National Crafts Council - NCC

National Crafts Council - NCC National Crafts Council, Folk Art Centre Complex, Battaramulla, Sri Lanka Sri Lanka has a long history. It has a written history of over 2500 years.

Archeological evidence says it has had settlements of prehistoric people as far back as 125,000 years ago, and these people used handcrafted tools in their daily lives. Therefore, Sri Lanka has an ancient heritage of creating crafts. Making of crafts has been an ancient art form applied to all most all spheres of the daily lives of the people. Thus, her royalty, kings and queens, who were the trad

itional patrons of crafts bestowed upon talented craftsperson, grants of state land, and other privileges. This tradition continues to date with the President of the country, doing likewise. Artisanal products of Sri Lanka, contains within itself the incredibly rich philosophy of the country’s civilization, its culture, and its practices. Our traditional skills and crafts had always taken inspiration from, royal, religious, as well as from the requirements of the common people. Thus, crafts evolved out of necessity and the daily needs of the people. It became an essential part of their lives, traditions, and customs of the people. However, there was neglect and ignorance of this fact amongst the general population. Further, there was also the need to, decisively improve the economic, technical, and social conditions of the artisans. The government was aware that crafts constituted an essential part of the economy. It was a field only second to agriculture in so far as employment generation. Hence, in order to speed access to entrepreneurship and markets, it was necessary to introduce new designs, new thinking, and newer ideas to the field of crafts. By training crafts persons to think different, it was possible to meet world standards and enable our crafts to compete in world markets. This would also improve the economic condition of the craftsperson. Thus, due to its potential as an engine for national growth and sustainability; an institution was necessary to coordinate matters relating to crafts. The Government of Sri Lanka, in order to meet this need, established the National Crafts Council by the Parliamentary Act No. 35 of 1982. Its ideals were the promotion, development, fostering, and preservation of handicrafts, and upliftment of the social and economic status of crafts-persons.

13/04/2024
10/04/2024

ගම්පහ - වලව්වත්ත පුහුණු මධ්‍යස්ථානයේ ආරම්භ කරන ලද කෙටිකාලීන බතික් කර්මාන්ත පුහුණු පාඨමාලාව සාර්ථකව හදාරා අවසන් කළ පුහුණු ලාභීන් වෙත සහතික පත්‍ර බෙදා දීමේ අවස්ථාව.

ගම්පහ - වලව්වත්ත පුහුණු මධ්‍යස්ථානයේ ආරම්භ කරන ලද කෙටිකාලීන බතික් කර්මාන්ත පුහුණු පාඨමාලාව සාර්ථකව හදාරා අවසන් කළ පුහුණු...
09/04/2024

ගම්පහ - වලව්වත්ත පුහුණු මධ්‍යස්ථානයේ ආරම්භ කරන ලද කෙටිකාලීන බතික් කර්මාන්ත පුහුණු පාඨමාලාව සාර්ථකව හදාරා අවසන් කළ පුහුණු ලාභීන් වෙත සහතික පත්‍ර බෙදා දීම සහ එම මධ්‍යස්ථානයේ අලුතින් ඉදි කරන ලද ජල පිරිපහදු ඒකකය විවෘත කිරීම 2024.04.09 (අද ) කුඩා කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මැතිතුමා, ජාතික ශිල්ප සභාවේ සභාපති සම්පත් ඇ‍රැහැපොල මහතා, ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ සභාපති කසුන් රණතුංග මහතා ඇතුළු ආරාදිතයින් ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

දීර්ඝ කාලයක් තිස්සේ වසා දමා ගරා වැටෙමින් පැවැති මෙම පුහුණු මධ්‍යස්ථානය සංවර්ධනය කර එහි ආරම්භ කල පළමු පාඨමාලාව මෙය වන අතර එම පාඨමාලව හදාරා නිමකල පුහුණු ලාභීන් 22ක් වෙත මෙලෙස සහතිකපත්‍ර ලබාදෙන ලදි. එමෙන්ම එම පුහුණුලාභීන්ගේ නිර්මාණ එළිදැමක්ද එම ස්ථානයේ සංවිධානය කර තිබිණි.

මෙම මධ්‍යස්ථානයේ මීළඟට බීර්ළු රේන්ද පුහුණු පාඨමාලාවක්ද ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඉදිරියේදී බතික් පිළිබඳ NVQ සහතික පත්‍ර පුහුණු පාඨමාලාවක් ආරම්භ කිරීමට මේ වන විටත් සියලු කටයුතු සැලසුම් කර ඇත. එමෙන්ම ජාතික මෝස්තර මධ්‍යස්ථානය (NDC) මගින් ක්‍රියාත්ම කරන නිර්මාණ සංවර්ධන වැඩසටහන් සහ ඇඟලුම් හා පේෂකර්ම ආයතන (SLITA-Sri Lanka Institute of Textile and Apparel) ආයතනය මගින් ක්‍රියාත්මක කරන මැහුම් හා ඇඟළුම් නිර්මාණය පිළිබඳ පාඨමාලා ද මෙම ස්ථානයේ ක්‍රියාත්මක කිරීමට අද දින ජාතික ශිල්ප සභාවේ සභාපතිතුමන් උපදෙස් ලබාදෙන ලදි.

