NPP Srilanka

NPP Srilanka ජාතික ජන බලවේගය
தேசிய மக்கள் சக்தி
National Peoples' Power

26/12/2024

වත්මන් ආණ්ඩුවේ උපායශීලීත්ව නිසා රටට ලැබුණු වාසිය මෙන්න...

කැබිනට් තීරණ 2024-12-23
24/12/2024

කැබිනට් තීරණ 2024-12-23

23/12/2024

මෙතෙක් කල් හිටපු ජනපතිලාට ලබාදුන් දැවැන්ත ආරක්ෂාව ක්‍රමානුකූලව ඉවතට...

රාජ්‍ය සේවය විධිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් බවට පත් කර ගැනීමේ අභියෝගය අප ඉදිරියේ පවතිනවා - ජනපති අනුර කුමාර දිසානායක අප රටේ ...
20/12/2024

රාජ්‍ය සේවය විධිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් බවට පත් කර ගැනීමේ අභියෝගය අප ඉදිරියේ පවතිනවා - ජනපති අනුර කුමාර දිසානායක

අප රටේ රාජ්‍ය සේවය විධිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් බවට පත් කර ගැනීමේ අභියෝගය අප ඉදිරියේ පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.

අප රටේ පවතින රාජ්‍ය ආයතන පිළිබඳ යළි විමර්ශනය කිරීමට පත් කළ නව කමිටුව මඟින් දේශපාලනිකව සිදුවන බලපෑම පිළිබඳ නොතකා, ඒවා පිළිබඳ තීරණ ගැනීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම අදහස් පළ කළේ නාරාහේන්පිට ‘නිල මැදුර’ ගොඩනැගිල්ලේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ අද (20) දිස්ත්‍රික් ලේකම්/දිසාපති සමුළුව අමතමිනි.

ආණ්ඩුවේ ඒජන්තවරයාගේ සිට දිස්ත්‍රික් ලේකම් දක්වා තනතුරු නාම වෙනස් වූ මෙම සේවය වසර 200ක් පමණ පැරැණි බවත්, අපේ රට නව දිශානතියකට යොමු කිරීම සඳහා එමඟින් විශාල කාර්යභාරයක් ඉටු කර ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේය.

එ‌ෙහත් අවසාන අරමුණ හා ඉලක්කය පිළිබඳ වත්මන් තත්ත්වය සෑහීමකට පත් විය නොහැකි බව සඳහන් කළ ජනාධිපතිවරයා රාජ්‍ය ආයතනයකින් සාධාරණ සේවයක් ලබා ගැනීම පිළිබඳ ජනතාව තුළ කිසිදු විශ්වාසය නොමැති බවත් රාජ්‍යක් ලෙස මුළු පද්ධතියම බිඳ වැටී ඇති බවත් පැවසීය.

එසේ බිඳ වැටී ඇති පද්ධතිය ප්‍රතිෂ්ඨාපනය කිරීමට සූදානම්ද නැද්ද යන්න අප විසින් අපගෙන්ම විමසා බැලිය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය.

ජනවරමේ අපේක්ෂාවන්ට දේශපාලන අධිකාරිය පමණක් නොව රාජ්‍ය සේවයද වගවිය යුතු මෙන්ම වගකිව යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක පෙන්වා දුන්නේය.

තමන්ට ඇත්තේ රාජ්‍ය සේවයේ තිබෙන පුටු පිළිබඳ ප්‍රශ්නය නොවන බවත් පුටුවක අසුන් ගන්වන්න ඉන්නේ කවුද යන්න පමණක් බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ලෝකයේ සිදු වන වෙනස්කම් උකහා ගනිමින් ඒවා ගලපා ගනිමින්, තම ක්ෂේත්‍රයට නායකත්වය දෙමින් ජයග්‍රහණය සඳහා මෙහෙය වීමට සමත් වන පුටුවල හිස්කමක් ඇති බව සඳහන් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක ඒ නිසා නිලධාරීන් 1500ක් පමණ ඉන්දියාවේදී පුහුණුව ලබා දීමට පසුගිය ඉන්දීය සංචාරයේදී එකඟ වූ බව පැවසීය.

