Agriculture Sector Modernization Project

Agriculture Sector Modernization Project Agriculture Sector Modernization Project
State Ministry of Minor Crops related Industries and Export Promotion

සඳුදා මව්බිම ......... 💙Her අතිරේකය❤          දියුණු වන මිනිසෙක්ට මී කුණත් නිධානයක් බව පෙන්වා දුන්නේ පන්සිය පනස් ජාතක පො...
17/01/2024

සඳුදා මව්බිම ......... 💙Her අතිරේකය❤


දියුණු වන මිනිසෙක්ට මී කුණත් නිධානයක් බව පෙන්වා දුන්නේ පන්සිය පනස් ජාතක පොතය. එය එදාට පමණක් නොව අදටද වලංගු කාරණයකි. දියුණුවේ හිණි පෙතේ සිටින ව්‍යාපාරිකයන්ගේ ජීවිත කතා සොයා බැලුවහොත් ඔවුන් ජීවිතය දිනා ගත්තේ ඉතා කුඩා දෙයකින් නමුත් ඉමහත් වෙහෙසකින්, කැප කිරීමකිනි. සේනානි ප්‍රඩට්ස් පෞද්ගලික සමාගමේ හිමිකාරිණිය වූ සේනානි වරුසවිතාන මහත්මියත් ජීවිතයේ බොහෝ හැල හැප්පීම් වලට මුහුණ දී ජීවිතය දිනා ගත් තැනැත්තියකි. ඇය ජීවිතය ජය ගත්තේ ගොරකා වලිනි. මේ ගොරකා වලින් ජීවිතය ජය ගත් සේනානිගේ කතාවය.
• ඔබේ ජීවිතය දිනා ගත්තෙ ගොරකා ගෙඩියෙන් කියලා මම කිව්වොත්?
හරියට හරි ආර්ථිකව වගේම මානසිකවත් මම බිංදුවටම වැටිලා හිටපු මොහොතක මම ජීවිතය දිනා ගන්න පාර හොයා ගත්තෙ ගොරකා ගෙඩියකින්.

• ඒ කතාවේ සාරංශයනේ. අපි කතාව මුල ඉදන්ම පටන් ගමු?
මමයි මගේ සැමියයි බොහොම සාර්ථක අතමිට සරු ජීවිතයක් ගෙව්වෙ. අපි රැකියාව කළේ ජපානයේ. ඒත් ලංකාවෙ අංග සම්පූර්ණ ගෙදරක් අරගෙන යාන වාහනත් අරගෙන තිබුණෙ. නොසිතුව මොහොතක මගේ සැමියා අසනීප වුණා. ජපානයේදී ඔහුට ප්‍රතිකාර කළත් කිසිම සුවයක් ලැබුණේ නැහැ. මුදල් ප්‍රමාණයත් අඩු වේගෙන එනවා. සැමියාට රැකියාවට යන්න බෑ. ඔහු ව දාලා මට රැකියාවට යන්නත් බෑ. ඒ නිසා අපි ලංකාවට එන්න තීරණය කළා.

• ලංකාවට ආවට පස්සෙ තමන්ගේ මිනිස්සු අතරෙ කරදර බාධක ආවත් සිතට සැනසීමක් දැණෙන්න ඇති?
ඔව්. අපිත් හිතුවෙ එහෙම තමයි. මුලදි අපිට හුඟක් අය උදව් කළා. මොකද ඒ විටත් අපි ආර්ථිකව වැටිලා හිටියෙ නැහැ. නමුත් අතේ තුබුණ සල්ලියි, ඉතුරුම්වල සල්ලියි, ගෙවල් දොරවල් යාන වාහන සියලු දේ ප්‍රතිකාර සඳහා වියදම් වුණාට පස්සේ හිතවත්, නෑදෑයො කියන අය අපට ඉතුරු වුණේ නැතිම තරම්. අන්තිමට අපි දෙන්නා ජීවත් වුණේ පුංචි ලෑලි මඩුවක. දෙන්නටම රස්සාවක් නෑ. ආදායමක් නෑ. අපි දෙන්නට අපි දෙන්නා විතරයි ඉතුරු වුණේ.