මෙම අවස්ථාවට ජාතික ශිල්ප සභාවේ අධ්‍යක්ෂිකා අනුරී තිලකරත්න මහත්මිය, සහකාර අධ්‍යක්ෂ (පුහුණු) ආනන්ද ජයසිංහ මහතා, සහකාර අධ්‍යක්ෂ (වැ.බ.) ඩී.ඩී. මධුෂාන් මහතා ඇතුළු ජාතික ශිල්ප සභාවේ නිලධාරීන්, ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ නිළධාරීන්, අමාත්‍යතුමාගේ කාර්ය මණ්ඩල නිලධාරීන්, පාඨමාලාව හදාරා නිමකල පුහුණු ලාභීන් ඇතුළු විශාල පිරිසක් එක් විය.

සටහන සහ ඡායාරූප - ගිහාන් නාලක සිරිවර්ධන

08/04/2024

▪️LAKSHILPA Showroom
📍Narahenpita - Rajawasa

ශ්‍රී ලංකාව තුල වළං සඳහා විශේෂ ප්‍රසිද්ධියක් උසුලන කුරුණෑගල දිස්ත්‍රික්කයේ පඩුවස්නුවර ප්‍රදේශයේ හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ...
02/04/2024

ශ්‍රී ලංකාව තුල වළං සඳහා විශේෂ ප්‍රසිද්ධියක් උසුලන කුරුණෑගල දිස්ත්‍රික්කයේ පඩුවස්නුවර ප්‍රදේශයේ හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ ගැටළු පිළිබඳ සොයා බැලීම සඳහා කුඩා කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන ගරු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මැතිතුමා, කුරුණෑගල දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් මැතිතුමා, ජාතික ශිල්ප සභාවේ සභාපති සම්පත් ඇරැහැපොළ මහතා, ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ සභාපති කසුන් රණතුංග මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පසුගිය දා (2024.03.31) එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවිය.

වළං නිෂ්පාදනය ඇතුළු මැටි කර්මාන්තය ප්‍රධාන ජීවිකාව කරගත් පවුල් දෙසීයකට අධික සංඛ්‍යාවක් ජීවත් වන පණ්ඩුවස්නුවර අඹ ගහ වැව ගම්මානයේ ශිල්පීන්ගේ ප්‍රධාන ගැටලුව නම් සිය කර්මාන්තය කරගෙන යාමට අවශ්‍ය ප්‍රධාන අමුද්‍රව්‍ය වන මැටි හිඟකමයි. ඊට පිළියම් වශයෙන් අදාල පාර්ශව සමග සාකච්ඡා කොට යාබද ප්‍රදේශවල ඇති වැව් පිටි වල ඇති මැටි මෙම ගම්මානය වෙත රැගෙන ඒමට අවශ්‍ය කටයුතු සලසා දීමට අමාත්‍යතුමන් කටයුතු කරන ලදී.

මීට අමතරව ශිල්පීන්ගේ තවත් ඉල්ලීමක් වූ නිසි ගුණාත්මක බවින් යුක්තව එකවර වැඩි මැටි භාණ්ඩ ප්‍රමාණයක් කාර්‍යක්ෂමව පුළුස්සා ගැනීම සඳහා නව තාක්ෂණයෙන් යුත් මැටි පෝරණු ජාතික ශිල්ප සභාව හරහා මෙම ගම්මානයට ලබාදීමට සාකච්ඡා කරන ලදී.

තවද මෙම ශිල්පීන් හට මෙතෙක් අඛණ්ඩව නිෂ්පාදනය කරගෙන ආ මැටි වලං වලට අමතරව අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයක් යොදාගෙන වැඩි වටිනාකමක් එකතු කළ හැකි විසිතුරු භාණ්ඩ, මැටි වලින් නිර්මාණය කළ ආභරණ වැනි නිර්මාණ කිරීමට පුහුණු වැඩසටහනක් ජාතික මෝස්තර මධ්‍යස්ථානය හරහා ක්‍රියාත්මක කරවීමට අමාත්‍යතුමන් උපදෙස් ලබාදෙන ලදී. එමගින් මෙම සාම්ප්‍රදායික කර්මාන්තවලින් ඈත්ව යන නූතන තරුණ පරම්පරාව නැවත මෙම කර්මාන්තය කරා ආකර්ෂණය කර ගැනීමට හැකිවන බව අමාත්‍යතුමන් ප්‍රකාශ කරන ලදී.

මෙම සාකච්ඡාවලින් අනතුරුව අමාත්‍යතුමන් ඇතුළු පිරිස ගම්මානයේ කර්මාන්තකරුවන්ගේ වැඩ හල් නිරීක්ෂණය කිරීමටද එක්විය.

මෙම අවස්ථාවට ජාතික ශිල්ප සභාවේ නිලධාරී, එම ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන්, ප්‍රදේශවාසී හස්ත කර්මාන්ත ශිල්පීන් ඇතුළු විශාල පිරිසක් එක් විය

28/03/2024

▪️මාවනැල්ල ,අල්කේගම හස්ත කර්මාන්ත පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීම.

▪️මාවනැල්ල, අල්කේගම හස්ත කර්මාන්ත පුහුණු මධ්‍යස්ථානය 2024.03.27 (ඊයේ) දින,

▪️තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ගරු කනක හේරත් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්,
ජාතික ශිල්ප සභාවේ සභාපති සම්පත් ඇරැහැපොළ,
අධ්‍යක්ෂිකා අනුරී තිලකරත්න,
මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් විජිතා රත්නසේකර හා පළාත් කර්මාන්ත අධ්‍යක්ෂ නර්මදා එගොඩගෙදර යන මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් සහ සියලු දෙනාගේ ආශිර්වාදය සමඟ අති උත්කර්ෂවත් අන්දමින් විවෘත කෙරිණි.

