10/01/2025
පුනරුත්ථාපන කාර්යාංශය - புனர்வாழ்வுப் பணியகம்
රාජ්‍ය නිළධාරීන් දැනුවත් කිරීමේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන - දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මාතලේ
අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) එෆ්ආර්එල් රියල්දීන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී මාතලේ දිස්ත්‍රික් මත්ද්‍රව්‍ය නිවාරණ කමිටුව රැස් වූ අතර, ඒ සඳහා සහභාගී වූ රාජ්‍ය නිළධාරින් 25 දෙනෙකු සඳහා මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් පුනරුත්ථාපන කාර්යාංශයේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ මෙහෙයවීමෙන් 2024.12.17 දින පවත්වන ලදී.
අනුරාධපුර දිස්ත්‍රික් පුනරුත්ථාපන නිළධාරි ලුතිතන් කර්නල් ආර්ඩබ්ලිව්ජීඑස් මුණසිංහගේ මෙහෙයවීමෙන් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ මාතලේ හා බදුල්ල දිස්ත්‍රික් බාහිර සේවා නිළධාරී දිනේෂ් චතුරංග හේරත් මහතා සහ මාතලේ දිස්ත්‍රික් බාහිර සේවා නිලධාරීණි නිහතමානී බුලත්සිංහල මහත්මියගේ සම්පත් දායකත්වයෙන් දැනුවත් කිරීම සිදු කරන ලදී.
Awaraness Programme for Government Officers - District Secretariat, Matale
The Matale District drug prevention Committee meeting was held at the Matale District Secretariat premises on 17.12.2024 under the chairmanship of Additional District Secretary (Land) Mrs. FRL Rial Deen and a drug prevention and awareness programme was conducted for the officers who attended the meeting.
25 Officers were available at the programme conducted by Lieutenant Colonel RWGS Munsinghe, Rehabilitation Officer of the Socio Economic and Welfare Coordinating Office for Rehabilitated Beneficiaries – Anuradhapura along with Mr. Dinesh Chathuranga, Matale and Badulla District External Services Officer, Mrs. Nihathamani Bulathsinhala, Matale District External Services Officer from the National Dangerous Drugs Control Board.