17/08/2026
“සතුටු රටක් Clean Sri Lanka ගමින් ගමට” - ජනසහන ජංගම සේවා මංගල වැඩසටහන ...................................................................................................................................
PART - 01
මිරිස්වත්ත, පිළේකුඹුර, ගල්තුඩුව සහ කොළණිය යන ග්‍රාම නිලධාරී වසම් කේන්ද්‍ර කර ගනිමින් සංවිධානය කළ ජනසහන ජංගම සේවා මංගල වැඩසටහන 2026.08.15 දින බෙන්තොට මිරිස්වත්ත මහා විද්‍යාලයීය පරිශ්‍රයේදී විශාල ජනසහභාගීත්වයක් සහිතව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, බෙන්තොට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති නිශාන්ත පෙරේරා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, ඉතා සාර්ථකව පවත්වන්නට යෙදුණි.
“පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” රාජ්‍ය ප්‍රතිපත්තිය සාක්ෂාත් කර ගනු වස් Clean Sri Lanka වැඩසටහනේ සාමාජීය, පාරිසරික සහ ආචාර ධර්මීය ක්ෂේත්‍රයන් ආවරණය කරමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සේවාවන් තවදුරටත් ජනතාවට සමීප කිරීම සදහාත් දීර්ඝ කාලයක් නොවිසඳුණු ගැටළු දිස්ත්‍රික් මට්ටමින් වූ අමාත්‍යාංශ/ දෙපාර්තමේන්තු නිලධාරීන් සම්බන්ධ කර ගනිමින් විසදුම් ලබාදීමේ අරමුණින් මෙම ජංගම සේවා වැඩසටහන සිදු කරන ලදි.
එහිදී වසම් මට්ටමින් සියළුම ක්ෂේත්‍ර නිලධාරීන් හරහා පූර්වයෙන් ගැටළු එක්රැස් කර ගැනීම, එකී ගැටළු ආමන්ත්‍රණය වන පරිදි මාසයකට අධික කාලයක් පුරාවට සියළුම ක්ෂේත්‍ර නිලධාරීන් විසින් සිය විෂයය ක්ෂේත්‍රයන්ට අදාලව තමන් විසින් සහ විශේෂ සම්පත් දායකයින් සම්බන්ධ කර ගනිමින් වැඩසටහන් 40කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක කිරීම, සහ 2026.08.15 දින අදාල කටයුතු වල අවසන් උත්සවය සිදු කරන ලදි. මෙම සමස්ථ කටයුත්ත පුරා මාස 03ක පමණ කාලවකවානුවක් පුරාවට සියළුම නිලධාරීන්ගේ දැඩි කැපවීම යටතේ සිදු කරන ලදි.
2026.08.15 දින මිරිස්වත්ත මහා විද්‍යාලයේ පැවති පැවති අවසන් උත්සව අවස්ථාව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, බෙන්තොට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති නිශාන්ත පෙරේරා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, Clean Sri Lanka ප්‍රාදේශීය සම්බන්ධීකාරක ප්‍රදීප කොඩිතුවක්කු මැතිතුමා, රුසිත නන්දන, සෞම්‍ය කුමාර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, ගාල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) ජී.ජී. ලක්ෂ්මි කාන්ති මැතිතුමිය ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් සහ සංඛේතාත්මකව ප්‍රතිලාභ ලබා දීමට තෝරා ගත් ප්‍රතිලාභීන් රාශියකගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදි.
2026.08.15 දින මිරිස්වත්ත මහා විද්‍යාලයීය ජංගම සේවා පරිශ්‍රයේදී...
• සුවනාරී, දන්ත, බෝනොවන රෝග, අක්ෂි... යන බටහිර වෛද්‍ය සායන,
• උප්පැන්න-විවාහ-මරණ සහතික කටයුතු, ජාතික හැඳුනුම්පත් කටයුතු, • වැඩිහිටි හැඳුනුම්පත් නිකුත් කිරීම, ව්‍යාපාර නාම සහතික නිකුත් කිරීම,
• අස්වැසුම, වැඩිහිටි, රෝගාධාර, ජනාධිපති අරමුදලේ දීමනා ගැටළු නිරාකරණය, සමාජ සේවා අංශයේ උපදේශන කටයුතු
• ඉඩම් ගැටළු නිරාකරණය,
• සමෘද්ධි ඉතුරුම් කටයුතු, ආයෝජන හා ණය සම්බන්ධ උපදෙස්,
• මත් නිවාරණය පිළිබඳ දැනුවත් කිරීම
... ආදී විශේෂ සේවාවන් රාශියක් සිදු කරන ලදි.