▪️මෙම අවස්ථාවට ජාතික ශිල්ප සභාවේ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් මෙන්ම හස්ත කර්මාන්ත ශිල්පීන් රැසක් සහභාගී වූහ.

අල්කේගම හස්ත කර්මාන්ත පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීම.මාවනැල්ල, අල්කේගම හස්ත කර්මාන්ත පුහුණු මධ්‍යස්ථානය 2024.03.27 (ඊයේ)...
28/03/2024

අල්කේගම හස්ත කර්මාන්ත පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීම.

මාවනැල්ල, අල්කේගම හස්ත කර්මාන්ත පුහුණු මධ්‍යස්ථානය 2024.03.27 (ඊයේ) දින තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ගරු කනක හේරත් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, ජාතික ශිල්ප සභාවේ සභාපති සම්පත් ඇරැහැපොළ, අධ්‍යක්ෂිකා අනුරී තිලකරත්න, මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් විජිතා රත්නසේකර හා පළාත් කර්මාන්ත අධ්‍යක්ෂ නර්මදා එගොඩගෙදර යන මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් අති උත්කර්ෂවත් අන්දමින් විවෘත විය.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මැතිතුමාගේ මග පෙන්වීම යටතේ ක්‍රියාත්මක කරනලද “සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත ගම්මාන සංවර්ධන වැඩසටහන - 2021” යටතේ ජාතික ශිල්ප සභාව විසින් අල්කේගම කණ කර්මාන්ත පුහුණු මධ්‍යස්ථානය හා ගම්මානය සංවර්ධනය කරන ලදී. ඒ යටතේ ගම්මානයේ ශිල්පීන් සඳහා උපකරණ ලබාදීමත්, පොදු පහසුකම්, නිෂ්පාදන හා පුහුණු මධ්‍යස්ථානය ලෙස පැවති පැරණි ගොඩනැගිල්ල මුළුමනින්ම ප්‍රතිසංස්කරණය කරනු ලැබීය.

දෙවන අදියර ලෙස 2023 වසරේදී මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ බිම් මහලේ සියලු වැඩ අවසන්කර සියලු යටිතල පහසුකම් සම්පූර්ණ කරන ලදී. මෙහි සංවර්ධන කටයුතු මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ඉටුකර ඇත. මධ්‍යස්ථානයේ ස්ථාන භාර නිලධාරිනී හා උපදේශිකාව ලෙස සංජීවනි දිසානායක මහත්මිය කටයුතු කරන අතර ජාතික ශිල්ප සභාවේ සබරගමුව පළාත් කාර්යාලය මගින් අධීක්ෂණ කටයුතු සිදු කරනු ලබයි.

ඒ අනුව නිෂ්පාදන කටයුතු, හස්ත කර්මාන්ත පුහුණු කටයුතු සඳහා සියලු දෙනාගේ ආශිර්වාදය සමඟ විවෘත කෙරිණි. මෙම අවස්ථාවට ජාතික ශිල්ප සභාවේ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් මෙන්ම හස්ත කර්මාන්ත ශිල්පීන් රැසක් සහභාගී වූහ.

26/03/2024

ශිල්ප අභිමානී 2023
ජනාධිපති සම්මාන උළෙල සමග එක්වූ විද්වතුන් දැක්වූ අදහස් ❗️

RAK- Sri Lanka Business forum & Trade fair 2024ව්‍යාපාර හමුව සහ වෙළඳ ප්‍රදර්ශනයඔබගේ ව්‍යාපාරය ගෝලීය වශයෙන් පුළුල් කරගැනී...
26/03/2024

RAK- Sri Lanka Business forum & Trade fair 2024
ව්‍යාපාර හමුව සහ වෙළඳ ප්‍රදර්ශනය

ඔබගේ ව්‍යාපාරය ගෝලීය වශයෙන් පුළුල් කරගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පවත්වන ව්‍යාපාර හමුව සහ වෙළඳ ප්‍රදර්ශනයට සහභාගී වීමට ඔබට අවස්ථාව උදා වී ඇත.
මෙම අවස්ථාවට සහභාගී වීම තුලින්,
• ගෝලීය වෙළදපොල තුල විශේෂ ව්‍යාපාරික අවස්ථා උදා කරගැනීමට ශ්‍රී ලාංකික කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට අවස්ථාව හිමි වීම.
• ඔබගේ නිර්මාණ ගෝලීය වෙළදපොල තුල ප්‍රදර්ශනය කිරීම තුලින් පාරිභෝගිකයන්, ගැනුම්කරුවන්, හවුල්කරුවන් ,බෙදාහරින්නන් හා ආයෝජකයින් හා සම්බන්ධ වීමට හැකි වීම.
• මෙම අවස්ථාවට සහභාගී වන 230 කට අධික ව්‍යාපාරික සමාගම් හා සම්බන්ධ වීමට අවස්ථාව ලැබීම.
• දිනකට 10,000 ඉක්මවූ නරඹන්නන්ගේ පැමිණීම.
• සහභාගීවන ව්‍යසායකයන්ට අනෙකුත් ව්‍යාපාරිකයන් හා පාරිභෝගිකයන් සමග හමුවීම් සංවිධානය කිරීමට සුදුසු අවස්ථාවක් වීම.