• ශාරීරිකව වැටෙනවාට වඩා අපහසුයි මානසිකව වැටෙන එක?
ඔව්. ඒත් වාසනාවට මම මානසිකව වැටුණෙ නැහැ. මම හිතුවෙම කොහොම හරි නැඟිටින්න. මගේ අත්තම්මා වෙද හාමිනේ කෙනෙක්. එයා ගෙදරට අවශ්‍ය කුළුබඩු හදන්නෙ ගෙදර මයි. ගොරකා පේස්ට් එක හදන්නෙත් ගලේ අඹරලා. මට හිතුණා අපි ඉන්න කාර්ය බහුල පරිසරයත් එක්ක රස්සාවට යන කාන්තාවන්ට ගොරකා ගලේ අඹරලා මාළු ඇඹුල් තියල්, මස් වර්ග හදන්න අපහසුයිනේ කියලා. ඒ අයට ගොරකා පේස්ට් එකක් තිබුණොත් ලොකු පහසුවක් වෙයි කියලා හිතුණා. යාළුවෙක්ගෙන් ගොරකා කිලෝ එකක් ඉල්ලගෙන අත්තම්මගේ වට්ටෝරුවට මම ගොරකා පේස්ට් හැඳුවා. යෝගට් වගේ පොඩි ප්ලාස්ටික් කප් ටිකක් අරගෙන හදපු පේස්ට් එක ඒවාට දැම්මා. ඊට පස්සෙ තමයි නමක් දාන්න ඕනෙනේ කියලා මතක් වුණේ. මට සුදුසු නමක් ඔළුවට ආවෙම නැහැ. අන්තිමට මගේ නම තමයි හොඳම නම කියලා හිතලා මම මේ නිෂ්පාදනයට සේනානි කියලා නම දැම්මා.

• හිතුවා වගේම නිෂ්පාදනයට හොඳ ප්‍රතිචාර ලැබෙන්න ඇති?
නැහැ. කවුරුවත් මගේ නිෂ්පාදන මිලදී ගත්තෙ නැහැ. ගොරකා පේස්ට් ටික මල්ලක දාගෙන මම පානදුර ටවුමෙම ඇවිද්දා. විකිණුනේ නැහැ. පළවෙනි දවසේ මම හිස් අතින්ම ගෙදර ආවා. දුක නොහිතුණා නෙමෙයි. ඒත් මම කඩාගෙන වැටුණෙ නැහැ. උත්සාහය අත ඇරියෙත් නැහැ. ඔය අතරෙ තමයි පානදුර සතොස මගේ නිෂ්පාදනය තමන්ගෙ රාක්කෙ තියන්න අවස්ථාව අරන් දුන්නේ. මම ඊට පස්සෙ දවස ගානේ ගිහින් විකිණෙනවද බලනවා. ඒත් නෑ..මම හිතුවා මිනිස්සු මේ ගැන දැණුවත් නෑ කියලා. ඊට පස්සෙ මම ගොරකා වල ආයුර්වේද ගුණයයි, ගොරකා පේස්ට් එකෙන් හදන කෑම වර්ගයි සඳහන් කරලා පොඩි පෝස්ටරයක් හදලා ගොරකා පේස්ට් එක තියන තැනින් තිබුණා. මගේ උත්සාහය දින කීපයකින් සාර්ථක වුණා. මගේ ගොරකා පේස්ට් එකට ඉල්ලුමක් ලැබුණා. ඒ තමයි මගේ ආරම්භය.

• අද වන විට ඔබ ගොරකා පේස්ට් විදෙස් රටවලටත් අපනයනය කරන, ගොරකා ඇතුළු බොහෝ කුළු බඩු නිෂ්පාදනය කරන, ව්‍යවසායකත්ව සම්මාන දිනා ගත් දක්ෂ ව්‍යවසායිකාවක්?
2023 ව්‍යවසායකත්ව සම්මාන උළෙලේ බස්නාහිර පලාතේ හොඳම කාන්තා ව්‍යවසායිකාව වෙන්න මට පුළුවන් වුණා. ඒ වගේම පහුගිය අවුරුදු වලත් මට සම්මාන පිට සම්මාන ලැබුණා. ඒ ගැන නම් මම ආඩම්බර වෙනවා. මොකද පුංචි කාලයක් ඇතුලත මට නැගිටින්න පුළුවන් වුණා. එහෙම වුණේ මගෙ උත්සාහය නිසා. මගේ සැමියා යෝධ හෙවනැල්ලක් වගේ හැම දේටම උදව් කළා. අපි දෙන්නා මගේ ගොරකා පේස්ට් එකට වෙළඳ පොළ හොයාගෙන ගියා. සමහර තැන් වලින් ප්‍රතික්ෂේප වුණා. තවත් තැන්වලින් පිළිගත්තා. කොහොම හරි අපි නමක් වගේම වෙළඳ පොලක් හොයා ගත්තා. හිත හොඳ මිනිස්සු වගේම හිත හොඳ මිනිසුන් සිටින රාජ්‍ය ආයතන මේ තත්ත්වයට එන්න මට උදව් කළා. විදාතා ආයතනයෙන් තමයි මට මුළින්ම පුහුණුව ලැබුණේ. ප්‍රාදේශීය ලේකම්කාර්යාලයේ සිට සෑම රාජ්‍ය ආයතනයක්ම මට උදව් කළා.

