NPP - Switzerland

NPP - Switzerland National People’s Power - NPP (Switzerland Forum)

03/03/2024
03/03/2024
02/03/2024
02/03/2024
02/03/2024

ජාත්‍යන්තර කාන්තා දින සැමරුම - මෙල්බර්න්.

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික පාඨශාලාචාර්ය සරෝජා සාවිත්‍රී පෝල්‍ රාජ් සහෝදරිය.

මාර්තු 17 ඉරිදා සවස 5.00 ට.

Glen Waverley Community Centre
( 700 Waverley Rd, Glen Waverley VIC 3150 )

විමසීම් ; -
චාමිනී: 0451 664 767 / ඉවෝන්: 0405 124 534/ ප්‍රියංගා: +61 402 857 574

NPP කාන්තා එකමුතුව
ජාතික ජන බලවේගය - මෙල්බන්

29/02/2024

நேற்று (28.02.2024) மார்க்ஸிச லெனினிசக் கட்சியின் முக்கிய பிரமுகர் தோழர் சோ. தேவராஜா அவர்களை அவரது அலுவலகத்தில் சந்தித்து உரையாடினோம்.
அதன்போது தற்போது நாட்டில் தோன்றியுள்ள அரசியல் நெருக்கடித் தொடர்பில் நீண்ட கலந்துரையாடல் இடம்பெற்றதுடன்.
தற்போது வடக்கில் இடதுசாரி இயக்கங்களின் நிலை தொடர்பிலும். அவைகள் முக்கொடுக்கின்ற சவால்கள் தொடர்பிலும், எதிர்வரும் ஜனாதிபதித் தேர்தல் தொடர்பிலும் கலந்துரையாடாப்பட்டன. எதிர்காலத்தில் இரண்டு கட்சிகளுக்குமிடையில் உறவை வளர்த்துக்கொள்வது தொடர்பிலும் கலந்துரையாடாப்பட்டதுடன் மீண்டும் சந்திப்பதற்காக இருசாராருக்குமடையில் இணக்கப்பட்டடுடன் இனிதே நிறைவுபெற்ற ஆரோக்கியமான கலந்துரையாடலாகும்.

29/02/2024

நேற்று (28.02.2024) பருத்தித்துறை கோவில் பிரதம மதகுருவான கோபாலகிருஸ்ணன் அவர்கள் உள்ளிட்ட இளைஞர்களை சந்தித்து அவரது இல்லத்தில் உரையாடியபோது.
மிகவும் ஆரோக்கியமான கலந்துரையாடல் என்பதை குறிப்பிட்டே ஆக வேண்டும். அதில் கலந்துகொண்ட இளைஞர்களின் கருத்து நாட்டில் அரசியல் ரீதியான மாற்றம் ஒன்று தேவையென்பதை வலியுறுத்தினர். தேசிய மக்கள் சக்தியின் தேசிய நிறைவேற்றுக் குழு உறுப்பினர் தோழர் பிமல் ரத்நாயக்க கலந்துக்கொண்டு தேசிய மக்கள் சக்தியின் நிலைப்பாட்டை ஆழமான கலந்துரையாடல் மூலமாக தெரிவித்தமை வரவேற்கத்தக்க விடயமாகும்.

25/02/2024

அடுத்த ஜனாதிபதி அநுரதானே?

Pudhusudar
25.02.2024

24/02/2024
24/02/2024
21/02/2024

விசேட அறிவித்தல்!

இன்றைய தினம் (21) தினக்குரல் பத்திரிகையில் “தமிழருக்கு திரான போருக்கு ஜே.வி.பி. ஆதரவு வழங்கியது; அநுரகுமார திசாநாயக்க ஒப்புக்கொள்கிறார்.” என்று பிரசுரிக்கப்பட்டிருந்த செய்தி திரிபுபடுத்தப்பட்டதாகும். இச்செய்தி முற்றிலும் உண்மைக்குப் புறம்பானது என்பதை தெரிவித்துக்கொள்கிறோம்.

ஊடகப் பிரிவு
தேசிய மக்கள் சக்தி
21.02.2024

20/02/2024
18/02/2024

ත්‍රිරෝද රථ හිමිකරුවන්ගේ එකමුතුව කොලොන්නාව ආසන හමුව

18/02/2024
18/02/2024
18/02/2024

These are the official social media profiles representing Anura Kumara Dissanayake.