ශ්‍රී ලංකා ගුවන් සේවය මගින් විශේෂිත මිල ගණන්වල ගුවන් ප්‍රවේශපත් ලබා ගැනීමේ හැකියාව, නවාතැන් පහසුකම්, වීසා, ගුවන් තොටුපොල වෙත රැගෙන ඒම සහ යාමේ පහසුකම සමග එක පුද්ගලයෙකු සදහා රු. 292,600.00 ක ආකර්ශනීය පැකේජයක්..

කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සදහා කුටි ගාස්තුව - මීටර් 2 x මීටර් 2 (වර්ග මීටර් 4) - ඩොලර් 875
දිනය - 2024 අප්‍රේල් මස 17 සිට 20 දක්වා
ස්ථානය - RAK ප්‍රදර්ශන සංකීර්ණය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය
සංවිධානය - ශ්‍රී ලංකා සංචාරක හා කර්මාන්ත මණ්ඩලය

මේ සදහා ලියාපදිංචි වීමට පහත URL හෝ දැන්වීමේ සදහන් QR කේතය භාවිතා කරන්න.

https://forms.gle/7WVAvnak8qUHwZg18

ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති කාර්යාලය, කාන්තා, ලමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශය හා ජාතික ශිල්ප සභාව එක්ව කොළ...
25/03/2024

ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති කාර්යාලය, කාන්තා, ලමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශය හා ජාතික ශිල්ප සභාව එක්ව කොළඹ One Galle face සුපිරි වෙළඳසැල් සංකීර්ණයේ සංවිධානය කල Women Plus Bazzr_2024 අළෙවි ප්‍රදර්ශනය 2024.03.23 දා පෙරවරුවේ ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති ගරු Maged Mosleh මහතා, කාන්තා හා ළමා කටයුතු ගරු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය, නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාරවර සෙන්තිල් තොන්ඩමන් මහතා, ජාතික ශිල්ප සභාවේ සභාපති සම්පත් ඇ‍රැහැපොල මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් ‍රැසකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

23 සහ 24 සතිඅන්ත දෙදින පුරා පැවැත්වුණ මෙම අළෙවි ප්‍රදර්ශනය කුඩා හා මධ්‍ය පරිමාන කර්මාන්තකරුවන් 100ක ගෙන් සමන්විත වූ අතර ඉන් 46ක් ජාතික ශිල්ප සභාව මගින් සම්බන්ධ කරන ලද දේශීය හස්ත කර්මාන්ත ශිල්පීන් විය. අළෙවි ප්‍රදර්ශනය වෙත පැමිණෙන විශාල දේශිය හා විදේශීය ගැණුම්කරුවන් පිරිසකගේ අවධානය මෙම නිර්මාණ කෙරෙහි යොමු වූ අතර එම කර්මාන්තකරුවන්ට හොඳ අළෙවියක් මෙන්ම නිෂ්පාදන ඇණවුම්ද ලබාගැනීමට හැකිවිය.

UNESCO, සංවිධානය විසින් අස්පර්ශනීය සංස්කෘතික උරුමයන් නම් කිරීමට අදාලව ප්‍රතිපත්ති සම්පාදනය කිරිම පිළිබදව සාකච්ඡාවක් 2024...
21/03/2024

UNESCO, සංවිධානය විසින් අස්පර්ශනීය සංස්කෘතික උරුමයන් නම් කිරීමට අදාලව ප්‍රතිපත්ති සම්පාදනය කිරිම පිළිබදව සාකච්ඡාවක් 2024/03/20 වන දින බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේදී පැවැත්විණි.

එහිදී... ජාතික ශිල්ප සභාව විසින් හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයේ අද්විතීය සාම්ප්‍රදායික නිර්මාණ වන ලාක්ෂා, සේසත්, වෙස්මුහුණු හා බලි යන කර්මාන්ත අස්පර්ශනීය සංස්කෘතික උරුමයන් ලෙස නම් කිරිම සදහා යෝජනා කර ඉදිරිපත් කරන ලදී.

19/03/2024

Watch the Industry TV now !
( PeoTV 130 )

ජාතික ශිල්ප සභාවේ සභාපති සම්පත් ඇරැහැපොළ මහතා Help Desk සමග කල කතාබහ !

18/03/2024

ශිල්පීය හෙටක් වෙනුවෙන් , සියලුම ශ්‍රී ලාංකික නිර්මාණ ශිල්පීන්ටයි මේ ඇරයුම !
-ජාතික ශිල්ප සභාව

මුණියන්ඩි හෙළ කලා ගම්මානය ජනසතු කිරීම..ජාතික ශිල්ප සභාව, පොළොන්නරුව මහා නගර සභාව සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ...
18/03/2024

මුණියන්ඩි හෙළ කලා ගම්මානය ජනසතු කිරීම..

