Department of Probation and Child Care Services

Department of Probation and Child Care Services Our Vision
A sensitive and a friendly society for children with ensured child rights.

08/11/2024
සමාජ මාධ්‍ය පිළිබඳ වැඩමුළුවපරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව ළමා සහභාගීත්වය අර්ථාන්විත කිරිම සදහා   ළමා සමාජ වැඩසටහ...
07/11/2024

සමාජ මාධ්‍ය පිළිබඳ වැඩමුළුව

පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව ළමා සහභාගීත්වය අර්ථාන්විත කිරිම සදහා ළමා සමාජ වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.

ළමා සමාජ තුළ දරුවන් විසින් සිදුකරනු ලබන ක්‍රියාකාරකම් පිළිබඳ පුළුල් ප්‍රචාරයක් ලබාදීම , ළමා සමාජ සංකල්පය පොදු ජනතාව අතර ප්‍රචලිත කිරිමට සහ එමගින් දරුවන්ගේ සහභාගිත්වය වැඩි කිරීම, නවීන තාක්ෂණය සුරක්ෂිතව භාවිතා කිරීමට අවශ්‍ය දැණුම ලබාදිම අරමුණු ඇතිව තෙදින නේවාසික වැඩමුළුවක් පැවැත්විණි.

2024.10.31 දින සිට 2024.11.03 දින දක්වා මහනුවර සත්‍යෝදය අධ්‍යාපනික පුහුණු ආයතනයේ පැවැත් වූ මෙම වැඩමුළුවට දිස්ත්‍රික් මට්ටමෙන් ළමා සමාජ නියෝජනය කරමින් තෝරාගත් දරුවන් 43 සහභාගී විය.

යුනිසෙෆ් ආයතනය විසින් අනුග්‍රහකත්වය දැක්වූ මෙම වැඩසටහනට පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ගයනි කෞශල්‍යා විජේසිංහ මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් හා යුනිසෙෆ් ආයතනයේ නියෝජිතයින් සහභාගි වූහ.

මෙම වැඩමුළුව සඳහා ඩිජිටල් මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන උදාර ධර්මසේන මහතා විසින් සම්පත් දායකත්වය සපයන ලදි .

මෙම දරුවන් අතරින් සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳව නිපුණත්වයක් දැක්වූ කණ්ඩායමක් තෝරාගෙන එම පුහුණුවෙහි දෙවන අදියර ඉදිරියේදී පැවැත්වීමට නියමිතය.

Shout out to my newest followers! Excited to have you onboard!Sulakshana Galahitiya
03/11/2024

Shout out to my newest followers! Excited to have you onboard!

Sulakshana Galahitiya

Big shout out to my newest top fans! 💎Kavi KavippiriyanDrop a comment to welcome them to our community,  fans
03/11/2024

Big shout out to my newest top fans! 💎

Kavi Kavippiriyan

Drop a comment to welcome them to our community, fans

07/10/2024

සිතුවිලි සිත්තම් 2024 - සමස්ත ලංකා චිත්‍ර, පෝස්ටර් සහ කාටූන් තරඟාවලියේ ප්‍රතිඵල නිකුත් කලා.

ලෝක ළමා දිනයට සමගාමීව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් සිව් වන වරටත් සංවිධානය කරන ලද සිතුවිලි සිත්තම් - 2024 තරඟයේ ජයග්‍රාහකයන් සඳහා පදක්කම සහ සහතිකපත් ප්‍රදානය කිරීමේ ත්‍යාග ප්‍රදානොත්සව ඉදිරියේදී දිස්ත්‍රික් මට්ටමින් පවත්වනු ලැබේ.

ප්‍රතිඵල දැනගැනීම සඳහා පහත සබැඳියෙන් පිවිසෙන්න

https://childprotection.gov.lk/en/2024/winners-list-sithuvili-siththam-2024

"Sithuvili Siththam - 2024" All Island Art, Poster & Cartoon Competition - Results Released.

District Awarding ceremonies to present medals & certificates will be conducted in near future.