Official page:
Sinhala:
- Anura Kumara Dissanayake
Tamil:
- அநுர குமார திசாநாயக்க

Official Facebook Profile:
- https://www.facebook.com/anurakdissanayake

Official YouTube Channel:
- https://www.youtube.com/

Official X (formerly Twitter) Profile:
- https://twitter.com/anuradisanayake

Official Instagram Profile:
- https://www.instagram.com/anurakumaraofficial/

Official LinkedIn Profile:
- https://www.linkedin.com/in/anuradissanayake/

Official TikTok Profile:
- https://www.tiktok.com/

Official WhatsApp Community:
- https://whatsapp.com/channel/0029VaBkJL9KWEKocWuzMx30

Official Telegram Channel:
- https://t.me/akdofficial

Official Threads Profile:
- https://www.threads.net/

15/02/2024

එළඹෙන මාර්තු මස අවසන් සතියේ දී පමණ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක කැනඩාවට යන බව පැවසෙනවා. ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් කියන්නේ ඒ සඳහා එරට සිටින ජාතික ජන බලවේගයේ සාමාජිකයන් මෙන්ම ශ්‍රී ලාංකිකයන් වෙතින්ද ආරාධනා ලබා ඇති බවයි.

කැනඩාව යන අනුර දිසානායක මන්ත්‍රීවරයා ඔස්ට්‍රේලියාව, අමෙරිකා එකසත් ජනපදයේ දී මෙන්ම කැනඩාවේ සිටින ශ්‍රී ලාංකිකයන් ඇමතීමට නියමිතව ඇති බවයි විජිත හේරත් මන්ත්‍රීවරයා කියන්නේ.
#විසඳුම #මාලිමාව

12/02/2024
09/02/2024

ඉන්දීය මධ්‍යම රජයේ නිල ආරාධනයක් මත ඉන්දියාවේ සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඇතුළු පිරිස ගුජරාට් iCreate හී නිරීක්ෂණයකට එක්ව තිබුණා. iCreate යනු තාක්‍ෂණික නවෝත්පාදනයන් මත පදනම් වූ ආරම්භක ව්‍යාපාර සාර්ථක ව්‍යාපාර බවට පත් කිරීම සඳහා කැප වූ ඉන්දියාවේ එකම අධ්‍යයන නොවන ආයතනයයි. 2012 දී ආරම්භ කරන ලද iCreate වෙත ‘ඊළඟ පරම්පරාවේ ව්‍යවසායකත්වය’ සඳහා පහසුකම් සැලසීම සඳහා ගුජරාට් ප්‍රාන්ත රජය මෙන්ම ඉන්දීය රජය ද සහාය දක්වනවා. මෙය තාක්‍ෂණික ආරම්භකයින් දිරිමත් කිරීම සම්බන්ධයෙන් පමණක් නොව, ඉන්දියානු තරුණයින් සවිබල ගැන්වීමේ දී ප්‍රමුඛත්වය දරනවා. මෙම ආයතනය ඉන්දීය තරුණ තරුණියන් රැකියාවක් සොයනවා වෙනුවට ඔවුන්ගේම සිහින හඹා යාමට සහ ඒවා සාර්ථක තාක්ෂණික ව්‍යාපාර බවට පරිවර්තනය කිරීමට හේතුවන බවයි කියන්නේ.

ආයතනයේ ආරාධනයෙන් එහි ආරාධිත ශිෂ්‍ය කණ්ඩායමක් ඇමතීමටද අනුර දිසානායක මහතාට අවස්ථාවක් ලබාදීමට ආයතනය කටයුතු යොදා තිබුණා.

“ශ්‍රී ලංකාවේ අනුර කුමාර දිසානායක මහතා සහ ඔහුගේ කණ්ඩායමට සත්කාරකත්වය දීම අපට ගෞරවයක්. ඔවුන් සමඟ අහමදාබාද් දිස්ත්‍රික් කර්මාන්ත මධ්‍යස්ථානයේ සාමාන්‍යධිකාරී ඩී. බාර්හාට් මහතා සහ අපගේ ප්‍රධාන විධායක නිලධාරී අවිනිෂ් පූනේකර් මහතා සාර්ථක සාකච්ඡාවක් පැවැත්වූවා. අපගේ iCreate මෙතෙක් ආ ගමන, මෙහෙයුම් උපාය මාර්ග සහ ගෝලීය ආරම්භක සහාය අනුර දිසානායක මහතා ගවේෂණය කළා.

