Ministry of Plantation and Community Infrastructure

Ministry of Plantation and Community Infrastructure Official page - Ministry of Plantation and Community Infrastructure

10/08/2026

2030 වන විට තේ අපනයන ආදායම ඩොලර් බිලියන 2.5 ක් දක්වා වැඩි කිරිම අපගේ අරමුණයි.

උතුරු පොල් ත්‍රිකෝණය වැඩසටහන යටතේ රුපියල් මිලියන 22.7ක සහනාධාර චෙක්පත් සහ පොල් පැළ 3,000ක් මුලතිව් පොල් වගාකරුවන් වෙත ප්...
08/08/2026

උතුරු පොල් ත්‍රිකෝණය වැඩසටහන යටතේ රුපියල් මිලියන 22.7ක සහනාධාර චෙක්පත් සහ පොල් පැළ 3,000ක් මුලතිව් පොල් වගාකරුවන් වෙත ප්‍රදානය කෙරේ

2030 වන විට ශ්‍රී ලංකාවේ පොල් අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක් දක්වාත්, වාර්ෂික පොල් නිෂ්පාදනය ගෙඩි මිලියන 4,200ක් දක්වාත් ඉහළ නැංවීමේ ජාතික ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අනුබද්ධිත පොල් වගා කිරීමේ මණ්ඩලය මඟින් ක්‍රියාත්මක කරන "කප්තුරු සවිය" පරිවර්තනීය වැඩසටහන යටතේ "උතුරු පොල් ත්‍රිකෝණය" වැඩසටහනේ තවත් වැදගත් අදියරක් ලෙස රුපියල් මිලියන 22.7ක සහනාධාර චෙක්පත් ප්‍රදානය කිරීම සහ පොල් පැළ 3,000ක් බෙදාදීම මුලතිව් දිස්ත්‍රික්කයේ මුල්ලියවල ප්‍රදේශයේදී සිදු කෙරිණි.

පේදුරුතුඩුව, සිලාවතුර සහ කෝකිලායි ප්‍රදේශ සම්බන්ධ කරමින් යාපනය, කිළිනොච්චිය, මුලතිව්, මන්නාරම සහ වව්නියාව යන දිස්ත්‍රික්ක පහම ආවරණය වන පරිදි ක්‍රියාත්මක මෙම ජාතික වැඩසටහන පසුගිය වසරේ ආරම්භ කෙරිණි. උතුරු පළාතේ පොල් වගාව ව්‍යාප්ත කිරීම, අක්‍රීය ඉඩම් නැවත වගාවට යොමු කිරීම, වගාකරුවන්ගේ ආදායම ඉහළ නැංවීම සහ ජාතික අපනයන ආර්ථිකයට වැඩි දායකත්වයක් ලබාදීම එහි ප්‍රධාන අරමුණු වේ.

මෙහිදී උතුරු පොල් ත්‍රිකෝණය යටතේ පොල් ඉඩම් සඳහා ජල සම්පාදන පද්ධති ඉදිකිරීම වෙනුවෙන් පොල් වගාකරුවන් 443 දෙනෙකු වෙත සහනාධාර චෙක්පත් ප්‍රදානය කෙරුණු අතර, විශේෂ පොල් ඉඩම් පුනරුත්ථාපන සහනාධාර වැඩසටහන යටතේ තවත් පොල් වගාකරුවන් 72 දෙනෙකු වෙත ද සහනාධාර චෙක්පත් පිරිනැමිණි. ඒ අනුව ප්‍රතිලාභීන් 515 දෙනෙකු වෙත සමස්තයක් ලෙස රුපියල් මිලියන 22.7ක සහනාධාර ප්‍රදානය කෙරිණි.

එමෙන්ම, උතුරු පළාතේ පොල් වගා ව්‍යාප්තිය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් පොල් පැළ 3,000ක් පමණ වගාකරුවන් වෙත බෙදාදීම ද මෙහිදී සිදු කෙරිණි.