• රාජ්‍ය ආයතනවල සහයෙන් ඔබේ ව්‍යාපාරය දියුණු කර ගත්ත කියලද ඔබ කියන්නේ?
මගේ උත්සාහය තරමට ඒ ආයතන වල සහයත් මගේ දියුණුවට ඉනි මගක් වුණා. විශේෂයෙන් 2017 වසරේදී ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ කෘෂිකර්ම අංශය නවීකරණ ව්‍යාපෘතියෙන් ව්‍යවසායකයන්ට මූල්‍ය ගැලපුම් ප්‍රදාන ලබාදෙන බව ආරංචි වුනා. එතකොට මම කුඩා ව්‍යාපාරිකයෙක්. නමුත් මම අයදුම් කළා. මාව ඒ ව්‍යාපෘතිය ලබා දෙන්න තෝරා ගත්තා. දැන් ඒ ව්‍යාපෘතිය තියෙන්නේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ. කොහොම වුණත් රජයේ ආයනයකින් ලැබුණු රු.මි. 24.5ක මුදල නිසා මට නොසිතුව ලෙස මගේ ව්‍යාපාරය වැඩි දියුණු කර ගෙන ඉදිරියට යන්න පුළුවන් වුණා. නව කර්මාන්ත ශාලාවක් හදලා අපනයනය සඳහා සුදුසු නිශ්පාදන බිහිකරන්න අවශ්‍ය යන්ත්‍ර උපකරණ මිලදී ගත්තා. කෙටියෙන්ම කිව්වොත් ගලේ ගොරකා අඹරපු මට නවීන කර්මාන්ත ශාලාවක නවීන යන්ත්‍රසූත්‍ර භාවිතා කරන්න ලැබුණේ මේ ව්‍යාපෘතියෙන් ලැබුණු මුදල නිසා.

• නමුත් නැවත වතාවක් දෛවය ඔබගේ ආත්ම ශක්තිය පරීක්ෂා කරන්න උත්සාහ කළා නේද?
ඔව්. නොසිතුව මොහොතක , සියල්ල හොඳින් සිදුවෙමින් පවතින මොහොතක මට දැන ගන්න ලැබුණා මම පිලිකා රෝගියෙක් කියලා. වෙන කෙනෙක් නම් ගතින් හිතින් කඩා වැටෙයි. ඒත් මම කඩා වැටුණෙ නැහැ. මිනිස්සුන්ටනේ ලෙඩ හැඳෙන්නේ. ලෙඩක් හැඳුන පමණින් මැරෙන්නෙ නැහැනේ. මම හිතුවා ඒ අභියෝගයත් ජය ගන්නවා කියලා. ගතින් වැටුණු මම හිත ශක්තිමත් කරගෙන ප්‍රතිකාර ආරම්භ කළා. මම රෝගියෙක් කියලා දැනගන්න විට ASMP එකෙන් මූල්‍යාධාර ලැබිලා කර්මාන්ත ශාලාව හදන්න ආරම්භ කළා විතරයි. මම ව්‍යාපාරය මගේ කළමනාකරුට බාර දුන්නා. මහත්තයායි මමයි මගේ රෝගය සුවපත් කරන්න වෙහෙසුණා. මට ඕන වුණේ සුවපත් වෙන්න. දැන්ම මැරෙන්න උවමනාවක් මට තිබුණෙ නැහැ. ව්‍යාපාරය තමයි ලොකුම හීනය. මම ඒ හීනය වෙනුවෙන් ජීවත් වුණා. මම ප්‍රතිකාර ගන්න කාලේ මගේ කළමනාකාරතුමා මම හිතුවා වගේම මගේ කර්මාන්තශාලාවෙ නවීන යන්ත්‍ර සූත්‍ර සමඟ ඉදිකිරීම් කටයුතු කළා. මම සුව වෙලා අංගසම්පූර්ණ කර්මාන්තශාලාවකට තමයි ආවේ. ඒ සම්පූර්ණ ගෞරවය හිමි වෙන්න ඕන මගේ කළමනාකරතුමා ඇතුළු සේවක මණ්ඩලයට.