අනුර දිසානායක මහතා විසින් අපේ සිසුන් සමඟ අවබෝධය සහිත සංවාදයක නිරත වුණා. ඔහුගේ ප්‍රබෝධමත් දේශනය අපගේ සිසුන් අතර බෙදා ගත්තේ iCreate හී තිබෙන අසීමිත අවස්ථා වැළඳ ගන්නා ලෙස සිසුන්ගෙන් ඉල්ලා සිටිමින්. නිර්මාණශීලීත්වය, සහාය සහ දීප්තිමත් අනාගතයක් ඇති ප්‍රජාවක් ගොඩනැගීමට අපි එක් වෙමුයි ඔහු අපගේ සිසුන්ගෙන් ඉල්ලා සිටියා” යි iCreate හී ඉහල කළමනාකාරිත්වය සඳහන් කර තිබෙනවා.

iCreate හී විදුලි වාහන, ෆින් ටෙක්, බලශක්ති තාක්ෂණය, ඩිජිටල් තාක්ෂණය, අභ්‍යවකාශ සහ ආරක්ෂක, කෘෂි තාක්ෂණ, රොබෝ විද්‍යාව සහ ඩ්‍රෝන තාක්ෂණය ආදී පැතිරුණු සහය දක්වන ආයතනයක්.
#විසඳුම #මාලිමාව

25/11/2019
GMOA සභාපති සෞඛ්‍ය ලේකම් තනතුරට යෝජනා වෙයි - Siyatha News

GMOA සභාපති සෞඛ්‍ය ලේකම් තනතුරට යෝජනා වෙයි - Siyatha News

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත්....

25/11/2019

Ape Sri Lanka Nidahas Peramuna

ඒජාප ආණ්ඩුව රටට කල අපරාධවලින් බිඳක්.....

25/11/2019
මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට අපි විරුද්ධයි - Lankafirstnews.lk

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට අපි විරුද්ධයි - Lankafirstnews.lk

ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රීබිමල් රත්නායක ■ ‘මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්’ ගිවිසුම ගැන දැන් රටේ යම් පමණක සංවාදය....

23/11/2019

JVP Srilanka

මේක ජාතිවාදය, ආගම්වාදය පදනම් වූ පාලනයක් – ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා
By Editor- November 22, 2019
දිනී ජයසේකර

ජනාධිපතිවරණ ප‍්‍රතිඵලය සම්බන්ධව ඔබේ අදහස කුමක්ද?

ජාතික ජනබලවේගය හැටියට අපි මීට වඩා වැඩි ඡුන්ද සංඛ්‍යාවක් බලාපොරොත්තු වුනා. නමුත් අපි බලාපොරොත්තු වූ ප‍්‍රතිඵලය ලබා ගන්න බැරි වුනා. ඒ නිසා අපි මේ අවස්ථාවේදී යම්කිසි දේශපාලනික පසුබෑමක ඉන්නවා. නමුත් අපි හිතනවා, එය ඉතාම තාවකාලික එකක් කියලා. එය ඊළග මැතිවරණයෙදි අපිට වෙනස් කරගන්න හැකියාවක් ලැබෙනවා.

2015න් පසු රාජපක්ෂ පාලනය අවසාන කිරීම සදහායි යහපාලන ආණ්ඩුවක් පත් කරගත්තේ. නමුත් නැවත වරක් රාජපක්ෂ පාලනයක් ඇරඹෙනවා. ඇයි එහෙම වුනේ?

මහජනතාව මෙතරම් ඡන්ද ප‍්‍රමාණයකින් නැවත වතාවක් රාජපක්ෂ පාලනයක් තෝරාගැනීමට මිනිසුන් පෙළඹවීමේ ගැටළුව තියෙන්නෙ එක්සත් ජාතික පක්ෂය තුලයි. එක්සත් ජාතික පක්ෂයත් , හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනත් 2015 ජනවරමට මුලූමනින්ම පිටු පෑවා. ඔවුන් ඒ ජනවරම සම්පූර්ණයෙන්ම විනාශ කළා. ඔවුන් 2015 නිර්මාණය කරනවායැයි කියූ යහපාලන ආණ්ඩුවක් නිර්මාණය කළා නම් රටේ වංචා දූෂණ නැවැත්තුවනම් කලින් අපරාධවලට සම්බන්ධව සාධාරණ නීතිය ඉටු කළානම් මෙවැනි තත්වයක් මතු වන්නේ නැහැ. 2015 ජනතාව කිසියම් බලාපොරොත්තුවකින් බලය මාරු කළා. නමුත් ජනතාවගෙ බලාපොරොත්තු කඩකරමින් යහපාලනය විකටරූපී ආණ්ඩුවක් බවට පත් වුනා. එතනින් ඇති වූ කම්පනය නිසා මෙවර ජනතාව නැවත වරක් රාජපක්ෂවරුන්ව තෝරාගත්තා. එහිදී රාජපක්ෂ වරුන්ගේ යලි පැමිණීමේ වගකීම බාරගත යුතුව ඇත්තේ මෛත‍්‍රීපාල සිරිසේන සහ එක්සත් ජාතික පක්ෂයයි.

