Urban Development Authority - UDA

Urban Development Authority - UDA Urban Development Authority (UDA)
| Official page |
සුසැදි සුරැකි සොදුරු නාගරිකරණයක් කරා

26/06/2026

MOTHER LANKA නමින් නව ඩිජිටල් වේදිකාවක් නාගරික සංවර්ධන අධිකාරිය හදුන්වා දෙයි !

හඳුන්වාදුන් නව ඩිජිටල් වේදිකාව හරහා මේ වන විට නාගරික සංවර්ධන අධිකාරියෙන් ක්‍රියාත්මක වන සියලු සංවර්ධන ව්‍යාපෘති සහ සේවාවන් පිළිබඳ මහජන අදහස්, යෝජනා සහ ගැටලු ඉදිරිපත් කිරීමට හැකි වනු ඇති අතර ඒ පිළිබඳව කඩිනමින් ක්‍රියාත්මක වී නැවත නාගරික සංවර්ධන අධිකාරියෙන් ඊට අදාළව ප්‍රතිචාර දැක්වීම සිදුවේ.

26/06/2026
“මිතුරුපුරවර” වැඩසටහන යටතේ රටපුරා ව්‍යාපෘති 23ක් ක්‍රියාත්මක කිරිමට මිලියන 581ක් ලබාදීමට කැබිනට් අනුමැතිය2026 අයවැය යෝජන...
09/06/2026

“මිතුරුපුරවර” වැඩසටහන යටතේ රටපුරා ව්‍යාපෘති 23ක් ක්‍රියාත්මක කිරිමට මිලියන 581ක් ලබාදීමට කැබිනට් අනුමැතිය

2026 අයවැය යෝජනා අනුව මහජනතාවගේ සහ ප්‍රාදේශීය ප්‍රජාවගේ පහසුව සහ යහපැවැත්ම ඉහළ නැංවීමේ අරමුණින්, රටපුරා තෝරාගත් ව්‍යාපෘති 23ක් ආරම්භ කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මේ සඳහා “ක්ලීන් ශ්‍රී ලංකා (Clean Sri Lanka)” වැඩසටහන යටතේ රුපියල් මිලියන 581ක් වෙන්කර ඇත. මෙම වැඩසටහන නාගරික සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

පින්බර වෙසක් පුන් පොහෝ දිනයක් වේවා...!
29/05/2026

පින්බර වෙසක් පුන් පොහෝ දිනයක් වේවා...!

The Urban Development Authority (UDA), under the visionary guidance of Chairman Eng. M.G. Hemachandra, and Deputy Direct...
28/05/2026

The Urban Development Authority (UDA), under the visionary guidance of Chairman Eng. M.G. Hemachandra, and Deputy Director General (HRM & Administration) Dr. W.A.S. Sumanasooriya, successfully organized an Attitude Development Training Program for all staff members of the Authority. The program, organized by the Training Unit of the Human Resource Management Division, was held on 21st May 2026 at the Stage II Auditorium, Sethsiripaya, with the objective of strengthening leadership qualities, professional attitudes, teamwork, and organizational excellence among UDA employees.
The highlight of the event was an inspiring session conducted by distinguished guest speaker Professor (Eng.) Ranil Sugathadasa, a globally recognized CEO Coach, Business Consultant, Leadership & AI Strategist, and Chartered Engineer and Professor at the University of Moratuwa. Professor Sugathadasa has coached more than 1,200 CEOs and business leaders across Sri Lanka, the USA, Europe, Australia, and Asia, while also training over 1.2 million leaders and employees worldwide. He is the author of eight internationally acclaimed books available on Amazon.
The training session, themed “7 Masteries for UDA Team,” focused on developing leadership excellence, strategic thinking, innovation, positive workplace attitudes, and high-performance teamwork. The interactive and motivational session inspired participants to embrace continuous personal and professional growth while contributing effectively toward the future development goals of the Urban Development Authority. The Urban Development Authority remains committed to enhancing employee capacity and fostering a progressive organizational culture through continuous learning and development initiatives aimed at delivering better service to the nation.

