19/05/2024
ශ්‍රී ලංකා මාතෘ භූමියේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව සුරක්ෂිත කරනු පිණිස සිය ජීවිත පරිත්‍යාග කළ වීරෝධාර යුධ, ගුවන් හා නාවික - පොලිසියේ සහ සිවිල් ආරක්‍ෂක බලකායේ විරෝධාර රණවිරුවන් අභිමානයෙන් සිහි කරමි.
එවකට සේනාධිනායක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේත්, ත්‍රිවිධ හමුදාපති වරුන්ගේ සහ පොලිසියේ මෙන්ම සියළු ආරක්ෂක අංශ වල ශක්තියෙන් ඒකීය රාජ්‍යයක් ස්ථාපිත කරන ලදි. එසේ දිනා දුන් අභිමානවත් ඒකීය රාජ්‍යය අප විසින් ඉදිරියට ද සුරක්ෂිත කළ යුතු බව විශ්වාස කරමි.
ඔබ සැමගේ ශක්තියෙන් දිනා දුන් නිදහසට මෙන්ම, සදාතනික වු ඔබේ මතකයට හා වීරත්වයට අපි සැමදා උත්තමාචාරය පුදකරමු.