• මෙච්චර ආත්ම ශක්තියක් ඔබට ලැබුණෙ කොහොමද?
මම කොහොමත් අභියෝග වලට බය කෙනෙක් නෙමෙයි. හිතුවොත් දෙයක් කරන කෙනෙක්. ඒ නිසා මම හරි ශක්තිමත් කාන්තාවක්.ලෙඩකට මාව ගතින් වට්ටන්න පුළුවන් වුණාට හිතින් වට්ටන්න බෑ. හැම කාන්තාවකටම මම කියන්නේ ඔබ ඇතුලේ ඉන්න ශක්තිමත් ගැහැණියට එළියට එන්න ඉඩ දෙන්න. එදාට ඔබේ ධෛර්යයට , සාර්ථකත්වයට අභියෝග කරන්න කාටවත් බෑ.

හිමේෂා රාජපක්ෂ

පාදුක්ක, මීපේ පිහිටි “ලංකා අලුටෙක් පෞද්ගලික සමාගම‍” (Lanka Alutec (Pvt) Ltd)   ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයට අවශ්‍ය බොයිලේරු ...
11/01/2024

පාදුක්ක, මීපේ පිහිටි “ලංකා අලුටෙක් පෞද්ගලික සමාගම‍” (Lanka Alutec (Pvt) Ltd) ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයට අවශ්‍ය බොයිලේරු ක්‍රියාත්මක කිරීම සඳහා පරිසර හිතකාමී උඳුන් නිෂ්පාදනායතනයකි. මෙම උඳුන් හි විශේෂත්වය වන්නේ දර, කෘෂි අපද්‍රව්‍ය, දහයියා ඛනිජ තෙල් වැනි අවම නිෂ්පාදන වියදමක් ඇති ද්‍රව්‍ය දහනය කාර්යක්ෂමව හා පරිසර හිතකාමී ලෙස භාවිත කිරීමය. මෙම ව්‍යාපෘතියේ වටිනානම රු. මි.64.28කි. කෘෂිකර්ම අංශය නවීකරණ ව්‍යාපෘතිය මඟින් මෙම උඳුන් නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ලබා ගැනීමට රු.මි 26.60ක ගැළපුම් ප්‍රදානයක් ලබා දීමට අනුමත වී ඇති අතර පළමු ප්‍රදානය පසු ආයතනයේ වත්මන් තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා කෘෂිකර්ම අංශය නවීකරණ ව්‍යාපෘතියේ නිළධාරීන් පසුගියදා සහභාගී විය.

අමුද්‍රව්‍ය ලෙස පිදුරු, පොල් කොළ, කෙසෙල් පතුරු භාවිත කරමින් කඩදාසි නිෂ්පාදනය කර එම කඩදාසි උපයෝගි කර ගනිමින් අඹ ආවරණ නිෂ්...
10/01/2024

