21/05/2026
කාල සර්ප යෝගයේ බලපෑම් සහ ඉන් බේරීම හෝ මිදීම සඳහා අදාළ පිළියම් කවරේද?
කිසියම් පුද්ගලයෙකුගේ කෙන්දරයේ සඳහන් විවිධ වෙනස්කම් ඇති කාල සර්ප යෝග හෝ කාල සර්ප දෝෂ බොහෝ දුරට අශෝභන, විපත්තිදායක හා අවැඩදායක යෝගයක් ලෙස ජ්‍යෝතිෂයේ දැක්වේ.
ඕනෑම පුද්ගලයකුගේ උපන් දිනය, උපන් වේලාව සහ උපන් ස්ථානය විමසා සකස් කරන ලද වේලා පත්කඩය ලෙසද හැඳින්වෙන කේන්ද්‍ර සටහනේ ලග්නයේ නම සඳහන් මැද කොටුවට ඉහළින් දැක්වෙන කොටුව පළමු කොටුව ලෙස හැඳින්වේ.
කිසියම් කෙනෙකුගේ උපතේදී නැගෙනහිර ක්ෂිතිජයේ රාශි චක්‍රයක සිදුවෙමින් පවතින්නා වූ නැගීම හෙවත් අංශකය සළකා ඒ ඒ තැනැත්තාගේ කේන්දර සටහන ලෙස ග්‍රහයින් පිහිටුවීම සිදු කෙරේ.
යම්කිසි හඳහනක රාහු සහ කේතු යන ග්‍රහයින් දෙදෙනා (භෞතිකව රාහු සහ කේතු යනු ග්‍රහයින් දෙදෙනෙකු නොව ජ්‍යොඉෂයට අනුගත කිසියම් ලක්ෂ්‍ය දෙකක් බව සළකන්න.) පිහිටන්නේ එකෙනෙකාට ප්‍රතිවිරුද්ධව හෙවත් මුහුණට මුහුණලා සිටින ආකාරයෙනි. එනම් රාහුගෙන් හත්වැනි රාශියේ කේතු ද කේතුගෙන් හත්වන රාශියේ රාහු ද වශයෙනි.
රාහු සර්පයාගේ හිස ලෙසත් කේතු සර්පයාගේ වලිගය ලෙසත් වෛදික ජ්‍යෝතිෂයේ දැක්වේ.
කාල සර්ප යෝගයේ ප්‍රතිඵල සාමාන්‍යයෙන් අශෝභන (අරිෂ්ට යෝගී ) වන නමුත් සමහර පුද්ගලයින්ට සුබ (ශුභ යෝගී ) යැයි අත්දැක තිබේ.
කාල් හෝ කාල යනු මරණයත් සර්ප යන්නෙන් සර්පයා හෙවත් (වස) යන්නත් ජ්‍යෝතිෂයේ ඇතැම් තැනෙකදී අදහස් කෙරේ.
කාල සර්ප යෝගය හෝ කාල සර්ප දෝෂය සහිත කේන්දර ඇති පුද්ගලයින්ගේ ජීවිතයේ කටයුතු බොහෝ උඩු යටිකුරු කරනු ඇතැයි පැවසේ. එනම් පෘථිවියට සහ මිනිසුන්ට ආකාශ වස්තූන්ගේ බලපෑම පිළිබඳ අධ්‍යයනය කෙරෙද්දී මෙම යෝගය වෛදික ඉන්දියානු ජ්‍යෝතිශාස්ත්‍රය තුළ වඩාත්ම බියකරු වූ යෝගයන්ගෙන් එකකි.
කාල සර්ප යෝග හෝ කාල සර්ප දෝෂ වල බලපෑම් කවරාකාර ද?
රාහු සහ කේතුගේ මහ දසා හෝ අන්තර් දසා කාලය තුළ කාල සර්ප යෝගයේ ක්‍රියාකාරිත්වය වඩාත් සක්‍රීය වේ. එනමුත් එකිනෙකා කෙරෙහි දක්නට ලැබෙන ප්‍රතිඵල කිසිවිටෙකත් සමාන නොවේ.
එනම් පුද්ගලයාගෙන් පුද්ගලයාට කාල සර්ප යෝගයේ ප්‍රතිඵලය හෝ විපාකය විවිධය.
ඇතැම් පවුල් වල කිහිපදෙනෙකුගේම හඳහන් වල කාල සර්ප යෝගය පිටා තිබෙනවා වෙන්නට පිළිවන.
කාල සර්ප යෝගය හෝ දෝෂය පිහිටන්නේ පූර්ව ආත්මීය කර්මයේ බලපෑමක් විදහා දැක්වීමක් වශයෙනි.
හඳහනක රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි යන ග්‍රහයන්ගේ ගමන හඳහනේ වාමාවර්තව ගමන් කරන්නා සේ ජ්‍යෝතිෂ පිළි ගැනීම වන නුමුත් රාහු සහ කේතුගේ ගමන දක්ෂිණාව්‍රතව යැයි සැළකේ.
කාල සර්ප යෝගය හෝ කාල සර්ප දෝෂය විපත්ති දායක ලෙස බලපාන පරිදි හඳහනක සඳහන්ව ඇති පුද්ගලයෙකුට තම ජීවිතයේ සෑම අදියරකදීම විවිධ බාධක,දුෂ්කරතා හෝ මරණය වැනි වේදනා විඳීමට සිදුවේ.