ජාතික ශිල්ප සභාව, පොළොන්නරුව මහා නගර සභාව සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ප්‍රාදේශීය සංවර්ධන සහායක ව්‍යාපෘතියේ මූල්‍ය ප්‍රතිපාදනයෙන් පොළොන්නරුව නගරයේ සංචාරක ආකර්ෂණය වැඩි දියුණු කිරීම උදෙසා ඉදි කරණු ලැබූ "මුණියන්ඩි හෙළ කලා ගම්මානය සහ ක්‍රියාකාරකම් උද්‍යානය" පොළොන්නරුව මහා නගර සභාවේ නාගරික කොමසාරිස්තුමියගේ ආරාධනයෙන් පොළොන්නරුව ඓතිහාසික ඉසිපතනාරාම රාජමහා විහාරාධිපති උඩරට අමරපුර මහා නිකායේ ශ්‍රීමත් අනුනායක අතිපූජ්‍ය උඩගම ශ්‍රී ධම්මානන්ද ගෞරවණීය නායක ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාදයේ මධ්‍යයේ මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය ගරු සිරිපාල ගමලත් මැතිතුමාගේ,
ජාතික ශිල්ප සභාවේ සභාපති සම්පත් අරහැපොළ මහතා, උතුරු මැද පළාත් ආණ්ඩුකාර ලේකම්තුමා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ ප්‍රධානත්වයෙන් ජනසතු කිරීම පසුගියදා සිදු කෙරිණි. මුණියන්ඩි හෙළ කලා ගම්මානයේ වෙළෙඳ කුටි හිමියන් සදහා ගිවිසුම් පත්‍ර ප්‍රධානය ද මෙහිදී සිදු කරන ලදී.

මෙම අවස්ථාව සඳහා පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්තුමා, අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමන්, තමන්කඩුව ප්‍රාදේශීය ලේකම්තුමා, ප්‍රදේශයේ රාජ්‍ය නිළධාරීන් සහ ප්‍රදේශවාසීන් බොහෝ පිරිසක් සහභාගි විය.

ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ විලාසිතා දැක්මක් වන Colombo Fashion Week සඳහා මේ වසරේ බංගලාදේශය නියෝජනය කරමින් එරටේ සාම්ප්‍රදාය...
12/03/2024

ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ විලාසිතා දැක්මක් වන Colombo Fashion Week සඳහා මේ වසරේ බංගලාදේශය නියෝජනය කරමින් එරටේ සාම්ප්‍රදායික කර්මාන්ත මුසුකර විලාසිතා නිර්මාන ඉදිරිපත්කල Afsana Ferdousi නිර්මාණ ශිල්පිනිය හා ජාතික ශිල්ප සභාවේ සභාපති සම්පත් ඇරැහැපොළ මහතා, අධ්‍යක්ෂිකා අනුරි තිලකරත්න මහත්මිය ඇතුළු නිළධාරීන් සහ විලාසිතා ආශ්‍රිත දේශීය හස්ත කර්මාන්ත නිර්මාණ සිදුකරන නිර්මාණ ශිල්පීන් පිරිසක් අතර හමුවක් 2024.03.11 (ඊයේ) ජාතික ශිල්ප සභා ප්‍රධාන කාර්යාල ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

මෙරට දේශීය හස්ත කර්මාන්ත නිර්මාණ ශිල්පීන්ගේ නිර්මාණ නිරීක්ෂණය කල ඇය එම නිර්මාණ බෙහෙවින් අගය කරන ලදි. එමෙන්ම එම නිර්මාණ නවීන විලාසිතාවට ගැලපෙන ආකාරයට සංවර්ධනය කරගැනීම පිළිබඳ ශිල්පීන් දැනුවත්කල අතර ඉදිරියේදී සිය නිර්මාණ කටයුතු හා ව්‍යාපාර කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ දේශීය හස්ත කර්මාන්ත නිර්මාණද භාවිතා කිරීමට සිය කැමැත්ත ප්‍රකාශ කරන ලදි.

ජාතික ශිල්ප සභාව මගින් පවත්වනු ලබන පුහුණු වැඩසටහන් මාලාවේ තවත් ඉහළ ඉල්ලුමක් පවත්නා පාඨමාලා දෙකක් වන බීරළු රේන්ද ගෙතුම් ප...
06/03/2024

ජාතික ශිල්ප සභාව මගින් පවත්වනු ලබන පුහුණු වැඩසටහන් මාලාවේ තවත් ඉහළ ඉල්ලුමක් පවත්නා පාඨමාලා දෙකක් වන බීරළු රේන්ද ගෙතුම් පුහුණු පාඨමාලාවේ සහ සාම්ප්‍රදායික චිත්‍ර පුහුණු පාඨමාලාවේ 2024 වසර සඳහා නව පාඨමාලා ආරම්භය 2024.03.05 (ඊයේ) ජාතික ශිල්ප සභාවේ සභාපති සම්පත් ඇරැහැපොළ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල ජාතික ශිල්ප සභා ප්‍රධාන කාර්යාලය පරිශ්‍රයේ පිහිටි පුහුණු මධ්‍යස්ථානයේ දී සිදුකෙරිණි.

මෙම අවස්ථාවට ජාතික ශිල්ප සභාවේ අධ්‍යක්ෂිකා අනුරි තිලකරත්න මහත්මිය, සහකාර අධ්‍යක්ෂ (පුහුණු) ආනන්ද ජයසිංහ මහතා, ගණකාධිකාරී වසන්ත කුමාර මහතා, සහකාර අධ්‍යක්ෂ (වැ.බ.) තාරකා කුලතුංග මහත්මිය, සහකාර අධ්‍යක්ෂ (වැ.බ.) ඩී ඩී මධුෂාන් මහතා, පුහුණු උපදේශිකාවන් වන ස්ටෙලා එදිරිසිංහ මහත්මිය සහ දර්ශනී චතුරිකා මහත්මිය ඇතුළු ජාතික ශිල්ප සභාවේ නිළධාරීන් සහ පාඨමාලා සඳහා අළුතින් එක්වූ පුහුණුලාභීන් එක්විය.

