National Productivity Secretariat

National Productivity Secretariat Foremost contributor in socio-economic development of Sri Lanka by promoting productivity

ළබැඳි ගී සර 2024 සහ නත්තල් කැරොල් ගී ප්‍රසංගය ............!!!
26/12/2024

ළබැඳි ගී සර 2024 සහ නත්තල් කැරොල් ගී ප්‍රසංගය ............!!!

25/12/2024
The evaluation program on “capacity building of sustainable food value chains for enhanced food safety and quality in Ga...
20/12/2024

The evaluation program on “capacity building of sustainable food value chains for enhanced food safety and quality in Gampaha District” was successfully held on December 18th 2024, at the auditorium of District Secretariat - Gampaha, chaired by District Secretary Mr. Lalinda Gamage and Director – NPS, Mr. Niranja S. Jayakodi.

This program was conducted by the National Productivity Secretariat (NPS) in collaboration with the Asian Productivity Organization (APO) and the District Secretariat – Gampaha during 2022 / 2023 period. Through this initiative, 09 SME companies of vegetables & fruits, fisheries, dairy & meat, minor export crop & coconut production sectors were empowered. The project benefited from the consultation and guidance of an expert panel from the APO, Department of Food Science & Technology of University of Peradeniya and Industrial Technology Institution (ITI) in Sri Lanka.

A video documentary and a booklet showcasing the success stories of the participating companies were presented during the event. Dr. Jaanaki Gunarathna, Former Senior Deputy Director of ITI delivered a lecturer on “ Emerging Issues in Food Industry” emphasizing the critical importance of food security in the current context of the country.

Director of Food Technology Division of ITI, Dr. Neville Amunugoda, Officers of District Secretariat and Departments of above said sectors, Managers and staff of 09 SME companies, Officers of NPS Head Office, District Coordinator of Gampaha District, Mr. Gayan Fernando and other Productivity Development Officers of Gampaha District, participated for the evaluation program. Since its inception in early 2022, this program was supervised by Ms. Lasitha Dewage – Deputy Director of NPS and coordinated by Mr. Rohan Gunawardana, Productivity Development Officer of NPS.

ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින්  මෙහෙයවීම සහ අධීක්ෂණය කරනු ලබන සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදන සහ සේවා ආයතන ඵලදායිතාවෙ...
20/12/2024

ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් මෙහෙයවීම සහ අධීක්ෂණය කරනු ලබන සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදන සහ සේවා ආයතන ඵලදායිතාවෙන් සවිබල ගැන්වීමේ ජාතික වැඩසටහන යටතේ දිස්ත්‍රික් මට්ටමේ අත්දැකීම් හුවමාරු එක් දින පුහුණු වැඩමුළු මාලාවේ බදුල්ල දිස්ත්‍රික් වැඩමුළුව 2024.09.26 වෙනි දින බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී.

දිස්ත්‍රික් ලේකම් පන්ඩුක ශ්‍රී ප්‍රබාත් අබේවර්ධන මහතාගේ සහ අතිරේක දිස්ත්‍රික් ලේකම් නිමේෂා ප්‍රියංගි වනසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩමුළුව සඳහා බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් තෝරාගත් ව්‍යවසායකයන් සහ ඔවුනට උපදේශන සේවා සපයන ඵලදායිතා සංවර්ධන නිලධාරීන් ඇතුළුව 50 දෙනෙක් සහභාගී විය. මෙම වැඩමුළුවේ දී ව්‍යාපාර සන්නාමකරණය පිළිබඳ දේශනයක් ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ කථිකාචාර්ය පී.ජී.එන්. සෙවුවන්දි කුමාරි ගමගේ මහත්මිය විසින් සිදු කරන ලද අතර දිස්ත්‍රික්කයේ සාර්ථකත්වයට පත් වූ ව්‍යවසායකයන් වන සිරිගම නිෂ්පාදන, Little Farm Mushroom සහ Sunflower Product යන ආයතනයන් හි හිමිකරුවන් විසින් පැමිණ සිටි සෙසු ව්‍යවසායකයන් සමඟ සිය අත්දැකීම් හුවමාරු කර ගැනීම සිදු කරන ලදී.

ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින්  මෙහෙයවීම සහ අධීක්ෂණය කරනු ලබන සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදන සහ සේවා ආයතන ඵලදායිතාවෙ...
13/12/2024

ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් මෙහෙයවීම සහ අධීක්ෂණය කරනු ලබන සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදන සහ සේවා ආයතන ඵලදායිතාවෙන් සවිබල ගැන්වීමේ ජාතික වැඩසටහන යටතේ දිස්ත්‍රික් මට්ටමේ අත්දැකීම් හුවමාරු එක් දින පුහුණු වැඩමුළු මාලාවේ හම්බන්තොට දිස්ත්‍රික් වැඩමුළුව 2024.09.10 වෙනි දින හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී.

අතිරේක දිස්ත්‍රික් ලේකම් චන්දන රත්නායක මහතාගේ සහ ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ අධ්‍යක්‍ෂ නිරංජ එස් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩමුළුව සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් තෝරාගත් ව්‍යවසායකයන් 23 දෙනෙක් සහ ඔවුනට උපදේශන සේවා සපයන ඵලදායිතා සංවර්ධන නිලධාරීන් සහභාගී විය. මෙම වැඩමුළුවේ දී අලෙවි කළමනාකරණය පිළිබඳ දේශනයක් ජ්‍යෙෂ්ඨ ඵලදායිතා නිලධාරී ගීත් රාජපක්ෂ මහතා විසින් සිදු කරන ලද අතර දිස්ත්‍රික්කයේ සාර්ථකත්වයට පත් වූ ව්‍යවසායකයෙක් වන සිරෙක්ස්ටාර් පොටි (Sirextar poti) නිෂ්පාදන ආයතනයේ අධිපති කීර්ති සිරිවර්ධන මහතා විසින් පැමිණ සිටි සෙසු ව්‍යවසායකයන් සමග සිය අත්දැකීම් හුවමාරු කර ගැනීම සිදු කරන ලදී.

The National Productivity Secretariat, Sri Lanka proudly hosted the Conference on Organic Agriculture for Biodiversity a...
12/12/2024

The National Productivity Secretariat, Sri Lanka proudly hosted the Conference on Organic Agriculture for Biodiversity and Sustainable Development in collaboration with the Asian Productivity Organization (APO) at the Galle Face Hotel, Colombo from 9-10 December 2024.
The event brought together 74 international participants and 22 local participants from 14 APO member countries, including experts, practitioners, and policymakers dedicated to advancing sustainable agriculture. These participants engaged in meaningful discussions, shared their diverse experiences, and explored innovative approaches to organic farming and biodiversity conservation.
We were also honored to have 7 esteemed resource persons who are leaders in their respective fields. Their expertise and insights were invaluable in guiding the conference sessions and discussions. The resource persons included:
• Dr. Shaikh Tanveer Hossain from Bangladesh, an expert in sustainable agriculture with extensive experience in national and international organizations.
• Mr.Paul Holmbeck from Denmark, a visionary leader in organic food and farming policy.
• Tulenam Laloo from India, a professional with significant contributions to innovation, strategy, and sustainable development.
• Dr. Saptini Mukti Rahajeng from Indonesia, a renowned expert in biotechnology and organic farming.
• Ms.Yuri Sato, a dedicated professional from the Ministry of Agriculture, Forestry and Fisheries (MAFF) of Japan.
• Dr. W.A. Palitha Weerakkody, a Senior Professor in Horticulture at the University of Peradeniya, Sri Lanka.
• Dr. Priyantha Yapa, a distinguished expert in Ecological Agriculture, Soil, and Environmental Science.
The keynote address was delivered by Ms. J.M Thilaka Jayasundara, Secretary of the Ministry of Industry and Entrepreneurship Development. Mr. Tadashi Manabe and Ms. Emiko Kurayoshi attended, representing the Asian Productivity Organization.The event was organized by NPS Sri Lanka with the guidance of Director - NPS, Mr. Niranja Jayakodi and Deputy Director - NPS, Ms. Sugandika Liyanage.

ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින්  මෙහෙයවීම සහ අධීක්ෂණය කරනු ලබන සුළු හා මධ්‍ය පරිමාන නිෂ්පාදන සහ සේවා ආයතන ඵලදායිතාවෙ...
07/12/2024

ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් මෙහෙයවීම සහ අධීක්ෂණය කරනු ලබන සුළු හා මධ්‍ය පරිමාන නිෂ්පාදන සහ සේවා ආයතන ඵලදායිතාවෙන් සවිබල ගැන්වීමේ ජාතික වැඩසටහන යටතේ දිස්ත්‍රික් මට්ටමේ අත්දැකීම් හුවමාරු එක් දින පුහුණු වැඩමුළු මාලාවේ කළුතර දිස්ත්‍රික් වැඩමුළුව 2024.08.27 වෙනි දින කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාර‍යේ දී පවත්වන ලදී.

මෙම වැඩමුළුව සඳහා කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ මට්ටමින් තෝරාගත් ව‍්‍යවසායකයින් 30 දෙනෙක් සහ ඔවුනට උපදේශන සේවා සපයන ඵලදායිතා සංවර්ධන නිලධාරීන් සහභාගී විය. මෙම වැඩමුළුවේ දී අළෙවිකරණය පිළිබඳ දේශනයක් නිවිතිගල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ව්‍යවසාය සංවර්ධන නිලධාරි, ඩබ්.බී. ජයතිලක මහතා විසින් සිදු කරන ලද අතර දිස්ත්‍රික්ක‍යේ සාර්ථකත්වයට පත් වූ ව්‍යවසායකයෙක් වන බුලත්සිංහල People’s Baker’s අධිපති රවිඳු කල්‍යාණරත්න මහතා විසින් පැමිණ සිටි සෙසු ව්‍යවසායකයන් සමග සිය අත්දැකීම් හුවමාරු කර ගැනීම සිදු කරන ලදී.

ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද, "රාජ්‍ය නිලධාරීන් සඳහා ක්‍රියාවලි වැඩිදියුණු කිරීමේ වැඩසටහන" 2024....
07/12/2024

ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද, "රාජ්‍ය නිලධාරීන් සඳහා ක්‍රියාවලි වැඩිදියුණු කිරීමේ වැඩසටහන" 2024. 12. 04 දින, කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යයාල පරිශ්‍රයේදී කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ආර්. එම්. ආර්. රත්නායක මහතා , ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සුරංග ගුණරත්න මහතා සහ ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ නිරංජ එස්. ජයකොඩි මහතා ගේ ප්‍රධානත්ව‍යෙන් පවත්වන ලදී.

මෙම වැඩසටහන සඳහා කුරුණෑගල දිස්ත්‍රක්කයේ විවිධ ආයතන වල ආයතන ප්‍රධානීන් හා විධායක මට්ටමේ නිලධාරීන් 100 දෙනෙකු ඇතුළු දිස්ත්‍රික්කයේ ඵලදායිතා සංවර්ධන නිලධාරීන් 61 දෙනෙකු සහභාගි වූහ.

රාජ්‍ය ආයතනවල ක්‍රිය‍ාවලි වැඩිදියුණු කිරීම තුලින් සේවා කාර්යක්ෂමතාවය වර්ධනය කර ගැනීම පිළිබඳ ප්‍රධාන දේශනය ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සුරංග ගුණරත්න මහතා විසින් පවත්වන ලද අතර, ඵලදායිතා නිලධාරි රංග තුෂාර මහතා සහ ශෂී සමරවීර මෙනවිය වැඩසටහන් සම්බන්ධීකාරක ලෙස කටයුතු කරන ලදී.

ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින්  මෙහෙයවීම සහ අධීක්ෂණය කරනු ලබන සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදන සහ සේවා ආයතන ඵලදායිතාවෙ...
02/12/2024

ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් මෙහෙයවීම සහ අධීක්ෂණය කරනු ලබන සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදන සහ සේවා ආයතන ඵලදායිතාවෙන් සවිබල ගැන්වීමේ ජාතික වැඩසටහන යටතේ දිස්ත්‍රික් මට්ටමේ අත්දැකීම් හුවමාරු එක් දින පුහුණු වැඩමුළු මාලාවේ මහනුවර දිස්ත්‍රික් වැඩමුළුව 2024.08.23 වෙනි දින මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී.

අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්),ටී.බී.එන්.එස් බුලත්ගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩමුළුව සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් තෝරාගත් ව්‍යවසායකයන් 23 දෙනෙක් සහ ඔවුනට උපදේශන සේවා සපයන ඵලදායිතා සංවර්ධන නිලධාරීන් සහභාගී විය. මෙම වැඩමුළුවේ දී සන්නාමකරණය පිළිබඳ දේශනයක් විද්‍යා හා තාක්ෂණ නිලධාරි, සුරංග පෙරේරා මහතා විසින් සිදු කරන ලද අතර දිස්ත්‍රික්කයේ සාර්ථකත්වයට පත් වූ ව්‍යවසායකයෙක් වන දුම්බර නැචුරල් ෆුඩ්ස් හිමිකරු කුමාර රත්නසිරි මහතා විසින් පැමිණ සිටි සෙසු ව්‍යවසායකයන් සමඟ සිය අත්දැකීම් හුවමාරු කර ගැනීම සිදු කරන ලදී.

ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින්  මෙහෙයවීම සහ අධීක්ෂණය කරනු ලබන සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදන සහ සේවා ආයතන ඵලදායිතාවෙ...
02/12/2024

ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් මෙහෙයවීම සහ අධීක්ෂණය කරනු ලබන සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදන සහ සේවා ආයතන ඵලදායිතාවෙන් සවිබල ගැන්වීමේ ජාතික වැඩසටහන යටතේ දිස්ත්‍රික් මට්ටමේ අත්දැකීම් හුවමාරු එක් දින පුහුණු වැඩමුළු මාලාවේ කෑගල්ල දිස්ත්‍රික් වැඩමුළුව 2024.08.21 වෙනි දින කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී.

මේ සඳහා කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් තෝරාගත් ව්‍යවසායකයන් 25 දෙනෙක් සහ ඔවුනට උපදේශන සේවා සපයන ඵලදායිතා සංවර්ධන නිලධාරීන් සහභාගී විය. මෙම වැඩමුළුවේ දී අලෙවි කළමනාකරණය හා වටිනාකම් නිර්මාණකරණය පිළිබඳ දේශනයක් ජ්‍යෙෂ්ඨ ඵලදායිතා නිලධාරී ගීත් රාජපක්ෂ මහතා විසින් සිදු කරන ලද අතර දිස්ත්‍රික්කයේ සාර්ථකත්වයට පත් වූ ව්‍යවසායකයන් වන නිව් එවරස්ට්, සෙනුලි බතික් හා සහ මිහිර ෆූඩ් ප්‍රඩක්ට්හි හිමිකරුවන් විසින් පැමිණ සිටි සෙසු ව්‍යවසායකයන් සමඟ සිය අත්දැකීම් හුවමාරු කර ගැනීම සිදු කරන ලදී.

