාකාර අධ්‍යක්ෂ,බළන්ගොඩ ව්‍යාපාර හිමියන්ගේ සංසදයේ ලේකම් සමන් හෙට්ටිආරච්චි මහතා, බලංගොඩ නගර සභා මහජන පුස්තකාලීය උපදේශක කමිටුවේ සියළුම සාමාජික මහත්ම මහත්මීන් ඇතුළු ආරාධිත අමුත්තෝ රැසක් සහභාගි වුහ.
බළන්ගොඩ අභිමානය සහ එහි ඓතිහාසික වටිනාකම මතු පරපුර උදෙසා සුරක්ෂිත කිරීමේ මෙම සද්කාර්යයට දායක වූ සැමට අපගේ හෘදයාංගම ස්තූතිය!

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්ජාතික ඩෙංගු මර්ධන වැඩසටහන🦟🚫 ඩෙංගුවෙන් තොර සුරක්ෂිත හෙටක් වෙනුවෙන් අපි එකමුතු වෙමු!“පොහොසත් ...
22/06/2026

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්

ජාතික ඩෙංගු මර්ධන වැඩසටහන

🦟🚫 ඩෙංගුවෙන් තොර සුරක්ෂිත හෙටක් වෙනුවෙන් අපි එකමුතු වෙමු!

“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” තේමාව යටතේ ක්‍රියාත්මක වන ජාතික ඩෙංගු මර්ධන වැඩසටහනට සමගාමීව, බළන්ගොඩ නගර සභාවේ මූලිකත්වයෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, බළන්ගොඩ පොලිසිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ව්‍යාපාරික ප්‍රජාව සහ ජනතාවගේ සහභාගීත්වයෙන් විශේෂ ඩෙංගු මර්ධන හා පරිසර පිරිසිදු කිරීමේ වැඩසටහනක් සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී.

මෙහිදී ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන හඳුනාගෙන විනාශ කිරීම, විවෘත කාණු පිරිසිදු කිරිම,ජලය රැඳී පවතින බහාලුම් ඉවත් කිරීම, පරිසර පිරිසිදු කිරීම සහ ජනතාව දැනුවත් කිරීමේ කටයුතු සිදු කරන ලදී.

✅ සතියකට විනාඩි 30ක් ඔබේ පරිශ්‍රය පරීක්ෂා කරන්න.
✅ ජලය රැඳී පවතින ස්ථාන ඉවත් කරන්න.
✅ ඩෙංගු මදුරුවන් බෝවීම වැළැක්වීමට සියලු දෙනා එක්ව කටයුතු කරන්න.

පිරිසිදු පරිසරයක් – ඩෙංගුවෙන් තොර සුරක්ෂිත බළන්ගොඩක්!

#පොහොසත්රටක්ලස්සනජීවිතයක්
#ජාතිකඩෙංගුමර්ධනවැඩසටහන
#ඩෙංගුමර්ධනය
#බළන්ගොඩනගරසභාව

🦟🌿🇱🇰

ජාතික ඩෙංගු මර්දන සතිය - 2026  “පොහොසත්  රටක් ලස්සන ජිවිතයක්“ ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව බලංගොඩ නගරයේ පොදු වෙළෙඳ...
18/06/2026

ජාතික ඩෙංගු මර්දන සතිය - 2026 “පොහොසත් රටක් ලස්සන ජිවිතයක්“ ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව බලංගොඩ නගරයේ පොදු වෙළෙඳ සංකීර්ණය පිටුපස ඇති කාණුව පවිත්‍ර කිරීම 2026-06-17 දින සිදු කරන ලදී.

Address

Old Road, Balangoda
Balangoda
70100

Alerts

Be the first to know and let us send you an email when බළන්ගොඩ නගර සභාව Urban Council Balangoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to බළන්ගොඩ නගර සභාව Urban Council Balangoda:

Shortcuts

Share