ජාතික ශිල්ප සභාව මගින් ක්‍රියාත්මක කරනු ලබන පුහුණු වැඩසටහන් මාලාව යටතේ 2024 වසර සඳහා බණ්ඩාරගම වික්‍රමශිලා පිරිවෙන් පරිශ්...
01/03/2024

ජාතික ශිල්ප සභාව මගින් ක්‍රියාත්මක කරනු ලබන පුහුණු වැඩසටහන් මාලාව යටතේ 2024 වසර සඳහා බණ්ඩාරගම වික්‍රමශිලා පිරිවෙන් පරිශ්‍රයේ ක්‍රියාත්මක කරනු ලබන පුහුණු පාඨමාලා ආරම්භ කිරීම 2024.02.20 දින ජාතික ශිල්ප සභාවේ සභාපති සම්පත් ඇ‍රැහැපොල මහතා සහ බණ්ඩාරගම වික්‍රමශිලා පිරිවේනාධිපති-සාහිත්‍යවේදී අතිපූජ්‍ය රොටැඹ පේමරථන ස්වාමින්වන්සේ ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

මෙවර එහි විශේෂත්වය නම් මෙතෙක් එහි ක්‍රියාත්මක වූ මෘදු සෙල්ලම් භාණ්ඩ (Soft toys) නිෂ්පාදන පුහුණු පාඨමාලාවට අමතරව පන් භාණ්ඩ නිෂ්පාදන පුහුණු පාඨමාලාවක්ද අළුතින් එක් කර තිබීමය.

ජාතික ශිල්ප සභාව මගින් ක්‍රියාත්මක කරනු ලබන අමුද්‍රව්‍ය වගා ව්‍යාපෘතිය යටතේ පසුගිය වසරේ දෙසැම්බර් මස බණ්ඩාරගම වික්‍රමශිලා පිරිවෙනට අයත් භූමිභාගයක පන් පැල 40,000 ක් සි‍ටුවීම සිදුකරන ලදි. ඉන් නෙලාගන්නා ලද පන් අමුද්‍රව්‍ය ලෙස යොදාගනිමින් මෙවර පන් භාණ්ඩ නිෂ්පාද පාඨමාලාවක්ද ආරම්භ කිරීමට හැකිවීම ජාතික ශිල්ප සභාව මගින් ගෙනයනු ලබන තිරසාර සංවර්ධන වැඩපිළිවෙලෙ සඳහා කදිම උදාහරනයක් වනු ඇත.

මෙම පුහුණු පාඨමාලා ආරම්භ කිරීමේ කෙටි උත්සවයට ජාතික ශිල්ප සභාවේ අධ්‍යක්ෂිකා අනුරි තිලකරත්න මහත්මිය, සහකාර අධ්‍යක්ෂ (පුහුණු) ආනන්ද ජයසිංහ මහතා, පුහුණු උපදේශිකා ඉශානි ප්‍රනාන්දු මහත්මිය ඇතුළු ජාතික ශිල්ප සභාවේ නිළධාරීන්, බණ්ඩාරගම වික්‍රමශිලා පිරිවෙනේ නාමල්තලාවේ දමිත ස්වාමින්වහන්සේ ඇතුළු ගුරු මහත්ම මහත්මීන් සහ දුවාදරුවන් මෙන්ම පාඨමාලා සඳහා අළුතින් එක්වූ පුහුණුලාභීන් එක්විය.

ගම්පහ - වලව්වත්ත පුහුණු මධ්‍යස්ථානයේ නව බතික් පුහුණු පාඨමාලාවක් ආරම්භ කිරීම 2024.02.21 (අද) කුඩා කර්මාන්ත හා ව්‍යවසාය සං...
21/02/2024

ගම්පහ - වලව්වත්ත පුහුණු මධ්‍යස්ථානයේ නව බතික් පුහුණු පාඨමාලාවක් ආරම්භ කිරීම 2024.02.21 (අද) කුඩා කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මැතිතුමා සහ ජාතික ශිල්පි සභාවේ සභාපති සම්පත් ඇරැහැපොළ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

දීර්ඝ කාලයක් තිස්සේ වසා දමා ගරා වැටෙමින් පැවැති මෙම පුහුණු මධ්‍යස්ථානය සංවර්ධනය කර බතික් පාඨමාලාව සඳහා අවශ්‍ය අපද්‍රව්‍ය පිරිපහදු ඒකකයක් ඇතුළු යටිතල පහසුකම් ස්ථාපිත කරන ලද මෙම පුහුණු මධ්‍යස්ථානයේ අද දින දින දහයක කෙටි පුහුණු පාඨමාලාවක් මෙලෙස ආරම්භ කරන ලදී. ඉදිරියේදී මෙම ස්ථානයේ NVQ සහතික පත්‍ර පුහුණු පාඨමාලාවක් ආරම්භ කිරීමට මේ වන විටත් සියලු කටයුතු සැලසුම් කර ඇත.