To check results click below link

https://childprotection.gov.lk/en/2024/winners-list-sithuvili-siththam-2024

2024 වර්ෂයේ ලෝක ළමා දින ජාතික වැඩසටහන ඔක්තෝම්බර් 01 දින ගරු අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මැතිණියගේ ප්‍රධානත්වයෙන් සුහුරුප...
03/10/2024

2024 වර්ෂයේ ලෝක ළමා දින ජාතික වැඩසටහන ඔක්තෝම්බර් 01 දින ගරු අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මැතිණියගේ ප්‍රධානත්වයෙන් සුහුරුපාය ශ්‍රවණාගාරයේ ලෝක ළමා
දින තේමාව වූ " දරුවන් රැකගමු - සමසේ සලකමු"
යන්න තේමා කර ගනිමින් මහත් උත්සවශ්‍රීයෙන් පවත් වන ලදී.

එකම දිනයක යෙදෙන ලෝක ළමා දිනය හා වැඩිහිටි දිනය ඒකාබද්ධ වැඩසටහනක් ලෙස සැමරීම මෙවර සැමරුමෙහි විශේෂත්වයක් විය.

එහිදී ලෝක ළමා දිනය නිමිත්තෙන් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව මගින් ළමා සමාජ දරුවන් හා ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරින්/සහකාරවරුන් අතර පැවැත්වූ " ඩිජිටල් ලොව දරුවා සුරකිමු" කෙටි වීඩියෝ තරගයේ ජයග්‍රාහකයින් ඇගයීම,
"සිප්සවි" අධාර වැඩසටන පුලුල් කිරීමට අවබෝධතා ගිවිසුමක් ඇට්ලස් ඇක්ෂීලියා ආයතනය සමග අත්සන් තැබීම සිදුවිය .

ළමා සංවර්ධන මධ්‍යස්ථානය වල දරුවන්ගේ නර්තන වලින් වඩාත් විචිත්‍රවත් වූ මෙම වැඩසහනෙහි ආරාධිත දේශනය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප්‍රනීත් අභයසුන්දර මහතා විසින් පවත්වන ලදී .

කාන්තා හා ළමා ,යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කේ.මහේසන් මහතා,ඇතුළු අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරු, පළාත් ලේකම්වරු ,පළාත් පරිවාස කොමසාරිස්වරු, ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් ඊට සහභාගී විය .

පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ගයනි කෞශල්‍යා ව්ජේසිංහ මහත්මිගේ මගපෙන්වීම් අනූව ක්‍රියාත්මක කල මෙම උත්සවය සඳහා මූල්‍ය අනුග්‍රහය UNICEF ආයතනය විසින් සපයන ලදී

03/10/2024

On this Children's Day, let us unite to protect every child and treat them equally, ensuring a brighter and fairer future for all.



30/09/2024

The Governments of Colombia and Sweden, in collaboration with UNICEF, WHO, and UN Representatives, are organizing a Glob...
14/09/2024

The Governments of Colombia and Sweden, in collaboration with UNICEF, WHO, and UN Representatives, are organizing a Global Conference on Ending Violence Against Children. This significant event is scheduled to take place on November 6-7, 2024, in Bogotá, Colombia. As a pathfinder country, Sri Lanka plans to participate in this high-level conference.

In preparation for the ministerial conference, Sri Lanka has conducted several national preparatory sessions, including:

- **Consultation sessions with children: Held in children’s clubs with the support of Child Rights Promotion Officers/Assistants at the divisional level, in collaboration with World Vision and Child Fund.

- **National Preparatory Session (NPS): This session, held on September 10, 2024, at the Waters Edge Hotel in Battaramulla, included key governmental stakeholders. Attendees represented the Ministry of Women, Child Affairs and Social Empowerment, Sri Lanka Police, Ministry of Education, Ministry of Justice, Prison Affairs and Constitutional Reforms, Ministry of Health, Legal Aid Commission, Human Rights Commission, Ministry of Public Security, Sri Lanka CERT, and Provincial Departments of Probation and Child Care Services. The session was supported financially and technically by UNICEF Sri Lanka.