අමුද්‍රව්‍ය ලෙස පිදුරු, පොල් කොළ, කෙසෙල් පතුරු භාවිත කරමින් කඩදාසි නිෂ්පාදනය කර එම කඩදාසි උපයෝගි කර ගනිමින් අඹ ආවරණ නිෂ්පාදනය කරන පිළියන්දල, “රත්නායක ඉන්ඩස්ට්‍රීස් පෞද්ගලික සමාගම” කෘෂිකර්ම අංශය නවීකරණ ව්‍යාපෘතියෙන් ගැලපුම් ප්‍රදාන හිමි කර ගැනීම සඳහා අනුමත වූ ආයතනයකි. දැනට විදේශීය වෙළඳපොල ඉලක්ක කර වගා කරනු ලබන අඹ සඳහා වඩාත් උසස් තත්ත්වයේ ඵලදාවක් ලබා ගැනීම වෙනුවෙන් කාබන් ආවරණ භාවිත කරනු ලැබේ. රත්නායක ඉන්ඩස්ට්‍රීස් හි නිෂ්පාදනය කරන කඩදාසි භාවිත කරමින් කාබන් ආරක්ෂිත පටල සහිත අඹ ආවරණ මෙන්ම කෘෂි උපකරණයන්හි වායු සහ තෙල් පෙරහන ද නිෂ්පාදනය කෙරේ. ව්‍යාපෘතියේ මුළු වටිනාකම රු.මි 29.51කි. කෘෂිකර්ම අංශය නවීකරණ ව්‍යාපෘතියෙන් ගැලපුම් ප්‍රදානයක් ලබා ගැනීම සඳහා අනුමත වූ මුදල රු.මි.14.75කි. අදියර තුනක් යටතේ ලබා දෙන ගැලපුම් ප්‍රදානයේ පළමු ගැලපුම් ප්‍රදානයෙන් පසු නව යන්ත්‍රෝපකරණ කර්මාන්ත ශාලාවට එක් වී ඇති අයුරු ඡායාරූප වලින් දැක්වේ.

අපනයන වෙළඳ පොළ තුල ඉතා හොඳ ඉල්ලුමක් ඇති මොනඩෝන් ඉස්සන් (කළු ඉස්සන්) සහ වනමි ඉස්සන් (කිරි ඉස්සන් )  අපනයනය ඉලක්ක කර ගනිමි...
09/01/2024

අපනයන වෙළඳ පොළ තුල ඉතා හොඳ ඉල්ලුමක් ඇති මොනඩෝන් ඉස්සන් (කළු ඉස්සන්) සහ වනමි ඉස්සන් (කිරි ඉස්සන් ) අපනයනය ඉලක්ක කර ගනිමින් වගා කරන හලාවත විලානි ඇක්වා ප්‍රඩක්ට්ස් පෞද්. සමාගම රු. මි. 149 ක ආයෝජනය කළ ව්‍යාපෘතියකි. එම ව්‍යාපෘතිය සඳහා කෘෂිකර්ම අංශය නවීකරණ ව්‍යාපෘතියෙන් රු. මි 48ක ගැලපුම් ප්‍රදාන ලබා දෙන ලදී. ගැලපුම් ප්‍රදාන ලැබීමට ප්‍රථම හතරැස් හැඩයේ මඩ පොකුණු තුළ ඉස්සන් වගාව සිදු කළ විලානි ඇක්වා ආයතනය ලැබූ මූල්‍ය ප්‍රදානයෙන් නව තාක්ෂණික අධි ජෛවාරක්ෂිත ක්‍රමවේදයට යටත්ව වක්‍රාකාර හැඩයේ පොකුණු 10ක් තම වගා බිමට එක්කර ගන්නා ලදී.

කෘෂිකර්ම අංශය නව්‍යකරණ ව්‍යාපෘතියෙන් රු. මි. 27 ක ප්‍රාග්ධන ගැලපුම් ප්‍රදාන හිමිකර ගත් හලාවත සදාසරණ ඇක්වා ප්‍රඩක්ට්ස් පෞ...
08/01/2024

කෘෂිකර්ම අංශය නව්‍යකරණ ව්‍යාපෘතියෙන් රු. මි. 27 ක ප්‍රාග්ධන ගැලපුම් ප්‍රදාන හිමිකර ගත් හලාවත සදාසරණ ඇක්වා ප්‍රඩක්ට්ස් පෞද්ගලික සමාගම ආනයන ආදේශකයක් ලෙස ධීවර කර්මාන්තය සදහා අවශ්‍ය මාළු දැල් නිෂ්පාදනායතනයකි. මෙම ව්‍යාපෘතියේ ආයෝජන වටිනාකම රු. මි.67 කි. මේ එම නිෂ්පාදන ක්‍රියාවලියේ අවස්ථා කිහිපයකි.