ශ්‍රී සම්බුදු තෙමඟුල සිහිකරමින් 2026 මැයි මස 30 වන දිනට යෙදී ඇති ශ්‍රී බුද්ධ වර්ෂ 2570 වන වෙසක් දිනය නිමිත්තෙන් රාජ්‍යය ...
28/05/2026

ශ්‍රී සම්බුදු තෙමඟුල සිහිකරමින් 2026 මැයි මස 30 වන දිනට යෙදී ඇති ශ්‍රී බුද්ධ වර්ෂ 2570 වන වෙසක් දිනය නිමිත්තෙන් රාජ්‍යය වෙසක් උත්සවයට සමගාමීව පැවැත්වෙන, “වෙසක් සතිය” වැඩසටහන මැයි 27 වැනි දින සිට ජුනි මස 02 දක්වා යෙදී ඇති බව පසුගිය මාර්තු 30 වැනි දින අමාත්‍ය මණ්ඩලය මගින් ප්‍රකාශයට පත් කෙරිණි.

එයට සමගාමීව නාගරික සංවර්ධන අධිකාරියේ බෞද්ධ සංගමය මඟින් සංවිධානය කරන ලද වෙසක් ධර්ම දේශණය 2026 මැයි මස 26 වෙනි අඟහරුවාදා දින උදෑසන 9.30ට බත්තරමුල්ල සෙත්සිරිපාය බිම් මහළේ බුදුරුව අසලදී පන්නිපිටිය මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර අනුස්මරණ නිකේතනයේ වැඩවසන පුජ්‍ය හසලක සීලවිමන ස්වාමීණ් වහන්සේ විසින් පවත්වන ලදී.

ඒ සදහා නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු දමිත් දිසානායක මහතා ඇතුඵ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, අධ්‍යක්ෂවරුන් මෙන්ම අධිකාරියේ අනෙකුත් සේවක මහත්ම මහත්මීන්ගේ දායකත්වයෙන් හා සෙත්සිරිපාය සංකීර්ණයේ පිහිටි අනෙකුත් ආයතන වල බොහෝ පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වුන අතර අධිකාරියේ බෞද්ධ සංගමය මඟින් ඔසුපැන් දන්සැලක්ද සංවිධානය කර තිබුණි.

ඔබ සැමට සාමය, සතුට, සහ සෞභාග්‍යය පිරි සුභම සුභ සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා..!-නාගරික සංවර්ධන අධිකාරියUrban Dev...
13/04/2026

ඔබ සැමට සාමය, සතුට, සහ සෞභාග්‍යය පිරි සුභම සුභ සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා..!
-
නාගරික සංවර්ධන අධිකාරිය
Urban Development Authority

ප්‍රමුඛතාගත ව්‍යාපෘති සමග ඒකාබද්ධ සංවර්ධන සැලැස්මක් යටතේ දිවයිනේ ප්‍රධාන නගර 10 ක් සංවර්ධනය කිරීමට සැලසුම්......!-------...
07/04/2026