එසේම එළඹෙන වසරේදී උසස් පෙළ සමත් වන සිසුන් සැලකිය යුතු ප්‍රමාණයකට විදේශ අධ්‍යාපනය ලබා දීමට රජයේ ශිෂ්‍යත්ව ලබා දීමට බලාපොරොත්තු වන බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

සමහර ආයතන මෙන්ම තනතුරු පවා ගොඩනැඟුණේ කුමන පදනමකින්ද යන්න ගැටලුවක් බවත්, අප රටේ රාජ්‍ය සේවය විධිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් බවට පරිවර්තනය කර ගැනීමේ අභියෝගය අප ඉදිරියේ පවතින බව පැවසූ ජනාධිපතිවරයා, මේ සඳහා නව ව්‍යුහයක් අවශ්‍ය වනු ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

අප රටේ පවතින රාජ්‍ය ආයතන පිළිබඳ යළි විමර්ශනය කිරීමට නව කමිටුවක් පත් කළ බවද,දේශපාලනිකව සිදුවන බලපෑම පිළිබඳ නොතකා ඒවා පිළිබඳ තීරණ ගැනීමට කටයුතු කරන බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේය.

කිසිසේත්ම රාජ්‍ය සේවය කප්පාදු කිරීමට බලාපොරොත්තු නොවන නමුත් රාජ්‍ය සේවය පවත්වා ගෙන යාම සඳහා දරන වැය බර පිළිබඳව ගැටලුව තිබෙන බැවින් එක් අධිෂ්ඨානයක සිටිමින් රාජ්‍ය සේවය යම් විධිමත් යාන්ත්‍රණයකට ගෙන ආ යුතු බව ජනාධිපතිවරයා පැවසීය.

මෙම කාර්යයන් ක්‍රියාත්මක කිරීමේදී දේශපාලන අධිකාරිය ලෙස සිය උපරිම දායකත්වය ලබා දෙන බවත් මෙම කර්තව්‍ය සාර්ථක වන්නේ රාජ්‍ය නිලධාරීන් ඊට දක්වන දායකත්වය මත බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජන වරමේ අපේක්ෂාවන් 80%ක්ම පෙන්වා ඇත්තේ රාජ්‍ය සේවකයන් බැවින් දේශපාලන අධිකාරියේ කාර්යයන්ට සිය කැමැත්ත, අනුමැතිය ලබා දී ඇති බවත් මෙම ද්විත්වය පරස්පර කණ්ඩායම් දෙකක් නොවන සමපාත කණ්ඩායම් දෙකක් බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඒ අනුව දේශපාලන අධිකාරියේ සහ රාජ්‍ය සේවයේ අපේක්ෂාවත් අරමුණත් එකට සමපාත වී තිබෙන බව පසුගිය ජනවරමින් පෙන්නුම් කර ඇති බවත් දෙපාර්ශ්වයම එකඟ වූ කාර්යයක් අප හමුවේ ඇති බවත් ප්‍රකාශ කළේය.

එසේම ජනතාව සම්බන්ධ ව්‍යාපෘතිද යළි සමාලෝචනය කළ යුතු බව ඔහු පෙන්වා දුන්නේය. ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය කඩිනම් කරන බවත්, ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය නව වසරේ ජනවාරි 01 වනදා සිට ආරම්භ කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.

අපේ රට නව තලයකට ඔසවා තැබීම වෙනුවෙන් දුප්පත්භාවය තුරන් කිරීම, ඩිජිටල්කරණය, සමාජය ආකල්පමය වශයෙන් පරිවර්තනය කිරීමේ ක්ලීන් ශ්‍රී ලංකා යන ක්ෂේත්‍ර තුන යටතේ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

එම කාර්යය ඉටු කිරීම සඳහා වැඩ කිරීමේදී යම් නිලධාරිකු අපහසුතාවකට, අයුක්තියකට, අසාධාරණයකට ලක් වන්නේ නම්, තමා එම පුද්ගලයාගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින බව අවධාරණය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යම් නිලධාරියකු එම කාර්යයන් කඩාකප්පල් කිරීමට, හිතාමතා අතපසු කිරීමට කටයුතු කරන්නේ නම් එයටද ඒ හා සමානව ක්‍රියාත්මක වන බවද පැවසීය.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ. එච්. එම්. එච්. අබයරත්න, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය පී. රුවන් සෙනරත්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, අග්‍රාමාත්‍ය ලේකම් ජී. ප්‍රදීප් සපුතන්ත්‍රී, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර යන මහත්ම මහත්මීන්, දිසාපතිවරු, දිස්ත්‍රික් ලේකම්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනපති මල්වතු හා අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දකීජනාධිපති අනුර කුමාර දිසානායක අද (20) පස්වරුවේ මල්වතු හා අස්ගිරි මහා නා ...
20/12/2024

ජනපති මල්වතු හා අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දකී

ජනාධිපති අනුර කුමාර දිසානායක අද (20) පස්වරුවේ මල්වතු හා අස්ගිරි මහා නා හිමිපාණන් වහන්සේලා බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

පළමුව මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපතිවරයා මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ බැහැ දැක සුව දුක් විමසා කෙටි පිළිසඳරක නිරත විය.