ඇත්ත වශයෙන්ම 2015 පොරොන්දුවට අනුව ජනාධිපතිවරණයක් ආයෙ අපේ රටේ තියන්න තිබුනෙ නැහැ. හැබැයි එක්සත් ජාතික පක්ෂයත් හිටපු ජනාධිපතිවරයාත් දෙගොල්ලොම ජනාධිපතික‍්‍රමය අහෝසි කරනව වෙනුවට ජනාධිපතිවරණයක් නැවත තියන්න උත්සහ කළා. ඉතින් ඒකෙ ප‍්‍රතිඵලයක් අද සමාජය බුක්ති විදිමින් ඉන්නවා.

2015 ආණ්ඩුව විසින් විසදනවා කී වංචා ¥ෂණ නඩු සියල්ල රාජපක්ෂ පැමිණීමත් සමගම යටයනවා

ඔව්. ඔය කී දූෂිතයො සියල්ල ඉන්නෙ රාජපක්ෂ වටා. එනිසා රාජපක්ෂ වරු 2015 ආණ්ඩුව පෙරලූන වෙලේ තිබූ වංචා දූෂණ වලට ක‍්‍රියාමාර්ග ගන්නෙත් නැහැ. පසුව එක්සත් ජාතික පක්ෂයේ තිබූ වංචා දූෂණ වලට ක‍්‍රියාමාර්ග ගන්නෙත් නැහැ. මොකද මේ කවුරුත් දූෂිතයන්ට දඩුවම් කරන අය නෙවේ. දූෂිතයො රකින අයයි. මම කීවෙ 2015 ආණ්ඩුව අවුරුදු හතර හමාර පහ තුල ගෙන ගිය ජනතාවට එරෙහි රාජ්‍යය පාලනය හේතු කාරක වුනා නැවත රාජපක්ෂවරු තෝරාගැනිමට.

අපි කිසිසේත් විශ්වාස කරන්නෙ නැහැ මේ කවුරුත් වංචා දූෂණ නවත්වයි කියලා. හේතුව වැඩ බාරගන්නකොටම ඒක වෙන්නෙ නැහැ කියන ඉගියෙන්නෙ වැඩ පටන් අරන් තියෙන්නේ. උදාහරණයක් ගත්තොත් ජනාධිපති ලේකම් ලෙස තෝරගෙන තියෙන්නෙ පී.බී.ජයසුන්දර යි. අපේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය පී.බී.ජයසුන්දර දූෂිත නිළධාරියෙක් කියල නම් කරලා ඔහුව රාජ්‍යය සේවයෙන් නෙරපල නියෝගයක් දීල තිබුනා, නැවත රාජ්‍යය සේවයේ පිහිටුවන්න එපා කියලා. රාජපක්ෂලගෙ ප‍්‍රබලයෙක්, පී.බී.ජයසුන්දර කියන්නෙ ආර්ථික ඝාතකයෙක් කියල නම් කරලත් තිබියදී තමයි ගෝඨාභය රාජපක්ෂ ඔහුව ජනාධිපති ලේකම් ලෙස වැඩබාර දෙන්නේ. ඒකෙන්ම පේනවනෙ ඔවුන් යන පාර පැහැදිලියි කියලා. පොදු ජනතාවගේ මනසේ තිබෙන යහපාලනය ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන රාජපක්ෂල පොඞ්ඩක්වත් හිතන්නෙ නැහැ. අපි හිතන්නෙ ඔවුන් ජාතිවාදය සහ ආගම්වාදය මත පදනම් වූ පාලනයක් ගෙනියන්න උත්සහ කරනවා කියලායි.

