02/07/2021
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ Gotabaya Rajapaksa මහතාගේ සෞභාගගේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ශ්‍රි ලංකා පොලිස් සේවය කාර්යක්ෂම කිරීම උදෙසා සෑම පොලිස් ස්ථානයක් සඳහාම ශක්තිමත් ප්‍රවාහන පද්ධතියක් පැවතීමේ අවශයතාවය අරමුණු කර ගනිමින් නව ත්‍රිරෝද රථ 2,000 ක් දිවයිනේ පොලිස් ස්ථාන වෙත ලබා දීමේ වැඩපිළිවෙල ඊයේ (01) ගරු අග්‍රාමාතය මහින්ද රාජපක්ෂ Mahinda Rajapaksa මැතිතුමාගේ ප්‍රධානත්තවයෙන් ඇරඹින. මෙම අවස්ථාවට මහජන ආරක්ෂාව පිළිබඳ අමාතය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර Sarath Weerasekera මහතාද එක්විය.
අපරාධ වැළැක්වීම හා විමර්ශණ කටයුතු, විවිධ පැමිණිලි විභාග කිරීම, 119 හදිසි ඇමතුම් සඳහා යෙදවීම, ළමා හා කාන්තා කාර්යාංශය,දූෂණ මර්ධන අංශවල රාජකාරි මෙන්ම විශේෂයෙන් පොලිසිය හා මහජනතාව අතර ඇති සම්බන්ධතාවය වැඩිදියුණු කර ගනිමින් ප්‍රජා පොලිස් සංකල්පය වඩාත් ශක්තිමත් කර ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම ත්‍රීරෝද රථ පොලිස් ස්ථාන වෙත ලබා දීමෙන් අපේක්ෂා කෙරේ.මෙලෙස බෙදා දීමට නියමිත ත්‍රීරෝද රථ අමාත්‍යවරයා විසින් ගාලුමුවදොර පිටියේදී නිරීක්ෂණය කරනු ලැබීය.
මෙම අවස්ථාවට පොලිස්පති සී. ඩී. වික්‍රමරත්තන මහතා, බස්නාහිර පළාත හා රථවාහන භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, සහයක සේවා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සහ කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රකුමාර මහතා ඇතුළු නිළධාරින් පිරිසක්ද සහභාගී විය.