වර්තමාන දේශපාලන තත්ත්වය මෙන්ම ජනාධිපතිවරයාගේ පසුගිය ඉන්දියානු සංචාරය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

අනතුරුව මල්වතු මහා නා හිමිපාණන්වහන්සේ ප්‍රමුඛ සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාදය පළ කළහ.

ඉන් අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී, නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද, මුතියංගණ රජ මහා විහාරාධිකාරී පූජ්‍ය මුරුද්දෙණියේ ධම්මරතන යන ස්වාමින් වහන්සේලාද මෙම අවස්ථාවට වැඩම කර සිටි අතර උන්වහන්සේලා සෙත් පිරිත් සජ්ඣායනා කර ජනාධිපතිවරයාගේ ඉදිරි කටයුතු වෙනුවෙන් ආශිර්වාද පළ කළහ.

ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක යන මහත්වරුද ජනාධිපතිවරයා සමඟ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

20/12/2024

අනුර ජනාධිපතිතුමා ඉන්දීය සංචාරය ඉතා සාර්ථකව අවසන් කිරීම නිසා විපක්ෂය දැඩි කලබලයකට පත් වෙලා.

20/12/2024

ආර්ථිකය ස්ථාවර වීම නිසා සජිත් ප්‍රමුඛ විපක්ෂ දැඩි වේදනාවක් විඳිනවා...

20/12/2024

ජනතාවට කන් හැන්දෙන් බෙදන ගමන් දේශපාලකයින්ට බකට් එකෙන් බෙදා ගත්තා...

20/12/2024
කැබිනට් තීරණ | Cabinet Decisions | 19.12.2024
19/12/2024

කැබිනට් තීරණ | Cabinet Decisions | 19.12.2024

19/12/2024

19/12/2024

දැන් ජනතාවට වෙනදාටත් වඩා හොඳින් පැහැදිලි වෙමින් තිබෙනවා මේ ප්‍රභූ පැලැන්තිය
අපේ රටේ ජනතාවගේ බදු මුදල් රිසිසේ ප්‍රභූන්ට සැප සම්පත් විදින්න පාවිච්චි කෙරුවාද කියන එක...

ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී මෙන්ම ආර්ථික අර්බුදය හමුවේදී සහාය ලබාදීම පිළිබඳව ජනපති චීන රජයට කෘතඥතාව පළ කරයි ණය ප්‍රතිව්‍යුහ...
18/12/2024

ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී මෙන්ම ආර්ථික අර්බුදය හමුවේදී සහාය ලබාදීම පිළිබඳව ජනපති චීන රජයට කෘතඥතාව පළ කරයි

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළට සහාය ලබා දීම පිළිබඳව සහ ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට ණය ලබා දීම පිළිබඳව ද චීන රජයට සිය කෘතඥතාව පළ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව ප්‍රකාශ කළේ චීන මහජන දේශපාලන උපදේශන සම්මේලනයේ (CPPCC) ජාතික කමිටුවේ උප සභාපතිනි කිං බොයොං (Qin Boyong) මහත්මිය පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (18) හමු වූ අවස්ථාවේදීය.

චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන සබඳතාව තවදුරටත් ශක්තිමත් කරමින් නව රජය සමඟ ඉදිරියටත් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව කිං බොයොං මහත්මිය සඳහන් කළාය.

එසේම මෙරට ආපදා තත්ත්වයන්වලදී ආධාර ලබා දීම මෙන්ම පාසල් දරුවන්ට නිල ඇඳුම් ලබාදීම පිළිබඳවත් ස්තුතිය පළ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියටත් චීනයේ සහාය අවශ්‍ය බවද පෙන්වා දුන්නේය.