එහිදී රටේ ඉදිරි පැවැත්ම අභියෝගයට ලක්වෙනවා නේද ?

රට ගමන් කරමින් සිටින්නේ ඉතා බරපතල අනතුරුදායක තැනකටයි. අපේ රටේ මැතිවරණ සිතියම දිහා බැලූවොත් රට බහුමිකව බෙදී නොමැති වුනාට දේශපාලනිකව බෙදිල තියෙන්නේ. උතුර එක පැත්තක. දකුණ එක පැත්තක. ඒක ඉතාමත් අනතුරු දායකයි. එය වහාම පිළිසකර කර ගත යුතුයි. එසේ නොවුනොත් නැවත ගැටුමක බීජ ඒ ඇතුලෙ තියෙනවා. අනෙක් පැත්තෙන් ගත්තාම රාජපක්ෂ පාලනය තුල අන්තවාදි සහ පාදඩ දේශපාලනයට පොඩි ලයිසන් එකක් ලැබිලා තියෙනවා. අපි ඒක දැක්ක කොතරම් අමාරුද එය පාලනය කරන්න කියලා. ගෝඨාභය රාජපක්ෂ රුවන්වැලිසෑය අභියස දිවුරුම් දෙනකොට බොහෝ පිරිස් හූ කීවා. සාමාන්‍යයෙන් එවැනි බෞද්ධ සිද්ධස්ථාන වල හූ කියන්නෙ නැහැ. එතනදිම පේනවා ගෝඨාභය රාජපක්ෂල වටකරන් ඉන්න බලවේගය ඔවුන්ටවත් පාලනය කරගන්න නොහැකි පාදඩ බලවේගයක් කියලා. ඉතින් එවැනි බලවේගයක් සමග ගමන් කරන එක ඉතාමත් අනතුරු දායකයි. ඔවුන්ට ආර්ථිකය ගොඩගන්නත් බැහැ. ජාතික සමගිය ගැන හිතන්නවත් බැහැ සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක්නම් ගෙනියන්න ලැබෙන්නෙම නැහැ. හෙට සිට ජනතාවට එන අභියෝග සහ ප‍්‍රශ්න වලට මුහුණ දෙන්න සිදු වෙනවා.

ඉදිරියේදී රටේ ජාතිවාදී ආගම්වාදී ගැටුම් නිර්මාණය වන්න ඉඩ තියෙනවා. රටේ ණය බර මත ගිලී යාමේ අනතුර තියෙනවා සහ දූෂිත වලල්ල තව ශක්තිමත් වෙලා රට සහ රටේ ජනතාව අනතුරකට යන ගමනක් දක්නට ලැබෙනවා. දැනට මතුපිටින් පෙනෙන්නට නොතිබුනාට රාජපක්ෂ පවුලේ අය අතරත් තනතුරු , වගකීම් සහ බලය බෙදා ගැනීම සදහා වෙච්ච සීතල යුද්දෙකුත් ඇති වෙයි කියල හිතනවා.

නව ජනපති ජාතිය ඇමතූ අවස්ථාවේදී ජාතීන් අතර යම් බෙදීමක් ඇති කිරීමට හැකි චින්තනයක් ගොඩනැගුව නේද?

පළමු කාරණාව රාජපක්ෂවරු ජයග‍්‍රහණය කළේ සිංහල ඡුන්ද වලින් කියන එක බොරුවක්. ඔවුන්ට කරුණා අම්මන් උදව් කළා. පිල්ලයාන් උදව් කළා. හිස්බුල්ල උදව් කළා. තව මුස්ලිම් නායකයො උදව් කළා. එනිසා ඔහුගේ ජයග‍්‍රහණය බහුතර සිංහල ජනතාව වුනාට ඔහු දිනුවෙ තනිකර ඒකෙන් කියන කාරණය අසත්‍යයක්. දෙවෙනි කාරණය ඔහුගේ කතාව ජනාධිපතිවරණයට කලින් ජනාධිපති අපේක්ෂකයා කරන කතාවයි කළේ ජනාධිපති වුනාට පසු. ඡුන්ද ගැනීම සදහා කරන කතාවක් තියෙනවනේ අන්න ඒ කතාවයි රාජපක්ෂ දිනුවමත් කළේ. අපට පේන දේ එකක් රාජපක්ෂ පරිනත නැහැ. අනෙක් කාරණාව ඔහු ඔහුට පැවරිච්ච රාජකාරිය හදුනාගෙන නැහැ. මේ රටේ සියළු ජනතාවගේ නායකයා ඔහු කියන එක ඔහුත් පිළිගන්න ලැහැස්ති නැති බවක් තමයි එකෙන් පෙන්නුම් කළේ. ඇත්තටම එය රාජතාන්ත‍්‍රික නැහැ.