දිස්ත්‍රික් ඵලදායිතා අංශය විසින් සංවිධානය කළ මෙමවැඩසටහන සඳහා දිස්ත්‍රික් ලේකම් /දිසාපති රංජන ජයසිංහ, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) දිලිප් නිශාන්ත, ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ දර්ශනී රණසිංහ යන මහත්ම මහත්මීන්, දිස්ත්‍රික් හා ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල ඵලදායීතා නිලධාරීන්, විදාතා, ව්‍යවසාය සංවර්ධන, අපනයන කෘෂිකර්ම නිලධාරීන් , ව්‍යවසායකයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ

The Symposium on “Sustainable Transformation through Productivity 2024 “organized by the National Productivity Secretari...
28/11/2024

The Symposium on “Sustainable Transformation through Productivity 2024 “organized by the National Productivity Secretariat was held on 21st November 2024 at Gall Face Hotel, Colombo 03 with the participation of 100 experts, industry leaders, policymakers, and academics to explore innovative strategies for integrating productivity into sustainability efforts. The symposium commenced with an inspiring keynote address by the additional secretary of Ministry of Labour ,Ms K.D.R.Olga.

The 11 research paper presentations from researchers and practitioners under the themes of “Resilience, Adaptability and Climate Change” , “Productive and Inclusive Work Environment” and “Circular Economy and Productivity” offered unique insights, sparking dynamic discussions and paved the way for actionable solutions.

The event featured interactive panel discussions led by plenary panel members ; Dr ( Mrs. ) Pradeepa Serasinghe –Former Director General, Department of Archeology ,Dr M.M.S.S.B. Yalegama – Former Secretary, Ministry of State Plantation Enterprise Reforms , Mr.K.A.Vimalenthirarajah – Secretary, Ministry of Trade, Commerce, Food Security and Co-operative Development , Prof. D.U.Mohan –Senior Lecturer grade (1),University of Kelaniya , Ms.Kulani H. W. Karunarathne – Director (International Relations), Ministry of Environment and Dr.Ajith Rohana Gunawardena – Director, Central Environmental Authority while Ms Lasitha Dewage and Ms Sugandika Liyanage – Deputy Directors of NPS served as moderators of the symposium.

The local and international reviewers ; Prof. Nishan Sakalasooriya (PhD ) -Department of Geography, University of Kelaniya ,Prof. Sandun J. Perera (PhD) -Programme Coordinator, IUCN - Sri Lanka; Professor in Biogeography & Environmental Conservation, Sabaragamuwa University ,Dr. Mayura Arandara (PhD) -Senior Consultant, Sri Lanka Institute of Development Administration ,Dr. (Mrs.) Indika Gunawardhana (PhD) - Water Specialist, World Vision -Asia Pacific Region,Dr. Bhathiya Kekulandala (PhD) -Independent Researcher ,Dr. H.M. Arjuna Thilakarathne -Director, Teaching Hospital Peradeniya ,Dr. Bodhika Samarasekara -Chest Physician, National Hospital for Respiratory Diseases ,Mr .W.Danushka Manoj (AAL) - Senior Lecturer in Law, The Open University of Sri Lanka ,Mr. Suseema Ariyarathna -Senior Scientist, National Aquatic Resources Research and Development Agency (NARA) ,Mr. Ashutosh Akhilesh Maharaj - Senior Instructor, Fiji National University and Mr.Isuru Sampath Thennakoon -Independent Researcher and Visiting Lecturer, CINEC Campus , reviewing the 11 research papers presented at the symposium ensured the highest academic and practical standards.

Director of National Productivity Secretariat , Advisor to the Symposium - Mr Niranja S.Jayakodi , Deputy director of NPS , Symposium Chair and Editor - Ms.Pranidhi P.A.Bopagamage , Symposium Secretary - Mr.Tharinda Marasinghe , Members of the Symposium committee and the distinguish guests participated for this event.

ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරනු ලබන විවිධ වූ වැඩසටහන් හා ව්‍යාපෘති වඩාත් ප්‍රශස්ථ වූ...
11/11/2024

ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරනු ලබන විවිධ වූ වැඩසටහන් හා ව්‍යාපෘති වඩාත් ප්‍රශස්ථ වූ අන්දමින් ජනගත කිරීම සඳහා නිර්මාණාත්මක සංනිවේදනය (Creative Communication ) භාවිතා කිරීම පිළිබඳ පුහුණු වැඩමුළුවක් 2024 නොවැම්බර් මස 07 දින ජාතික ඵලදායිතා ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී පැවත්වුණි.

ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ නිරංජ එස්. ජයකොඩි මහතාගේ හා සැලසුම් හා නියාමන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ලසිතා දේවගේ මෙනවියගේ මගපෙන්වීම යටතේ පැවති මෙම වැඩමුළුව සඳහා දිස්ත්‍රික් මාධ්‍ය සම්බන්ධීකාරක ඵලදායිතා නිලධාරින් සහ ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ ප්‍රධාන කාර්යාලයේ විවිධ අංශ නියෝජනය කරමින් නිලධාරීන් 50 දෙනෙකු සහභාගි වූහ.

නිර්මාණාත්මක සන්නිවේදන විෂයපථය තුළ මාධ්‍ය භාවිතය,ඡායාරූපකරණය සහ ලේඛනය පාදක කරගත් මෙම වැඩමුළුව සඳහා සම්පත් දායකත්වය ලබා දෙන ලද්දේ ප්‍රවීණ සන්නිවේදක කැලුම් මොහොට්ටිගේ මහතා විසිනි.

සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදන / සේවා ආයතන ඵලදායිතාවෙන් සවිබල  ගැන්වීමේ ජාතික වැඩසටහන යටතේ දිස්ත්‍රික් මට්ටමේ අත්දැකීම් හ...
08/11/2024

සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදන / සේවා ආයතන ඵලදායිතාවෙන් සවිබල ගැන්වීමේ ජාතික වැඩසටහන යටතේ දිස්ත්‍රික් මට්ටමේ අත්දැකීම් හුවමාරු එක් දින පුහුණු වැඩමුළු මාලාවේ ගම්පහ දිස්ත්‍රික් පුහුණු වැඩමුළුව 2024.08.08 වන දින ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි.
ඒ සදහා ගම්පහ දිස්ත්‍රික් ලේකම් තුමන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් තුමිය, ගම්පහ දිස්ත්‍රික් ඵලදායිතා සංවර්ධන නිලධාරීන් 17 දෙනා සහ ව්‍යවසායකයින් 33 දෙනෙකු සහභාගී විය.
අලෙවි කළමනාකරණය පිළිබඳව දේශනය සදහා Douglas and Sons (Pvt) Ltd හි ජ්‍යේෂ්ඨ අළෙවි කලමනාකරු, අ මිල දිනේෂ් මහතා සම්පත් දායකත්වය ලබා දෙන ලදි.

ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලය මගින් කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි රජයේ රෝහල්හි ඵලදායිතාව හා ගුණාත්මකභාවය වර්ධනය කිරීමේ අරමු...
04/11/2024

ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලය මගින් කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි රජයේ රෝහල්හි ඵලදායිතාව හා ගුණාත්මකභාවය වර්ධනය කිරීමේ අරමුණින් ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිත වැඩසටහන් මාලාවේ ප්‍රථම දෙදින වැඩමුළුව ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ නිරංජ එස් ජයකොඩි මහතාගේ හා සංවර්ධන 02 අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප්‍රනිධි එස් බෝපගමගේ මහත්මියගේ මගපෙන්වීම යටතේ 2024.10.15 සහ 16 වන දින ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලිය ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

මෙම වැඩසටහන සඳහා රෝහල් විසිතුනක් (23) නියෝජනය කරමින් වෛද්‍යවරු, හෙද කාර්ය මණ්ඩල හා කාර්යාල කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 65 ක් සහභාගි වූ අතර මෙම වැඩසටහනේ සම්පත් දායකයන් ලෙස ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සුරංග ගුණරත්න මහතා, මුල්ලේරියාව ජාතික රෝහලේ අධ්‍යක්ෂ ප්‍රියන්ත කරුණාරත්න මහතා සහ ජේෂ්ඨ ඵලදායීතා නිලධාරී නිහාල් හෙන්නායක මහතා කටයුතු කළේය.

