27/12/2025
සමාජ සංවර්ධන වැඩසටහන යටතේ ආර්ථික සංවර්ධනය උදෙසා ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාත්මක වන ස්වයංරැකියා සහ ව්‍යවසායකත්ව සංවර්ධන උපවැඩසටහන මගින් ස්වයංරැකියාව වැඩිදියුණු කරගැනිමට කුඩා හා සුළු පරිමාණ ව්‍යවසායකයින්ට මූල්‍ය ණය ප්‍රදානෝත්සවය 2025.12.26 වන දින නාගරික සංවර්ධන අධිකාරියේ ශ්‍රවණාගාරයේදි ගරු නියෝජ්‍ය අමාත්‍යතුමාගේ ප්‍රදානත්වයෙන් සිදු කරන ලදි .
මෙහිදි හදුනාගනු ලැබු ව්‍යවසායකයන් 86 දෙනෙකුට අවශ්‍යතාවය අනුව විධිමත් ක්‍රියාවලියක් ඔස්සේ ණය පහසුකම් ලබාදිමට නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය කටයුතු කරන ලදි. ඒ අනුව නිරන්තර පසු විපරම් ඔස්සේ ශක්තිමත් ව්‍යවසායකයෙකු නිර්මාණය කරමින් රටේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට දායක විම මෙම වැඩසටහන මගින් සිදුකරනු ලබයි.
Bimal Rathnayake Eranga Gunasekara