ජාතික ජනබලවේගය මෙවර ජනාධිපතිවරණයේදී අඩුම ඡන්ද ලක්ෂ දහයක්වත් බලාපොරොත්තු වුනා. නමුත් ලක්ෂ පහකටත් අඩු ඡුන්ද සංඛ්‍යාවක් තමයි ලැබෙන්නේ. ඇයි එහෙම වුනේ?

අප මේ පිළිබද වඩා පුළුල් සමීක්ෂණයක් කර ගත යුතුව තිබෙනවා. නමුත් දැනට අපි දකින කරුණු කිහිපය අනුව ජනාධිපතිවරණයකදී දිනන්නෙ එක අපේක්ෂකයයි. එහිදී ජනතාව බෙදිල යන්නෙ ජයග‍්‍රහණයට දුරින් ඉන්න අපේක්ෂකය වෙත නොවේ. ජයග‍්‍රහණය ලගින් ඉන්න අපේක්ෂකය ලගටයි. එතනදි අපි ඉන්නෙ දුරින් ඉන්න අපේක්ෂකය හැටියටයි.

දෙවෙනි කාරණය තමයි බය කියන සාධකය ප‍්‍රධාන පක්ෂ දෙකම පාවිච්චි කළා. එකක් සජිත් පේ‍්‍රමදාසල පාවිච්චි කළා ගෝඨා බිය කියන දේ. රාජපක්ෂ විසින් හැදුවා පාස්කු ප‍්‍රහාරයත් එක්ක රටේ අන්තවාදයක් තියෙනවා සහ රට අරාජිකයි ගැටුම් ඇතිවීමේ හැකියාව වැඩියි සහ රට අනාරක්ෂිතයි ඒ නිසා ජාතික ආරක්ෂාව ඇති කිරීම සදහා ප‍්‍රබල නායකයෙක් අවශ්‍යයි කියන මතයක් රට තුල හැදුවා. දෙමළ මුස්ලිම් ජාතීන් ඔළුව උස්සනවා සහ ඔවුන් බලවත් වෙනවා කියන බය භීතියක් සිංහලයන් තුල නිර්මාණය කළා. මොකද වද කතා හැදුවා වද දොස්තරල නිර්මාණය කළා. මෙහෙම කාලයක් නඩත්තු කරමින් ජනතාව බියට පත් කළා. ජනතාව විශ්වාස කළා තමන්ට දෙමළ සහ මුස්ලිම් අයගෙන් තර්ජනයක් තියෙනවා කියලා. එහිදී ජනතාව ප‍්‍රතිපත්ති පැත්තකට දාල ප‍්‍රබල නායකයා ලෙස ගෝඨාභයව පත් කරගත්තා. ඉතින් සජිත් පරාදකරන්න ඕන අය රාජපක්ෂ දිනවීම සදහා උත්සහ කළා. රාජපක්ෂ පරාජය කරන්න උවමනා අය සජිත්ව දිනවන්න උත්සහ කළා. එතනදි අපි කවුරුත් හිතුවෙ නැහැ එහිදී අපේ ඡුන්ද සංඛ්‍යාව අඩු වෙයි කියලා. අපිව අනුමත කරන අය පවා තාවකාලිකව පැත්තකට තල්ලූවෙච්ච එකක් අපි දකිනවා.

තුන්වෙනි කාරණය තමයි අපේ රටේ ජනමාධ්‍යය. මාධ්‍යය ජනතාවගේ බදු මුදල් මත යැපුනද රාජ්‍යය මාධ්‍ය දෙකම මුළුමනින්ම ආණ්ඩුව වෙනුවෙන් වැඩ කළා. පෞද්ගලික මාධ්‍යයත් කිහිපයක් මුළුමනින් රාජපක්ෂ වෙනුවෙන් උදේ සිට හවස දක්වාම අඛණ්ඩ මැතිවරණ ව්‍යාපාරයක් අරගෙන ගියා මැතිවරණ නිති පවා උල්ලංඝණය කරමින්. මැතිවරණ කොමසාරිස් තුමත් අවසානයෙ කිවනෙ අපේ රටේ මැතිවරණ නීති කඩපු තැන් දෙකයි. එකක් මාධ්‍යය ආයතන අනෙක පන්සල කියලා. ඉතින් ඒ නිසා අපි හිතනවා මිනිසුන්ගේ චින්තනය වෙනස් කරන්න මාධ්‍යයත් වෙනම වැඩ පිළිවෙලක් ගත්තා කියලා.