"කප්තුරු සවිය" පරිවර්තනීය වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන "උතුරු පොල් ත්‍රිකෝණය" ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ උතුරු පළාත නව පොල් නිෂ්පාදන කලාපයක් බවට පත් කිරීම, පොල් වගාකරුවන්ගේ ජීවනෝපාය ශක්තිමත් කිරීම, පොල් ආශ්‍රිත කර්මාන්ත සඳහා අඛණ්ඩ අමුද්‍රව්‍ය සැපයුම තහවුරු කිරීම සහ ජාතික අපනයන ආදායම ඉහළ නැංවීම අරමුණු කරගෙන ක්‍රියාත්මක වේ.
________________

வட தென்னை முக்கோணத் திட்டத்தின் கீழ் முல்லைத்தீவு தென்னை விவசாயிகளுக்கு ரூ. 22.7 மில்லியன் மானியக் காசோலைகளும் 3,000 தென்னங் கன்றுகளும் வழங்கி வைப்பு

2030 ஆம் ஆண்டளவில் இலங்கையின் தென்னை ஏற்றுமதி வருமானத்தை 1.5 பில்லியன் அமெரிக்க டொலர்களாகவும், வருடாந்த தென்னை உற்பத்தியை 4,200 மில்லியன் தேங்காய்களாகவும் உயர்த்தும் தேசிய இலக்கை அடைவதற்காக, பெருந்தோட்ட மற்றும் சமூக உட்கட்டமைப்பு வசதிகள் அமைச்சின் கீழ் இயங்கும் தென்னை பயிர்ச்செய்கை சபையினால் நடைமுறைப்படுத்தப்படும் "கற்பகத்தரு வளம்" திட்டத்தின் கீழ், "வட தென்னை முக்கோண" திட்டத்தின் மற்றொரு முக்கிய கட்டமாக ரூ. 22.7 மில்லியன் மானியக் காசோலைகள் வழங்குதலும், 3,000 தென்னங் கன்றுகள் விநியோகித்தலும் முல்லைத்தீவு மாவட்டத்தின் முள்ளியவளைப் பகுதியில் இடம்பெற்றன.

பருத்தித்துறை, சிலாபத்துறை மற்றும் கொக்கிலாய் ஆகிய பகுதிகளை இணைத்து யாழ்ப்பாணம், கிளிநொச்சி, முல்லைத்தீவு, மன்னார் மற்றும் வவுனியா ஆகிய ஐந்து மாவட்டங்களையும் உள்ளடக்கிய வகையில் நடைமுறைப்படுத்தப்படும் இத்தேசிய திட்டம் கடந்த ஆண்டு ஆரம்பிக்கப்பட்டது. வட மாகாணத்தில் தென்னை பயிர்ச்செய்கையை விரிவாக்குதல், பயன்படுத்தப்படாத நிலங்களை மீண்டும் பயிர்ச்செய்கைக்கு உட்படுத்துதல், விவசாயிகளின் வருமானத்தை உயர்த்துதல் மற்றும் தேசிய ஏற்றுமதி பொருளாதாரத்திற்கு அதிக பங்களிப்பை வழங்குதல் ஆகியன இதன் முக்கிய நோக்கங்களாகும்.

இதன்போது, வட தென்னை முக்கோணத் திட்டத்தின் கீழ் தென்னை காணிகளுக்கான நீர்ப்பாசன அமைப்புகளை அமைப்பதற்காக 443 தென்னை விவசாயிகளுக்கு மானியக் காசோலைகள் வழங்கப்பட்டதுடன், சிறப்புத் தென்னை காணி மறுசீரமைப்பு மானியத் திட்டத்தின் கீழ் மேலும் 72 தென்னை விவசாயிகளுக்கு மானியக் காசோலைகள் வழங்கப்பட்டன. இதன்படி, 515 பயனாளிகளுக்கு மொத்தமாக ரூ. 22.7 மில்லியன் மானியம் வழங்கி வைக்கப்பட்டது.

மேலும், வட மாகாணத்தில் தென்னை பயிர்ச்செய்கை விரிவாக்கத்தை மேலும் வலுப்படுத்தும் நோக்கில் சுமார் 3,000 தென்னங் கன்றுகளும் விவசாயிகளுக்கு விநியோகிக்கப்பட்டன.