මෙම විවෘත කිරීමේ අවස්ථාවට ජාතික ශිල්ප සභාවේ අධ්‍යක්ෂිකා අනුරී තිලකරත්න මහත්මිය, සහකාර අධ්‍යක්ෂ (පුහුණු) ආනන්ද ජයසිංහ මහතා ඇතුළු ජාතික ශිල්ප සභාවේ නිලධාරීන්, අමාත්‍යතුමාගේ කාර්ය මණ්ඩල නිලධාරීන්, පාඨමාලාව සඳහා සම්බන්ධ වී සිටින පුහුණු ලාභීන් ඇතුළු විශාල පිරිසක් එක් විය.

ජාතික ශිල්ප සභාව මගින් සංවිධානය කරන ලද "ශිල්ප අභිමානී 2023" ජනාධිපති සම්මාන හස්ත කර්මාන්ත තරගාවලියේ ජයග්‍රහණ හිමිකර ගත් ...
21/02/2024

ජාතික ශිල්ප සභාව මගින් සංවිධානය කරන ලද "ශිල්ප අභිමානී 2023" ජනාධිපති සම්මාන හස්ත කර්මාන්ත තරගාවලියේ ජයග්‍රහණ හිමිකර ගත් බස්නාහිර පළාතේ හස්ත කර්මාන්ත ශිල්පීන් හට සම්මාන ප්‍රදානය කිරීම සඳහා බස්නාහිර පළාත් සභාව මගින් පළාත් මට්ටමින් සංවිධානය කරන ලද "පෑලදිග විස්කම්" සම්මාන උළෙල 2024.02.21 (අද) බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරවර මාෂල් ඔෆ් මාෂල් ඔෆ් ද එයාෆෝස් රොෂාන් ගුණතිලක මහතා, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ධම්මිකා විජේසිංහ මහත්මිය, ජාතික ශිල්ප සභාවේ සභාපති සම්පත් ඇරැහැපොළ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ ප්‍රධානත්වයෙන් බස්නාහිර පළාත් සභා ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ජයග්‍රාහී හස්ත කර්මාන්ත ශිල්පීන් 125 දෙනෙකු මෙහිදී සම්මානයට පාත්‍ර වූ අතර ජාතික ශිල්ප සභාවේ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් සහ හස්ත කර්මාන්ත ශිල්පීන් රැසක් මෙම උත්සව අවස්ථාවට සහභාගී විය.

● හින්දුස්ථාන් ෂීස්ම් ආකර්ෂණීයයි ශ්‍රී ලංකාවSurajkund Mela හි ශ්‍රී ලංකා කුටියේ සිට අත්කම් භාණ්ඩ දෙස බලන කාන්තාවන්.හනුමන...
15/02/2024

● හින්දුස්ථාන් ෂීස්ම්
ආකර්ෂණීයයි ශ්‍රී ලංකාව

Surajkund Mela හි ශ්‍රී ලංකා කුටියේ සිට අත්කම් භාණ්ඩ දෙස බලන කාන්තාවන්.

හනුමන් ජීගේ විවිධ වෙස් මුහුණු ද පොල්කටුවලින් සකස් කර ඇති බව නීල්මිණි පැවසුවාය. මේ හැර කෝප්ප, පිඟන් සහ තවත් බොහෝ කුස්සියට උපකරණ එයින් සාදා ඇත. කන් මුදු සහ මාල ද පොල් කටුවෙන් සාදා ඇත. මේ සියල්ල සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමී නිෂ්පාදන වේ. රුපියල් 200 සිට 10,000 දක්වා නිෂ්පාදන ඇති බව ඔහු පැවසීය.

ෆරිදාබාද්, ජ්‍යෙෂ්ඨ වාර්තාකරු සුරාජ්කුන්ඩ් ජාත්‍යන්තර ප්‍රදර්ශනයට ශ්‍රී ලාංකික හස්ත කර්මාන්ත ශිල්පීන් වන ගිහාන් පැමිණ ඇත්තේ විශ්මිත කලා සාම්පල රැගෙනය. ශ්‍රී ලාංකේය මහෝගනී, ෂීෂම් ලීවලින් සාදන ලද කුඩා හා විශාල පෙට්ටි සහ ඒවායේ ඇති සිතුවම් ඒවා ඉතා ආකර්ෂණීය කරයි.

ගිහාන් පවසන්නේ ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික කලාව වසර 200කට වඩා පැරණි බවයි. කාන්තාවන් ස්වර්ණාභරණ සහ අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ පෙට්ටිවල තබා ගනී. මේ හැර කෑම පෙට්ටි ද සකස් කෙරේ. මෙය මත, ගස් වලින් වර්ණ සකස් කර ඇත. මේවා බැලීමට ඉතා ආකර්ශනීය බව පෙනේ. ශීත, තුව, ගිම්හානය සහ වර්ෂාව තුළ මේවා නරක් නොවේ.

බතික් කලාව පිළිබඳ විස්මිත උදාහරණ ද තිබේ: අනෙකුත් හස්ත කර්මාන්ත ශිල්පිනී නීල්මිණි පැවසුවේ ශ්‍රී ලංකාවේ බතික් කලාව වෙනත් රටවලට වඩා වෙනස් බවයි. මෙය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවේ අතින් නිමවූ කලාවකි. බතික් කලාව බ්ලේසර්, ෂර්ට්, තිර රෙදි, බෑග් ඇතුළු බොහෝ භාණ්ඩ ගෙනැවිත් ඇත.