මිනිස්සු තනි තනිව හිතනව වගේම සමාජයක් හැටියටත් හිතනවා. අපි ඒකට කියනවා මිනිසා තුල චින්තනයක් තියෙනවා. ඒත පෞද්ගලිකව තමන්ගෙ සමාජ විඥාණය හැඩගස්වන්නෙ තනි තනි මිනිහ නෙමෙයි. මතවාදී බලපැම් විසිනුයි. එතකොට එවැනි බලපෑම් තමයි ජනමාධ්‍යය කියන්නේ. ඒවයෙ අයිතිකාරයො කිහිප දෙනෙක් මිනිසුන් ග‍්‍රහණය කරගත්තට පස්සෙ දේශපාලන ව්‍යාපාරය තුල අපහසුතාවයක් ඇති වෙනවා. එක මොහොතක ෆිදෙල් කස්ත්‍රෝ සහෝදරය කීවා ”මාධ්‍ය වලින් කරන බරපතල හානිය බොරු කියන එක නෙවෙයි සාවද්‍ය පරාවර්ථනයන් කිරීම ” කියලා. බොරුවක් කීවොත් එය මිනිසුන්ට බලපාන්නෙ ඔවුන්ගේ දැනුමටයි. හැබැයි සාවද්‍ය පරාවර්ථනයන් මිනිස්සුන්ගේ චින්තනයටයි බලපාන්නේ. එනිසා බොරුවක් කීවොත් අපට එය නිවැරදි කරන්න පුලූවන්. හැබැයි සාවද්‍යය පරාවර්ථනයක් ව්‍යාජ පරාවර්ථනයක් නිර්මාණය කලාම ඒක හදන එක අමාරුයි. උදාහරණයක් වශයෙන් නාගලෝකෙන් ධාතු හමු වුනා කීවම අපිට පස්සෙ කියන්න පුලූවන් ඒක බොරු කියල. නමුත් අපේ සමාජය තුල මුස්ලිම් ජනතාව බහුතරය වෙලා සිංහල සුළුතරය වෙනවා ඒ නිසා සිංහලයව ව`ද කිරීම වෙනුවෙන් සිදුවීම් සිදු වනවා කියලා ඒක බොරුවකට වඩා සාවද්‍යය පරාවර්ථනයක්. ඉතින් ඒවගේ වැඩක් තමයි මාධ්‍යය වලින් කරන්නේ. ඊට අමතරව රස්සාවල් ගන්නව වගේ පොඩි පොඩි පුද්ගලික හේතුත් තියෙන්න ඇති.

18/11/2019
National People’s Power - NPP

National People’s Power - NPP

ජාතික විද්වත් සංවිධානයේ විශේෂ මාධ්‍ය හමුව ඇමතූ
නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා...

17/11/2019

Anura Kumara Dissanayake

2019 ජනාධිපතිවරණය අවසන් වී එහි ප්‍රතිඵල නිකුත්වී තිබේ. ඒ අනුව මෙවර ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගෙන තිබේ. ජාතික ජන බලවේගය ලෙස අපට මෙම ජනාධිපති මැතිවරණයේදී ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව පිළිබඳ සතුටුවීමට නොහැකිය. අප මීට වඩා ඡන්ද සංඛ්‍යාවක් බලාපොරොත්තු වුවද එය ලබාගැනීමට නොහැකි වූ බව අප පිළිගත යුතුව තිබේ.

