ape dansala

ape dansala ආත්මාර්ථය වෙනුවට පරාර්ථය උදෙසා..!!!
(10)

13/05/2026
නමෝ බුද්ධාය !ඉදිවෙමින් පවතින ශ්‍රී ආනන්ද මහා සෑයේ හතරැස් කොටුවෙහි වඩා හිඳුවන ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා සියැසින් දැකබලා...
13/05/2026

නමෝ බුද්ධාය !
ඉදිවෙමින් පවතින ශ්‍රී ආනන්ද මහා සෑයේ හතරැස් කොටුවෙහි වඩා හිඳුවන ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා සියැසින් දැකබලා වන්දනා කිරීමට මැයි මස 24 වනදා සිට මැයි මස 29 දක්වා...ශ්‍රී අංගුලිමාල මහ සෑ මලුවට ඔබත් පැමිනෙන්න.🙏🪷🙏
එසේ පැමිනෙන සැදැහැවතුන් වෙනුවෙන් දිනපතා කුරක්කන් කැඳ දන්සල පැවැත්වෙන අතර "අපේ දන්සල" මගින් පුරා දින තුනක් කුරක්කන් කැඳ දන්සල ලබා දෙනු ලැබේ...🙏🪷🙏
#අපේ_දන්සල #කුරක්කන්_කැඳ_දන්සල

13/05/2026

සත්බුදු සෑයත් වැඳල තෑගි බෝගත් අරන් සතුටින් පිටත්වෙලා ගිය එයාල..🤗🤗🤗
#කුඹල්වෙල_අසපුව #අපේ_දන්සල
#සත්බුදුමහාසෑය

සුපින්බර ඇරයුමයි..🙏
13/05/2026

සුපින්බර ඇරයුමයි..🙏

12/05/2026

අපේ නැතිවුන චමෝදි දුවගෙ ගෙදර හදන බාස් මාමලට අද ඇඳුම් තෑගි දුන්න...එයාල හඳපානාගල ගමේ අහිංසක මිනිස්සු...එයාල සතුටින් වැඩ කරයි එතකොට...🙏🪷🙏
#කුඹල්වෙල_අසපුව #සත්බුදුමහාසෑය #අපේ_දන්සල

අපේ දන්සලේ ස්වේච්ඡා කණ්ඩායමේ සාමාජිකාවක්ව සිට පසුගිය අප්‍රේල් මස 7 වන දින අකුණු සැර වැදීමෙන් මියගිය වැල්ලවාය,හඳපානාගල, උ...
12/05/2026

අපේ දන්සලේ ස්වේච්ඡා කණ්ඩායමේ සාමාජිකාවක්ව සිට පසුගිය අප්‍රේල් මස 7 වන දින අකුණු සැර වැදීමෙන් මියගිය වැල්ලවාය,හඳපානාගල, උල්කන්ද ප්‍රදේශයේ විසූ චමෝදි මල්ෂානි බණ්ඩාර දියණියගේ නිවසේ ඉදිකිරීම් කටයුතු අපේ දන්සල පුන්‍ය ව්‍යාපෘතියේ "දන්සල් සේවා අරමුදල" මගින් මේ දිනවල සිදු කරනු ලබයි...එම ඉදිකිරීම් සිදුකරන පෙදරේරු කාර්මිකයන්ට සහ නිවැසියන්ට සෙත් පතා පිරිත් සජ්ජායනය කරමින් ආශිර්වාද කල මොහොත...2026/5/12 දින🙏🪷🙏
#කුඹල්වෙල_අසපුව ඌවේ කොල්ලෝ කෙල්ලෝ UVA Kollo Kello

නිදුක් නිරෝගී සුව සපිරි පිංබර දිනයක් වේවා..!
12/05/2026

නිදුක් නිරෝගී සුව සපිරි පිංබර දිනයක් වේවා..!

අපේ දන්සල මගින් දිනපතා ලබාදෙන කුරක්කන් කැඳ දන්සලේ 2026/5/11 දින දන්සල සඳහා දායකත්වය දරනු ලැබුවේ නිට්ටඹුව වල්ගම්මුල්ලේ පද...
11/05/2026

අපේ දන්සල මගින් දිනපතා ලබාදෙන කුරක්කන් කැඳ දන්සලේ 2026/5/11 දින දන්සල සඳහා දායකත්වය දරනු ලැබුවේ නිට්ටඹුව වල්ගම්මුල්ලේ පදිංචි පින්වත් භාග්‍යා කාංචනී වීරසිංහ මහත්මිය විසිනි..🙏
රැස්කල සියලු පින එතුමියට නිදුක් නිරෝගී සුව පිණිසත්, සියළු ආරක්ෂාව පිණිසත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීම පිණිසත් උපකාර වේවා..🙏

එමෙන්ම 2026 පෙබරවාරි 24 දින පරලෝ සැපත් මැයි මස 12 වන දින උපන් දිනය යෙදී තිබූ ගාල්ලේ විසූ ගයනි සමරවික්‍රම ආදරණීය සොහොයුරියටත් මේ පින අනුමෝදන්ව ඇයගේ පරලොව ජීවිතය සැපවත් වේවා ..සසර දුකෙන් නිදහස් වීම පිණිසම මේ පින උපකාර වේවා..🙏
එමෙන්ම මීට වසර තුනකට පෙර පරලෝ සැපත් අප්‍රේල් මස 07 වන දින උපන් දිනය යෙදී තිබූ කොට්ටාවේ විසූ චමිල ජයදේව රාජපක්ෂ ආදරණීය සොහොයුරාටත් මේ පින අනුමෝදන්ව එතුමන්ගේ ද පරලොව ජීවිතය සැපවත් වේවා ..සසර දුකෙන් නිදහස් වීම පිණිසම මේ පින උපකාර වේවා ..🙏
එමෙන්ම රැස්කල සියලු පින කෙනුල,රිවිනු,චෙනුක,සරභූ,සෙනුක,හිරුන්,තෙනුජ,ආදිත්‍ය,ආදිව් ,යෙතුම්,සඳරු,මිහිත් පුතුන්ටත් තිනුරි,ශ්‍රීති,ඔනායා,ඔවින්‍යා, මීනු,චෙනුලි,ඉනුදි,සනුදි,දූවරුන්ටත් එකසේ අනුමෝදන් වේවා ...එම දරුවන්ට නිදුක් නිරෝගී සුව සැලසේවා ..අනාගත සියළු අධ්‍යාපන කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා...
🙏🪷🙏

#සත්බුදුමහාසෑය #කුරක්කන්_කැඳ_දන්සල #අපේ_දන්සල

සීතල මීදුම එක්ක... හීනි වැහි මන්දාරමේ..රස්නෙට කුරක්කන් කැඳ එකක් බොන්න...එන්න අපේ දන්සලට...🙏🤗🙏   #කුරක්කන්_කැඳ_දන්සල    #...
11/05/2026

සීතල මීදුම එක්ක... හීනි වැහි මන්දාරමේ..රස්නෙට කුරක්කන් කැඳ එකක් බොන්න...එන්න අපේ දන්සලට...🙏🤗🙏
#කුරක්කන්_කැඳ_දන්සල #සත්බුදුමහාසෑය #අපේ_දන්සල #කුඹල්වෙල_අසපුව

11/05/2026

හිමිදිරි උදෑසනක අපේ දන්සල...🪷
#අපේ_දන්සල

Address

Bandarawela

Alerts

Be the first to know and let us send you an email when ape dansala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category