අතරමඟ නතර වී තිබෙන මධ්‍යම අධිවේගී මාර්ගයේ චීනයට අයත් කොටස අවසන් කළ යුතු බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, කොළඹ වරාය නගරය සහ හම්බන්තොට දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක කෙරෙන සැපයුම් මධ්‍යස්ථානය සහ ආයතනික ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවද පැවසීය.

අදාළ ව්‍යාපෘති ආරම්භ කිරීමට මෙන්ම විවිධ හේතූන් මත අතරමඟ නතර වී තිබෙන සමුද්‍රීය පර්යේෂණ කටයුතු නැවතත් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවද උප සභාපතිනිය පැවසුවාය.

මීට අමතරව, හම්බන්තොට ආයෝජන කලාපය ආශ්‍රිතව චීන සමාගම් ස්ථාපිත කරමින් ගෝලීය වශයෙන් ශ්‍රී ලංකාවට වඩා හොඳ ප්‍රවේශයක් සලසා දීමට අපේක්ෂා කරන බවද, ඉදිරියේදී චීනයේ සංචාරයක නිරත වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි, චීන මහජන දේශපාලන උපදේශන සම්මේලනයේ කමිටු සාමාජික
මා යුෂියැංග් (Ma Youxiang) යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

18/12/2024

කථානායකවරයාගේ ඉල්ලා අස්වීමත් සමඟ සිදු වුනු දේ මෙන්න...

18/12/2024
ජනාධිපති අනුර කුමාර දිසානායක අද (18) දින පාර්ලිමේන්තුවේ සිදු කළ කතාවඊයේ දිනයේ ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීම පිළිබඳ පැය තුනක...
18/12/2024

ජනාධිපති අනුර කුමාර දිසානායක අද (18) දින පාර්ලිමේන්තුවේ සිදු කළ කතාව

ඊයේ දිනයේ ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීම පිළිබඳ පැය තුනක විවාදයක් පැවැත් වුණා. ඒ විවාදයේදී වර්තමාන ණය ප්‍රතිව්‍යුහ ගත කිරීම දක්වා වූ ගමන් මාවතත්, එහිදී අත්පත් කර ගෙන තිබෙන කාර්යභාරයන් පිළිබඳව විවාදයේදී සාකච්ඡා වුණා. එම නිසා මා දීර්ඝ පැහැදිලි කිරීමකට යන්නේ නැහැ. 2028 වන විට අපට ණය ගෙවීමට සිදුවෙනවා, ඊට පස්සේ අපේ රට නැවත බංකොලොත්භාවයට යනවා කියලා නැවත සමාජයේ මතවාදයක් ඇති කරන්න උත්සාහ කරනවා. 2028 තිබෙන්නේත් අපේ ආණ්ඩුව බව මතක තබාගන්න.

මේ රට යළි කිසිඳු දිනක, අනාගතයේ, 2022 -23 වගේ තත්ත්වයක් අපේ රටේ යළි ඇති වීමට අප ඉඩ දෙන්නේ නැහැ.

අපේ අපේක්ෂාව තමයි 2028 වන විට අපේ විදෙස් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 15.1 දක්වා වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වනවා. අපට ශක්තිමත් විශ්වාසයක් තිබෙනවා ඒ වන විට ඩොලර් බිලියන 15.1ක විදෙස් වත්කම් ප්‍රමාණයක් අපට උපයා ගන්න පුළුවන් වේවි කියලා.