කුළුබඩු ආශ්‍රිත කර්මාන්තයේ ප්‍රධාන පාර්ශවකරුවන් (Spice Sector) හා කෘෂිකර්ම අංශය නවීකරණ ව්‍යාපෘතියෙන් (ASMP) ගැලපුම් ප්‍ර...
05/01/2024

කුළුබඩු ආශ්‍රිත කර්මාන්තයේ ප්‍රධාන පාර්ශවකරුවන් (Spice Sector) හා කෘෂිකර්ම අංශය නවීකරණ ව්‍යාපෘතියෙන් (ASMP) ගැලපුම් ප්‍රදාන ලබාගත් ව්‍යවසායකයින් අතර සාකච්ඡාවක් වැවිලි අමාත්‍යාශයේ අතිරේක ලේකම් (ප්‍රතිපත්ති හා මෙහෙයුම්), කෘෂිකර්ම අංශය නවීකරණ ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ, නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂ යන නිළධාරීන්ගේ ප්‍රධානත්වයෙන් සහ කෘෂිකර්ම අංශය නවීකරණ ව්‍යාපෘතියේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (ජනවාරි 4 ) දින අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
අගයදාම සාමාජිකයන් (Value Chain players) අතර සම්බන්ධීකරණය ඉහළ නැංවීම තුළින් සැපයුම්දාමය හා වෙළඳපොළ තිරසාරත්වය සහතික කිරීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ විය. සැපයුම් දාමයේ අඩුපාඩු හා ගැටළු පිළිබඳ සාකච්ඡා කිරීමත්, එම ගැටළු හඳුනා ගැනීම හා ඒ සඳහා විසඳුම් ලබා දීමට සහය වීමත් මේ සාකච්ඡාවේදී තවදුරටත් සිදු විය

Travel Agri💚 Episode12
30/12/2023

Travel Agri💚 Episode12

Travel Agri with ASMP💚❤නව්‍යකරණය වූ කෘෂිකාර්මික සංචාරය☘️🌿🌱දකුණු ආසියාවේ විශාලතම ඇක්වාෆොනික් කාබනික හරිතාගාරයේ අත්දැකීම් ...
15/12/2023

Travel Agri with ASMP💚❤
නව්‍යකරණය වූ කෘෂිකාර්මික සංචාරය☘️🌿🌱
දකුණු ආසියාවේ විශාලතම ඇක්වාෆොනික් කාබනික හරිතාගාරයේ අත්දැකීම් විදගන්න නරඹන්න💚

#

13/12/2023

Coming Soon - Travel Agri with ASMP🪴☘️🌿🌱- Episode 11

Episode 9 Travel Agri with ASMP💚❤
11/12/2023

Episode 9
Travel Agri with ASMP💚❤

ඈ නමින් මංජුලා ජානකීය. 2023 වර්ෂයේ කර්මාන්ත සංවර්ධන මණ්ඩලය විසින් සංවිධානය කළ ජාතික  විශිෂ්ඨතා සම්මාන උළෙලේ රසකැවිලි ආශ්...
07/12/2023

ඈ නමින් මංජුලා ජානකීය. 2023 වර්ෂයේ කර්මාන්ත සංවර්ධන මණ්ඩලය විසින් සංවිධානය කළ ජාතික විශිෂ්ඨතා සම්මාන උළෙලේ රසකැවිලි ආශ්‍රිත නිෂ්පාදන අංශයේ රිදී සම්මානය හිමිකර ගත්තී ද ඇය ය. මීට වසර 15කට පමණ පෙර රත්නපුර,කොලොන්න ප්‍රදේශයේ කුඩා දරුවන්ට අකුරු උගැන්වූ මංජුලා ව්‍යවසායිකාවක් වූයේ අහම්බයෙන්ය. රුපියල් 300 ක් ආයෝජනය කර පටන් ගත් ව්‍යපාරය අද රටට ඩොලර් ගෙන එන ව්‍යපාරයක් තරමට විශාලය. තල ආශ්‍රිත රස කැවිලි නිෂ්පාදනය කරන සකුරා ප්‍රඩක්ට්ස් ඇන්ඩ් එක්ස්පෝට් පෞද්ගලික සමාගමේ හිමිකාරිණිය අද Her සමඟ එක්වන්නේ ඇය ජීවිතය ජය ගත් ආකාරය පිළිබඳ ඔබට පවසන්නටය.
• පෙර පාසැල් පාලිකාව ව්‍යවසායිකාවක් වුණේ කොහොමද?