ප්‍රමුඛතාගත ව්‍යාපෘති සමග ඒකාබද්ධ සංවර්ධන සැලැස්මක් යටතේ දිවයිනේ ප්‍රධාන නගර 10 ක් සංවර්ධනය කිරීමට සැලසුම්......!
------------------------------------------------------------------------
“පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්”
------------------------------------------------------------------------
2026 වසර සඳහා ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද රාජ්‍ය අයවැය යොජනාවලියෙන් හඳුන්වා දුන් නාගරික සංවර්ධන ක්‍ෂේත්‍රයේ විධිමත් ප්‍රමුඛතාගත සහ දත්ත මත පදනම් වූ ප්‍රවේශයක් ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් මූලික වැඩසටහනක් ලෙස, තෝරාගත් නගර 10 ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති යෝජනාව ආරම්භ කිරීමේ මුලික සාකච්ඡාවක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය ගරු බිමල් රත්නායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සෙත්සිරිපාය අදියර 01 හි 09 වන මහලේ පිහිටි ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී 2026.03.27 වන දින පැවැත්විණි.
යෝජිත ව්‍යාපෘතිය මගින් පසුගිය කාලයේ ප්‍රමාණවත් සැලසුම්කරණයක්, ශක්‍යතා ඇගයීම් හා ආයතන අතර සම්බන්ධීකරණයක් නොමැතිව ක්‍රියාත්මක වූ නාගරික සංවර්ධන කටයුතු හේතුවෙන් ඇතිවූ ගැටළු නිරාකරණය කිරීමට බලාපොරොත්තු වේ.
මෙම නගර සංවර්ධන සැලැස්ම යටතේ බස්නාහිර පළාත හැර සෙසු පලාත් 08 නියෝජනය වන පරිදි ප්‍රධාන නගර 10 ක් තිරසාරව සංවර්ධනය කිරීමට අපේක්‍ෂා කෙරේ. ඒ යටතේ යාපනය, මාතලේ, හැටන්, මඩකලපුව, හලාවත, තඹුත්තේගම, වව්නියාව, ඇහැලියගොඩ, බදුල්ල සහ මාතර යන තෝරාගත් නගර 10 සඳහා ප්‍රමුඛතාගත ව්‍යාපෘති සමග ඒකාබද්ධව සංවර්ධන සැලසුමක් දියත් කෙරේ. මෙම නගර තෝරාගැනීම ඒවායේ ප්‍රාදේශීය වැදගත්කම, සංවර්ධන විභවතාව සහ ජාතික නාගරික ධූරාවලිය ශක්තිමත් කිරීමේ භූමිකාව මත පදනම්ව සිදුකර ඇත.
මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වන්නේ ජාතික ප්‍රතිපත්ති සමග සංවර්ධන ක්‍රියාමාර්ග සම්බන්ධ කිරීම, පහසුකම් හා සේවා සැපයීම වැඩිදියුණු කිරීම, ආර්ථික අවස්ථා වැඩිදියුණු කිරීම සහ සංචාරක ආකර්ෂණය වර්ධනය කිරීම මගින් කාර්යක්‍ෂම, තිරසර හා ආයෝජන සඳහා සුදුසු නගර මධ්‍යස්ථාන නිර්මාණය කිරීමයි. මෙම නගර සැලසුම් ක්‍රියාවලිය විධිමත් හා පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වය ඇති ක්‍රියාවලියකි. යෝජිත නගර සංවර්ධන ව්‍යාපෘතිය තාක්‍ෂණික, ආර්ථික හා පාරිසරික වශයෙන් ශක්‍ය බව තහවුරු කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයන සහ මූලික ව්‍යාපෘති ඇගයීම් සිදුකරනු ලබයි.
එමෙන්ම අනුමැතිය, අරමුදල් වෙන්කිරීම සහ ක්‍රියාත්මක කිරීම පහසු කිරීමට රජයේ ප්‍රධාන ආයතන සම්බන්ධ කරමින් අන්තර් ආයතන සම්බන්ධීකරණය ද මෙම ජාතික වැඩසටහනේ ප්‍රධාන අංගයකි.
දිවයිනේ ප්‍රධාන නගර 10 ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති යෝජනාව මඟින් ඒකාබද්ධ නාගරික ආයෝජන සඳහා විධිමත් රාමුවක් සපයමින් සමබර කලාපීය සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සහ ප්‍රතිරෝධී හා විධිමත්, ඒකාබද්ධ වූ ජාතික නාගරික පද්ධතිය සංවර්ධනය කිරීම සඳහා දායක කිරීමට අපේක්‍ෂා කරයි.
“පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” යන ජනතා අනුමැතිය ලත් ප්‍රතිපත්තිය යතාර්ථයක් බවට පත්කරමින් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ පවතින ආයතන මගින් තිරසාර ව්‍යාපෘති රැසක් මේ වනවිට දිවයින පුරා ආරම්භ කර ඇති අතර, රට තුල නව සංවර්ධන අවස්ථා උත්පාදනය සඳහා රජය විසින් උපාය මාර්ගික වැඩපිළිවෙලක් සකස් කර ඒ සඳහා උචිත යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම අමාත්‍යංශ මට්ටමින් ක්‍රියාත්මක කරමින් පවතී.