In addition to these, **another National Preparatory Session** was held on September 6, 2024, at Waters Edge Hotel in Battaramulla, involving non-governmental stakeholders. Participants included representatives from organizations such as World Vision, Child Fund, Save the Children, CERI, WHO, Sisterhood Initiative, Centre for Children’s Happiness, Iprobono, SOS, Generation Never Give Up, Sarvodaya – Suwasetha, SAFE Foundation, Blooming Buds Social Foundation, Child Care Path Lanka, Mithuru Mithuro Movement, Child Protection Alliance, Safe Circle, and other organizations. This consultation was also conducted with the financial and technical support of UNICEF Sri Lanka.
of Women, Child Affairs and Social Empowerment # Save the Children in Sri Lanka

   ළමා අයිතිවාසිකම් පිළිබඳ ජාතික මෙහෙයුම් කමිටුව. ළමා අයිතිවාසිකම්  පිළිබඳ ජාතික මෙහෙයුම් කමිටුව 2024.07.23 දින පෙ.ව.10....
31/07/2024


ළමා අයිතිවාසිකම් පිළිබඳ ජාතික මෙහෙයුම් කමිටුව.

ළමා අයිතිවාසිකම් පිළිබඳ ජාතික මෙහෙයුම් කමිටුව 2024.07.23 දින පෙ.ව.10.00 ට කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යංශයේ ලේකම් යමුනා පෙරේරා මහත්මියගේ සභාපතිත්වයෙන් සෙත්සිරිපාය 2 අදියර පළවෙනි මහලේ පිහිටි සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

ළමා අයිතිවාසිකම් පිළිබඳ ජාතික කමිටු සාමාජිකයින් මේ සඳහා සහභාගි වූ අතර ළමා අයිතිවාසිකම් පිළිබඳව දිස්ත්‍රික් හා පළාත් කමිටු මට්ටමින් ජාතික කමිටුවේ අවධානයට යොමු කර තිබූ ළමුන්ට බලපාන ගැටලු රැසක් එහිදී සාකච්ඡාවට බඳුන් විය. ළමා අයිවාසිකම් පිළිබඳ ජාතික කමිටුවේ කැඳවුම්කරු වන පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ගයනි කෞශල්‍යා විජේසිංහ මහත්මිය ඇතුළු දෙපාර්තමේන්තු නිලධාරින් රැසක් ඊට සහභාගී වූහ.

    National Child Protection Authority   of Ministry of Women, Child Affairs and Social Empowerment
31/07/2024

National Child Protection Authority of Ministry of Women, Child Affairs and Social Empowerment

 ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී ,ළමා හිමිකම් ප්‍රවර්ධන සහකාර නිලධාරීන් වෙනුවෙන් තෙදින ධාරිතා සංවර්ධන වැඩසටහනළමා හිමිකම් ප...
25/07/2024


ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී ,ළමා හිමිකම් ප්‍රවර්ධන සහකාර නිලධාරීන් වෙනුවෙන් තෙදින ධාරිතා සංවර්ධන වැඩසටහන

ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් ,ළමා හිමිකම් ප්‍රවර්ධන සහකාර නිලධාරීන් වෙනුවෙන් තෙදින ධාරිතා සංවර්ධන වැඩසටහනක් ඇඹිලිපිටිය නායකත්ව පුහුණු ජාතික මධ්‍යස්ථානයේදී 2024.07.12 සිට 14 පවත්වන ලදී.
මෙහිදී ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන්¸ ළමා හිමිකම් ප්‍රවර්ධන සහකාර නිලධාරීන් විසින් දරුවන්ගේ ආරක්ෂාව ,සංවර්ධනය ,සහභාගිත්වය හා පැවැත්ම සඳහා ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට ක්ෂේත්‍රයේ දී සිදු කරන ලද ප්‍රශස්ත වැඩසටහන් පිළිබඳව ඉදිරිපත් කිරීම් සිදු කරන ලදී.