ඒක හරිම අහම්බයක්. පෙර පාසැල් පාලිකාවන්ට රත්නපුර පළාත් සභාවෙන් ව්‍යවසායකත්ව පුහුණු වැඩසටහනක් කලා. ඒ පුහුණුව අවසන් වෙන කොට ලබා ගත්ත න්‍යායික දැණුම අපි ප්‍රායෝගිකව කරලා පෙන්නන්න ඕනෑ. අපේ පැත්තේ හොඳ කිතුල් හකුරු තියනවා. ඒ නිසා මම හිතුවා කිතුල් හකුරු සහ තල ඇට වලින් රසකැවිලි නිෂ්පාදනය කරන්න. අපිට ඒ වෙනුවෙන් ව්‍යාපාර සැලසුමක් හදන්නත් ඕනෑ. ඉතිං මම ව්‍යාපාර සැලසුමකුත් හැදුවා. පුහුණුව අවසානයේ අපේ නිෂ්පාදන බලන්න නිළධාරීන් ගෙදරට එනවා. ඉතිං ඒ එන දවසේ කඩෙන් තල ග්රෑම් 500ක් ගෙනත්, කිතුල් හකුරුත් හොයාගෙන ගල් වංගෙඩියෙ තල කොටලා අතින් බෝල කරලා තමයි මම මගේ පළමු නිෂ්පාදනය හැදුවේ.

• හා හා පුරා කියලා හදපු නිෂ්පාදනයට පරීක්ෂකවරුන්ගෙන් ලැබුණු ප්‍රතිචාර කොහොමද?

ඉතා ඉහළයි. ඒ වගේම නිෂ්පාදන වියදම බැලුවම ලොකු වියදමකුත් යන්නෙ නැති නිසා පාරිභෝගිකයාට අඩු මුදලට ප්‍රමිතියෙන් උසස් නිෂ්පාදනයක් ලබා දෙන්න පුළුවන් කියලා ඒ ප්‍රායෝගික පරීක්ෂණයේදී මම තේරුම් ගත්තා. ඊට පස්සෙ මම පොඩ්ඩ පොඩ්ඩ තල බෝල නිෂ්පාදනය කළා. මුළින්ම මගේ පාරිභෝගිකයො වුණේ පෙර පාසලේ අම්මලා. මගේ සැමියයි මමයි තමයි මුලින්ම මේ නිෂ්පාදන කටයුතු පටන් ගත්තේ. ඊට පස්සේ මගේ පෙර පාසලේ දරුවෙකුගෙ අම්මා කෙනෙක් උදව්වට ගත්තා. ඒ විදියට 2008 අවුරුද්දෙ ගල් වංගෙඩියෙන් තල කොටලා තමයි මම මගේ නිෂ්පාදන ආරම්භ කළේ.

• කොහොමද අමුද්‍රව්‍ය හොයා ගත්තේ?

මට ඕනෑ කිතුල් හකුරුයි තලයි නේ. තල ගත්තේ ගමේ තොග කඩෙන්. කිතුල් හකුරු ගමෙන් හොයා ගත්තා. පස්සෙ පස්සෙ ඉල්ලුම වැඩි වෙනකොට තලත් ප්‍රමාණාත්මකව අවශ්‍ය වුණා. අන්තිමට අපි අක්කර 12 ක ඉඩමක් බද්දට අරගෙන තල වැව්වා.

• ඒ තල ප්‍රමාණය ඔබේ නිෂ්පාදන සඳහා ප්‍රමාණවත් ද?

නිෂ්පාදන ප්‍රමාණය ටිකෙන් ටික වැඩි වෙද්දි අවශ්‍ය අමුද්‍රව්‍ය ප්‍රමාණයත් වැඩි වෙනවා. අපිට සිද්ධ වුණා අපිටම අස්වැන්න ලබා දෙන තල ගොවීන් හොයා ගන්න. මොණරාගල, හම්බන්තොට ගොවි සංගම් එක්ක එකතු වෙලා තල වවන ගොවින්ට බීජ ලබා දීලා ඔවුන්ගේ අස්වැන්න මිලදී ගත්තා. දැන් නම් ඒ ප්‍රමාණයත් ප්‍රමාණවත් නැහැ. අපිට මාසෙකට තල කිලෝ 25000ක් විතර අවශ්‍ය වෙනවා. ඒ නිසා සූරියවැව, බදුල්ල, අනුරාධපුර, පොළොන්නරුව ප්‍රදේශවල තල ගොවියන් ගේ අස්වැන්නත් අපි මිලදී ගන්නවා. ගොවීන් 200ක් විතර අපි එක්ක එකතු වෙලා ඉන්නවා. ඊට අමතරව කිතුල් හකුරු හදන්න අවශ්‍ය කිතුල් පැණි අපිට ලබා දෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ කිතුල් ගොවියො.

