22/08/2026
අලුත් ලොවක් ගැන පතූ මාලනිය
නන්දා මාලනී නම් සුවිශේෂ චරිතය අපට කුමුදෙක්මයි ඇගේ සංගීත සමාජ ජීවිකාව හමාර කරමින් වසර අසූ දෙකක් ආයු වැළඳු සහෘද ජනතාව වෙත පුදාහල අප්රතිහත සාදු ජනරාවය සිංහල සමාජ සංස්කෘතිය බෞද්ධාගමික ආකල්පයක් වඩ වඩාත් ඔපමට්ටම් කළා යැයි පැවසුවහොත් නිවැරැදිය.න් නිදහසටත් පෙර උපන් ඇය, නිදහසින් පසු ලංකාවේ සිංහල සංගීත ක්ෂේත්රය යම් අනන්යතා ස්ථානගත කිරීම සඳහා මූල බීජ සැපයූ වන් අතරින් ලෙසජනහිතකාමීත්වය තුළ ස්ථානගත වූවා යැයි පැවසුවොත් නිවැරදියි.තම සංගීත දිවියේ ඔපමට්ටම් කරමින් මෙරටේ දැනට 50-65 අතර ජීවත් වන පරම්පරාවේ සාමාජීය බලාපොරොත්තුවල ප්රකාශනයක් ද ගීතමය ප්රකාශනයෙන් සමාජගත කරන ලදී.
වසර දහස් ගණනකින් ඉතිහාසගත රටකන් විවිධාකාර ආක්රමණයන් සමාජය තලා පීඩාවට පත් කළ ආක්රමණිකයන් පිළිබඳ කණගාටුදායක ප්රකාශනය තුළින් හෙලා දැක විශේෂයෙන් දරුවන් පෙළා පීඩනයට ලක් කිරීම හා රට දැවැන්ත ලෙස අගාධයට යැවුණු සමාජය කෙරෙහි කම්පනයෙන් යුතුව සංගීතමය යශෝරාවය ඉතා ප්රබල ලෙස සවන්ගත කරන ලදී. විශේෂයෙන්ම මහාචාර්ය සුනිල් ආර්යරත්නයන්ගේ දාර්ශනික සාහිත්යමය වටපිටාවෙන් පෝෂණය යන් ලද සුවිශේෂී පදමාලාවන් විවිධාකාර ජීවන අවස්ථාවන් පිළිබඳව,ඒවාට ඇති ප්රකම්පනය වඩාත් තීව්රර කරන කරන ලදී. මෙම නිර්මාණයන් 1980 දශකයන් තුළන් ග්රාමීය උගත් කරුණ පරම්පරාව කෙරෙහි අතිශයින්ම බලපෑම් සහගත ජීවිත තුළටම යෑමට නන්දා මාලනියට හැකියාව ලැබිණි.
මෙරට නිදහසින් පසුව දෙවන දශකය පමණ ම වන විට වටපිටාව සමාජ ද්විකරණයට භාජනය කරනු ලැබූ දේශපාලන පන්නරයන්ට ඇගේ ගීත කලාවේ තෝතැන්නක් වීමත්, සමාජ ප්රතිලාභයන් ප්රතිරාවයන් අවිචාරශීලි මුග්ධ දේශපාලන අවස්ථාවාදය සඳහා හිතාමතාම භාවිතා කරන ලද යුගයකින් ප්රත්යක්ෂ වුණි. තුන් හෙළයේ සිංහ උන්ගේ අභිමානවත් බව රැඩිකල් දේශපාලන ව්යාපෘති කෙරෙහි විශේෂයෙන් විශ්ව විද්යාල හරහා රට පුරාම ගලා ගියේ ඉතාම වේගවත් ආකාරයෙනි. විරෝධා කල්ප සංගීත කලාවේම දේශපාලන මානයන් උත්තුංග ස්ථානයට ගෙන ඒමේ දී විශාල පන්නරයක් එම පිරිස් ලැබුවද, ඇයගේ ප්රාර්ථනික ගමනාන්තයට ළංවීමට එම බලවේගයන්වලට හැකි වූවාද යන්න ගැටලුවකි.ි අසූව දශකය යනු මෙරටේ අතිශයින් සංකීරණ අවිචාරශීලී සමාජ දේශපාලනික ප්රවාහය විරෝධා කල්පයන්ගෙන් සමන්විතයේ සමන්විත වූ අතර ඒ සඳහා ඇයගේ කටහඬ නිරන්තරයෙන්ම සවනට ගෙන එන ලදී. එම ක්රියාවලියේ අවසානය දැවැන්ත ඛේදවාචකයක් තුළින් අවසන් වුවද පසුකාලීනව ඇතිවූ සමාජ වටපිටාව තුළින්මම එය නැවතත් කරළියට ගෙන ඒමට හැකියාව ලැබුණද නමුත් ඒ ඇය පැතූ ලෝකය ද මේ යනුවෙන් ප්රශ්නාර්ථකාරීකාරීය.
රුවල් ඉරී අතරමං සමාජයට ධෛර්යයෙන් ගොඩබිමක් සොයා යන ගමනෙහි සුදුසුම නවාතැන සමාජයට ලැබුණාද යන්න එසේත් නැත්නම් ළඟා කරගත්තේ ද යන්න ගැටලු සහගතය. වහින්නට හැකිනම් නියම් ගම් සිසාරා,බතක් ඉදේනම්, නොඉඳුනු පැලක රහසින් හෝ සංසාර ගමනේ ඇය කොහේ සිට හෝ බලා සිට රහසින්ම සතුටු වේවි.
ඔබ අපට නෙළුමකී- මාලනී. ඔබට නිවන් සුවය අත්වේවා..