කෙසේ වෙතත් මෙම ජනාධිපතිවරණයේදී රටේත් ජනතාවගේත් අනාගත ජයග්‍රහණය සඳහා සටන් වදින ජාතික ජන බලවේගය නම් වූ පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී, ප්‍රගතිශීලී, වාමවාදී හා සැබෑ දේශප්‍රේමී දේශපාලන කඳවුරක් එනම්, පුළුල් මහජන ව්‍යාපාරයක ආරම්භය සනිටුහන් කිරීමට අප සමත්වීමු. එමෙන්ම ලංකාවේ දේශපාලනයේ මැතිවරණ වේදිකා තුළ සිදුකෙරෙන එකිනෙකාට මඩ ගැසීම, අසභ්‍ය වචන කීම, සිල්ලර පොරොන්දු තොග ගණනින් දීම වෙනුවට, රට තුළ ගැඹුරු ප්‍රතිපත්තිමය සංවාදයක් ඇති කිරීමට අප කටයුතු කළෙමු. එම සංවාදය තුළට මෙරට බොහෝදෙනා එකතුකර ගැනීමට හැකිවීම අප ලද දිගුකාලීන දේශපාලන ජයග්‍රහණයකි.

අනෙක් අතට ජනාධිපතිවරණ වේදිකාවල සමහර පක්ෂ ජාතිවාදය අවුලුවාලද්දී විවිධ ජාතිකත්වයන් එකිනෙකට බියවද්දා ඡන්ද ගැනීමට උත්සාහ දරද්දි ජාතිවාදයෙන් තොර දේශපාලනයක් හා ජාතික සමගිය සහිත මැතිවරණ වේදිකාවක් තැනීමටද අපට හැකිවිය. එයද අනාගතය සඳහා වන සාධනීය කරුණක් ලෙස අප දකිමු.
ජනාධිපතිවරණ ව්‍යාපාරය දෙස බලන විට උතුරේ ජනතාව තුළත් දකුණේ ජනතාව තුළත් නිර්මාණය කරනු ලැබූ බිය උපයෝගී කරගෙන ජන මනස නොමග යවා, ජනතාවගේ ඡන්දය තමන්ට ලබාගැනීමට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම කටයුතු කළ බව පැහැදිලිය. ප්‍රතිපත්තිමය සංවාදයක් තුළින් ජනතාව දැනුවත්භාවයට පත්කොට ඡන්දය ලබාගැනීමට අප දැරූ උත්සාහයට එම තත්වය තුළ ඉඩක් නොවූ බව පැහැදිලිය.

කෙසේ වෙතත් මෙම මැතිවරණ ප්‍රතිඵලයෙන් ජයග්‍රහණය කළ අය, තම ජයග්‍රහණයන් පිළිබඳව උදම් අනමින් සතුටු වුවද ජනතාවගේ පැත්තෙන් ගත්විට මෙහිදී ජනතාව ජයග්‍රහණය කර නැති බව ඉතා පැහැදිලිය. රට තුළ පවතින ඉතාම බරපතළ සමාජ ආර්ථික දේශපාලන හා සංස්කෘතික අර්බුදයට මෙම බලයට පත් අයට විසඳුම් නැත. එබැවින් ජනතාවට උරුමවනු ඇත්තේ පැරණි 71ක් වසරක් පුරා ආ එකතැන පල්වෙන පීඩාකාරී සමාජ ජීවිතයම වේ. තමන් ජයග්‍රහණය කර නැති බවත් තම ජයග්‍රහණය ඉදිරියේදී දිනාගත යුතු බවත් ජනතාව ඉක්මනින්ම තේරුම් ගනු ඇතැයි අපි සිතමු. එම ජනතාවත්, රටත් වෙනුවෙන් අපි අපේ වගකීම හා කාර්යභාරය මඳකුදු අත්නොහැර ඉටුකරන බවද අවධාරණය කර සිටිමු.

අවසාන වශයෙන් මෙම ජනාධිපතිවරණය පුරාම අප සමග සහයෝගයෙන් අත්වැල් බැඳගත් සැමටත්, කිසිදු පටු දේශපාලන ලාභ අපේක්ෂාවකින් තොරව අපට නන් අයුරින් සහාය දුන් සැමටත් අපේ ස්තුතිය පිරිනමමු. ජනතාව ඉදිරියේ තැබූ අපේක්ෂාව අපරාජිත බවත් එහි ජයග්‍රහණය වෙනුවෙන් අපි නොසැලී සටන් වදින බවත් යළි යළිත් සහතික කරමු.

ජාතික ජන බලවේගය.
2019.11.17

Address

No 33, Sri Subhuthipura Mawatha
Battaramulla

Telephone

+41779014926

Alerts

Be the first to know and let us send you an email when NPP - Switzerland posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share


Other Political Organizations in Battaramulla

Show All