මෙහිදී තෝරාගත් ප්‍රතිලාභීන් වෙත සංඛේතාත්මකව ඉඩම් බලපත්‍ර ප්‍රධානය, ලියාපදිංචි කරන ලද ව්‍යාපාර නාම සහතික පත්‍ර ප්‍රධානය, ආපදා වන්දි චෙක්පත් ප්‍රධානය, නිවාස ආධාර චෙක්පත් ප්‍රධානය, රෝද පුටු ප්‍රධානය,දහම් පාසල් සදහා උපකරණ ප්‍රධානය, ජීවනෝපාය සංවර්ධනය සදහා ගම්මිරිස් පැල ප්‍රධානය ... ආදී ප්‍රතිලාභ රාශියක් විශේෂ ආරාධිත අමුත්තන් අතින් සිදු කරන ලදි.
මෙම සමස්ථ කටයුත්ත සංවිධානය කිරීමේලා පහත විස්තර සදහන් අංශ විශේෂ දායකත්වය දක්වන ලද අතර ඒ සම්බන්ධයෙන් ඒ සියළු පාර්ශ්වයන්ට අපගේ හෘදයාංගම ස්තුතිය පළ කර සිටිමු.
- ගාල්ල දිස්ත්‍රික් පාර්තිමේන්තු මන්ත්‍රී නිශාන්ත පෙරේරා මැතිතුමා, ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමා, අදාල වසම්වල ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමන්ලාට,
- ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) ජී.ජී. ලක්ෂ්මි කාන්ති මැතිතුමියට,
- බටහිර වෛද්‍ය සායන කටයුතු සදහා - ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, බලපිටිය, බෙන්තොට, රෝහල් වල වෛද්‍ය අධිකාරීවරුන්, වෛද්‍යවරුන් ඇතුළු සම්බන්ධ වූ සියළුම කාර්යය මණ්ඩල, බෙන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඇතුළු සියළුම කාර්යය මණ්ඩල වලට,
- වසම් වල වැඩසටහන් සදහා සම්පත් දායකත්වය ලබාදුන් පශු වෛද්‍ය නිලධාරී, ප්‍රජා සෞඛ්‍ය ආයුර්වේද වෛද්‍ය නිලධාරී, දිස්ත්‍රික් වැඩිහිටි නිලධාරී, කෘෂි රක්ෂණ මන්ඩලයේ සහකාර අධ්‍යක්ෂ, පහලගම්හය කෘෂිකර්ම උපදේශක නිලධාරී ඇතුළු සම්පක් දායකවරුන් සියළු දෙනාට,
- පළාත් ඉඩම් කොමසාරිස්, නියෝජ්‍ය ඉඩම් කොමසාරිස්, සහකාර ඉඩම් කොමසාරිස්වරුන්,මූලස්ථාන ඉඩම් නිලධාරීන්, ඉඩම් නිලධාරීන්ට,
- පළාත් වෙළඳ අමාත්‍යාංශ ලේකම්, සහකාර ලේකම් ඇතුළු සියළුම නිලධාරීන්ට,
- ප්‍රවාහන පහසුකම් සදහා දායකත්වය ලබාදුන් බලපිටිය ප්‍රාදේශීය ලේකම්ට,
- පාසල් පරිශ්‍රය සහ සෙසුපහසුකම් ලබාදුන් මිරිස්වත්ත විදුහලේ විදුහල්පතිට,
- බෙන්තොට, ඌරගස්මංහන්දිය, කොස්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරුන්ට සහ සම්බන්ධවූ සියළුම නිලධරයන්ට,
- කාර්යාලයේ සියළුම මාණ්ඩලික නිලධාරීන්, අංශ ප්‍රධානනීන්, අංශ වල සියළුම ක්ෂේත්‍ර නිලධාරීන්, කාර්යාලයේ සියළුම නිලධාරීන්, කාර්යාල කාර්යය සහායක, රියදුරු නිලධාරීන්ට,
- ප්‍රජා සංවර්ධන සභා වල සභාපතිවරුන් ග්‍රාම නිලධාරීවරුන්, ප්‍රජා සවිබලගැන්වීමේ නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, කෘ.ප.නි.ස. නිලධාරීන්, වසම් 04හිම උපකාර කළ සමස්ත ප්‍රජාව, ඇතුළු ග්‍රාමීය මට්ටමේ සම්බන්ධ වූ සියළුම ස්වේච්ඡා සංවිධාන වල නිලධාරීන් සහ සාමාජිකයන්ට,
- අනුග්‍රාහකත්වය දැක්වූ සියළුම අනුග්‍රාහක භවතුන්ට,
- මාධ්‍යවේදී හිතවතුන්ට,
- නන් අයුරින් තිරය පිටුපස සිට දායකත්වය දැක්වූ ඉහත නම් සදහන් නොවූ සියළු දෙනාට...
නැවතත් මෙවැනිම ජංගම සේවාවකින් හමුවෙමු.