Department of Manpower and Employment.

Department of Manpower and Employment. Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Department of Manpower and Employment., Public Service, Battaramulla.

The Department which had been established in the year 2010 has already rendered a great service by making arrangements to provide employment opportunities in the private sector for the unemployed youth in order to strengthen the economy of the country. The department focuses on following functions
1.Job designing and promotional activities.
2.Career guidance activities
3.Labour market information activities.
4.Public employment services.
5.Development of the informal sector.

ආබාධිත ප්‍රජාව රැකියාගත කිරීමේ වැඩසටහනමිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව.මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය ප්‍රාදේශීය ලේක...
04/09/2026

ආබාධිත ප්‍රජාව රැකියාගත කිරීමේ වැඩසටහන
මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව.

මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආබාධිත තරුණ තරුණියන් 32 දෙනෙකුගේ සහභාගිත්වයෙන් කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදි ආබාධිත ප්‍රජාව රැකියාගත කිරීමේ වැඩසටහනක් 2026.07.28 දින පවත්වන ලදි.
මෙම වැඩසටහනේදි ජීවන අරමුණ සකස් කර ගැනීම තුළින් ජීවිතය ජය ගැනීම සහ තම ආඩුපාඩු සකසා ගෙන රැකියා ආයතනයකට යොමු වි ජීවිතය ජය ගැනීම සඳහා දැනුවත් කරණ ලද අතර,අදියර 03 ක් යටත් පවත්වන ලද මෙම වැඩසටහනේ 02 වන අදියර 2026.08.07 දින එම කාර්යාලයේදි පවත්වන ලදි. මෙහිදි ආබාධ සහිත පුද්ගලයින්ගේ ආකල්ප සංවර්ධනය, හැකියා ලැදියා අනුව තම රැකියාව කරණ ආකාරය හා ස්වයං ව්‍යාපාර අංශය පිලිබඳ දැනුවත් කිරීම සිදු කරණ ලදි.

ආබාධිත ප්‍රජාව රැකියාගත කිරීමේ වැඩසටහනමිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව.මාතර දිස්ත්‍රික්කයේ දෙවිනුවර ප්‍රාදේශීය ලේකම්...
04/09/2026

ආබාධිත ප්‍රජාව රැකියාගත කිරීමේ වැඩසටහන
මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව.

මාතර දිස්ත්‍රික්කයේ දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආබාධිත ප්‍රජාව 43 දෙනෙකුගේ සහභාගිත්වයෙන් ආබාධිත ප්‍රජාව සවිබල ගැන්වීමේ වැඩසටහනක් 2026.07.31 දින දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදි පවත්වන ලදි.
මෙය මෙම වැඩසටහනේ 02 වන අදියර වන අතර, මෙය සංවිධානය කරන ලද්දේ මානව සම්පත් සංවර්ධන නිලධාරි ඩබ්.ජී.නදිපා ශ්‍යාමලී මිය හා එම්.ඩී.පියවර්ධන යන නිලධාරීන් විසිනි.මෙම වැඩසටහනේදි මනෝ උපදේහනය, ගැටළු නිරාකරණය සිදු කරණ ලදි. මේ සඳහා .උපදේශණ නිලධාරි හා සමථ නිලධාරි සම්පත්දායකත්වය සපයන ලදි.

ආබාධිත ප්‍රජාව රැකියාගත කිරීමේ වැඩසටහනමිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව.මාතර දිස්ත්‍රික්කයේ හක්මන ප්‍රාදේශීය ලේකම් කො...
04/09/2026

ආබාධිත ප්‍රජාව රැකියාගත කිරීමේ වැඩසටහන
මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව.