මෙම අවස්ථාවට නාගරික සංවර්ධන ගරු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා, අමාත්‍යංශ ලේකම් කපිල සී. කේ. පෙරේරා මහතා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති එම්. ජී. හේමචන්ද්‍ර මහතා සහ අධ්‍යක්‍ෂ ජනරාල් දමිත් දිසානායක මහතා ඇතුළු සමගාමී ආයතන රැසක අංශ ප්‍රධානීහු සහ නිලධාරීහු එක්ව සිටියහ.

Launch of the “Mother Lanka” Digital Platform by UDA-------------------------------------------------------------The Urb...
02/04/2026

Launch of the “Mother Lanka” Digital Platform by UDA
-------------------------------------------------------------

The Urban Development Authority (UDA) has officially unveiled the “Mother Lanka” Digital Platform on Monday, 16th March 2026 at 9.00 a.m., marking a key step forward in promoting transparent, inclusive, and participatory urban development in Sri Lanka, in line with the Government’s broader mandate for digital transformation. Accessible via https://motherlanka.uda.lk/en, the platform serves as an interactive digital hub that brings together policymakers, professionals, stakeholders, and citizens. It enables collaborative engagement in urban planning, infrastructure development, and sustainability-focused initiatives through a modern, technology-driven approach.
The launch event was graced by the distinguished presence of Hon. Minister of Transport, Highways, and Urban Development, Bimal Ratnayake; Hon. Deputy Minister of Urban Development, Eranga Gunasekara; M.G. Hemachandra, Chairman of the UDA; and Eng. D.M.D.S. Dissanayake, Director General of the UDA.
The Mother Lanka platform supports:
1. Gathering public feedback on development plans and regulatory frameworks
2. Facilitating real-time dialogue and stakeholder interaction
3. Providing access to urban planning resources and information
4. Enhancing transparency and enabling inclusive, evidence-based decision-making
This initiative underscores the UDA’s commitment to embracing digital innovation, strengthening governance, and fostering open dialogue, knowledge sharing, and active citizen participation in shaping the future of Sri Lanka’s urban landscape.
“Mother Lanka” නමින් නව ඩිජිටල් වේදිකාවක් නාගරික සංවර්ධන අධිකාරිය හඳුන්වා දෙයි...!

www.motherlanka.uda.lk

ප්රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්යංශය යටතේ ඇති නාගරික සංවර්ධන අධිකාරියේ සේවාවන්, සංවර්ධන ව්යාපෘති වඩාත් කාර්යක්ෂමව හා ඵලදායීව මහජන සහභාගීත්වයෙන් යුතුව පවත්වා ගැනීම සඳහා හඳුන්වා දී ඇති Mother Lanka Digital වේදිකාව නිල වශයෙන් හඳුන්වා දීම විෂය භාර අමාත්ය බිමල් රත්නායක අමාත්යවරයාගේ ප්රධානත්වයෙන් බත්තරමුල්ල සෙත්සිරිපාය පිහිටි අමාත්යංශයේ ශ්රවණාගාරයේදී සිදු කෙරිණ....!

Category D: Conservation of the Built, Natural, and Cultural EnvironmentAward Recipient: Urban Development Authority (UD...
31/03/2026

Category D: Conservation of the Built, Natural, and Cultural Environment
Award Recipient: Urban Development Authority (UDA)

The Kurunegala Lake Round Revitalization Project has been recognized as the winner under this category for its outstanding contribution to the conservation and integration of built heritage, natural ecosystems, and cultural landscapes. The Kurunegala Lake Round Revitalization Project stands as a distinguished example of integrated conservation planning, effectively combining heritage preservation, ecological restoration, and sustainable urban development. It underscores the value of aligning cultural, environmental, and heritage considerations within a unified framework that contributes to holistic community development.

Moreover, the successful implementation of this initiative within a complex urban setting reflects a high level of strategic planning and ex*****on. The methodologies employed demonstrate strong collaboration, meaningful social and environmental outcomes, adequate technical rigor, and effective teamwork, while embracing nature-based solutions. These practices are commendable and offer adaptable insights for application across Commonwealth nations.

https://www.commonwealth-planners.org/2025-cap-awards

Address

Sethsiripaya
Battaramulla
10120

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94112875916

Alerts

Be the first to know and let us send you an email when Urban Development Authority - UDA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Urban Development Authority - UDA:

Shortcuts

Share