Women's Bureau

Women's Bureau ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය

ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය විසින් සිදු කරන උපදේශන වැඩසටහන් මාලාවට අයත් 2024-3-10 දින වැලිකඩ බන්ධනාගාරයේ පුහුණු හා පර්යේ...
13/12/2024

ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය විසින් සිදු කරන උපදේශන වැඩසටහන් මාලාවට අයත් 2024-3-10 දින වැලිකඩ බන්ධනාගාරයේ පුහුණු හා පර්යේෂණ ආයතනයේදී ඉතා සාර්ථකව පවත්වන ලද වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා නිලධාරීන්ගේ පෞරුෂය සංවර්ධනය හා තෘප්තිමත් රැකියා ස්ථානයක් නිර්මාණය කිරීමෙහිලා කළයුතු කාර්යභාරය පිළිබඳ පවත්වන ලද ආකල්ප හා කුසලතා සංවර්ධන වැඩසටහන

26/07/2024
නිවන් සුව ලැබේවා!
18/07/2024

නිවන් සුව ලැබේවා!

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමී ව කාන්තා ව්‍යවසායකයින්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම හා නව වෙළෙඳපොළ අවස්ථා උදා කිරීමේ අරමුණින...
04/03/2024

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමී ව කාන්තා ව්‍යවසායකයින්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම හා නව වෙළෙඳපොළ අවස්ථා උදා කිරීමේ අරමුණින් පැවැත්වෙන 'ලිය ශක්ති 2024' කාන්තා නිෂ්පාදන හා ප්‍රදර්ශන අලෙවිපොළ

නිර්මාණශීලී ඔබගේ නිර්මාණ හැකියාව උරගා බැලීමට මෙන්න කදිම අවස්ථාවක්... වැඩිදුර තොරතුරු සඳහා අමතන්න 0112186348 සමුද්‍රා, යශ...
05/12/2023

නිර්මාණශීලී ඔබගේ නිර්මාණ හැකියාව උරගා බැලීමට මෙන්න කදිම අවස්ථාවක්... වැඩිදුර තොරතුරු සඳහා අමතන්න 0112186348 සමුද්‍රා, යශිකා

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරන 'කාන්තා සවිය'  සඟරාව '20...
03/05/2023

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරන 'කාන්තා සවිය' සඟරාව '2023'

E-book
https://drive.google.com/file/d/1MNw1DkOQve0tI7cC9Fh4GZMtKjEgFyok/view?usp=sharing

කාන්තා, ලමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ සුබසාධක සංගමය මගින් පවත්වන ලද අවුරුදු උත්සවය 2023 Surangi Ekanayak...
03/05/2023

කාන්තා, ලමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ සුබසාධක සංගමය මගින් පවත්වන ලද අවුරුදු උත්සවය 2023 Surangi Ekanayaka Niranjith de Senaka Udayamani De Silva Ishi Peiris Vusha Keerthi Pathma Jothimuni Dilini Samarakoon Nimalsiri Ranasinghe Thilanka Paranagama

කාන්තා, ලමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය මගින් පවත්වන ලද ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුම 2023
02/05/2023

කාන්තා, ලමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය මගින් පවත්වන ලද ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුම 2023

ව්‍යවසායකත්වය තුළින් කාන්තාවන් සවිබල ගැන්වීමේ ව්‍යපෘතිය යටතේ  2022 වර්ෂයේ දී කුරුණෑගල දිස්ත්‍රික්කයේ රස්නායකපුර ප්‍රාදේශ...
27/12/2022

ව්‍යවසායකත්වය තුළින් කාන්තාවන් සවිබල ගැන්වීමේ ව්‍යපෘතිය යටතේ 2022 වර්ෂයේ දී කුරුණෑගල දිස්ත්‍රික්කයේ රස්නායකපුර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ 280 උණගොල්ල ග්‍රාම නිලධාරී වසමේ ආර්ථිකමය වශයෙන් දුෂ්කරතා ඇති කාන්තාවන් 06 දෙනකු තෝරාගෙන ප්‍රදේශයේ බහුලව පවතින පොල් ලෙලි කපා ඇසුරුම් කර අලෙවි කිරීමේ ව්‍යපෘතිය ආරම්භ කරන ලදී. ඒ සඳහා අවශ්‍ය කරන ලද පොල් ලෙලි කැපීමේ යන්ත්‍රයක් කාන්තා බල මණ්ඩලය හරහා ලබා දෙන ලදී.