මාතර දිස්ත්‍රික්කයේ හක්මන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ විවිධ ආබාධ වලට ලක්වු පුද්ගලයින් 30 දෙනෙකුගේ සහභාගිත්වයෙන් 2026.07.22,23,24 තෙදින තුළ අදියර 03 ක් යටතේ ගම්ගොඩගම විශේෂ අධ්‍යාපන මධ්‍යස්ථානයේදි ආබාධිත ප්‍රජාව රැකියාගත කිරීමේ වැඩසටහනක් පවත්වන ලදි.
මෙම වැඩසටහනේ 01 අදියරේදි ආබාධිත පුද්ගලයින්ගේ අභිප්‍රේරණය, සේවා නියුක්ත විමේ වැදගත්කම, ආකල්ප සංවර්ධනය සිදු කරණ ලදි.මේ සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මානව සම්පත් සංවර්ධන නිලධාරි චමින්ද සමරසිංහ මයතා විසින් සම්පත් දායකත්වය සපයන ලදි.මෙම වැඩසටහනේ 02 වන අදියරේදි ස්ක්‍රීන් ප්‍රින්ටින් (රෙදි පින්තාරූ කිරීමේ පුහුණුව) ලබා දෙන ලදි. මෙය සිදු කරණ ලද්දේ ස්වයං රැකියා අවස්ථා සඳහා යොමු කිරීමේ අරමුණින් වේ.
මෙම වැඩසටහන හක්මන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මානව සම්පත් සංවර්ධන නිලධාරි චන්ද්‍රිකා හෙට්ටිආරච්චි මහත්මිය විසින් සංවිධානය කරන ලද අතර, එම කාර්යාලයේ සමාජසේවා නිලෙධාරින්ගේ සහයෝගය ලබා ගනිමින් සාර්ථකව පවත්වන ලදි.වැඩසටහන සඳහා සහභාගි වු ආබාධිත පුද්ගලයින්ගෙන් 04 දෙනෙකු රැකියා සඳහා යොමු කරණ ලදි.

2026.08.29වැනි සෙනසුරාදා සහ 2026.08.30වැනි ඉරිදා. / යතුරු පැදි හා ත්‍රීරෝද රථ ගරාජ් කාර්මිකයින් සඳහා පෙර දැනුම ඇගයීමේ (R...
03/09/2026

2026.08.29වැනි සෙනසුරාදා සහ 2026.08.30වැනි ඉරිදා. / යතුරු පැදි හා ත්‍රීරෝද රථ ගරාජ් කාර්මිකයින් සඳහා පෙර දැනුම ඇගයීමේ (RPL) ක්‍රමවේදය ඔස්සේ ජාතික වෘත්තීය සුදුසුකම් සහතිකය (NVQ Level - 4) ලබාදීමේ දෙදින වැඩසටහන. / තලවාකැලේ ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරය. {තලවාකැලේ ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයීය මානව සම්පත් සංවර්ධන හා වෘත්තීය මාර්ගෝපදේශන ඒකකය}

2026.09.01වැනි අඟහරුවාදා. / දැනටමත් මැහුම් ක්ෂේත්‍රයේ නියුතු වයස අවුරුදු 40ට අඩු කාන්තාවන් උදෙසා වූ (NVQ Level - 3) මැහු...
03/09/2026

2026.09.01වැනි අඟහරුවාදා. / දැනටමත් මැහුම් ක්ෂේත්‍රයේ නියුතු වයස අවුරුදු 40ට අඩු කාන්තාවන් උදෙසා වූ (NVQ Level - 3) මැහුම් පාඨමාලාව - 2026. [හයවැනි සැසිය] / අනගාරික ධර්මපාල ප්‍රාථමික විද්‍යාලයීය ශ්‍රවණාගාරය - හරංගල. {කොත්මලේ බටහිර ප්‍රා⁣දේශීය මහ ලේකම් කාර්යාලයීය මානව සම්පත් සංවර්ධන හා වෘත්තීය මාර්ගෝපදේශන ඒකකය}

2026-08-24 හා 25 වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී Digital Marketing පවත්වන්නට යෙදුණි. ප්‍රතිලාභීන් 42ක් සහභාගී වු අත...
31/08/2026

2026-08-24 හා 25 වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී Digital Marketing පවත්වන්නට යෙදුණි. ප්‍රතිලාභීන් 42ක් සහභාගී වු අතර ආර්. කේ. කේ. ලහිරු සම්පත් මහතා විසින් ලබාදුනි. වැඩසටහන් සංවිධානය වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මානව සමපත් නිලධාරී චන්දන දිලිප් කුමාර මහතා විසින් සිදුකරන ලදී. මේ සඳහා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මානව සම්පත් නිලධාරී ප්‍රභා කඩහෙට්ටි මහත්මිය සහභාගී විය.