ඒ වගේම මා දැක්කා මේ පිළිබඳව කරුණු ඉදිරිපත් කරන විට බොහෝ අය කතා කළේ උපදේශාත්මකවයි. විශාල තොරතුරු ඉදිරිපත් කිරීම් කළා. අද අප ප්‍රතිව්‍යුහගත කිරීමට ලක් කර තිබෙන ඩොලර් බිලියන 12.55ත් එයට ගෙවන්න සිදුවී තිබෙන පැහැර හරින ලද ණය ඩොලර් බිලියන 1.7ක් අප ප්‍රතිව්‍යුහගත කිරීමකට භාජනයය කළා. මෙම ඩොලර් බිලියන12.5න් ඩොලර් බිලියන11.5ක්ම 2015-2019 ආණ්ඩුව කාලයේ ලබා ගත් ණයයි. අද ඔය උපදේශාත්මක හඬින් කතා කරන අය එදා උපදෙස් දුන්න නම් මේ රට මේ විදිහට බංකළොත්භාවයට පත් වන්නේ නැහැ. ඒ නිසා උපදෙස් ප්‍රමාද වැඩියි. නිශ්චිත මොහොතේ උපදෙස් ලබා දීම තමයි උපදේශවල තිබෙන වටිනාකම ඇති වන්නේ. ඒ නිසා දැන් ලබා දෙන උපදෙස් වලංගු වන්නේ නැහැ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ දෙවන සමාලෝචනය අවසන් කර දෙවෙනි වාරික මුදල නිදහස් කර ගෙන තිබුණා. අපි බලය අත්පත් කරගන්නා විට තුන්වන සමාලෝචනය පමා වී තිබුණේ. තුන්වෙනි සමාලෝචනය ආරම්භ කරන්න තිබුණේ සැප්තැම්බර් මාසයේයි. මැතිවරණයක් පැවැත්වෙන වෙලාවේදි ඔවුන් තුන්වන සමාලෝචනයට සූදානම් වුණේ නැහැ. ඒ අනුව මහ මැතිවරණය අවසන් වූ වහාම නොවැම්බර් 16 වන දා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ තුන් වන සමාලෝචනය ආරම්භ කළා. දෙවන සමාලෝචනයේදී පුරෝකථනයන් එකඟතාවන් ගණනාවක් තිබුණා පැවති ආණ්ඩුව එළඹ ගත්. එකක්, ආරෝපිත පොලී ආදායම මත පදනම්ව දේපළ මත බදු පැනවීම. මේ බද්ද 2025දී පැන වීමට දෙවන සමාලෝචනයේදී එකඟතාවකට පැමිණ තිබෙනවා.

සේවා අපනයනය මත 30%ක සංස්ථාපිත බද්දක් ඇති කිරීමට දෙවන සමාලෝචනයේදී එකඟ වී තිබුණා. ජනවාරි මාසය වන විට විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉවත් කර එය එකතු කළ බද්ධ මත ආදේශ කිරීම යෝජනා කර තිබුණා. විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද හරහා තමයි අපේ රටේ දේශීය නිෂ්පාදකයින් ආරක්ෂා කර ගැනීම සඳහා බදු පැනවීම, බදු ඉහළ දැමීම හෝ පහළ දැමීම සිදු කරන්නේ.

නමුත් දෙවන සමාලෝචනයේදී එකඟතාවයකට පැමිණ තිබුණා එම බද්ද අහෝසි කර ඒ වෙනුවට වැට් බද්ද පනවන්න. ඒ වගේම පුද්ගලික ආදායම් මත බදු රහිත සීමාවන් ඒ විදිහටම පවත්වා ගෙන යන්න තමයි එකඟතාව තිබුණේ.

2025 වසරේ අප්‍රේල් මාසය වන විට සරල කරන ලද එකතු කිරීමේ අගය මත බද්ද, සෙස් වැට් එක ඉවත් කිරීමටත් දෙවන සමාලෝචනයේදී එකඟතාවකට පැමිණ තිබුණා. අපේ රටේ ව්‍යාපාරිකයන්ට වැට් නැවත අය කර ගැනීම (Refund) සඳහා දුෂ්කර කාලයක් ගත වෙනවා. ඒ නිසා මේ සෙස් වැට් එක හරහා ව්‍යාපාරිකයන්ට අවශ්‍ය වන කෑෂ් ෆ්ලෝ (Cash flow) එක පවත්වා ගෙන යාමේ හැකියාව තිබුණා. නමුත් ඒ ඉවත් කිරීමට යෝජනා සකස් කර තිබුණා.

උපයන විට ගෙවන බදු පැනවීමේ සීමාව ඉහළට

අපි තුන්වන සමාලෝචනය පටන් ගැනීමේදී අපේ රටේ වෘත්තීයවේදීන් මත පනවා තිබුණු උපයන විට ගෙවන බදු ප්‍රමාණය (PAYE Tax) යම් ප්‍රමාණයකින් අඩු කිරීමට තීරණය කළා. මේ උපයන විට බදු සම්බන්ධයෙන් වෘත්තියවේදීන් අතර විශාල කනස්සල්ලක් තිබුණා. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, වෛද්‍යවරුන්, බැංකු නිලධාරීන් තුළ මේ පිළිබඳව කනස්සල්ලක් තිබුණා.