පොල්කටු විසි නොකරන්න: ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගය සංචාරක ව්‍යාපාරයයි. මේ හැර ලංකාවේ පොල් වගාවත් හොඳයි. පොල්වතුර පානය කිරීමෙන් පසු කිසිවකු කටුව ඉවත නොදමන අතර එය එකතු කර එම කටුවෙන් විවිධ නිෂ්පාදන නිපදවන සමාගම් වෙත රැගෙන යයි.

मेले में सोमवार को श्रीलंका की स्टॉल पर कलाकृतियों को देखती महिलाएं। ● हिन्दुस्तान
शीशम की लकड़ी के बक्से आकर्षित कर रहे
श्रीलंका

नारियल के खोल पर हनुमान
नीलमिनी ने बताया कि नारियल के खोल से हनुमान जी विभिन्न तरह के मुखौटे भी तैयार किए गए हैं। इसके अलावा उससे कप, प्लेट व अन्य कई किचन के सामान बनाए गए हैं। नारियल के खोल से कानों के कुंडल और गले का हार भी तैयार किया गया है। यह सभी पूरी तरह से इको फ्रेडली उत्पाद हैं। उन्होंने बताया कि उनके पास 200 रुपये से लेकर 10 हजार रुपये तक के उत्पाद हैं।

फरीदाबाद, वरिष्ठ संवाददाता। सूरजकुंड अंतरराष्ट्रीय मेले में श्रीलंका के हस्तशिल्पी गिहान लेकर कला के अद्भुत नमूने लेकर पहुंचे हैं। श्रीलंकन महोगनी, शीशम की लकड़ी से तैयार छोटे-बड़े बक्सों और उस पर की गई चित्रकारी बेहद आकर्षक बनाती है।

गिहान का कहना है कि लेकर श्रीलंका की परंपरागत कला 200 वर्षों से अधिक पुरानी है। बक्सों में महिलाएं आभूषण और अन्य आवश्यक सामग्री रखती हैं। इसके अलावा इसके लंच बॉक्स भी तैयार किए जाते हैं। इसके ऊपर पेंड़ों से निकलने वाले रंग से तैयार किए जाते हैं। यह देखने में बहुत ही आकर्षक दिखाई देते हैं। यह सर्दी, गर्मी और बारिश में खराब नहीं होते हैं।

बाटिक कला के भी हैं अद्भुत नमूने: अन्य हस्तशिल्पी नीलमिनी ने बताया कि श्रीलंका की बाटिक कला अन्य देशों के मुकाबले भिन्न है। यह श्रीलंका में पूरी तरह हस्तनिर्मित कला है। बाटिक कला में ब्लेजर, शर्ट, परदे, बैग सहित कई वस्तुएं लेकर आई है।

नारियल के खोल नहीं फेंकेते: श्रीलंका की मुख्य आय का साधन पर्यटन है। इसके अलावा श्रीलंका नारियल की खेती भी अच्छी होती है। कोई भी नारियल पानी पीने के बाद खोल को फेंकता नहीं है, बल्कि उसे एकत्र करके खोल से विभिन्न उत्पाद बनाने वाली कंपनियों में ले जाया जाता

37 වන වරටත් ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ පැවැත්වෙන Surajkund Crafts Mela අන්තර්ජාතික හස්ත කර්මාන්ත ප්‍රදර්ශනය මෙම දිනවල ...
15/02/2024

37 වන වරටත් ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ පැවැත්වෙන Surajkund Crafts Mela අන්තර්ජාතික හස්ත කර්මාන්ත ප්‍රදර්ශනය මෙම දිනවල පැවැත්වේ..

ජාතික ශිල්ප සභා මගින් ද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් හස්ත කර්මාන්ත ශිල්පීන් 8 දෙනෙකු සඳහා ඊට සහභාගි වීම සඳහා අවස්ථාව හිමිකර දෙන ලදී. හතර දෙනා බැගින් වූ කණ්ඩායම් දෙකක් වශයෙන් ශිල්පීන් සහභාගී කරවූ අතර ඉන් පළමු කණ්ඩායම 2024.02.02 සිට 10 දක්වා දිනයන්හි එහි රැඳී සිට සිය අලෙවි කටයුතු සිදු කර හොඳ අලෙවි ආදායමක් ලබා දිවයින බලා පැමිණෙන ලදී.

දෙවන කණ්ඩායම 2024.02.11 සිට සිට වෙළඳාම් කටයුතු සිදුකරගෙන යනු ලබන අතර 18 දා මෙම අන්තර්ජාතික අලේපොළ අවසන් වීමට නියමිතය..

දිනකට ලක්ෂ සංඛ්‍යාත දෙස් විදෙස් ජනකායක් මෙම අලේපොළ සඳහා ඇදී එන අතර ශ්‍රී ලංකාව ඇතුළු සෑම රටකම හස්ත කර්මාන්ත ශිල්පීන්ට සිය නිර්මාණ අලෙවි කර ගැනීමටත්, විදෙස් රටවල හස්ත කර්මාන්ත නිර්මාණ දැක බලා ගැනීමෙන් සිය නිර්මාණ සංවර්ධනය කර ගැනීමටත් Surajkund Crafts Mela ඉතා හොඳ පිටුවහලක් වනු ඇති නොඅනුමානය..

Address

Folk Art Centre Complex, Rohina Mw, Pelawatta
Battaramulla

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94112784425

Alerts

Be the first to know and let us send you an email when National Crafts Council - NCC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to National Crafts Council - NCC:

Videos

Share