2026 08 24 දින බේරුවල  ප්‍රාදේශීය  ලේකම් කාර්යාලයේ පැවැති ප්‍රාදේශීය රැකියා පොල ප්‍රාදේශීය මහ ලේකම් එල් . යූ.ජානක පෙරේරා...
31/08/2026

2026 08 24 දින බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති ප්‍රාදේශීය රැකියා පොල ප්‍රාදේශීය මහ ලේකම් එල් . යූ.ජානක පෙරේරා මැති තුමාගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්විණි .කම්කරු අමාත්‍යාංශය යටතේ ඇති මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන මත පැවැත්වූ මෙම වැඩසටහන මානව සම්පත් සංවර්ධන නිලධාරී එම්.ආර් කුසුමලතා මිය විසින් සංවිධානය කළ අතර මේ සදහා කලුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වaත්තීය මාර්ගෝපදේශන නිලධාරී ජී.ඒ.චන්ද්‍රානි මහත්මිය හා මානව සම්පත් සංවර්ධන නිලධාරී ලලිත් වෙල්ගම යන මහත්ම මහත්මීහුද වaත්තීය පුහුණු ආයතන හා රැකියා ආයතන ද සම්බන්ධ විය.මේ සදහා සහයෝගය දැක්වූ සියලු නිලධාරීන්ට හා රැකියා හා පුහුණු අපේක්ෂාවෙන් පැමිණි සියයකට අධික තරුණ තරුණියන් හට ස්තුති ප්‍රණාමය පුද කර සිටිමි.

වෘත්තීය  ඡායාරූප කරණයේ නියලී සිටින වෘත්තිකයන් සවිබල ගැන්වීමේ වැඩසටහනක් අත්තනගල්ලේදී මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තු...
28/08/2026

වෘත්තීය ඡායාරූප කරණයේ නියලී සිටින වෘත්තිකයන් සවිබල ගැන්වීමේ වැඩසටහනක් අත්තනගල්ලේදී

මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවත් අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය මානව සම්පත් සංවර්ධන අංශයත් වෘත්තීය ඡායාරූපකරණ ක්ෂේත්‍රයේ නියලී සිටින වෘත්තිකයන් සවිබල ගැන්වීමේ අරමුණින්
මෙම වැඩසටහන 2026.08.19.සහ 21 යන දින වලදී අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යයාලීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි .

මෙහිදී වෘත්තීය ඡායාරූපකරණයේ නියලෙන වෘත්තිකයන් හට ඔවුන්ගේ කාර්යය සාධනය වැඩිකිරීමට අවශ්‍ය න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුමද ව්‍යාපාරය විධිමත් කිරීමට අවශ්‍ය ව්‍යාපාර ලියාපදිංචිය , ජාතික වෘත්තීය භාවය ලබා ගැනීම පිළිබද දැනුවත් ( N VQ) භාවය සහ යොමු කිරීම මෙන්ම නවීන තාක්ෂණය අනුව කැමරා උපකරණ හා මෘදුකාංග භාවිතය පිළිබද දැනුම
ආදිය පිළිබද දැනුවත් භාවය ලබා දෙන ලදි.

මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ප්‍රවීන ඡායාරූප ශිල්පීන් වන ඉසුරු ලියනගේ , සචිත් මනම්පේරී සහ ගම්පහ දිස්ත්‍රික් නයිටා ආයතනයෙහි දිස්ත්‍රික් කළමනාකරු කවීෂ රාජකරුණා යන මහත්වරුන්ගේ දායකත්වයෙන් සිදු විය.

අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් සම්පත් ගුණවර්ධන මහතාගේ මගපෙන්වීම යටතේද මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රුවන් කිරිඇල්ල මහතාගේ සහභාගීත්වයෙන් ද මෙය පැවැත්විණි .එමෙන්ම වෘත්තීය ඡායාරූප කරුවන් පනස් පස් දෙනෙකු මේ සදහා සහභාගී වූහ. මෙම වැඩමුළුව සංවිධානය කරනු ලැබුවේ මානව සම්පත් නිලධාරීන් වන ඩී .එල්. ශ්‍රියානි මිය හා සිරිල් ගමගේ මහතාගේ සම්බන්ධීකරණයෙනි.