කාල සර්ප දෝෂ යටතේ උපත ලබන පුද්ගලයින්ට ඔවුන්ගේ ස්ථිර අධිෂ්ඨානය, කැපවීම සහ වෙහෙස මහන්සි වී වැඩ කිරීම වෙනුවට ඔවුන්ට ලැබිය යුතු සාර්ථකත්වය ලැබෙන්නේ නැත.
හදිසි රෝග, කීර්තිය නැතිවීම හෝ අහිමිවීම, ධනය හෝ පවුලේ ලාබාල සාමාජිකයින්ගේ මරණය පවා කාල සර්ප විපත් ලෙස පෙන්නුම් කිරීමට ඉඩ ඇත.
අපේක්ෂිත ජයග්‍රහණ බොහෝ දුෂ්කරතාවන්ට පසු ප්‍රමාද වී හෝ සපුරා ඇති අතර මූල්‍ය තත්වය පිරිහෙමින් පවතී, විශේෂයෙන් හඳහනක දෙවන සහ අටවන රාශි වල (රාහු) ත්‍රික භාවයන්හි සිටින විට උපන් කාල සර්ප යෝග සහිත ජනයා මේ විපත් අත්දකිනු ඇත.
ජ්‍යෝතිශාස්ත්‍රයට අනුව ජන්ම කේන්ද්‍රවල කාල සර්ප යෝග ඇති අය පහත සඳහන් ගැටළු වැනි දේට ද මුහුණ දෙයි;
සුබ උත්සව වලදී බාධා.
තමාගේ හෝ පරම්පරාවේ සාමාජිකයින්ගේ විවාහය ප්‍රමාද වීම හෝ විවාහ ජීවිතය බාධා කිරීම හෝ අවිවාහකව ඉන්නට වීම.
පවුලේ හෝ තමාට ලැබෙන දරු උපත් හෝ පිළිසිඳ ගැනීම් හෝ ප්‍රමාද වීමේ ගැටළු මතුවීම.
අනපේක්ෂිත හදිසි අනතුරු, පවුලේ සාමාජිකයින්ට දිගු කාලීන රෝගාබාධ.
නොකල්හි පවුල තුළ සිදුවිය හැකි හදිසි පුද්ගල මරණ හෙවත් ජීවිත හානිවීම්.
පවුල තුළ මානසික සාමය නොපැවතීම හෝ නොයෙකුත් ආකාරයේ ආරවුල් සහිතවීම.
වෘත්තීය වර්ධනයේ ප්‍රමාදය, ණය වැඩිවීම හෝ මූල්‍යමය උඩු යටිකුරු වීම්.
රාහු සහ කේතුගේ මහ දසා සහ අතුරු දසා කාලයන් තුළ කාල සර්ප දෝෂය වඩාත් විපත්ති දායක් හෝ වැඩදායක වන්නේ සුබ ග්‍රහයින් හා පාපී ග්‍රහයන්ගේ ක්‍රියාකාරිත්වයේද බලපෑමෙනි.
ජ්‍යෝතිෂය ගැන කතා කිරීමේදී ජ්‍යෝතිෂය හා බුදු දහම පටලවා ගත යුතු නොවේ. බුදු දහමේ ඉගැන්වෙන්නේ සසර ගමන නවතා දැමීම සඳහා තමා මියයාමට කළින් සිත හෙවත් සිතිවිලි ඉපදීම නතර කර ගැනීමයි.
ජ්‍යෝතිෂය යනු සෘෂිවරුන් විසින් දේශිත සුබ අසුබ කාල නිර්ණය සඳහා යොදා ගතහැකි ගණිත ක්‍රමයකි.
එම නිසා කිසිවිටෙකත් ජ්‍යෝතිෂය හා බුදු දහම පටලවා ගැනීම නොකළ යුතුය.
ඇතැම් සංඝයා වහන්සේලා නිවන යනු සිතිවිලි ඉපදීම රාග, ද්වේෂ, මෝහ වශයෙන් වත් නොදන්නා තැන ජ්‍යෝතිෂය නැමති ගණිත ක්‍රමය බුදු දහම හා ඈඳා බණ දෙසීමෙන් උතුම් වූ බුදු දහමට කරන්නේ මහත් හානියක් බවද මෙසිලා අවධාරණය කරමි.
තවද ජ්‍යෝතිශාස්ත්‍රයේදී ග්‍රහලෝක නවයක් යොදාගෙන ඇත්තේ කාල ගණනය සඳහා ඔරලෝසු වශයෙනි. ඒ ගණනය ද ග්‍රහ ගමන අංශක වශයෙනි.
මේ බවක් නොදන්නා බොහෝ නූගත් ජ්‍යෝතිෂ කාරයෝ ග්‍රහලෝක වලින් වන පීඩාවක් ගැන කියමින් මිනිසා මුළා කිරීමක්ද කරමින් සිටින නමුත් ප්‍රඥාවන්තයෝ මෙහි ඇති සත්‍ය වටහා ගත යුත්තෝය. (මතු සම්බන්ධයි.)
#කාලසර්පයෝගය