එම නිසා අපි ඒ පිළිබඳව සාකච්ඡා කර උපයන විට බදු පැන වීමේ සීමාව රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ එකහමාරක් දක්වා වැඩි කර ගැනීමට සමත් වුණා. 6%ක බද්දකට යටත් වන පරිදි පුද්ගලික ආදායම් බද්දේ පළමු කාණ්ඩය රුපියල් ලක්ෂ හයේ සිට රුපියල් ලක්ෂ දහය දක්වා වැඩි කිරීමට අප කටයුතු කළා. ඒ අනුව ලක්ෂ එක හමාරක මාසෙක වැටුපක් ගන්න කෙනෙකුගේ සීයට සීයක් බදු නිදහස්. ලක්ෂ දෙකක් වැටුපක් ගන්න කෙනෙක්ගෙ බද්ද 71%කින් නිදහස්. ලක්‍ෂ දෙකමාරක් වැටුපක් ගන්න කෙනෙකුගේ බද්ද 61%කින් නිදහස්. ලක්ෂ තුනක් වැටුපක් ගන්න කෙනෙකුගේ බද්ද 47%න් නිදහස්. ලක්ෂ තුනහමාරක් වැටුපක් ගන්න කෙනෙකුගේ බද්ද 25.5%කින් නිදහස්. ඒ කියන්නේ මොකක්ද?

වැඩි ආදායම් ලබා ගන්නා අයට අඩු සහනයකුත් අඩු ආදායම් ලබා ගන්න අයට වැඩි සහනයකුත් ලබා දීමට මේ සමාලෝචනයේදී අප සමත්ව තිබෙනවා .

යෝගට් සහ කිරි නිෂ්පාදන එකතු කළ අගය මත බද්දෙන් නිදහස්

අපේ දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාව සම්බන්ධයෙන් අප සාකච්ඡා කළා. පෝෂණ අවශ්‍යතා වැඩිදියුණු කිරීම සඳහා යෝගට් සහ කිරි නිෂ්පාදන සඳහා එකතු කළ අගය මත බද්ද නිදහස් කරන්න තීරණය කළා. පසුගිය රජය පනවා තිබුණු සේවා අපනයනය සඳහා 30%ක බද්ද 15%ක් දක්වා අඩු කිරීමට එකඟ වුණා.

රඳවා තබා ගැනීමේ බද්ද 5% සිට 10%ක් දක්වා වැඩි කිරීමට එකඟතාවකට ආවා. සාමාන්‍ය වැඩිහිටි අය, විශ්‍රාමිකයින්, යම් මුදල් ප්‍රමාණයක් තැන්පත් කර පොලියෙන් ජීවත් වෙනවා. සාමාන්‍යයෙන් ලක්ෂ එකහමාරක් මාසයක පොලිය වැටුණොත් ඒ අය බද්දට හසු වෙන්නේ. ඕනෑම පුරවැසියෙකුට මේ බද්දට තමන් ඇතුළත් නොවේ යැ’යි කියා උපකල්පනය කරනවා නම් ඔවුන්ට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගිහින් තමන්ගේ බදු තත්වය පිළිබඳ කරුණු ඉදිරිපත් කරලා තමන් ඒ බද්දට ඇතුළත් වීම වළක්වා ගන්න පුළුවන්.

ඒ සදහා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ වෙනම ඒකකයක් ස්ථාපිත කරනවා. තමන්ගේ බදු තත්ත්වය පිළිබඳ කරුණු පැහැදිලි කිරීමට. මෙහි අපේක්ෂාව තිබෙන්නේ විශ්‍රාමිකයන් සහ, මුදල් රඳවා ගැනීමෙන් ආදායම් ලබන පුද්ගලයින්ට සහන ලබා දීමටයි. මේ නිසා කිසිවෙකුට අගතියක් ඇති වන්න ඉඩ දෙන්නෙ නැහැ. නමුත් අපි අපේක්ෂා කරන්නෙ බදු දැල සඳහා බදු යාන්ත්‍රණය පුළුල් කිරීමටයි.