"கற்பகத்தரு வளம்" திட்டத்தின் கீழ் நடைமுறைப்படுத்தப்படும் "வட தென்னை முக்கோணம்" திட்டமானது, இலங்கையின் வட மாகாணத்தை ஒரு புதிய தென்னை உற்பத்தி வலயமாக்குதல், தென்னை விவசாயிகளின் வாழ்வாதாரத்தை வலுப்படுத்துதல், தென்னை சார்ந்த தொழில்களுக்குத் தேவையான மூலப்பொருட்களைத் தொடர்ச்சியாக வழங்குவதை உறுதிசெய்தல் மற்றும் தேசிய ஏற்றுமதி வருமானத்தை அதிகரித்தல் ஆகிய நோக்கங்களைக் கொண்டு செயல்படுத்தப்பட்டு வருகின்றது.

"වැවිලි" – වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ නිල පුවත්පතවැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් මෙතෙ...
08/08/2026

"වැවිලි" – වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ නිල පුවත්පත

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් මෙතෙක් ක්‍රියාත්මක කර ඇති සංවර්ධන වැඩසටහන්, විශේෂ ව්‍යාපෘති, ජනතා ප්‍රතිලාභී වැඩසටහන් මෙන්ම අමාත්‍යාංශයට අනුබද්ධිත ආයතනවල ප්‍රගතිය පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් "වැවිලි" නිල පුවත්පත, 2026 අගෝස්තු 09 වැනිදා "සිළුමිණ" පුවත්පත සමඟ නොමිලේ ජනතාව වෙත බෙදාහැරීමට නියමිතය.

අමාත්‍යාංශයේ සංවර්ධන ගමන්මඟ සහ ඉදිරි දැක්ම පිළිබඳ විශ්වාසනීය තොරතුරු රැගත් "වැවිලි" පුවත්පත කියවන්න.

මිලියන 150ක නවීන යන්ත්‍රෝපකරණ සමඟ හලාවත වැවිලි සමාගම නව යුගයකට"පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්" ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුක...
06/08/2026

මිලියන 150ක නවීන යන්ත්‍රෝපකරණ සමඟ හලාවත වැවිලි සමාගම නව යුගයකට

"පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්" ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකූලව වැවිලි කර්මාන්තය නවීකරණය කිරීමේ තවත් වැදගත් පියවරක් තබමින්, "තාක්ෂණ සහ ශ්‍රම ශක්තියෙන් අනාගත දිනන හලාවත වැවිලි සමාගම" වැඩසටහන යටතේ හලාවත වැවිලි සමාගමේ සියලුම වතු කලාප සඳහා නව ට්‍රැක්ටර් රථ සහ කෘෂි උපකරණ නිල වශයෙන් බෙදාදීම ඊයේ (05) පලුගස්වැව වතු කලාපයේදී වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි.

මෙහිදී රුපියල් මිලියන 150කට අධික වටිනාකමකින් යුත් ජල බවුසර් 22ක්, ට්‍රැක්ටර් 27ක්, ට්‍රැක්ටර් ටේලර් 13ක්, අත් ට්‍රැක්ටර් 10ක්, අත් ට්‍රැක්ටර් ටේලර් 7ක්, තණකොළ කපන යන්ත්‍ර 31ක්, යාන්ත්‍රික කියත් යන්ත්‍ර 2ක්, වල් කපන යන්ත්‍ර 14ක්, රොටාවෙටර් යන්ත්‍ර 4ක් සහ ඩිස්ක් හැරෝ යන්ත්‍ර 10ක් ඇතුළු නවීන කෘෂි යන්ත්‍රෝපකරණ තොගයක් හලාවත වැවිලි සමාගමේ වතු කලාප වෙත නිල වශයෙන් භාර දෙන ලදී.

වතු අංශයේ යාන්ත්‍රිකකරණය ප්‍රවර්ධනය කිරීම, ශ්‍රම කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, නිෂ්පාදන ධාරිතාව වැඩිදියුණු කිරීම සහ නවීන තාක්ෂණය ඔස්සේ වැවිලි කර්මාන්තය අනාගත අභියෝගයන්ට මුහුණ දිය හැකි පරිදි යාවත්කාලීන කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වේ.