සමාජ සේවා දෙපාර්තමේන්තුවේ පුවක්පිටිය ජයවිරු සමාධි මත් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ හිටපු ස්ථානභාර නිලධාරී පද්මසිරි ගම්ලත් මහතා විසින්"වැඩ කිරීමේ සතුට" සහ ප්‍රවීන මාධ්‍යවේදී ,ගීත රචක සමුද්‍ර වෙත්තසිංහ මහතා විසින් "ආලෝකයෙන් චමත්කාරයට" වශයෙන් ආරාධිත දේශන දෙකක්ද පවත්වන ලදී.
දිස්ත්‍රික් මට්ටමින් නිලධාරීන්ගේ කුසලතා එළි දක්වන ලද අතර එහිදී නැටුම්,ගැයුම් මෙන්ම රංගනයෙන් විචිත්‍රවත්වූ නිර්මාණ රැසක් නිලධාරීන් විසින් ඉදිරිපත් කිරීමද සුවිශේෂී අංගයක් වශයෙන් එක් විය.

මෙම වැඩසටහන සඳහා කාන්තා¸ ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් යමුනා පෙරේරා මහත්මියද, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ගයනි කෞශල්‍යා විජේසිංහ මහත්මිය ඇතුළුව ප්‍රධාන කාර්යාලයේ නිලධාරීහුද සහභාගී වූහ.

      of Ministry of Women, Child Affairs and Social Empowerment  ආයතනගතව සිටින හා ආයතනගත වීමේ අවදානම සහිත දරුවන් සඳහා හ...
12/07/2024

of Ministry of Women, Child Affairs and Social Empowerment
ආයතනගතව සිටින හා ආයතනගත වීමේ අවදානම සහිත දරුවන් සඳහා හෝටල් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ලබාදීමේ අරමුණින් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව , ආසියානු සංවර්ධන බැංකුවේ අනුග්‍රහය ඇතිව කාන්තා , ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය හා එක්ව ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ දී 2024 - 07 -08 දින සිදු විය.

මෙම සුවිශේෂ අවස්ථාවට කාන්තා ළමා කටයුතු හා සමාජ බල ගැන්වීම් අමාත්‍යංශයේ අතිරේක ලේකම් නිල්මිණී හේරත් මහත්මිය ,පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ගයනි කෞශල්‍යා විජේසිංහ මහත්මිය සහ ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්.පී.ජී.ඩී.ජේ සේනානායක මහත්මිය සහභාගි විය.

21/06/2024
   වෙසක් පොහොය නිමිත්තෙන් මහා අච්චාරු දන්සැලක්  2024.05.28 දින පරිවාස හා ළමාරක්ෂක සේවා  දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී  පැවැත...
29/05/2024


වෙසක් පොහොය නිමිත්තෙන් මහා අච්චාරු දන්සැලක් 2024.05.28 දින පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණ .

පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ,ගයනි කෞශල්‍යා මහත්මියගේ මගපෙන්වීම් මත දෙපාර්තමේන්තුවේ කාර්යය මණ්ඩලයේ බැතිබර දායකත්වය ඇතිව පැවැත්වූ මෙම දන්සැලට සෙත්සිරිපාය පිහිටි රාජ්‍ය ආයතන වල නිලධාරීන් විශාල පිරිසක් සහභාගි වූහ .

   පරිවාස හා ළමාරක්ෂක  සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් අතර සුහදතාවය වර්ධනය කිරීම සඳහා 20...
09/05/2024


පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් අතර සුහදතාවය වර්ධනය කිරීම සඳහා 2024 බක් මහා උළෙල පානදුර ළමා පුහුණු හා උපදේශන සේවා ජාතික මධ්‍යස්ථානයේ දී 2024.04.27 දින පරිවාස හා ළමාරක්ෂක සේවා කොමසාරිස් ගයනි කෞශල්‍යා විජේසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.

Address

3rd Floor, Sethsiripaya Stage II, Battaramulla
Battaramulla
10120

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:00 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94112186062

Alerts

Be the first to know and let us send you an email when Department of Probation and Child Care Services posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Department of Probation and Child Care Services:

Videos

Share