වාහන වෙළෙඳපොළ ක්‍රමානුකූලව විවෘත කිරීමට අවධානය

අපේ රටේ වාහන වෙළෙඳපොළ ක්‍රමානුකූලව විවෘත කරන්න සැලසුම් කර තිබෙනවා. එයත් එක්ක ගොඩනැගුණු කර්මාන්තයක්ද ව්‍යවසායකයන්ද සිටිනවා. එනිසා මෙම වෙළඳපොළ වසාගෙන සිටීමේ හැකියාවක් නැහැ. එම නිසා කාණ්ඩ තුනකින් වාහන ආනයන වෙළඳපළ විවෘත කරනවා. මගී ප්‍රවාහන බස් හා විශේෂ කාර්යයන් සඳහා භාවිත කරන මෝටර් රථ වාහන පසුගිය 14 වන දා ආනයනය කිරීමට විවෘත කළා. පෞද්ගලික ප්‍රයෝජනය සඳහා මෝටර් රථ වාහන ආනයනය ලබන වසරේ පෙබරවාරියේ සිට සිදු කරනවා. මේ නිසා ඩොලර් අර්බුදයකට මුහුණ දෙයි කියා කවුරුත් සැකයක් තියා ගන්න එපා. මහ බැංකුව සමග අප දීර්ඝ සාකච්ඡාවක් කර මේ වාහන ආයනයනය සඳහා පිටමන්ව යන ඩොලර් ප්‍රමාණය පිළිබඳ යම් ඇස්තමේන්තුවක් කර තිබෙනවා. එය කොතරම් ප්‍රමාණයක් ආර්ථිකයට ඔරොත්තු දෙනවද කියා අපි සොයා බලා තිබෙනවා. නමුත් අපේ ආර්ථිකය යළිත් උද්දීපනය කරන්න නම් මේ වාහන වෙළෙඳපොළ විවෘත කළ යුතුයි.

පරාටේ නීති සහනය දීර්ඝ කෙරේ

පරටේ නීතිය දෙසැම්බර් මාසෙ පහළොස් වන දා අවසන් වීමටට තිබෙනවා. නමුත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් තවමත් ප්‍රකෘති තත්වයට පැමිණ නැති නිසා එය අප තවදුරටත් දීර්ඝ කිරීමට බලාපොරොත්තු වෙනවා. අපේ අධ්‍යයනයේදී එළිදරව් වුණේ ණය ගැතියන්ගෙන් 99%ක්ම රුපියල් මිලියන 25කට වඩා අඩු ණය පැහැර හරින්නන් බව. එනිසා අප සැලැස්මක් සකස් කළා. පරටේ නීතිය මුළුමනින්ම අත්හිටුවා තිබීම බැංකු පද්ධතියේ අර්බුදයක් ඇතිවෙන්න පුළුවන්. ජනතාවගේ මුදල් බැංකු පද්ධතියේ තිබෙන නිසා බැංකු පද්ධතිය ආරක්ෂාව අප සහතික කළ යුතුයි. විශාල මූල්‍ය ආයතන පද්ධති කඩා වැටීමෙන් ජනතාව පීඩාවට පත් වුණා.

තැන්පත්කරුවන් සියදිවි නසා ගත්තා. ඒ නිසා මූල්‍ය ආයතන කඩා වැටීමේ ප්‍රතිවිපාකවලට මුහුණ දුන්නේ ජනතාවයි. එම නිසා අප තීන්දු තීරණ ගැනීමේදී බැංකු පද්ධතිය ආරක්ෂා කිරීමටත්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ආරක්ෂා කිරීම යන කාරණා දෙකම සැලකිල්ලට ගෙන කටයුතු කර තිබෙනවා. ඒ නිසා පරාටේ නීතිය 2025 මාර්තු 31 දක්වා දිගු කිරීමට කටයුතු කරනවා. බැංකු සහන ණය හිමියන් සමඟ සාකච්ඡාවේදී තමන්ගේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා දෙසැම්බර් 31 වෙනිදා දක්වා කාලසීමාවක් ලබා දීතිබෙනවා. හිඟ පොලිය සහ ණය මුදල රුපියල් මිලියන 25ත් 50ත් තිබෙන අයටත් ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා බැංකුව සමඟ සාකච්ඡා කළ හැකියි. හිඟ පොලිය හැර ණය මුදල රුපියල් මිලියන පනහකට වැඩි අයට 2025 ජුනි මාසය දක්වා කාල සීමාව දිගු කිරීමටත් ඊට ප්‍රථම ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පැමිණීමටත් ඔවුන්ට අවස්ථාව ලබා දී තිබෙනවා.