මෙම අවස්ථාව සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අභේරත්න, වයඹ පළාත් ආණ්ඩුකාරවර තිස්ස කුමාරසිරි, පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන්, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ, හලාවත වැවිලි සමාගමේ සභාපති චන්දන දිසානායක යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, වතු කළමනාකරුවන් සහ කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් එක්ව සිටියහ.

06/08/2026

"වැවිලි" – වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ නිල පුවත්පත

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් මෙතෙක් ක්‍රියාත්මක කර ඇති සංවර්ධන වැඩසටහන්, විශේෂ ව්‍යාපෘති, ජනතා ප්‍රතිලාභී වැඩසටහන් මෙන්ම අමාත්‍යාංශයට අනුබද්ධිත ආයතනවල ප්‍රගතිය පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් "වැවිලි" නිල පුවත්පත,

🗓️ 2026 අගෝස්තු 09 වැනිදා
📰 සිළුමිණ පුවත්පත සමඟ නොමිලේ ඔබ වෙත ගෙන එයි.

29/07/2026

මානව ගරුත්වය සුරකින, හික්මුණු හදවත් ඇති සුපිළිපන් සමාජයක් උදෙසා පෙළගැසෙමු🤝

மனித மாண்பைப் பாதுகாக்கும் பண்பான இதயங்களைக் கொண்ட நேர்மையான சமூகத்தைக் கட்டியெழுப்ப ஒன்றிணைவோம்🤝

மனித மாண்பை பாதுகாக்கும் பண்பான இதயங்களைக் கொண்ட நேர்மையான சமூகத்தைக் கட்டியெழுப்ப ஒன்றிணைவோம். 🤝✨
29/07/2026

மனித மாண்பை பாதுகாக்கும் பண்பான இதயங்களைக் கொண்ட நேர்மையான சமூகத்தைக் கட்டியெழுப்ப ஒன்றிணைவோம். 🤝✨

"සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්"මානව ගරුත්වය සුරකින, හික්මුණු හදවත් ඇති සුපිළිපන් සමාජයක් උදෙසා පෙළගැසෙමු....
29/07/2026

"සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්"
මානව ගරුත්වය සුරකින, හික්මුණු හදවත් ඇති සුපිළිපන් සමාජයක් උදෙසා පෙළගැසෙමු. 🤝✨

සුපිළිපන් බවෙන් පිරිපුන්, කාර්යක්ෂම සහ ඩිජිටල් තාක්ෂණයෙන් සපිරි නව රාජ්‍ය සේවා යුගයකට මුලපුරමු! 🇱🇰💻
28/07/2026

සුපිළිපන් බවෙන් පිරිපුන්, කාර්යක්ෂම සහ ඩිජිටල් තාක්ෂණයෙන් සපිරි නව රාජ්‍ය සේවා යුගයකට මුලපුරමු! 🇱🇰💻

•  සුපිළිපන් සංස්කෘතියක් ක්ලීන් ශ්‍රී ලංකාවක්• ජනතාවගේ අයිතීන් සුරකිමින්, නීතියට අනුකූලව, සුපිළිපන් රාජ්‍ය සේවයක් වෙනුවෙ...
27/07/2026

• සුපිළිපන් සංස්කෘතියක් ක්ලීන් ශ්‍රී ලංකාවක්
• ජනතාවගේ අයිතීන් සුරකිමින්, නීතියට අනුකූලව, සුපිළිපන් රාජ්‍ය සේවයක් වෙනුවෙන් කැපවෙමු.
________________
•மக்களின் உரிமைகளைப் பாதுகாத்து, சட்டத்திற்கு அமைவாக, நேர்மையான பொதுச் சேவைக்காக அர்ப்பணிப்புடன் செயற்படுவோம்.

Address

11th Floor, Sethsiripaya 2nd Stage
Battaramulla
10120

Opening Hours

Monday 08:30 - 16:30
Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Friday 08:30 - 16:30

Alerts

Be the first to know and let us send you an email when Ministry of Plantation and Community Infrastructure posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Ministry of Plantation and Community Infrastructure:

Shortcuts

Share