තත්ත්ව පාලන කව පිළිබඳ ක්‍රියාකාරකම් පදනම් කරගත් පුහුණු වැඩමුළුව 2024 ඔක්තෝබර් මස 28 ,29 හා 30 යන තෙදින පුරා ජාතික ඵලදායි...
01/11/2024

තත්ත්ව පාලන කව පිළිබඳ ක්‍රියාකාරකම් පදනම් කරගත් පුහුණු වැඩමුළුව 2024 ඔක්තෝබර් මස 28 ,29 හා 30 යන තෙදින පුරා ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී .
තත්ත්ව පාලන කව පිළිබඳ ප්‍රායෝගික දැනුමක් ලබාදීමත් ,ගැටළු විසඳීමේ හැකියාව වර්ධනය කිරීමත් එතුළින් ආයතනික ඵලදායිතාව වර්ධනය කිරීමත් සඳහා සහභාගී වූවන් බලගැන්වීමේ අරමුණින් පැවැත්වුණු මෙම ප්‍රායෝගික වැඩමුළුව සඳහා රාජ්‍ය හා පෞද්ගලික දෙ අංශයම නියෝජනය කරමින් නිලධාරීහු සහභාගි වුහ.

ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ නිරංජ.එස් ජයකොඩි මහතා සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රනිධි බෝපගමගේ මහත්මියගේ මගපෙන්වීම යටතේ පැවති මෙම වැඩමුළුව සඳහා ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් සුරංග ගුණරත්න , ජ්‍යෙෂ්ඨ ඵලදායිතා උපදේශක ඇන්ටන් එඩීමා සහ ජේෂ්ඨ ඵලදායිතා උපදේශක උදිත සේනාරත්න යන මහත්වරුන් සම්පත් දායකත්වය සපයන ලදී.

සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදන / සේවා ආයතන ඵලදායිතාවෙන් සවිබල  ගැන්වීමේ ජාතික වැඩසටහන යටතේ දිස්ත්‍රික් මට්ටමේ අත්දැකීම් හ...
25/10/2024

සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදන / සේවා ආයතන ඵලදායිතාවෙන් සවිබල ගැන්වීමේ ජාතික වැඩසටහන යටතේ දිස්ත්‍රික් මට්ටමේ අත්දැකීම් හුවමාරු එක් දින පුහුණු වැඩමුළු මාලාවේ අනුරාධපුර දිස්ත්‍රික් වැඩමුළුව 2024.08.16 වෙනි දින අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. මේ සඳහා ව්‍යවසායකයින් 25 ක් හා ඵලදායිතා සංවර්ධන නිලධාරීන් 25 ක් සහභාගී වූ අතර අලෙවි කළමනාකරණය පිළිබඳ දේශනය උතුරු මැද පළාත් වාණිජ මණ්ඩලයේ අධ්‍යක්‍ෂතුමන් වන පී. බි. දිසානායක මහතා විසින් සහ අත්දැකීම් හුවමාරු වැඩසටහන ජිනාල් ෆාම් අධිපති, දමිත් ප්‍රනාන්දු මහතා විසින් සිදු කරන ලදි.

Address

National Productivity Secretariat , 10th Floor, Sethsiripaya Stage II
Battaramulla
10120

Opening Hours

Monday 08:30 - 16:00
Tuesday 08:30 - 16:00
Wednesday 08:30 - 16:00
Thursday 08:30 - 16:00
Friday 08:30 - 16:00

Telephone

+94112186031

Alerts

Be the first to know and let us send you an email when National Productivity Secretariat posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to National Productivity Secretariat:

Share