• ඔබ ව්‍යාපාරය ආරම්භ කළේ එක් සේවිකාවක ගෙන්. අද කීදෙනෙක් ඔබේ ව්‍යාපාරයට සේවාව සපයනවාද?

අපේ කර්මාන්තශාලාවේ 58 දෙනෙක් සේවය කරනවා. ඉන් සීයට අනූ පහක්ම කාන්තාවො වීමත් විශේෂත්වයක්. ඒ සෘජු රැකියානේ. ඊට අමතරව තල ගොවියොත් එක්ක වක්‍ර රැකියා 200 කට වඩා මගේ ව්‍යාපාරය නිසා ලැබිලා තියනවා.

• තල ග්රූම් 500කින් ආරම්භ කරපු ව්‍යාපාරයක් ගිය දුරක්?

ඔව්. මම මීට අවුරුදු 16කට කලින් රු. 300ක් ආයෝජනය කරලා තමයි මේ ව්‍යාපාරය ස්වයං රැකියාවක් විදියට පටන් ගත්තේ. අද මම මාසෙකට මිලියන 20ක පමණ ආදායමක් ලබනවා. මගේ තල නිෂ්පාදන වගේම තල ඇටත් විදේශ රටවලටත් අපනයනය කරනවා.

• මේ තරම් දුරක් එන්න ලැබුණෙ ඔබේ හිතේ ධෛර්යය නිසාද?

හිතේ ධෛර්යයත් අඩුවක් නැතුව තිබුණා. මගේ සැමියගෙන් හොඳ සහයකුත් ලැබුණා. ඊට අමතරව රාජ්‍ය ආයතන වලින් මට ලැබුණු සහය ගැනත් කියන්නම ඕනෑ. ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පටන් අමාත්‍යාංශ දක්වාම මට අවශ්‍ය සහය ලැබුණා. විශේෂයෙන් 2017 දී ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ කෘෂිකර්ම අංශය නවීකරණ ව්‍යාපෘතිය ගැන දැන ගන්න ලැබීමත් 2018 දී ඒ ව්‍යාපෘතියෙන් ලැබුණු රු.මි 9ක ප්‍රාග්ධන ආධාර මුදලත් නොලැබෙන්න මේ තරම් දුරක් මේ තරම් ඉක්මනට යන්න ලැබෙන්නනේ නැහැ. ඒ මුදල ලැබීම තමයි මගේ ව්‍යපාරයේ වගේම ජීවිතයේ හැරවුම් ලක්ෂය වුණේ. මොකද ඒ වෙනතුරු අපේ නිෂ්පාදන අපි හැදුවෙ යන්ත්‍ර සූත්‍ර වලින් නෙමෙයි. හිටියෙ සේවකයො හත් අට දෙනයි. ඊට පස්සෙ අපි තල ඇට වර්ණ අනුව වෙන්කරන කලර් සෝටරයේ සිට නවීන යන්ත්‍ර සූත්‍ර භාවිතා කළා. සේවක සංඛ්‍යාව 58 දක්වා වැඩි වුණා. නිෂ්පාදන ධාරිතාව වැඩි වුණා. තල ආශ්‍රිත නිෂ්පාදන වර්ග වැඩි වුණා. අපේම වාහන වල බෙදා හැරීම් කටයුතු කළා. සෘජුවම නොවුණත් වක්‍රව හෝ අපනයන වෙළඳ පොළ හොයා ගත්තා. අවශ්‍ය හැම සහතිකයම නිෂ්පාදන වෙනුවෙන් ලබා ගත්තා. ඇත්තටම කිව්වොත් මම ඉතා සාර්ථක ව්‍යාපාරයක හිමිකාරිණියක් වුණා.

Travel Agri 💚with ASMPSiyane Agro Biotec
03/12/2023

Travel Agri 💚with ASMP
Siyane Agro Biotec

Address

Ministry Of Minor Crops Related Industries And Export Promotion, Level 16, Suhurupaya
Battaramulla
10120

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+94112886497

Alerts

Be the first to know and let us send you an email when Agriculture Sector Modernization Project posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Agriculture Sector Modernization Project:

Share