එළඹෙන අයවැය ලේඛනයේදී මේ අයට යම් සහන ලබා දීමට බලාපොරොත්තු වෙනවා. අයවැය ‍ලේඛනය යෝජනා ලබන අප්‍රේල් මාසයේ ක්‍රියාත්මක කිරීමටත් බලාපොරොත්තු වෙනවා. සමහර ඒවාට නීති සම්පාදනය කිරීම අවශ්‍යයි. විශ්‍රාමිකයන්ට එතෙක් ලබා දුන් දීමනාව
අප ඔක්තෝම්බර් මාසයේ සිට රු 3000කින් වැඩි කළා. පොහොර සහනාධාරය 25,000ක් දක්වා වැඩි කළා. එම පොහොර සහනාධාරය කිසිදු ප්‍රමාදයකින් යුතුව ගොවිකළ ජනතාවට ලබා දීමට මුදල් අමාත්‍යාංශයට උපදෙස් ලබා දී තිබෙනවා.

අගහිඟකම් ඇති පාසල් දරුවන්ට රුපියල් 6000ක මාසික දීමනාවක්

මුදල් නොමැතිකම නිසා පාසල් නොයන දරුවන් සොයා බලා ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දීමට මෙවර අයවැය මගින් මුදල් වෙන් කර තිබෙනවා. එම දරුවන්ට රුපියල් 6000ක මාසික දීමනාවක් ලබා දීමට බලාපොරොත්තු වෙනවා.

අස්වැසුමට එක් නොවුණු ප්‍රතිලාභ ලැබිය යුතු දරුවනුත් මේ සඳහා එකතු කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා.

අස්වැසුම කාණ්ඩ හතරකට ලබා දීමට සැලසුම් කර තිබුණා. ඉන් ලක්ෂ අටක් මේ දෙසැම්බර් මාසෙ තිස් එක් වන දා අස්වැසුම ව්‍යාපෘතියෙන් එළියට වැටෙන්න නියමිතව තිබෙනවා. අපි එම කාණ්ඩ දෙකෙන් යටම කාණ්ඩය සඳහා ප්‍රතිලාභ ලැබීම මාර්තු මාසය දක්වා දීර්ඝ කළා. අනිත් කාණ්ඩය සඳහා ප්‍රතිලාභ ලැබීම ලබන වසර දෙසැම්බර් මාසය දක්වා දීර්ඝ කළා. අස්වැසුම ලැබෙන අයත් අස්වැසුම නොලැබෙන අයත් අතර මතයක් ගම්වල තිබෙනවා. එනිසා අස්වැසුම නැවත සමාලෝචනය කළා. පද්ධතිය හරහා ලබා ගන්නා තොරතුරු නැවත පරීක්ෂාවට ලක් කර අස්වැසුම දැනට නොලැබෙන එහෙත් ලැබිය යුතු කොටස් පිළිබඳ සොයා බලා අස්වැසුම ලබා දීමට කටයුතු කරනවා.

අපේ රටේ අස්වැසුම ලබා දීමට තීරණය කළේ බැංකු හරහායි. සාමාන්‍යයෙන් අපේ රටේ බැංකුවක ගිණුමක් ආරම්භ කරන්න හැදුනුම්පතක් අවශ්‍ය වෙනවා. අස්වැසුම ලැබිය යුතු පවුලක් වුණත් බැංකු ගිණුමක් ආරම්භ කිරීමට හැකියාව නොලැබීම හේතු කර ගෙන වසර එකහමාරක් අස්වැසුම නොලැබී තිබෙන ජනතාවකුත් සිටිනවා. මේවා පාලකයන් ඉතා සමීපව සොයා බලා විසඳන්න ඕන ප්‍රශ්න නොවෙයිද? එම අයට හැඳුනුම්පතක් නොමැතිව බැංකු ගිණුමක් විවෘත කිරීමට කාලය ලබා දීමට අප තීරණය කළා. හැඳුනුම්පත ලබා ගන්නා දවසේ සිට නොවෙයි ඔහුට හිමිකම හිමි දවසේ සිට ලබා දීමට අප කටයුතු කරනවා. අපේ අයවැය විවාදයන් නිමවෙන්න තිබෙන්නේ මාර්තු මාසේ 21 වන දිනයේයි. අස්වැසුම පනතේ සංශෝධන ගණනාවක් තිබෙනවා. ඒ සඳහා ඔබගේ සහයෝගයද බලාපොරොත්තු වෙනවා.

තවත් සහන රැසක්...
18/12/2024

තවත් සහන රැසක්...

Address

464/20, Pannipitiya Road, Pelawatta
Battaramulla
10120

Telephone

+94718449424

Alerts

Be the first to know and let us send you an email when NPP Srilanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to NPP Srilanka:

Videos

Share