මිනිස් බල හා රැකිිරක්ෂා දෙපාර්තමෙිිනතුව හා හාලි ඇල ප්‍රාදේශිිය ලේ්කමිි කාර්යාලය එක්ව පවත්වන ලද අවිධිමත් අංශයේ් වෘත්තිකයන...
28/08/2026

මිනිස් බල හා රැකිිරක්ෂා දෙපාර්තමෙිිනතුව හා හාලි ඇල ප්‍රාදේශිිය ලේ්කමිි කාර්යාලය එක්ව පවත්වන ලද අවිධිමත් අංශයේ් වෘත්තිකයන් සදහා පවත්වන ලබන වැඩසටහන් යටතේ පෙදරේරැ කාර්මිකයන් සදහා RPL ක්‍රමචෙිිදය යටතේ NVG සහතිකපත් ලබා ගැනිිම සදහා දැණුවත් කිරිිමෙිි වැඩසටහන 2026/08/24 වෙනි දින හාලි ඇල ප්‍රාදේශිිය ලේ්කමි කාර්යාලයේ්දිි පවත්වන ලදි.මෙිි සදහා සමිපත් දායකයන් වශයෙන් බදුල්ල කාර්මික විද්‍යාලයේ් පෙදරේ්රැ පාඨමාලා තක්සේ්රැ කරැ R.M ජයසේන මහතා,ඉදිකිරිිමිි කර්මාන්ත සංවර්ධන අධිකාරියේ නිලධාරිනියන් දෙදෙනෙක්,VTA බදුල්ල දිස්ත්‍රික් කාර්යාලයේ් චතුරානි මහත්මිය,හාලිඇල මුුලස්ථාන කළමනාකරැ පත්මසිරි මහතා සහ බදුල්ල දිස්ත්‍රික්කයේ ව්‍යපෘති සමිිබන්ධිකාරක ජගත් දිසානායක මහතා සහහාගි විය.⁣මෙහිදිිි ඉදිකිරිිිිමි කර්මාන්ත සංවර්ධන අධිකාරිය වෙත NVQ සහතික ලබාගැනිිම සදහා අයදුමි පක් 24 සමිිපුුර්ණ කර භාරදුන් අතර ඵ් සදහා මුුල්‍ය දායකත්වය හාලි ඇල සමෘධි අංශයෙන් ලබා දිිමට නියමිනයි

ආහාර තාක්ෂණය පිළිබඳ ප්‍රතිලාභීන් සඳහා වූ ඇසුරුම්කරණ පුහුණු වැඩසටහනඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ආහාර තාක්ෂණ ක්ෂේත්...
28/08/2026

ආහාර තාක්ෂණය පිළිබඳ ප්‍රතිලාභීන් සඳහා වූ ඇසුරුම්කරණ පුහුණු වැඩසටහන
ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ආහාර තාක්ෂණ ක්ෂේත්‍රයේ යෙදෙන ප්‍රතිලාභීන් 30 දෙනෙකු වෙනුවෙන් විශේෂ ඇසුරුම්කරණ පුහුණු වැඩසටහනක් 2026 අගෝස්තු 05 වන දින සාර්ථකව පවත්වන ලදී.
* වැඩසටහන් විස්තරය: ආහාර නිෂ්පාදන සඳහා නිවැරදි ඇසුරුම්කරණ තාක්ෂණය භාවිත කිරීම, නිෂ්පාදනවල කල්තබා ගැනීමේ කාලය වැඩි කරගැනීම සහ වෙළඳපොළ ආකර්ෂණය දිනාගැනීමේ ක්‍රමවේද පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
* සම්පත් දායකත්වය: මෙම පුහුණු වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ලබාදෙන ලද්දේ විද්‍යා හා තාක්ෂණ නිලධාරී රසික සොයිසා මහතා විසිනි.
* අරමුණ: ප්‍රදේශයේ කුඩා හා මාධ්‍ය පරිමාණ ආහාර නිෂ්පාදකයින්ගේ තාක්ෂණික දැනුම සහ නිෂ්පාදනවල ප්‍රමිතිය ඉහළ නැංවීම.
මෙම වැඩසටහන මගින් සහභාගී වූ ප්‍රතිලාභීන්ට තම නිෂ්පාදන ව්‍යාපාරික මට්ටමින් සාර්ථකව වෙළඳපොළට යොමු කිරීමට අවශ්‍ය ප්‍රායෝගික දැනුම සහ මගපෙන්වීම හිමිවිය.

Address

Battaramulla
10120

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94112186171

Alerts

Be the first to know and let us send you an email when Department of Manpower and Employment. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Department of Manpower and Employment.:

Shortcuts

Share