12/06/2026
🚤🇱🇰 ශ්‍රී ලංකාවේ ප්‍රථම බෝට්ටු දියත් කිරීමේ අංගනය බේරුවලදී විවෘත වෙයි
ශ්‍රී ලංකාවේ බෝට්ටු නිෂ්පාදන හා අපනයන කර්මාන්තයට නව ජවයක් එක් කරමින් රුපියල් මිලියන 76ක පිරිවැයකින් ඉදිකළ මෙරට ප්‍රථම Boat Launching Ramp පහසුකම අද (12) බේරුවල ධීවර වරාය පරිශ්‍රයේදී විවෘත කෙරිණි.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතා සහ අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
මෙම නව අංගනය හරහා බෝට්ටු නිෂ්පාදකයින්ට මහා මාර්ග ඔස්සේ බෝට්ටු ප්‍රවාහනය කිරීමේදී මුහුණ දෙන අධික පිරිවැය සහ බාධාවන් අවම වන අතර, ආරක්ෂිතව හා කාර්යක්ෂමව බෝට්ටු මුහුදට දියත් කිරීමේ හැකියාව ලැබේ.
එමෙන්ම බෝට්ටු නිෂ්පාදන කර්මාන්තයේ අපනයන හැකියාව තවදුරටත් වර්ධනය කරමින් ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ඉපැයීමට මෙම ව්‍යාපෘතිය වැදගත් දායකත්වයක් ලබාදෙනු ඇත.
අවිධිමත් ලෙස වෙරළ තීරයන් ඔස්සේ බෝට්ටු දියත් කිරීමෙන් පරිසරයට සිදුවන හානි අවම කිරීම මෙන්ම බෝට්ටු නිෂ්පාදකයින්ගේ පරීක්ෂණ ධාවන කටයුතු සඳහාද මෙම අංගනය විශාල පහසුවක් සලසයි.
゚viralシ