ශ්‍රී  ලංකාව පුරා විසිරි සිටින ව්‍යවසායක  කාන්තාවන් තම ප්දේශයට ආවේණික  දේශිය සම්පත් ඇසුරින් , තම ස්වකීය නිෂ්පාදන  තුළින්...
03/11/2022

ශ්‍රී ලංකාව පුරා විසිරි සිටින ව්‍යවසායක කාන්තාවන් තම ප්දේශයට ආවේණික දේශිය සම්පත් ඇසුරින් , තම ස්වකීය නිෂ්පාදන තුළින් ආර්ථික වශයෙන් සවිබලගැන්විමට නියමිත අතර මේ වන විට දිස්ත්‍රික්ක 15 ක් තුළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 32 ක ව්‍යාපෘති 34 මගින් ව්‍යවසායක කාන්තාවන් 365 දෙනෙකු ආර්ථික වශයෙන් ස්වයං රැකියා ගැන්විය. එහි වැඩසටහන් ලෙස දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ක්‍රියාත්මක වූ පී වී සී පපයිප්ප , කොන්ටියුඩ් බට නිෂ්පාදන ව්‍යාපෘතිය, පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දුම්බර රටා තල් කොළ අත්කම් නිර්මාණ ව්‍යාපෘතියට අදාල ඡායාරූප කිහිපයක් පහත දක්වා ඇත

දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රතිලාභීන් 30කගේ සහභාගීත්වයෙන් දේශීය වී භාවිතයෙන් 2021 වර්ෂයේදී ආරම්භ කළ බිත...
03/11/2022

දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රතිලාභීන් 30කගේ සහභාගීත්වයෙන් දේශීය වී භාවිතයෙන් 2021 වර්ෂයේදී ආරම්භ කළ බිත්තර වී නිෂ්පාදන ව්‍යාපෘතිය ව්‍යවසායකත්ව සංවර්ධනය තුළින් කාන්තාවන් සවිබල ගැන්වීම අරමුණු කරගෙන ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය ආරම්භ කළ සාර්ථක ව්‍යාපෘතියක් ලෙස හැඳින්විය හැකිය. මෙහි විශේෂත්වය නම් බිත්තර වී නිශ්පාදනය සඳහා වගාවට පොහොර වශයෙන් යොදා ගැනුනේ කාබනික පොහොර වීමයි. අම්පාර දිස්ත්‍රික්කය පුරාම දක්නට ලැබෙන උග්‍ර සෞඛ්‍ය ගැටළුවක් ලෙස වකුගඩු රෝගීන්ගේ වැඩිවීම දැක්විය හැකිය. එම තත්වයට හේතුව වී ඇත්තේ වී හා අනෙකුත් වගාවන් සඳහා අධිකව රසායනික පොහොර භාවිතයයි.ඊට විසඳුමක් වශයෙන් මෙම ව්‍යාපෘතිය මගින් වගාව සඳහා කාබනික පොහොර යොදාගැනීමට ජනතාව උනන්දු කරවීමද එක් අරමුණකි.

රටේ ආර්ථිකයට සවියක් ගෙන දෙමින් දේශීය නිශ්පාදනයට ශක්තියක් වන්නට 2021 වර්ෂයේ දීප්ති කෝමාරිකා නිශ්පාදන කාන්තාවන් 10 දෙනෙක් ...
03/11/2022

රටේ ආර්ථිකයට සවියක් ගෙන දෙමින් දේශීය නිශ්පාදනයට ශක්තියක් වන්නට 2021 වර්ෂයේ දීප්ති කෝමාරිකා නිශ්පාදන කාන්තාවන් 10 දෙනෙක් සහභාගිත්වයෙන් ආරම්භ විය. දිනෙන් දින වයාපෘතිය ඵල දරමින් 2022.09.29 වන දින දීප්ති කෝමාරිකා නිශ්පාදන මධ්‍යස්ථානය නව ගොඩනැගිල්ලක ආරම්භ විය. ආහාර නිෂ්පාදන යටතේ කෝමාරිකා ජෑම්,චට්න, ජෙලි ,නෙක්ටෝ ,කෝමාරිකා පවුඩර් නිෂ්පාදනය කරයි. තවත් පියවක් ඉදිරියට තබමින් කෝමාරිකා රූපලාවණ්‍ය නිෂ්පාදන හා අත්සේදුම් දියර මෙන්ම භාජන සේදුම් දියර සෑදීමට අපේක්ෂා කරයි.

Address

3rd Floor, 2nd Stage, Sethsiripaya
Battaramulla
10120

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94112186348

Alerts

Be the first to know and let us send you an email when Women's Bureau posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share